Sunday, December 25, 2011

නිදහස් දැනුම සහ වාණිජ දැනුම


(වචන:කතන්දරපොර,නිදහස් ,වාණිජ,මයියා)
ඕපන් සෝස් මුදුකාංග ගැන තදියම වැඩිමනත් ඇත්තේ තරුණ ගැටවු අතරය. කැම්පස් එකේ ඉන්නා කාලෙට කෝඩ් කෙටීම විනෝදෙට වාගේත් කරන උදවිය සාමාන්‍යයෙං ඕපන් සෝස් සහ ෆ්‍රී සොෆ්ට්වෙයා ගැන වැඩි උනන්දුවක් දක්වන බව පෙනේ.. ඕපන් සෝස් වලට හිංගලෙන් දා ඇති නම විවුර්ත කේත ය. ස්ටෝල්මාන් මහත්තයාගේ නිදහස් මුදුකාංග පදනමේ මතය අනුව විවුර්ත කේත සහ නිදහස් මුදුකාංග අතර වෙනසක් වෙයි. ඒ නිසා උන්නැහෙලා අවධාරණය කරන්නේ නිදහස් හා විවුර්ත කේත මුදුකාංග ගැනය. කොහොම උනත් ඒ ගැන ජඹුරට විග්‍රහ කොරන්නට යාම මෙතැනට අදාල නැති.

හැම ආගමක්ම ඕපන් සෝස් යයි කතාවක් කීවේ කොහොමත් කටහැකර කතා කීමේ නමක් දිනා සිටින කතන්දර පොර විසිනි. පොරගේ හිතවත්තු හුරතලේට කාක්කා වැනි නමක් කියුවාට මට ඒ නම දිරවන්නෙ නැතිය. එබැවින් මම උන්නැහෙට වයසත් සලකා ගරු නම්බු ඇතිව කතන්දර පොර යැයි කියමි . ලියන්න මාතෘකා නැතිව ඉන්නකොට ඒවා මවාදීම ගැන උන්නැහෙට ඉස්තුතිවන්ත විය යුතු නිසාය. මේ අලුගුත්තේරු කතාව අල්ලාගෙන මයියාට ලියුම් දෙකක්ම ලියන්නටහැකිවිය. දැන් මාත් එකක් ලියමි.

දැනුමේ සෝස් කෝඩ් සම්බන්ද පුරස්නය කතාපොරගේ ඔලුවට වැටී නැති බව උන්නැහෙගේ ලියුම කියෙවුවාම මට එකපාරට හිතුනු කාරණාවය. (මේ මොන හතර බීරි කතාවක්ද මූ කියන්නේ යැයි හිතෙනවා නම් ඉවසා හිටින්න.) පශ්චාත් නූතනවාදී ආතල් ගැනීමට ලියන කතා වලින් එහෙම දේවල් බලාපොරොත්තු වෙන එකත් හරි මදිය.

හැම ආගමක්ම ඕපන් සෝස් යැයි කීම ගැලරියේ විසිල් පාර බලාගෙන කියන කතාවකි. හැම ආගමක්ම එකයි කීම වැනි බොල් දේසපාලන කතාවලට වඩා දෙයක් ඒකේ නැත. ඒත් මම කතාන්දර පොර සමග එකඟ වන්නේ චතුරාර්ය සත්‍යය ඕපන් යැයි කීමෙනි. මාද චතුරාර්ය සත්‍යය ෆ්‍රී ඇන්ඩ් ඕපන් යැයි කියන්නේ ධර්මයට කරන නිගරුවක් ලෙස නොවේ.
 
මෙතැනදී සංසංදනාත්මක උපමාවක් හිතට නේන බැවින් ස්ටෝල්මාන් මහත්තයාගේ ෆ්‍රී ලන්ච් සහ ෆ්‍රී ස්පීච් උදාහරණම දිය හැකිය. උන්නැහෙලා අවධාරණය කරන්නේ ෆ්‍රී ස්පීච් වැනි නිදහස මිස ෆ්‍රී ලන්ච් වැනි නිදහස නොවේ.

මගේ වැටහීම අනුව නම් බුද්ධ සාසනයේ සහ ධර්මයේ ඒ සංකල්ප දෙකටම අදාලව නිදහස ඇත. බුදුසසුන සියවස් විසි පහක් ගතවීත් තවමත් සංවිධානාත්මක ආගමක ලක්ෂණ ලබාගෙන නැත. ක්‍රිස්තියානි ආගම්වල ධුරාවලික ගතිය එහි නැත. මහනායක ධුර වැනි යටත්විජිතයුගයේ නිර්මාණ සසුනෙන් ඈතය. බෞද්ධ ගිහියන් බෞතිස්ම කිරීම වැනි නිකායන්ට බඳවාගැනීම්ද නැත. භාග්‍යවතුන්වහන්සේම වරක් ආනන්දහිමියන්ට පැවසුවේ මුළු බ්‍රහ්මචරියාවම කලණ මිත්‍රත්වයම බවය. කරුණු එසේ කළ ධුරාවලි හදාගැනීමට ඇති ඉඩ අවමය. ගරු බුහුමන් දැක්වියයුත්තේ ගුණය මූලික කරගෙන මිස උපාධිය හෝ පට්ටම මත නොවේ.  

නිදහස් දැනුම සහ වාණිජ දැනුම කටයුතු න ආකාරය ගැන සංසංදනයක් කර ගැනීමට  ක්‍රිස්තියානි සංස්කෘතියේ ආභාසය ලබා ඇති විශ්වවිද්‍යාලවලින් පර්යේෂණ කිරීමට ඇති නිදහස පිළිබඳව නැවත සිතා බැලීමට හැකිය. අද වනවිට වැඩිමනත් පර්යේෂණ පත්‍රිකා ලියවෙන්නේ ග්‍රාන්ට් එක බලාගෙන මිස සමාජයට සේවයක් කිරීමේ අදහසින් නොවේ.

පසුගියදා ආසනික් ප්‍රශ්නයේදී විදුදරයන්ගේ දැනුමේ වහල්බව සහ වාණිජකරණයේ සෙළුවැල්ල රටටම දැකගත හැකිවිය. ඒ දැනුමේ සෝස් එකට අතවත් තැබීම යනු 'විද්‍යාඥයන්'ගේ අමෝරාගත් අවිවලට මුහුණදීමට සූදානම් වියයුතු බවයි. ඒ අතර ග්‍රාන්ට් එක මගින් පර්යේෂණ කලයුත්තේ කෙසේද යන්න තීරණය ගැනීමට බහුජාතික සමාගම්වලට හැකිවී ඇත. අපට සිදුවී ඇත්තේ කොමර්ෂල් සොෆ්ට්වයා වලට වඩා දරුණු ලෙස කොමර්ෂල් දැනුමෙන් බැටකෑමටය.

ධර්මයේ නම් "සෝස් එක" බැලීමට එවැනි කෘතිම බාධාවන් නැත. ඒහිපස්සික දහම ක්‍රියාවට නංවා බැලීමට ආරාධනා කරන්නකි. ක්‍රියාත්මක කල පමණට ප්‍රතිඵල ලැබිය හැකිවෙයි. විශ්වවිද්‍යාල, ආයතන ආදී තැන්වල ලියාපදිංචි වී ඉන් සහතික ලැබීමේ අවශ්‍යතාවක්ද නැති. අවශ්‍යතා සම්පූර්ණ කළවහාම අකාලිකව තමාටම සහතිකය ලැබෙන ක්‍රමයකි.

අනුග්‍රහ දක්වන්නේද ඕපන් සෝස් මුදුකාංගවලට මෙන්ම දායක දායිකාවන්ගේ පරිත්‍යාගයෙනි. ඒද බාහිර පුදගලයන් ලෙස නොව සසුනේ කොටස්කරුවන් ලෙසය. ප්‍රායෝගික පැත්තෙන් යාමට කැමති කෙනෙකුට මගපෙන්වීමට මුදල් හෝ වෙනත් බලාපොරොත්තුවක් නැතිව කටයුතු කරන ස්වාමීන්වහන්සේලා අදත් වැඩසිටිති. එහි මුදුකාංග සම්බන්ධයෙන්වත් නැති ප්‍රසංසනීය තත්වයක් ඇත.

මේ කරුණුවලින් අප කීමට අදහස කරන්නේ බුදු දහමට අදාලව ගැඹුරු ෆ්‍රී ඇන්ඩ් ඕපන් සෝස් සංකල්පයක් ඇති බවත් කතාන්දර පොරගේ ඕපන් සෝස් ආගම් සංකල්පය මතුපිටට සීමාවන බොල් එකක් බවත්ය..
බුදුදහම තවමත් ෆ්‍රී ඇන්ඩ් ඕපන් සෝස් වන අතර ඉස්කෝල විස්සවිද්‍යාල මාධ්‍ය වලින් ලබා දෙන්න දැනුම වාණිජකරණයේ කරවටක් ගිලී ඇති ක්ලෝස් සෝස් දැනුමකි!

"මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දෙසූ දහම හා විනය ඇරුණේම බබළයි . වැසුනේ නොම බබළයි " - අංගුත්තර නිකාය

Monday, November 7, 2011

සංවාදයක් ගැන අනාවැකියක්

ජෝතිෂය ගැන ලියුම් සැට් එකක් ලියනවා රැඩිකල් උන්දැ මේ දවස්වල. මෙතනදි මට දකින්න ලැබුණා ජෝතිරත්න කියන මනුස්සයත් ඔතන ගිහින් කොමෙන්ටුවක් දාල තියනවා. කැමති තැනක කොමෙන්ටු දැමීම තම තමන්ගෙ වැඩක්. කියන විදියට ජෝති සෑස්තරේ දන්න කෙනෙක් හැටියට මේවගේ තැංවල කොමෙන්ටු දාන්නෙ යම් කිසි සංවාදයක් කරන බලාපොරොත්තු ඇතුව.

මෙතෙන්දි මට පේන කාරණේ තමා රැඩිකල් උන්නැහෙ ජෝතිෂේ ගැන ලියන්න ගත්තෙ මොන ඉලවුවටවත් නෙවෙයි ඒක මිත්‍යාවක් කියන එක තහවුරු කරන්න. ඒ කියන්නෙ උන්නැහේ නිගමනයට අනුව සාධක ටිකක් හදන්න යනවා මිස (උන්නැහේ බටහිර විද්‍යාඥයෙක් වගේ නෙව වැඩ කරන්නෙ) අලුත් මතයක් ගොඩනගන්නවත් තමුංගෙ දැනුම වැඩි කරගන්නවත් කොරන අටමගලයක් නෙවෙයි කියන එක පැහැදිලියි.

මට අනාවැකියක් කියන්න පුළුවං. ඕන්නං අබියෝගයක් කියල කියන්නත් පුළුවං. (රැඩිකල්තුමාලයි ගැන්සිය විදුසර පත්තරේ කියවල ඇවිස්සිල අබියෝග කොරනවා නෙව මේ දවස්වල.. ඇහ්! උන්නැහෙලගේ කට්ටියත් ඔය පත්තරේට තමුංගෙ මතවාද ලියනවා. නලින් මහත්තයලගෙ කට්ටියත් ලියනවා. නමුත් දැං පත්තරේ බලතුලනය නලින් මහත්තයලට වාසි වීම හේතුවාදියොංගෙ ඇතුළු බටහිරවාදී සැට් එකට හිත් අමාරු කරවන වැඩක් බවයි පේන්නෙ.)

මගේ අනාවැකිය තමා රැඩිකල්තුමාගෙ අරමුණ ජෝතිෂෙන් අනාවැකි කියන්න බැරි බව පෙන්වීම. දැනට උන්නැහේ ඊනියා සංවාද කරන්න ආරාධනා කිරීම සාස්ත්‍රීය කරුණු ගැන අදහස් දැක්වීම වැනි ප්‍රලාප දෙසාබායි. මොන සාස්ත්‍රීය සංවාද කළත් උන්නැහේ අරිට වෙනස් නිගමනයකට එනවා යන්න සිදුවන්නේ නැත. උන්නැහේ සමග සාස්ත්‍රීය සංවාද කරන්නට යන්න පෙර යන්නේ කොහෙටදැයි දැනගෙන යාම කාගේ කාගේත් යහපතට හේතුවනවා ඇත.

උරුලෑවුන් ගැන රැඩිකල්තුමාද හොඳින් දන්නවාය. උරුලෑවා ගිය පාර ගඳින්ම අඳුනාගත හැකි බැවින් පස්සෙන් ගොස් ඌට තොත්තු දීම උවමනා නොවේ. යනවා නම් නහය වහ ගැනීමට යමක් අරගෙන යාම ඇඟට ගුණය.

ප.ලි: රැඩිකල්තුමාගේ අන්දරේ කතාවට මම කැමතිය.

හේතුවාදියන්ගේ අසහනයට හේතුවුණ විදුසරේ ගිය ලිපි මෙතනින් බලාගත හැකිය.

http://www.vidusara.com/2011/11/02/feature1.html
http://www.vidusara.com/2011/11/02/feature2.html
http://www.vidusara.com/2011/11/02/feature3.html

Wednesday, November 2, 2011

ජංජාලයේ ලවුකික රාජ්ය විප්ලවයට පෙරවදනක්

ලංකාව සෙකියුලර් රටක් හෙවත් ලවුකික රාජ්යයක් කිරීමට උනන්දුවෙන් වැඩකරන හතරපස් දෙනෙක් පහුගිය දවස්වල ජංජාලයේ හිටියා මතකය. මේ දවස්වල උන්නැහෙලා කොහෙ ඉන්නවාදැයි මං දන්නේ නැත. මේ උදවිය කොරන්නට තතනන ලවුකික රාජ්ය ජැස්මින් විප්ලවයට ආසීර්වාද කිරීම පිණිස යමක් නොලියා සිටීම හරි නැතැයි මගේ හිත දොස් නගනවාය. ඒ හිතේ අමාරුව හොඳ කරගැනීමත් ලවුකික ලවු එකෙන් පෙළෙන කට්ටියගේ ඇඟේ අමාරුවට සහනයක් ලබාදීම ගැනත් හිතා මේක ලියනවා මිසක උන්නැහෙලා හීනෙන් චූන් වෙද්දී දකින ලවුකික රාජ්ජය කඩාදැමීමේ දුස්ට චේතනාවක් තුන්හිතකවත් නැතිවා සත්තකය.

ලවුකික රාජ්ය උන්දලාගේ දත කට මූට්ටු වෙන තාලයේ පුරස්න ඇසීමෙන් වැප් මහත්තයා කොළ වැඩේ හරි මදිය. යලට මහට ලංකාවට පාත්වී මොණර නැටුම දාන මහත්තුරු මේවගේ හිංසාකාරී වැඩ මූන් ආතාගේ කොමිටලයකට වගේ පැමිණිලි කොරන්නටද ඉඩ ඇත. එහෙම උණොත් වැප් මහත්තයාට මහරජතුමාගේ පිහිටය.

නේටෝ කාරයන්ගේ සහ ඔබාමා උන්නැහේගේ විප්ලවීය විඤ්ඤාණය මෝරායාමෙන් රට රටවල්වල ජනතා නැගීසිටීම් වැනි විප්ලවීය වැඩවලට පුල් සප් එක දෙනවාය. ඕන උණාම බෝම්බ මිසයිල එහෙමත් දාල දෙන්නේ ඒකාධිපති ආණ්ඩු වට්ටවා එකම අධිපතියෙක්වත් නැති ආණ්ඩු හදාදීමටය. (නූතන ජැස්මින් විප්ලව වලට ආවඩන මාක්ස්වාදියෝ යටත්විජිතවාදයට කඩේ යන හැටි දකින්නට මාක්ස් උන්නැහේ ජීවතුන් අතර නොහිටීම උන්නැහෙගේ අවාසනාවක් කියා අපිට හිතේ.) සමහරක් විට ප්‍රජාතන්තරවාදයයි මානව අයිතිවාසිකමුයි රකින්න බලාගෙන පේස්බුක් බේස් කරගෙන "සෙකියුලර් ලංකා" විප්ලවයක් පටාන්ගන්න උන්නැහෙලා උදවුකොරන්නට ඉඩ ඇත.

ලවුකික් රාජ්ය හැදිල්ල ඉස්කෝලෙන් පටන්ගන්න හදන මහත්තුරු කියන්නේ ආගම අනිවාර්ය විෂයක් නොකළයුතු කියාය. ආගමට විතරක් එහෙම කියන්නේ ඇයිද කියා මට තේරුං ගන්න බැරිය. ආගම විතරක් අනිවාර්ය නොකරන්නේ සෙකියුලර් මහත්තුරුංගේ දරුවෝ වැරදිලාවත් තාත්තාගේ සෙකියුලර්කම අතාරීය යන බය හින්දා විය නොහැකිය. ලංකාවේ තාමත් විනාසකරන්නට බැරුව තියන බුද්ධසාසනේ එක්ක තියන ආරෝවක් නිසා දිය රෙද්දෙන් බෙල්ල කපන අන්දමේ කුජීත ගේමක් වීමට ඉඩ වැඩිය. මට පේන විදියට නම් ඉස්කෝලෙ යන කොල්ලන්ට කෙල්ලන්ට ප්‍රධාන විෂයන් කියන එව්වායින් තෝරාගැනීමක් තිබිය හැක්කේ ආගමට විතරය. මං ගිය ඉස්කෝලේ එහෙම තෝරාගන්න ආගම් තිබුණාය. අනික් එව්වා නම් කැමති උණත් නැතත් බලෙන්ම උගන්නනවාය.

එහෙම ළමයි අකමැතිව තියෙද්දී බලෙන් ඉගැන්වීම ඊනියා මානව අයිතියක් කඩවෙන වැඩක්ද යන්න පැහැදිලි නැත. ඒ විසයන් ගැනත් මේ වගේම අදීන ආකල්පයක් ඇතුව බලන්න සෙකියුලර් මහත්තුරුන්ට හැකිවේවායි අපි පතනවාය. ඉස්කෝලවල ගණන් උගන්නන විදියට සුළුතරයක් වුවත් ළමයින්ට ගණන් තිත්තම වී යනවාය. එහෙම උණාය කියා ඒ ළමයිනට රටේ ජීවත්වෙන්න බැරිකමක් වෙන්නේ නැත. වෙනත් විදියකට කියනවා නම් එදිනෙදා වැඩවලට ඕනෑ ගණන් හදාගන්න බැරිවී යන්නේ නැත. මේ නිසා ගණන් විජ්ජාව වගේ එව්වාත් වයිකල්පික විසයන් කිරීම සෙකියුලර් මහත්තුරුන්ට හිතාබලන්න වටින වැඩක්ය.

ඉන්ගිරිස් බැරි වීම නිසා හුදීජනතාවගේ කඩවෙන අයිතිවාසිකම් ගැන වෙනම පොතක් ලිවිය යුතුය. ඒවා ගැන නීතියෙන්වත් ක්‍රියා නොකරන්නේ නීතිය කළු ඉන්ගිරිස්කාරයන්ට ඕනෑවිදියට වැඩකරන නිසාදැයි මට සැකයක් ඇතිවී තිබෙනවාය. කොහොම උණත් ඒ ගැන වැඩිය කතාකරන්නට ගොහින් යකඩ කූරු ගණන් කරන තැනට යන්න මට ඕනෑ කමක් නැතුවාය.

පහුගිය දාක රැඩිකල්තුමා ඉලක්කං විජ්ජාවක් මගින් ආගම්වලට මිනිස්සු හදන්න බැරි වුණේ මොකද කියා පුරස්නයක් නගා තිබුණා මතකය. එහෙම පුරස්න අහන්නට කලිං රටේ ආගමික ජනවියාප්තිය අපරාධකරුවන්ගේ ගණනට තියන අනුපාතය හොයන්ට නිකමටවත් උන්නැහෙට නොහිතුණේ පහේ පන්තියේ ගණන් පාඩමෙන් කට්ටි පැනපු විපාකයෙන්ද කියන්නට බැරිය. බටහිර විද්‍යාව ගැන පාරම්බාන රැඩිකල් උන්නැහෙ ගණන්වලට දුරුවල හැටියට පරිණාමවාදයට වඩා ගැඹුර බටහිර විද්‍යාවක් දන්නවාද කියන සැකය මගේ හිතේ කොණක ඇතිවෙනවාය.

අනික් අතට ආගම ප්‍රායෝගික විෂයක් නොවේය කියා තර්ක කොරන්නේද බොරුවටය. ආගම අදහන මිනිහාට ඒක ප්‍රායෝගික වන අතර ලවුකික් පණ්ඩිතයන්ටද විවිද ක්‍රම වලින් ආගමික මතවාද හිමිවී නැතැයි තර්ක කරන්න බැරිය. මේ කාලේ පණ්ඩිතයන් මහ ඉහලින් පිළිගන්නා බවුතිකවාදය බුද්ධකාලයේත් තිබුණ ආගමික මතවාදයක් බව මං ඉගනගත්තේද ඉස්කෝලෙ යන කාලයේ ආගම පාඩමටය. නීතිය,චාරිත්‍ර, කලාව වැනි ඉතාම ප්‍රායෝගික විෂයන්ගේ තබා බවුතික විද්යා වැනි සිද්ධාන්තවාදී සාස්තර වලද පදනමේ ආගමික මතිමතාන්තර ඇතුලත් වී ඇති හැටි නොදන්නේ හිස් හිස්වූ ලෝකල් පඬිතුමාලාම විය හැකිය.

තමුන්නැහෙලාගේ හැකියාව තරමට කොරන්න හදන වැඩේ බර වැඩිය කියා මගේ හිත කියනවාය. මේ නිසා ලංකාව ලවුකික කොරන්න ගිහින් නාකි වෙන්න කලියෙන් දන්න ඉල්ලවුවක් නිවාඩුපාඩුවේ කොරගෙන ගෙදරට වී කික් එකක් ගන්නා හැටියට අපි සෙකියුලර් මහත්තුරුංට කරුණාවෙන් මතක් කොරනවාය.

Saturday, October 22, 2011

මෙලෝ රහක් නෑ

මේ දවස් ටිකේ එක එක දේවල් ගැන රටේ ලෝකෙ උදවිය කතා වෙනවා. අරහෙන් හරක්යුලිස්කාරයගෙ මැර නාටකේ ගැන. පවු වැඩේ ඒකෙන් භාරත උන්නැහෙ ඇතුලු කීප දෙනෙක් නැති උණා. සමහරු උඩපනින්න හැදුවා ලංකා ඉතිහාසයේ පළවෙනිවතාවට ඔහොම දෙයක් උණා වගේ. ඔය වගේම නාලන්ද එල්ලාවල මහත්තයව පාරෙ මරා දැම්ම. ඒ නඩුවත් යට ගිය බවයි මගේ මතකය. මේක ගැනත් අමුත්තක් වෙන එකක් නෑ. මදිවට ඇතුලෙම කේස් එකක් නෙව.

නේටෝ මැරයන්ට නං ගඩාපි ලොක්කව මරල ප්‍රජාතන්තරවාදය විශිෂ්ට විදියට ජයක්ග්‍රහණය කොලායිං දැං ආයි අලුත් රටක් අල්ලන්න කාලෙ හරි. ආණ්ඩුවත් දෙයියනේ කියල පිස්සු කෙලින එක නවත්තන පාටක් පේන්නෙ නෑ.ජනතාවගේ පිළිකුලට ලක්වීම තරං ආණ්ඩුවට සියදිවි නසාගන්න හොඳ ක්‍රමයක් නෑ.

අනික් පැත්තෙන් මේ දවස් ටිකේ පොරසිද්ද කීපදෙනෙකුත් මියෑදුනා නෙව. ජෝ මහත්තය ගිය මාසෙ නැති උණා. ටයි මහත්තයා නං පොඩි කාලෙ අපිට සමීප වෙච්චි මහත්තයෙක්. අද උණත් වාතපෙට්ටිය මං බලන්න උන්නැහෙගෙ කාටුන් එකක් තිබීම හේතු වෙන්න පුළුවං. රෑට යන නාටක එහෙම නං නොබලම ඉන්න තමා කැමති. වැරදිලා දැක්කත් මග ඇරල යනවා.

ඔය අතරෙ පරසිද්ද සුදු මහත්තුරු කීප දෙනෙකුත් පහුගිය ටිකේ ආන්තරා වුණා. මුලිංම ජොබ්ස් මහත්තය (ඇපල් මුදලාලි) ඊලඟට රිචී මහත්තයා කොම්පියුටර්කාරයො දන්න කියන මහත්තයෙක්. මාද්‍යකාරයො නම් ඇපල් මුදලාලි මහත්තයාට දීපු පොරසිද්දියෙන් කාලක්වත් දුන්නෙ නෑ ඒ මරණෙට. අමුතු දේකුත් නෙවෙයි දැං අපි ඔය අන්තර්ජාලෙන් එක එක සෙල්ලං කොළාට ටිම් බර්නර්ස් ලී මහත්තය ගැන අහල තියන උදවිය හරි අඩුයි. ඒවගේ උදවිය ගැන මාද්‍යපොරවල්ගේ අවදානය යන්නේ නෑ. මාද්‍යකාරයන්ගෙ වන්දනාවට ලක්වෙන අයට වඩා ඒ වගේ මහත්තුරු උතුම් අදහස් ඇතුව වැඩ කරපු අය. ඕවට ඉතින් දොස් කියල වැඩකුත් නෑ.

මට නං මේ දවස් ටිකේ බ්ලොග් කෑල්ලක් කොටන්නත් කම්මැලියි ඊට වඩා මරණය තණ්හාව වගේ කාරණා ගැන මගේ සිහිය වැඩකරන කාලයක් මේක. ඔය හිටියට අපි උණත් කොයි වෙලේද කියන්න බෑ. එහෙම උණාම බ්ලොග් ලියනවා වගේ වැඩ වලට හිත යොදවන්න හිතෙනවා අඩුයි. අනිත් පැත්තෙන් සිංහල බ්ලොග්කාරයන්ගෙ ඒ තරං නැගලයන වැඩකුත් පහුගිය ටිකේ උණේ නෑ වගේ.

Monday, September 26, 2011

බුක් පෙයා


ඔපිසියෙන් පැන   පියා
බුක් පෙයා මං       ගියා
මහාජන ගඟ         දියා
මැදින් පීනා          ගියා
 
කෙටිකතා නවකතා බණ කතා සෙත්      පිරිත්
දනවාද සමවාද චින්තන විප්ලව            පොත්
අතරේ නොමිලේ විලාසිතා               දැක්මත්
පෙම්කතා මල්කතා වලින් බේරෙන    පැණිත්
 
තෝරන්න කරන්න නං සෑහෙන්ඩ වෙලාව    අරං
උදේක යන්නයි තිබ්බෙ නිවාඩුවක් හෙම       දාං
ආපු එකේ පොත් දෙක තුනක්                       අරං
බරත් හෑල්ලු කොරං බැස්ස එලියට                 මං 

 

Friday, September 16, 2011

නූතන ලංකාවේ පියා ...

(වචන:ජේආර්, දේශපාලනය, ප්‍රජාතන්තරවාදය)
පහුගිය දවසක රනිල් මැතිඳුගෙයි කොටිරාජාතුමාලගෙයි අවුල පුපුරා යාම දේසපාලන සිද්ධාන්ත කියන එව්ව පැත්තෙං බලන උදවිය ප්‍රස්නයක් හැටියට දැක්ක බවයි පෙනුනෙ.

මට නම් දේසපාලකයොයි වියාපාරිකයොයි අතරෙ තියෙන සහජීවන පැවැත්ම ගැන ලොකු අමුත්තක් දැනෙන්නෙ නෑ. මේ දේසපාලනේ කියන එක ආර්තිකෙන් වෙං කරල හිතන්න කරන්න ගියාම වෙන අවුලක්. ඒ වගේමයි අනිත් පැත්තටත්. ආර්තිකේ කියන එක දේසපාලනෙං වෙං කරල හිතන්න බැරි විදියට බොහොම තැංවලදි මෙව්වයෙ සීමා ඉරවල් බොඳවෙලා යනවා. ප්‍රස්නේ එහෙම සංකීර්ණ එකක් උණත් ආර්තිකේ ගලවල අරං  යකඩ සේප්පුවෙ දැම්ම වාගෙ ආර්තික තියරි හදන්න ගිහිල්ල ඇතිවෙන හිරවිල්ලෙං බේරෙන්න දැං දැං මනෝ විද්‍යා තියරි වගේ එව්වත් කලවං කොරගන්න හදන බවක් පේනවා. කලිං වතාවක ග්‍රීස් යක්කු ගැන කියද්දි අජිත් මහතැන් එහෙම කතාවක් ලියල තිබුණ මතක ඇති.එතනදි කියවුණේ ආර්තික ප්‍රවාද යොදාගන්න පුළුවං වෙන්නෙ තාර්කික මිනිස්සුන්ට පමණයි කියන එක. නමුත් තාර්කික මිනිස්සු ඉන්නෙ කොහෙද කියන එකයි අපිට තියෙන පුරස්නෙ. මේ කාලෙ මිනිස් බුද්දිය හරි දියුණුයිලු නොවැ. ඉස්කෝලෙ ගිය වැඩිදෙනාට ඕනැ උගන්නල තියන විදියටම තමුං තාර්කිකයි කියල හිතන්න.

ඒ කොයි හැටි වෙතත් යූ ඇන් පියෙ සමස්තයක් විදියට ලොකු වියාපාරිකයො ඉහල තැංවලට ඉව අල්ලන එක අමුතු දෙයක් නෙවෙයි. ආර්තිකේ පැත්තෙං හරි දැක්ම තියනවාය කියන එක නෙව ඒ කාලෙ ඉඳලම උන්නැහෙලගෙ සටන් පාටෙ උණෙත්. ආර්තිකේ ගැන නොදන්න මිනිහෙකුට වියාපාර කොරන්න බෑ නෙව. කෙරුවත් සාර්තක වෙන්ට අමාරුයි. අනිත් දේසපාලන පක්සවලටත් වියාපාරිකයංගෙ උදවු පදවු හරි හරියට තියෙනවා. නැතුව ඉතින් මැතිවරණ හෙම කොරන්නෙ කොහොමෙයි? මේ තියෙන විදියට චන්දෙ ප්‍රචාරක වැඩ ආදියට යන වියහියදං හරි ඉහලයි නෙ. ඉතිං ඉස්සරටත් වැඩි ඇති දේසපාලනේ ආර්තිකේට තියෙන සම්බන්දෙ.

චන්ද්‍රිකා නෝනෙගෙ කාලෙදි කුස්සි කැබිනෙට්ටුව නියෝජනය කළ ලංකාවෙ ඉන්න මහා ධනවතෙක් ගැන කියවෙන බවයි මගේ මතකය. මේ වගේ ආණ්ඩු/පක්ෂ ආදිය හසුරවන අදිසි බලවේග ගැන අසරණ ජනතාවට එලිදරවු වෙන්නකොට කල්ගිහින් වැඩි. ඊනියා ප්‍රජාතන්තරවාදය කියල හිතාන හිටියට දේසපාලන විජ්ජා පොතපතවල මහප්‍රාණෙං ලියා තිබුණාට ඇතුලෙ වෙන්නේ වෙන වෙන මගුල්. මේ තියරි වලිං වැඩක් කරන්න අමාරු බව කාටත් වඩා දන්නෙ දේසපාලනේ යෙදෙන උදවිය.

ඔය සුපිරි පොරජාතන්තරවාදය තියනවාය කියන රටවල දේසපාලකයන්ගෙ වියහියදම් දරා ගන්නෙ උන්නැහෙලමයි. ඒ නිසා පොතේ විදියටයි වැඩේ යන්නෙ! ජනතාවට වග කියනවා. (වැඩිපුරම උදවු පදවු කළ ජනතාවට) තර්කානුකූලව හිතනවා. හරිම සෝක්.  ලංකාවෙ කොදෙවු මානසිකත්වය වගේ ප්‍රස්න නිසා ඒ පොතේ තියන විදියටම යන්නෙ නෑ. ඉස්සරහට අපේ රටෙත් ඉන්න බුද්දිමත් උදවිය එව්ව නිවැරදි කරල ගනීවි කියල අපට හිතෙනවා. (අපි වගේ අන්තවාදියොන්ට නැතත් ඒ උදවියට හරි ගොඩයන්න පුළුවං වීම ගැන සතුටුවෙන්ඩ ඕනෑ.) එහෙමත් හරියන්නෙ නැති රටවලටලුනෙ ඔය සුද්දො උඩින් ඇවිල්ල නොමිලේ ටියුසන් දෙන්නෙ! උන්නැහෙලට හරි වියදං ඔව්ව කරන්න. නමුත් සත්ත්ව කරුණාව නිසා අතිං වියදං දරාගෙන පාඩං උගන්නනවා. ඒ නිසා ඒ මහත්තුරුංගෙ පොත් පත් වල තියන විදියට වැඩකරන්ට කවුරුත් උත්සහවත් වෙන එක අරිට වඩා ලේසියි :)

ආයිත් මේ ප්‍රස්නෙට ආවොත්  අර කියපු බලවත් උදවිය නිකම් ආසාවට දේසපාලනේ කොරන්නෙ නෑ නෙව. පොජාතන්තරවාදය ජනතාපරමාදිපත්තය වගේ දේවල් එක්ක කෝම්පිට්ටු සෙල්ලං කොරන්න හෙම ආස නිසයි දේසපාලනේට එනව ඇත්තෙ. රනිල් මහත්තය මේ කාරණේ ඒ කියන්නෙ ජාතික ලයිස්තු මංත්‍රීකම් කොටිරාජල ඉල්ලපු එක එලිදරවු කරාට නොකරාපු එව්වත් හරි හරියට ඇති නෙව. උන්නැහෙල කොයිතරං යූ ඇන් පියට උදවු පදවු කොරල ඇත්ද? ඉතින් ජාතික ලයිස්තු මන්ත්‍රී කමක් (මොකක් නමුත් ජාතික උවමනාවකට මිස විජාතික උවමනාවකට වෙන්න බෑ නෙ 8) ඉල්ලුවාම රනිල් මහත්තය එකපාරටම බැහ් කිවුවානම් එහෙම හිත රිදෙන එක සාදාරණයි. මම නං කියන්නෙ මේවගේ ඇතුලෙ කුණු රෙදි ජනතාව ඉදිරියේ මඩේ දදා ආයෙමත් අපුල්ලනවාට වඩා ලේසියි ඇතුලෙ ඇතුලෙම සාකච්චා මැසිමට දාල විසඳගත්තා නම්. හෝදන කුඩු එහෙමත් ඉතුරුයි. කොටි ත්‍රස්තවාදෙ වගේ ජඹුර පුරස්න පවා සාකච්චාවෙං විසඳන්න උත්සහයක් ගත්ත නොවැ ඒ කාලෙ. ඉතින් නොපුරුදු දෙයක් නෙවෙයි රනිල් මහත්තයට. හැබැයි ඉතිං එහෙම එහෙම කොරල ජනතාවට බලන්න මෙගා ටෙලිනාට්ටි විතරක් ඉතුරු කොරන එකත් හරි මදි. මානසික සමබරතාවයට හානි වෙන්ට පුළුවං.

දැං ඔය ජාතික ලැයිස්තු මංත්‍රී ධුර හදලා තියෙන්නෙම ඔය වාගෙ තමුංගෙ යාලු මිත්‍රයොන්ට සලකන්න ඕනැවුණාම පාවිච්චියට ගන්න නේද? ජයවර්ධන ලොකු උන්නැහෙ ඒ අතිං දේසපාලනේ කියන්නෙ මොකද්ද කියන එක  ගැන ගැඹුරු දැක්මක් තිබුණ මනුස්සය. රනිල් මහත්තයගෙත් දේසපාලන ගුරුවරයෙක් කියල කියන්න පුළුවං. බොහොම වයසට ගිහිල්ල තමා ලොකු පුටුවට ආවෙ. ඒ වගේ අත්දැකීම් සම්බාරයක් ඇතුව හදාපු උන්නැහෙගෙ විවස්තාව නිසා චින්තන මහත්තය උණත් පෝයදාට උන්නැහෙව මතක් කරලා පිං අනුමෝදං කොරනවාට සැක නෑ. අනිත් පැත්තෙං පොරබාකොරංකාරය එහෙමත් නරකාදියෙ ඉඳං හරි චින්තන මහත්තයගෙ මෑණියො සිහි කොරන අතරෙ මුන්නැහෙගෙ ප්‍රම්..ප්‍රාවත් සිහි කොරනවා ඇති. ආයෙ පලාත් සභා මොන්ටිසෝරි ඇති කිරීමෙං දේසපාලකතුමාලගෙ ප්‍රායෝගික ඥානයයි ආර්තික තත්වෙයි නගාහිටුවීම ගැන උන්නැහෙට පිං දෙන්ට ඕනා. එහෙම බලාගෙන යනකොට ජනතාව හැටියට අපි උන්නැහෙව සිහි කොරනවා මදිදෝ කියලත් හිතෙනවා.


මේ යුගේදි බලවත් යැංකියොය කියන කාරණේ උන්නැහෙට වටහගන්ට පුළුවංකම තිබුණ උණාට උන්නැහෙ විස්වාසෙ තියපු තරං යැංකියොගෙන් උපකාරයක් ලැබුණදෝ කියල හිතෙනවා. ජපන්නුංව යුද්දෙං පරාද කළායිං පස්සෙ උන්ට සමාව දෙන පැත්තට කරපු කතාව නිසා උන්දැලගෙ හොඳ හිත ලැබුණ කියලයි කියවෙන්නෙ.

ලංකාව පැත්තෙං බැලුවාම ලොකු උන්නැහෙගෙ කාලෙදි කොටි බලවත් වෙලා ආවෙ. දෙමළ ජාතිවාදියොංගෙ උත්සව මාසෙ හෙවත් කළු ජූලිය ඇති කොරන්නත් උන්නැහෙ කටයුතු කොළා. ඇන් ජී ඕ උදවිය උණත් මුන්නැහෙට පිං අනුමෝදං කොරන්ට වටිනවා ඒ වගෙ උත්සව කාලයක් ලැබෙන තැනට වැඩ කොළාට.

ආර්තිකේ පැත්තෙං එහෙම උඩයට මාරු වෙන විදියෙ වෙනස්කං කොළා නෙව. ලංකාව නූතනවාදය දිහාට අරගෙන යන්න උන්නැහෙගෙං වෙච්චි වැඩකොටස අමතක කොරන්න බෑ. මං නං ලොකු උන්නැහෙව සලකන්නෙ නූතන ලංකාවෙ පියා හැටියට. මේ තියෙන්නෙ උන්නැහෙ හදාපු රට. විකිපීඩියාවට අනුව උන්නැහෙගෙ උපතිං අවුරුදු එකසිය පහක් වෙනවා මේ මාසෙට.

Thursday, September 8, 2011

මහරජ ගැමුණු එලිදැක්වීමේදී...

(වචන:දේශපාලනය, මහරජගැමුණු,ජයන්තචන්ද්‍රසිරි,නලින්දසිල්වා,වීරවංස)
"අපේ රටේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය දෙස බලන විට මේ රටට විරුද්ධව ක‍්‍රියාත්මක වූ බලවේගවල ප‍්‍රහාරයට ලක්වූ ප‍්‍රබලම අතීත දේශපාලන චරිතය ගැමුණු චරිතය යි"

වංස මහත්තයා ජයන්ත මහත්තයාගේ "මහරජ ගැමුණු" එලිදැක්වීමේදී කියයි.(සී නිවුස් පුවතකි)

වියදං ඉහල        ගියත්
හිමිකං කැඩිල    ගියත්
සුද්දං එරවූ           වත්
පඹයන්     කෑගැහුවත්

අලි රංචුව ඌර            වලේ
රෑ සීනුව දවල්             වලේ
චින්තනටම ලැබෙන   බලේ

මොකද?
ගැමුණු උතුමගෙං ආපු බලේ!

ඒකනෙ පඬිතුමාලට එතුමව පේන්න බැරි...

Saturday, August 27, 2011

කොමියුනිට් මහත්තයගෙ ග්‍රීස් යකා

වචන:(එක්ස්,කොමියුනිට්,ග්‍රීස්,දේශපාලනය,මැක්ක,යක්කු)
ඔන්න කාලෙකට පස්සෙ කොමියුනිට් මහත්තැනුත් එලියට බැහැල ග්‍රීස් යකා එක්ක. පහුගිය ටිකේ උන්නැහෙ පේන්න නැති එක ගැන මාත් සාංකාවෙං වගේ හිටියෙ. සමාවෙන්ඩ ඕනා කියවන උදවිය මාත් මැක්ක වගේ ග්‍රීස් යකාවම අල්ලගන්න එකට. උන්නැහෙගෙ මතේ ටිකක් කලිං ආව නම් මට කලිං ලියුමෙම දාන්ට තිබුණා. නමුත් පස්සෙ තේරුණේ මේක උපුටාගෙන තියන්නෙ ජේ වී පී කාරයොංගෙ පත්තරෙං. ඒක නිසා වෙන්නැති පරක්කු උණේ.

මේකෙන් හදන්නෙ සුද්දංගෙ රටේ වෙච්ච කලබලයි ලංකාවෙ පහල වෙච්ච ග්‍රීස් යක්කුයි එකතු කොරල අරගෙන එකට විස්ලේසණේ කොරන්න.

අවාසනාවකට වගේ අපි අහපු මූලික පුරස්නෙට උත්තරයක් දීගන්න ඒ විස්ලේසණෙං බෑ. කොහොමද රටේ දුරිං දුරිං තැං තැං වලිං එකම කාලෙ ග්‍රීස් යක්කු මතු වෙන්නෙ කියල. කමක් නෑ ඉතින් මුන්නැහෙලට පුළුවං කොහොමහරි "මැක්ක"ගෙ කතාවට එන්න මිසක් ප්‍රස්නෙකට උත්තරයක් දෙන්න නෙවෙයි නෙ. (ඊයෙ පෙරෙයිද කවුද මන්ද ලියල තිබුණ මැක්ක ගැන. මතක නෑ කොහෙද කියල)

"ලන්ඩනයේදී මෙන්ම ග්‍රාමීය ලංකාවේදිද අරාජක ලෙස පුපුරා යන්නේ අන් කිසිවක් නොව සමාජ ආර්ථිකමය ලෙස පීඩනයට ලක්වූවන් තුල කැකෑරෙන අසහනයයි.පීඩනයයි.ලන්ඩනයේ පීඩිත යෞවනයන්ට සිය පීඩනය මුදාහැරීම සදහා “පොලිස් වෙඩි තැබීම” නම් “අවස්ථාව” මුන ගැසුනු අතර ලංකාවේ ග්‍රාමීය පීඩිතයන්ට ඒ සදහා “ග්‍රීස් යකා” නම් “අවස්ථාව” හිමිව තිබේ."

හමුදා කඳවුරු හොයාගෙන ගිහින් ගැහුවද සුද්දංගෙ රටේදි? ලංකාවෙදි කඩ කඩල මං පැහැරුවද? ඒ කියන්නෙ දෙසීයක් අසහනකාරයො අහම්බෙං තැනකට සෙට් වෙනවා උන්ගෙ අතට කඩු පොලු එහෙමත් ඉබේට පහල වෙනවා අසහනය නිසා. ෂහ්! අපිට තේරුණෙ නෑ නෙව මේ වැඩේ.

තවත් උන්නැහෙ අහනවා බම්බලපිටියෙ නොවෙන වැඩක් කහවත්තෙදි වෙන්නෙ මොකද කියල. බම්බලපිටිය ජනාකීර්ණ වැඩි නිසා වෙන්නත් පුළුවං. ඉතින් එකට මොකද කලුතර ගාල්ල අනුරාදපුර තව කොච්චර තැං තියනවද නොවිච්චි. අනිත් එක කහවත්තට හපුතලේ කිට්ටුයි බම්බලපිටියට වඩා.

මේ මාක්ස්වාදී කිරි අප්පු මුත්තල හැමදාමත් කළා වගේ ප්‍රස්නේ වැදගත් කොටස් කපාහැරල පුළුවං තරමෙං සිංහල ජනතාවත් විවේචනය කරල සමාජ-ආර්තික පීඩන මැක්කවත් එලියට ගන්නවා. යාපනේ පුත්තලමෙ වෙච්ච වැඩ මෙහෙයවපු උදවිය ගැනත් කිසි කතාවක් නෑ. සමහරවිට සාක්කි නැතිව වෙන්නෑති. බළලුංගෙ සාක්කිත් ඉතින් දීකිරට නෙව. එහෙම බැලුවාම තමුන්නැහෙලයි එක්ස්කාරයොයි අතරෙ ලොකු වෙනසක් නෑ ආයිබොවන්ඩ.

 එක්ස්කාරයන්ට ලංඩන් මැක්ක ලොකුයි. තමුන්නැහෙලට මාක්ස්ගෙ මැක්ක ලොකුයි. දෙමළ ජාතිවාදීන්ට නං අසාධාරණකම් මැක්ක ලොකුයි. මාර්කේස්ගෙ මැක්කගෙ එක වුණත් "වියමනඃ"ගොඩ මහත්තය වගෙ අයට ලොකුයි.

අපි මැක්කො වගේ වුනත් අපේ ඒව අපිට ලොකුයි.

ඒ වුණත් කෝකටත් තෛලය වගේ සමාජ-ආර්තික පීඩන මැක්ක හැම පුරස්නෙටම නං දාන්න අමාරුයි. ඒ නිසා හදිස්සියට දානකොට සිහිකල්පනාවෙං තැන බලල දාන්ට.

Monday, August 22, 2011

ඉන්ද්‍රිය ගෝචර සතෙක් වන ග්‍රීස් යකා

ග්‍රීස්-යක්කු ගැන ලියපු අය අතරෙ රැඩිකල්තුමාත් එක්කෙනෙක්. කලින් ලියුම දිග වැඩි වෙයි කියල ඒ කතාව ඇතුලට දැම්මේ නෑ. උන්නැහෙ රැඩිකල් විදියට හිතන්න තැනුවාට ග්‍රීස්-යක්කු ගැන කියන්න ගිහිල්ල අනාගැනීමක් වෙලාය කියලයි මට හිතුණෙ. උන්නැහෙ ග්‍රීස් යකයි මහසෝන් යකයි (රීරි යකයි) එකටම අරගන්නෙ දෙක වෙනස් කියන එක තේරුං අරං නැති නිසා. බටහිර විද්‍යාව ගැන පුරාජේරුව ගැහුවට කල්පනාවෙං පුරස්න දිහා බලන්න හිත නැඹුරු වෙනවා හොරයි.

මොකද්ද මේවයෙ වෙනස? 

මහසෝං යකා වගේ අය බොහොම පැරණි යක්කු. මහසෝං යකා ගැන පුරාවෘත්තයේ තියන්නෙ ගැමුණු රජ්ජුරුවංගෙ කාලෙ කතාවක්.

ඒක අහල ඇති නෙ. නැතත් කමක් නෑ මතක විදියට ඒකත් ලියන්නංකො. කතාවෙ පොඩි පොඩි වෙනස්කං තියෙන සංස්කරණ(version) කීපයක් තියනවා. රිටිගල ජයසේන කියල මනුස්සයෙක් ඉඳල තියනවා ඒ කාලෙ. මේ මනුස්සය ගුස්ති අල්ලන්න දස්සය. ඒ කියන්නෙ අතිං පයිං වාද කරන්න දක්සයෙක්. ගැමුණු රජ්ජුරුවංගෙ ගෝටයිම්බර යෝධයත් ඉතින් ඔය වැඩවලට දස්සය. ගෝටයිම්බර වැඩිය උස මිනිහෙක් නෙවෙයි. හයි හත්තිය තිබුණාට. ගෝට කියන්නේ ඒ හින්දාය කියනවා. ඉම්බර කෑල්ල ආවෙ ඉම්බර ගස් රාසියක් උදුරපු නිසා කියනවා.

කොහොම හරි ගෝටයිම්බර යෝධයා උත්සවයක් අරගෙන තියනවා යංකිසි කාරණේකට. ජයසේනටත් ආරාධනා කළා මේ උත්සවේට මේ දෙන්නා අතරේ දැනෑඳුනුම් කමක් නිසා වෙන්ටැති. ගෝටයිම්බරගෙ ගෑණු මනුස්සය ඇහැට කණට පේන කාන්තාවක්. මිනිහා ඒ ගෑණු මනුස්සයාට ඕන්නැති විහිළුවක් කළා කියල තමා කියන්නෙ. ඉතින් මේක ගෝටයිම්බරටත් ඇහුණායිං වැඩේ දුර දිග ගියා. ගෝටයිම්බරට ඕන වුණා ජයසේනට පාඩමක් උගන්නන්න. නමුත් ප්‍රස්නෙ විසඳගන්න බෑ නෙව ඒ අවු අස්සෙ.

ඉතින් මේක පස්සෙ දවසක දෙන්න අතරෙ හටනකින් විසඳගන්න යොදාගෙන එදාට යාප්පුවක් දාගන්න ඇති. ඒ විදියට පස්සෙ ඇතිවෙච්චි සටනෙදි ගෝටයිම්බර අතිං ජයසේන මැරුං කෑව කියලයි කියන්නෙ. එතනදි කරණම් පාපාරක් (මැරුණ බෲස් ලී මහත්තය නිසා දැං ඔව්වට කියන්නෙ ෆ්ල්යින් කික් කියල) වැදිලා ජයසේනගෙ හිස ගැලවිලා යාමෙං තමා මරණය උණාය කියන්නෙ.

නමුත් හිස නැති කඳ පිටියෙ වැටිල තියනවා දැක්ක ජයසේනගෙ හිතවතෙක් (නම මතක නෑ) වලස් ඔලුවක් ගෙනත් හයි කලාය එතනින් පස්සෙ කියනවා මහසෝං යකා ඇති වුණේ. වලස් හිසයි මිනිස් කයයි තියෙන යකෙක්.

කොහොම හරි මහසෝං යකාගෙයි ග්‍රීස් යකාගෙයි වෙනසයි අපිට වැදගත් වෙන්නෙ. මහසෝං යකාට ජාතියක් ජම්මයක් තියනවා වගේම වයසත් වැඩි. ග්‍රීස් යකාට එහෙම එකක් නෑ. මහසෝං යකාගෙං වෙන අතුරු ආන්තරා වලට තොවිල් පවිල් ආදියත් හැදිලා තියන එකෙන් පේන්නෙ උන්නැහෙට යම්කිසි තැනක් තියන බවයි. ග්‍රීස් යක්කුංගෙන් වෙන ප්‍රස්න වලට තොවිල් කොරන සිරිතක් නෑ නෙව. යකා කියල තිබිච්චි පලියට දෙකම එකයි කියල පඬිතුමාල හිතුවට සාමාන්‍ය මිනිස්සු වැඩේ පටල ගන්නෙ නෑ.ඔන්න මේ දවස්වල "වෙද ගෙදර" මහත්තය තොවිල් පවිල් වලට අදාල ලියුං වාගයක් ලියාන යනවා.

තවත් විස්තර ඇතුව බැලුවොත් දෙන්නගෙ වෙනස.මහසෝං යකා එක්ක පොලු අරගෙන ඔට්ටු වෙන්න යන මිනිහෙක් නෑ. හැබැයි ග්‍රීස් යක්කුය කියල අල්ලගත්තු මිනිස්සුන්ට පොලුවලිං එහෙම සංග්‍රහ කොරල තිබුණ මිනිස්සු. දැං මං කියන්නෙ නෑ ඒක හරි වැඩක්ය කියල. අහිංසක මිනිස්සුත් ඉන්න පුළුවං නෙව ඔය අතරෙ. එහෙම නීතිය අතට අරගෙන වැඩ කරන්න හොඳ නෑ. නමුත් මේකෙන් පැහැදිලිව පේන්නෙ ග්‍රීස් යකා ඇවිල්ල පොලුපාරවල් වලට සංවේදී සතෙක් මහසෝං යකා එහෙම නෑ කියන කාරණේ. ඒ කියන්නෙ ග්‍රීස්-යක්කු කියන්නෙ පංචේන්ද්‍රියන්ට ගෝචර සත්තු. මිනිහෙක්මනේ ඇඟේ ග්‍රීස් ගාගෙන ග්‍රීස් යකෙක් වෙන්නෙ.

තවත් ග්‍රීස්-යක්කු සුද්දො ලංකාවට එන්න කලිං ලංකාවෙ ඉඳපු යක්කුත් නෙවෙයි. මොකද ග්‍රීස් කියල ජාතියක් ආවෙ මෑත කාලෙ නෙව. ඒ ගැනත් රැඩිකල් මහත්තැන් ටිකක් කල්පනා කොළානං හොඳයි කියල තමා මට හිතෙන්නෙ. ග්‍රීස්-යකා නූතන යකෙක් වගේම අතිං අල්ලන්න පුළුවං යකෙක්. පරණ යක්කු එහෙම නෑ. අනිත් එක ඒ යක්කු ගෑණුන්ට විතරක් බැලම දාන්නෙත් නෑ.

මේ වගේ කාරණා නිසා මට හිතෙන්නෙ ග්‍රීස්-යක්කු වගේ නූතන යක්කු ගැන හොයා බලන්න ඕන ලයිට් කණු විදුලි පහන් යොදාගෙන යක්කු එලවන්න හදන නූතනවාදීන්ගෙ නියෝජිතයො වෙච්චි රැඩිකල්තුමාලයි කට්ටියම තමා. අපේ සහයෝගයක් ඕන නම් ඉතින් දෙන්නත් පුළුවං. නමුත් තමුං බැඳගත්තු බෙර තමුංම ගහනවානං තමා වඩා හොඳ.


මේ අතරෙ ආරංචියක් ආව ග්‍රීස් යකුන් නැගෙනහිර පලාතෙ දේසපාලන උවමනාවක් වෙනුවෙන් පාවිච්චි කෙරෙන කතාව. කලිං ලියුමෙ ප්‍රස්නයක් විදියට ඇහැවුවෙ රටේ වෙන වෙන තැං කීපෙකින් ග්‍රීස් යක්කු බිහිවීම ගැන. දැන් සයිඩර් මාමලගෙ භීතිකා වාදයට එහා ගිය ග්‍රීස් යක්ෂ නාටකයක් තියෙන බව පේනවා.

1,2,
3
4

Friday, August 19, 2011

බයවීමෙන් ආතල් ගැනීම සහ ග්‍රීස් යක්කු

ග්‍රීස් යක්කු ගැන ලොකු හාහූවක් තියෙන හින්දා මං කල්පනා කළා උන් ගැන යංකිසි අදහසක් ලියන්ට. ගොඩක් උදවිය ග්‍රීස් යකා ගැන ලියල තිබුණා. නමුත් W3සයිඩර් මාමගෙ විග්‍රහය ඒ අතරෙනුත් කැපිලා පේනවා. මට තේරුණ විදියට උන්නැහෙගෙ මූලික අදහස වෙන්නෙ ග්‍රීස්-යකා භීතියට ආසා කරන සමාජයේ නිර්මාණයක් කියන එකයි. අනිත් පැත්තෙන් ආණ්ඩුව දේසපාලන වාසි ලබාගන්න ග්‍රීස් යක්කු පාවිච්චි කරන බවකුත් කියල තිබුණ. දේසපාලනේ දන්න අය දන්නවා මොන මළ යකෙක් උණත් දේසපාලනේට පාවිච්චි කරන්න පුළුවන් නං නොකර ඉන්නෙ නෑ ආණ්ඩුව. ජේ වී පී කාරයො යූ ඇන් පී කාරයො උණත් එහෙමයි.

කාලෙකට ඉස්සර දිවයින පත්තරේ කසුරිගෙ කොලමෙ ඔය වගේ හාසජනක කතාවක් තිබුණ. ජේවීපී කාරයො රටේ පුරස්න ඇති කොරනවාය කියල ඒකාලෙ ආණ්ඩුවෙ ඇමැත්තෙක් කියපු කතාවකට. විපක්සෙ එවුන්ට දේසපාලනේ කියල කරන්න තියන්නෙ රටේ ප්‍රස්න ඇති තැං හොයාගෙන එව්ව ගැන කෑගහන එක නෙව. ඒ නිසා ඒ උදවිය ඔව්වා හොයා බලනවාත් වෙන්නැති.

නමුත් ඒ විදියෙ නිගමනේකට එන්න නම් ඒ කියන්නෙ සංවිධානාත්මක "ග්‍රීස්-යක්කු කල්ලියක්" වගේ අදහසක් ගන්න නම් ඉතින් මාමා කියනවා වගේ සෑහෙන්න තොරතුරු තියෙන්ට ඕනැ ඒ අයගේ වැඩ ගැන. යූ ඇන් පී කාරයෝ නම් කොහොමවත් මේවගේ වැඩකට අත දාවි කියල හිතන්ට අමාරුයි උන්නැහෙල නායක යකා එලවන්ටය කියලා නටන තොවිලෙ නිසා මේ දවස වල ඉන්නෙ පරලවෙලාමයි. වෙන යක්කු ගැන හොයන්ට බලන්න ඉස්පාසුවක් තියෙන එකක් නම් නෑ.

පොඩි ප්‍රශ්නෙකට තියන්නෙ ග්‍රීස් යක්කු රටේ තැං කීපෙකින් එකම කාලෙදි මතුවීම තමා. ඒ වගේ වුණාම ජේවීපී කාරයො නැතත් සංවිධානාත්මක වැඩක් වගේ හිතෙන්න පුළුවංකම තියනවා. ආණ්ඩු විරෝධියෙක් කියාවි ආණ්ඩුව වාසි ගන්නම කරන වැඩක් කියලත්. ඒතරං වැඩක් ඇති වාදයක් නොවන නිසා ඒක අල්ලලා දාමු.

ඊලඟට ග්‍රීස්-යක්කු සහ භීතිය කියන කාරණාව ටිකක් හොයල බලන්ට වටිනවා. මොකද ඒක නිකන්ම කියන්නෙ නැතුව සාස්ත්‍රීය කයිවාරුත් එක්ක නෙව මාම කියන්නෙ. කොහෙන්ද මනෝ විද්‍යා "තියරියකුත්" ඒකට අමුණල තිබුණ.

අපි මේ කාරණේ බැලුවොත් ඒ කියන්නෙ ජනතාව භීතියක් ඇති කරගන්න ආසාවෙන් පෙලෙනවාය කියන එක. සයිඩර් මාමාට අනුව මේකට හේතුව වෙන්නෙ පොරබාකොරංගෙ මරණෙන් පස්සෙ ලංකාවෙ ජනතාවට බයවෙන්න කාරණයක් නැති වීම. මේක උන්ට මානසික අඩුපාඩුවක් 'හිස්තැනක්' වගේ එකක් හදන නිසා ග්‍රීස්-යකුන් වැනි භීතිකා මවාගෙන කරගෙන හිස්තැන පුරවා අමුතු ආතල් එකක් ගන්න බව. නැත්නම් බිය පාවිච්චි කරන්නෝ කට්ටියක් උවමනාවෙන් භීතීන් ඇතිකොට එයින් ජනතාව මුලාකොට වාසි ලබා ගන්න බව තමයි පෙන්නන්න තනන්නෙ.

තවත් මේ වගේ භීතිකා ගැන මාමා කියල තිබුණ ඒ මෙහෙමයි "විශේෂයෙන්ම වර්තමාන සමාජයේ බහුතරයක් මිනිස්සු විවිධ භීතිකාවන්ගෙන් පෙළෙති. හමේ පාට කළු වීමට බිය, කෙට්ටු වීමට හෝ තරබාරු වීමට බිය, කොණ්ඩය ඉදෙනවාට බිය, විභාග අසමත් වනවාට බිය, රැකියාවෙන් දොට්ට වැටේ යයි බිය, බස්වල බෝම්බ පිපිරෙතැයි බිය, අනාගතයේදී තම ජාතියට වඩා සෙසු ජාතීන් බලවත් වේ යයි බිය, ප්‍රභාකරන්ට වඩා දරුණු ත්‍රස්ත නායකයකු බිහි වෙතැයි බිය, බටහිර කුමන්ත්‍රණවලට බිය, ඉන්දියාව ලංකාව අල්ලා ගනිතැයි බිය, ලෝක විනාශයක් සිදු වෙතැයි බිය ආදී වශයෙන් මෙබඳු භීතිකාවන්ගේ අසම්පූර්ණ ලැයිස්තුවක් සාදාගත හැකිය."

ඊලඟට මාම කියනවා මිනිස්සු ජාති දෙකක් ගැන ඒ තමා බයෙන් පෙළෙන මිනිස්සු සහ තාර්කික මිනිස්සු.

"භීතියෙන් පෙළෙන මිනිසාට තාර්කික මිනිසා කරන අයුරින් මැදහත් සිතකින් යුතුව, තමන්ට ලබාගත හැකි සියළුම තොරතුරු භාවිතා කර හොඳ නරක මැනවින් කිරා බලා නිගමන වලට එලඹීමට නොහැකිය. මිනිසා තාර්කික ලෙස හැසිරෙන්නේය යන පදනමින් අර්ථ ශාස්ත්‍රඥයින් ගොඩනැඟූ න්‍යායන් සියල්ලේම පදනම බියෙන් පෙළෙන අතාර්කික මිනිසා ඉදිරියේ බිඳ වැටිණි. හැසිරීම පිළිබඳ අර්ථ ශාස්ත්‍රය පැන නඟින්නේ මෙකී බියෙන් පෙළෙන අතාර්කික මිනිසා තීරණ ගන්නා ආකාරය විග්‍රහ කිරීමටයි."

ඔන්න දැන් තමා තැනට ආවෙ. මමත් කාලෙක ඉඳන් හොයනවා මේ තාර්කික මෑන්(වුමන් හරි කමක් නෑ) කෙනෙක්. දැං බලාන ගියාම තියරි කාරයෙකුත් ඉන්නවා පුරස්නෙ දන්න. සයිඩර් මාමත් තර්කබුද්දිය වෙන්ටැ යොදාගන්නෙ. වාසනාවං!

තර්කානුකූල කම කෙසේ වෙතත් තර්ක දාගෙන බයවෙන්නත් පුළුවං. උදාහරණෙකට පිටසක්වල ජීවියො ඇවිල්ල මිනිස් වර්ගයා විනාස කරයි කියල මහා තර්ක කාරයෙක් කියල කියන සුදු මහත්තැන් කෙනෙක් කියල තිබුණ. ආයෙ අර ග්‍රහකය ලඟට ආවා මේ ග්‍රහකය ගැටෙන්න පුළුවං කියල ඒ උදවිය කාලෙං කාලෙට කියනවා. මේවා නං ඉතිං තර්කානුකූල භීතිය නිසා අවුලක් නැතුව ඇති මයෙ හිතෙ.

පොරබාකොරං භීතිකාව අයිතිවෙන්නෙ අනාගත භීතිකාවකටද නැත්නම් අතීත භීතිකාවකටද? ඒ කාලෙනං ඕක පාවිච්චි කළේ හුදී ජනතාව බියවැද්දීම මගින් දේසපාලන වාසි ලබා ගැනීමට. ඒක තර්කානුකූල භීතිකාවක් නිසා හැමෝම දේසපාලන විසදුම පිළිගන්න ඕනය කියල පඬිතුමාල වර්තමාන භීතිකාවක් ඇති කරගෙන හිටියා. පස්සෙ පස්සෙ ඒක පුස්සක් බව පෙනී ගියා. ජිනෝසයිඩ් භීතිකාව, මාධ්‍යවාරණ භීතිකාව එහෙම ආවෙ ඊට පස්සෙ නෙව. මතකද මන්ද?

අනේ මන්ද ඉතින් තර්කානුකූල සාස්ත්‍රීය භීතියක් ඇති කර ගැනීමේ ආතල් එක අර ග්‍රීස්-යකා භීතිකාවට වඩා වෙනස්ද කියන්න අපි දන්නෙ නෑ.

ආයෙත් බ්ලොග් අවකාශයේ හැක් වීමට බිය එහෙමත් වැදගත් වෙනවා විසේසයෙංම ආතල් එක පැත්තෙන් බැලුවාම.

දැං ඔය හොරර් ෆිල්ම්ස් කියල ජාතියක් තියනවා. (පොඩිකාලෙ මම හිතාන හිටියෙ හොරකං කිරීමට සම්බන්ධ දෙයක්ය කියල ඉංගිරිස් බැරි නිසා) එව්ව තියන්නෙත් භීතියෙං ආතල් එකක් ගන්න නේද? එව්වාට සම්මාන දෙනවාත් නෙව. එව්ව වැටෙන්නෙ සාස්ත්‍රීය ගණේටද නැත්නම් පීචං ගණේටද? මිනිස්සුන්ට බයවෙන්ට දේවල් හදන එක නැගල යන වියාපාරයක් නෙවෙයිද?

ධම්මපදයෙ නම් තියන්නෙ තණ්හාව තමා භයට හේතුව. තණ්හාව නැත්තාට භය නෑය කියල. නමුත් ලෝකෙ යන්නෙ තණ්හාව වැඩි කරන පැත්තට නෙව. තර්කානුකූල පොරවල් වලට බය නැත්ද කියන එක එතන කියවිලා නෑ. ඕං කරනවානම් පර්යේසන. බටහිර විද්‍යාත්මක ක්‍රමේ කොරන උදවියට.

Friday, August 12, 2011

සමලිංගිකත්වය නොදත් ස්වයංවින්දනයත් නොදත් රැඩිකල්තුමා

රැඩිකල්තුමාගෙ අලුත් වාදයට සහයෝගයක් නොදී අරින එක හරි මදි නේද? එහෙම අඳුන්වා දීල අතෑරලදාන එක නිකන් නොදන්න පිරිසක් මැද්දට එක්කගෙන ගිහින් තනිකළා වගේ නෙව. එහෙම හරි නෑ.

අපි කලින් දැක්කානෙ උන්නැහෙ තුන්පිටකය බලාගෙන ගිහින් අලුත් සොයාගැනීම් වාගයක් කොරලාය කියල. ඉතින් එහෙම බලානයනකොට තමා මේ අලුත් වාදයත් උන්දැගෙ බුහ්දියට ගෝචර වෙන්ට ඇත්තෙ. අපි වාගෙ නෙවෙයි නෙව රැඩිකල් පාක්නයින්ට ඔවුවාගේ දේවල් පහල වෙනවා නෙ.

(මේ අතරෙ රැඩිකල්තුමාගෙ ලියුමෙ සරුවබලදාරි දෙයියන්නාන්සෙටත් පොඩ්ඩක් කොනිත්තල තිබුණ. හපොයි අපි රැවටුණා නෙව! අර සිංහල කියමනක් තියෙනවා ගොනා හැරෙනකොට දන්නවා පොල් පැලේ කන්ටය කියල.)

මෙන්න රැඩිකල් වාදය:
"බොහෝ දේවකතාවල දේවතාවියන් ගැන සඳහන් වෙයි. ඒ නිසා දෙවියන්ට ලිංගික අවයව පිහිටා ඇත. මෙම නිගමනය විසංවාදයකට තුඩුදෙයි.
1. දෙවියන් ලිංගිකව ප්‍රජනනය කරන ජීවී විශේෂයකි.
2. දෙව් ලොව උපදින්නේ ඕපපා තිකවය.

මේ කරුණු දෙක (අතර ඇති විසංවාදය නිසා) බහුබූතයකි. පොඩිගමරාලළා මෙය විස්වාස කරති."

 මේක නම් බහුබූතයක්ම තමා. ඇයි දෙවිවරු කියන්නෙ ජීවී විශේෂයක් කියල හිතෙන්න රැඩිකල් බහුබූත බුහ්දියෙංම මිසක් වෙන එහෙකින් පුළුවං යැයි? මේ ජීවියො කියන සංකල්පය බටහිර අවිද්‍යාවෙ පටු සංකල්පයක් කියන එක තේරෙනව ඇති මයෙ හිතේ. රැඩිකල් මාන්දම ගහල නැති නම්.

දෙවියො කියන්නෙ බෞද්ධ සංස්කෘතියෙ එන ප්‍රාණීන්සත්ත්වයින් විශේෂයක්. ඒ නිසා දෙවියන් පිළිබඳ වාද හදන්න කරන්න නම් ඉස්සෙල්ල සත්ත්වයින් කියන්නෙ කවුද කියල තේරුම්ගන්න ඕන. දේව භවයක ඕපපාතිකව ඉපදෙන සත්ත්වයෙකුට ලිංගික අවයව තිබෙන්නේ කාමරාගය තිබෙන නිසා.

මෙතන තියන වැඩේ ජීව ප්‍රවාදයන්ට අනුව ලිංගික ප්‍රජනනය සඳහාම ලිංගික අවයව භාවිතා කරන සතුන් නැති බව දැන් දැන් බටහිර විද්‍යාඥයන්ටත් තේරෙන්න පටන් අරන්.ඔව්වා ඉතින් ලෝකල් පඬිතුමාලගෙ හිස්වලට කාන්දුවෙන්න කල්යනවා නොවැ. උන්නැහෙලගෙ හිස් හිස් හිමීට පිරුණාවෙකො.

ප්‍රශ්නේ තියන්නෙ කාමාසාවෙ මිසක් ලිංගික ප්‍රජනනයෙ නෙවෙයි. සමහරවිට අපේ රැඩිකල්තුමා අර වැඩ දෙකම දන්නෙ නැතුව ඇති. ඒකට නං ඉතින් දොස් කියන්න බෑ.  සබ්ජෙක්ට් කොලුව නම් ඔවුවා ගැන පොඩ්ඩක් දැනං හිටිය. හැබැයි කුප්පි දාගන්න යනවා නම් පරිස්සමෙං ගොයියෝ!!!

Wednesday, July 27, 2011

බහුදේවවාදියෙකුගෙන් කාලෝ මහාචාර්යතුමාට මල් මිටක්...

මං ඔබතුමා එක්ක කිසිදාක කතාකරලත් නෑ. මගේ බ්ලොග් එක ඔබතුමා නොබලන බවත් විස්වාසයි. ඒ තියා ඔබතුමා සිංහල බ්ලොග් කියවන්නෙමත් නැතුව ඇති. ඒ ඔක්කොම එහෙම උණත් මේක ලියන්නෙ නැතුව ඉන්න එක හරි මදිය කියල මට දිගින් දිගටම හිතෙනවා. ඒ නිසා තියන වැඩ රාජකාරි අස්සේ පරක්කු වෙලා උණත් ඔබතුමා ගැන ලියන්න මම කල්පනා කලා. ඒකට හේතු දෙකක් තියනවා.

එක පැත්තකිං ඔබතුමා බටහිර විද්‍යාවෙ භක්තිමත් අනුගාමිකයෙක්. ඒක තමුන්නැහෙගෙ අදහස් අඳුරන රටේ කවුරුත් හොඳාකාරව දන්නවා. ඒ නිසා ඔබතුමාගෙ මතවාද ජාතික චින්තනේට පක්ෂග්‍රාහීය කියල මොන විදියෙංවත් තර්ක කරන්න බැරි කම.

අනිත් පැත්තෙං තමුන්නැහෙගෙ තියන අවංක කම. කාරණේ තව ටිකක් විස්තර කරනවා නම් මට මතකයි "මගේ ලෝකය" පොත ගැන නලින් මහත්තයල සංවිදානය කරපු විවාදෙටත් ආවා ඔබතුමා තනිපංගලමෙ. පත්තරවලට බටහිර විද්‍යාව ගැන පුරසාරම් ලියපු සමහර මහත්තුරු ඒකට ආවෙ නෑ නිදහසට කාරණා දක්වල. ඒක නං ඉතින් ඒ මහත්තුරුංගෙ අයිතිය කියතෑකි . ඒ නිසා ඒ අයිතිය පාවිච්චි නොකර ආපු එක කියන්න පුළුවං මෙතන ගණන් ගැනෙන්නෙ.

එදත් ඔබතුමාගෙ කතාවෙං මට හැඟුණෙ තමුන්නැහෙට බටහිර විද්‍යාව ගැන අවංක භක්තියක් තියන වග. පත්තරවලට ලියන සමහර පංඩිතයො වගේ බොරුවට වචන වලිං දමාගහන්නෙ නැතුව තේරෙන දේවල් විතරක් කතා කරන්නත් නොතේරෙන දේට නොතේරෙනවාය කියල කියන්නත් පුළුවංකමක් නෑ අවංක වෙන්නෙ නැතුව. හොඳ ක්‍රිස්තියානිකාරයෙක්ව අගය කරනවා වගේ ඒ වගේ ගුණාංග මම අගය කරනවා. 

ඊලඟට ඔබතුමා ලඟදි දවසක අයිලන්ඩ් පත්තරේට ලියාපු ලිපියෙදි බටහිර විද්‍යාවට එරෙහි පුද්ගලයෙක් බව නොසලකා හරිමින් නලින් මහත්තයගෙ ආසනික් පරීක්ෂණ ගැන ලියල තිබුණ අදහස. 

එතෙන්දි ඔබතුමා දෙවියන් විස්වාස නොකරන කෙනෙක් බව පැහැදිලිව කියල තිබුණ. ඊලඟට ඊනියා විද්‍යාත්මක විධික්‍රමය ගැන ඔබතුමාගෙ මතයත් කියල තිබුණ. ඒ අනුව ඒක උපකල්පී-අපෝහන (hypothetico-deductive) ක්‍රමවේදයක්. තවත් ඔබතුමා කියනවා බටහිර විද්‍යාක්‍රමේට අනුව යනවා නම් කල්පිතේ හදන එක තමයි කියල ඉස්සෙල්ල කරන්න ඕන. ඒක මොන විදියෙං ආවත් ප්‍රස්නයක් නෑ කියලත් කියල තියනවා.  (මට තේරෙන විදියට ඕක අරගන්න කියල ක්‍රමයක් කියන්න බෑ. ඒ නිසා එව්වා ඊනියා ක්‍රමවේදයෙං පිට කියලා කියන්න වෙනවා. ක්‍රමවේදය රේඛීයය කියල ගන්න නිසා වෙන කරන්න ඉතුරුවෙන දේකුත් නෑපහලිං උපුටල දක්වලා තියන්නෙ ඒ කෑල්ල.

“Therefore formulating a hypothesis means nothing more than having some explanatory idea. The process of having ideas itself is, of course, outside logic. Therefore Prof. Nalin de Silva’s claim that the idea (hypothesis) that Rajarata Chronic Kidney Disease (RCKD) is caused by arsenic came from devivaru is totally acceptable as a hypothesis.”

ඒ නිසා දෙවියංගෙන් ආව අදහසක් උණත් කල්පිතයක් විදියට යොදාගන්න පුළුවං කියන එක පැහැදිලියි. ඒ වුනත් සමහර මහාචාර්යතුමාලට කල්පිතය දෙවියංගෙන් ආපු එක දිරවාගන්න අමාරුයි. මේවයිං මට පෙනෙන්නෙ ඔබතුමා අඩි කීපයක්වත් සමහර විද්‍යාඥයන් කියල කියවෙන උදවියට වඩා ඉස්සරහිං ඉන්නවාය කියන එක

ඊලඟට පිළිගත් සඟරාවල පළකරන එකත් ඔබතුමා ක්‍රමවේදයට දාගෙන නෑ. (ඒක ක්‍රමවේදයට අදාල වෙන්න ගත්තෙ දේසපාලන ආර්තික හේතු නිසාය කියන එකයි මගේ විස්වාසය) මේ වගේ හාසජනක නිදහසට කාරණා වලිං පේන්නෙ වැඩිම වුනොත් ක්‍රමවේදය ගැන කියන තරං විස්වාසයක් විද්‍යාඥයන්ට නැති වග.

මේ කාරණා හින්දා මතවාදත් එක්ක මං අබමල්රොනකිං වත් එකඟ නොවුණා වුනත් තමුන්නැහෙට ප්‍රසංසා නොකර අරින එක මගේ හිතට හරි මදි. කාලෝ මහාචාර්යතුමා තමුන්නාන්සෙට නිරෝගිකම ලැබේවා! ආයුබෝ වේවා!!

Thursday, July 21, 2011

"සයිබර් කඩයකින් මතුවූ සෙරේස්ට විද්වතාණෝ" - ඕපාදූපයා

"කවදත් උණු කැවුම් බඳු නැවුම් පුවත් ඔබට තිළිණ කරන ඕපාදූපයා විකල්ප පුවත්පත මෙවර තවත් ජාතික වැදගත්කමක් ඇති කරඅම්බයකට අත තැබූ බව ජනතාවට පවසන්නේ මහත් චිත්තප්‍රීතියෙනි. සිංහල බ්ලොග් අවකාසයේ පිපීමට වෙර දරන බුක්තිමතුන් සහ පාක්නයින් අකලට මලිනවී යා නොදී ඔවුනට නිසි තැන ලබාදීම ආස්චර්ය දිවයිනේ අබිවුර්දිය උදෙසා වූ පුවත්පතක වගකීම ලෙස සලකමු.

මෙවර අපගේ අවධානය දිනාගත්තේ ඉතාමත් විශේෂ පුද්ගලයෙකි. එතුමා මනෝරෝග පිළිබඳ විසේසඥයෙකි. මනෝ රෝග පිළිබඳව පමණක් නොව දර්ශනවාදය වැනි විෂයන් පිලිබඳවද මහත් දැනුම් සම්බාරයක් ඇත්තෙකු බව දැනගන්නට ලැබුණේ එතුමන්ගේ බ්ලොග් අඩවිය කියවීමෙනි. ආරක්ෂාව සඳහා රැඩිකල්තුමා යන අන්වර්ත නාමයෙන් අප හඳුන්වන ඒ මහතා රැඩිකල් යන වදන විප්ලවකාරයින්ටත් එපාවන තරමේ පට්ට රැඩිකල් අදහස් තම බ්ලොගය හරහා ලිවීමට පටන්ගෙන ඇති ආකාරයද දැකීමට හැකිවූ බව සතුටින් දැනුම් දෙමු.

කෙසේ වුවත් එතුමාගෙ වෙසෙස් හැකියාව හා සසඳන කල්හි මේ සියල්ලමැ දෙවන තැනට වැටෙන්නේය. මේ සුවිශේෂ හැකියාව නම් විඩියෝ මාද්‍ය බාවිතයෙන් Schizophrenia නම් මානසික රෝගය සොයාගැනීමට දක්වන සමත්කමයි. මේ ආකාරයට රෝග විනිශ්චය කිරීම සඳහා සමහරවිට උවමනාවන්නේ අදාල තැනැත්තාට තත්පර කිහිපයක් කතා කිරීමට සලස්වා එහි විඩියෝ පටියක් රැඩිකල්තුමාට දීම පමණි. එය බැලීමෙන් එතුමාට ඉහත සඳහන් දිව උලුක්වෙන නම සහිත රෝගය ඇතිනම් සොයාගතහැකි වේ. මේ ආකාරයට රෝග විනිශ්චය කල අවස්තාවක් අප විසින් පහත උපුටා දක්වා ඇත.


නව ක්‍රමය මගින්:
  • රෝගියා සහ වෛද්‍යවරයා මුනගැස්සවීමට අනවශ්‍ය වීම.
  • අන්තර්ජාලයෙන් ඈත පළාත්වල සිටින රෝගීන් පවා සොයාගත හැකිවීම.
වැනි වාසි රැසක් සැලසෙන බව එතුමා පැවසුවේය.

මෙතුමාගේ අධ්‍යයන බෞද්ධ දර්ශනය පැත්තටද යොමුවී තිබීම විප්ලවවාදී සහ විද්‍යාත්මකව සිතන පතන පාටකයන්ට සුබ ආරංචියක් වනු ඇත. දැනට ත්‍රිපිටකය වැනි බෞද්ධ පොතපත්වල එන ප්‍රධාන චරිතවලටද ඉහතකී මානසික රෝගය වැළඳී තිබුණාදැයි පරීක්ෂාකරමින් සිටින අතර එම අධ්‍යයනවල ප්‍රතිපලද අනාගතයේදී නිකුත්කිරීමට බලාපොරොත්තු වෙන බව එතුමා පවසයි. එම පර්යේෂණවලින් බුදුහාමුදුරුවන් මුගලන්හාමුදුරුවන් වැනි ඉතා ගරුකටයුතු චරිත පිළිබඳව ආන්දෝලනාත්මක කරුණු එලිදරවුවී ඇති අතර අනාගතයේදී මේ ඔස්සේ බෞද්ධ සමාජයේ රැඩිකල් වෙනස්කම් අපේක්ෂාකල හැකිය.

රැඩිකල්තුමාගේ අගය වටහාගෙන මේ අලුත් ක්‍රමය අනුව අන්තර්ජාලය හරහා විඩියෝ කැමරා ඔස්සේ මානසිකරෝග පරීක්ෂාකරන ක්‍රමයක් ඇතිකිරීමට බලදාරීන් කටයුතු කලයුතුයැයි අපි සිතමු. එවැන්නක් ඇතිකිරීමෙන් ආසියාවේ පමණක් නොව ලෝකයේම පළමුවෙනි තැනට පැමිනීමට හැකිවනු ඇති බවද අපේ අදහසයි. රැඩිකල්තුමා වැනි පාක්නයින් සිංහල බෞද්ධ ගෝත්‍රවාදීන් වැනි අන්තවාදී කොටස්වලින් ආරක්ෂාකරගැනීමද සිංහල බ්ලොග්කරුවන්ගේ වගකීමක් බැවු මතක් කරමු."

Saturday, July 16, 2011

"නිරුවත් වෙරලින් වාර්ගික ගැටලුවට විසඳුමක් " - ඕපාදූපයා


"ජනවාර්ගික ප්‍රශ්ණය සඳහා ගෙනෙනු ලබන දේශපාලන විසඳුම් මාලාවේ මුල් අදියරේ පියවරක් ලෙස යාපනේත් නැගෙනහිර පළාතේත් නිරුවත් වෙරල තීර ඇතිකිරීම රජය විසින් සලකා බලමින් ඇති බව විශ්වාසනීය ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත. මෙය සිංහල බෞද්ධ අන්තවාදී ගෝත්‍රවාදී වර්ගවාදී අමනයන්ගේ පරාජයක්ද වන බව පජාත අන්ත්‍රවාදී අතිමානුෂවාදී පට්ටමලිබරල්වාදී පිරිසගේ අදහස වී ඇත. ඇත්තෙන්ම මෙම නිරුවත් වෙර තීර ආස්චර්ය දිවයින තුල ප්‍රායෝගික යතාර්තයක් බවට පත් කිරීමේ පෙරමුණගෙන ක්‍රියාකලේද සිංහල බ්ලොග්කරුවන් අතර සිටින මැදහත් කීප දෙනා බව දැනගන්නට ලැබුණි.

සිංහල බ්ලොග්කරුවෙකු සහ ආකල්ප වෙනසක් ඇතිකිරීම සඳහා පෙරමුණගෙන ක්‍රියාකරන දක්ෂ විශ්ලේෂකයෙකු ලෙස මිතුරන් අතරේ නමක් දිනාගෙන සිටින බොබ් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ නිරුවත් වෙරලතීර ඇති කිරීමෙන්ද සමාජයේ ආකල්ප වෙනසක් ඇති කළ හැකි බවයි. යුරෝපීය රටවල කාම අපරාධ ගැන අසන්නටවත් නැත්තේද මෙවැනි නිර්භීත තීන්දු ගැනීම නිසාය.  එවිට දැනට අමාරුවී ඇති ජනවාර්ගික ප්‍රශ්නයක් ඇති බව රටේ පිළිගැන්වීමටද පහසුය. ජනවාර්ගික ප්‍රශ්නයක් නැතැයි කියන ජාතිවාදීන් ප්‍රශ්නය විසඳීමට ඇති විශාලම බාධාව බවද එතුමාගේ අදහසයි. එමෙන්ම ආසනික් ප්‍රශ්නයේදී පළමුවෙන්ම පරාජය වූ ඉහත කී අන්තවාදී අමනරැළ කෙටි කාලයක් තුල දෙවන වතාවටත් පරාජය කිරීමට හැකිවීම දෙමළ ඊලාම් විමුක්ති අරගලයTM ව්‍යාපාරයේ ශ්‍රිලංකා ශාඛාව විනාශ කර දැමීමෙන් පසු නව අරුණැල්ලක පෙරනිමිත්තක් ලෙස ගත හැකි බවයි. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ බ්ලොග් අවකාශයේ යලි යලිත් රෙදිගැලවී යාම නිසා අතාත්වික නිරුවත්වීම පුරුද්දක් කරගෙන සිටින පිරිසක් ප්‍රසිද්ධියේ නිරුවත්වීමේ ආශාවෙන් පෙලෙන බැවින් මෙය කලක සිට පවතින අවශ්‍යතාවයක් බවය.

ජනවාර්ගික ප්‍රශ්නය වූ කලී අති ගම්භීරයැ ඉතා සූක්ෂ්මයැ සිංහලෙන් ලිවීම නම් නොහැක්කේමයැ තවද රජතුමන්ගේ අලුත් ඇඳුම ළමා කතාවේ මෙන්මැ මෝඩයන්ට දැකිය නොහැකි වූ පණ්ඩිත බුක්දි මහිමයෙන්මැ වටහා ගත යුතු වූ මෙම ප්‍රශ්ණය ආකල්ප වෙනසක් ඇති කිරීමෙන් හෙවත් සියලුම සිංහල අන්තවාදීන් නැති කර දැමීමෙන් තොරව තේරුම් ගත නොහැකි බව කලක් නොගෝත්‍රවාදී නොවර්ගවාදී බොග්කරුවෙකුව සිටි පුද්ගලයෙකු අප හා සංවාදයට එළඹෙමින් පැවසුවේය. මෙතුමන් අධිතාත්වීකරණය කළ අතාත්වික හැක්වීමක් මගින් තම හිතවතුන් කඳුලෙන් නහවමින් සැඟවී යාමට පෙර ජනවාර්ගික ප්‍රශ්නය කුණුහරුපයක් බවට පත්කිරීමට කැපවී ක්‍රියාකළ පුද්ගලයෙකි.

එතුමා අවධාරණය කලේ කලින් වතාවල ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව විග්‍රහ කිරීමට ගිය සබ්ජෙක්ට් මහතා වැනි බුද්දිමතුන්ගේ උත්සහ ව්‍යර්ත වීමට හේතුව ඒ මහතුන්ගේ නොහැකියාව හෝ ජනවාර්ගික ප්‍රශ්නයක් නොපැවතීම නොවන බවය. ගෝත්‍රවාදී වර්ගවාදී සුළුපිරිසක් විසින් ජනවාර්ගික ප්‍රශ්නය තේරුම්ගත නොහැකි වන අන්දමේ ආකල්ප සිංහල බෞද්ධ (කොහොමත්) ගෝත්‍රික සමාජය තුලත් විශේෂයෙන්ම  බ්ලොග් අවකාශය තුලත් පැතිරවීම මීට මූලික හේතුවයි

මේ අතර නිරුවත් වෙරල සංකල්පය පිලිබඳව අප වෙත අදහස් දක්වමින් කොපි කිරීමේ විසේසඥයෙක් පැවසුවේ ආසියාවේ ආස්චර්යය වීමට නම් ආස්චර්යමත් බටහිර රටවල්වල ඇති ආස්චර්යමත් දේවල් කොපිකිරීම අනිවාර්ය බවත් එසේ කිරීමෙන් අපේ සංචාරක කර්මාන්තය සීග්‍ර මෙන්ම උග්‍ර දියුණුවක් ලබාගනු ඇති බවත්ය. ඇමරිකාවේ සහ යුරෝපයේ රටවල්වල සිටින මිනිසුන්ට ප්‍රමාණවත් තරම් නිරුවත් වෙරළ නැති බැවින් ඔවුන් නිරුවතින් සිටීමේ ආතල් එක ගැනීමට ආස්චර්යමත් දිවයින සොයා එනු ඇත.

මද්‍යස්ත මාද්‍යක් ලෙස සියල්ලන්ටම සම අවස්ථා ලබාදෙන ඕපාදූපයා පුවත්පත ගෝත්‍රවාදීන් තිදෙනෙකුගෙන්ද මේ ගැන අදහස් දැනගැනීමට ක්‍රියාකළ බව පවසන්නේ මහත්මැ චූන් එකකිනි. පළමු දෙදෙනාම අදහස් පලකිරීමෙන් වැලකුන අතර පසුබෑම හමුවේ නම සඳහන් කිරීමට අකමැතිවූ තුන්වැන්නා පැවසුවේ ජනාවාර්ගික ප්‍රශ්නයට දෙන විසඳුම මෙන්ම මෙම විසඳුමත් ඉතා ආස්චර්යමත් බවත් සුළුතර ජනකොටස්වල ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා සිංහල ජනතාව අතරද නිරුවතින් නෑමේ පුරුද්ද වර්ධනය කිරීම සඳහා තවත් වැඩපිළිවෙලක් ගැන රජය සමග තවදුරටත් සාකච්ඡා කෙරෙමින් ඇති බවත්ය. ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් සොයාගෙන ඇති නවතම අසාධාරණය වන දෙමළුන් දුෂ්ඨ සිංහල ගෙවල්වල තාඩන පීඩන වලට ලක්වෙමින් මෙහෙකාර සේවයේ යෙදීම වෙනුවට අරාබි රටවල සියලු සැප පහසුකම් සහිත සුපවයිසර් සේවය සඳහා යැවිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය. (දැනට මෙම සුපිරි වරප්‍රසාදය ලබන වර්ගවාදී දුෂ්ඨ සිංහල ස්ත්‍රීන් අහිංසක අරාබින්ව වධ දීම බලෙන් ලිංගික කටයුතුවල යෙදවීම වැනි තාඩන පීඩන වලට ලක්කරන බැවින් දෙමළ කාන්තාවන් කෙරෙහි ඉදිරියේදී වැඩි ඉල්ලුමක් ඇතිවීමට හැකිය) 

මේ අනුව ඉදිරියේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇති කරන නිරුවත් වෙරළතීර මගින් සිංහල ගෝත්‍රික සමාජයේ ආකල්පමය වෙනසක් ඇති වෙතැයි විශ්වාස කෙරෙන අතර රජය විසින් හැකි ඉක්මණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළයුතුයැයි අපි සිතමු. මක්නිසාද යත් ඉන්පසු බහුතරයක් වෙනත් පළාත්වල සිටින දෙමළ ජනයාගේ සුවිශේෂී ප්‍රශ්න විසඳීම සඳහා දේශපාලන විසඳුමක් උතුරු නැගෙනහිර දෙපළාත්වලට ලබාදීමටත් ඇති බැවිනි."

*
මෙම ප්‍රවෘත්තිය ඕපාදූපයා විකල්ප පුවත්පතෙන් උපුටාගත්තක් බව කරුණාවෙන් සලකන්න.

Thursday, July 14, 2011

කෑමක් ගැන පොතක් ගැන යමක්

බ්ලොග් ලියන වෙද මහත්තයගෙ ආහාර උපදෙස් කියවං යද්දි මට මතක් උණා කාලෙකට කලිං කියවපු රුවන් ඒකනායක දොස්තර මහත්තයගෙ පොතක්. මේ පොතේ නම තමා "සෞඛ්‍යදායී පෝෂණය හෙවත් සමපෝෂණ විධිය". මම ඉතින් ඕක අහම්බෙන් කියෙව්වාට පෝෂණේ ගැන බ්ලොග් ලියන මිනිහෙක් නෙවෙයි කියන එක කවුරුත් දන්නවා. මේකෙ තිබුණ කාරණා එකක් දෙකක් මතක තිබිච්ච නිසා ආපහු පෙරලල බැලුව.

ඒ මහත්තය හදවතට සම්බන්ධ ලෙඩ - ඒ කියන්නෙ හිතේ ලෙඩ නෙවෙයි පපුවෙ අමාරු - වලට ප්‍රතිකාර කරන බටහිර විශේෂඥ දොස්තර මහත්තයෙක්. පොත ලියල තිබුණෙම හදවත් රෝග වගේ ලෙඩවලිං වැලකෙන විදියට කන්නෙ බොන්නෙ කොහොමද කියන කාරණේ පෙන්නුම් කරන්නයි. අද කාලෙ කන බොන එක උණත් කිසි පිළිවෙලක් නැතුව කරන තරග දිවිල්ලක නොවැ රටම යෙදිල ඉන්නෙ. ඒ මදිවාට ආසනික් කතාවෙ වගේ බෙහෙත් ගහල හදන කෑම වර්ග.

හරි ඒ කතා පැත්තකින් තියමුකො. අපිට ගැලපෙන ආහාර රටාවක් හදාගන්න ඕනය කියල අදහසක් බ්ලොග් ලියන වෙදමහත්තයත් ලියල තිබුණ. ඒකත් එක්ක මේකෙ තියෙන කාරණේ ගැලපෙන බවත් පේනවා. ඒ හින්දා පොතේ පෙරවදනෙ තියෙන කොටසකුයි තව පොතේ සාරංශය කියන කොටසයි මං උපුටල දක්වන්න කල්පනා කළා.

"පෝෂණවේදය පිළිබඳ ඇතැම් සිද්ධාන්ත, ඒ ඒ විශේෂඥයන් විසින් පවා ඒකමතිකත්වයෙන් පිළිගනු නොලැබේ. එ බැවින් මෙහි පැවැසුණු ඇතැම් උපදේශ ඇතැමුනට නොරිසි වනු නො වැලැක්වියැ හැක්කෙකි. අප විසින් විශේෂ උත්සහයක් දැරුණේ අපගේ සංස්කෘතියටත්, සාමාන්‍ය ජීවන රටාවටත් හැකි තාක් අනුකූල වන පරිදි උපදේශ පෙළ ගසා දැක්වීම පිණිස ය. එ බැවින් බටහිර ලෝකයේ භාවිතය සඳහා සම්පාදිත ආහාරෝපදේශ, ඒ ලෙසින් ම දැක්වීම, අප විසින් නොකරන ලදී."

මෙතන වැදගත් කාරණා දෙකක් තියනවා. මේ විශේෂඥ මත කියල කියන එව්ව හරි හරියට අද කාලේ පත්තර වගේ ජනමාධ්‍ය වලිං යනවා. ඉරිද පත්තරයක් අරගෙන බැලුවොත් පෙනේවි මේ ලෙඩේට ගුණ මේ කෑමය අර ලෙඩේට අගුණ අර කෑමය ආදී වසයෙං විස්තර හරි හරියට පලවෙනවා. ටික දවසක් ඔව්ව කියවගෙන ගියාම පේන්නෙ මෙහෙම දෙයක්. අද කිව්වොත් අර ජාතිය මේ රෝගයට හොඳ නැතය කියල ආයිත් ටික දවසකින් කියනවා ඒකම හොඳයි කියල තව කවුරුහරි මනුස්සයෙක්. තණකොළ ඇරෙන්න අනිත් බොහොමයක් කෑම ගැන විශේෂඥ මත ඔයාකාරයෙන් පිනුම් ගහනවා පේනවා. මේවගේ දේවල් වලිං ජනතාව හොල්මං වෙනවා. ඒ නිසා මේ වගේ පොතකින් යමක් දුන්නාම ඒකෙ වටිනකමක් තියනවා. පරස්පර ගතිය අඩුයි.

ඊළඟට මේකෙ තියනවා බටහිර පෝෂණ වට්ටෝරු පස්සෙන් දිවීම වැඩක් නෑය කියන කාරණේ. එව්වා හදල තියන්නෙ ඒ ඒ රටවල සංස්කෘතියට දේසගුණේට සහ තවත් කාරණාවලට ගැලපෙන්න. වැඩිය ඕන නෑ අපේ මිනිස්සුංගෙ සරීර ප්‍රමාණ ගත්තත් ඒ අයට වඩා වෙනස්. ඉතින් ඒ රටවල දත්ත පාවිච්චි කරල හදන දර්ශක ආදියත් මෙහාට නොගැලපෙන්න පුළුවං. මේ නිසා අර වෙදමහත්තය කියනවා වගේ අපිම හදාගන්න එක තමයි කරන්න තියන්නෙ. ඒවට මහන්සිගන්න ඕන ඉතින් රටේ ඉන්න උගත්තු. එහෙම කෙරෙනවා ඇති කියල අපි හිතමුකෝ.

ආයෙ රුවන් මහත්තය තමංගෙ පොතේ සාරාංශය කියල අදහසක් දක්වනවා. ඒක උන්නැහෙ උපුටගෙන තියෙන්න ඉස්ටෑන්ඩඩ් විසේසඥයෙක්ගෙන් නෙවෙයි :

'තමාගේ ආහාර විධිය කෙබඳුදැයි විමසන ලදු ව, වයසින් අවුරුදු 60ක් පමණ වූ ගැමියෙකු විසින් මේ පිළිතුර දෙන ලදී.

"සිංහල හාලේ බතුත් එක්ක එළවළු මැල්ලුම් තමයි වැඩිය කන්නෙ. වත්තෙ වැවෙන පලා ගෙඩි යහමින් තියෙනවා. ඔය ලැබුණ ම මාලු ටිකක් කනවා. නැත්නම් අපි ඔය මාංස කට තියන්නෙ නෑ."

මේ ප්‍රකාශය වනාහි මේ පොතේ සාරාංශයයි.'

කියල රුවන් දොස්තර මහත්තය කියනවා.

තව හිත් ඇදගන්න දේවල් (උදාහරණයක් හැටියට දිගුකල් ජීවත් වීම ගැන) මේකෙ තිබුණත් මම උපුටා ගැනීම මෙතනින් නවත්තනවා. මුළු පොතේම තියන අදහස් එකට ගත්තොත් තියන්නෙ දිව පාලනය කරගැනීම ගැන කතාවක්. ලැබුණොත් කියවල බලන්ට

ඔය වගේ කතා ඉතින් හැමෝටම දිරවයිද කියන්නත් බෑ.

Monday, July 11, 2011

සංගගෙ කතාව ගැන පොඩිම පොඩි ලියුමක්

සංගගෙ කතාව  කියෙවුවා. සමස්තයක් විදියට හොඳයි. පොඩි පොඩි අඩුපාඩු වුනත් නරක කතාවක් නෙවෙයි. ලකුණු 75ට(A එකක්) වඩා දෙන්න පුළුවං.




ආසනික් ගැන උනන්දු සී-නිවුස් නොබලන අයගේ දැනගැනීම උදෙසා

හන්තානෙ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමෙක් ආසනික් ගැන දීපු සාකච්ඡාවක් වැරදීමකින් වගේ දිවයින නොබලන මද්‍යස්තවාදී බුවාකොලුවට අහුවෙලා ඒකට උන්දැගෙ බ්ලොග් එකෙන් ප්‍රචාරයක් දීල තිබුණ තමුන්නැහෙලට මතකත් ඇති.

මේ ලියුම මම උපුටාගත්තෙ එවැනි මද්‍යස්තපොරවල් නොබලන සී-නිවුස් අඩවියෙං. හංගන්න දෙයක් නෑ වීරවංස මහත්තයගෙ සයිට් එක බව හැමෝම දන්නවා. ඊලඟට මේ ලියුම ලියන්නෙත් ඒ මහත්තයගෙ හිතවතෙක් වන ආසනික් තිබෙනවාය කියන අයගෙත් හිතවතෙක් වන වසන්ත බණ්ඩාර මහත්තය. උන්නැහෙගෙ පුරසන මද්‍යස්ත බ්ලොග්කාරයෙක් දාවිය කියල හිතන්න බැරි නිසා මම කල්පනා කලා ඒකට ඉඩක් දෙන්න ඕනය කියල.

ආසනික් ගැන මොකුත්ම ලියන්නත් බැරි වුණ නෙව. මෙතෙන්දිත් දැකපු දේ තමා මද්‍යස්තවාදී, සැබෑ දේශප්‍රේමී, මානවහිතවාදී විද්‍යාත්මක ක්‍රමවේදවාදී උදවිය ඔක්කොම ආසනික් ඇතැයි කියන අයට එරෙහිව එක පිලකට එකතු වීම. මේ උදවියගෙං ලියැවුනු එකම එක ලිපියක් විතරයි තරමක් වෙනස් මතයක් ලියල තිබුණෙ. මට වෙලාවකට හිතෙනවා දේසපාලන හතුරන්ට කෙල වෙනවා නං ආසනික් බිවුවත් කමක් නෑය කියල හිතන එවුනුත් අපේ රටේ ඉන්නවාදෝ කියල.

එක අතකට අපේ උන්ගෙ දේසපාලන ඇඟේ අමාරුවෙ හැටියට පුදුම වෙන්න දේකුත් නෑ. දැන් සමහර එවුන් මාරයකාරයත් එක්ක තියන මල පිටකරගන්නෙත් ආසනික් වලිං ගහල. එතනත් දේසපාලනේ තමා. මේ තියන්නෙ ලියුමට සබැඳිය.

Tuesday, July 5, 2011

යුද අපරාද විඩියෝ සාක්කි ගැන කතා 1

අපේ ශවේන්ද්‍ර මහත්තයගෙ වැඩේ ගැන ලියාපු ලියුමට බුවාකොලුව දාල තිබුණ ප්‍රතිචාරවගයක්. මට සිද්ද උණා ඒකට උත්තර වසයෙං අලුතෙං ලොග් එකක් ලියන්න. මොකද පිංතූර දාන්නෙ නැතුව අමාරුයි මේ කාරණේ මතු කරන්න.

මේක නං වෙනදට ලියන එව්වටත් වඩා මෙලෝම රහක් නැති එකක් වෙන්න තමා ඉඩ තියෙන්නෙ. මොකද තියෙන්නෙත් අර හතරෙ ඇලේ උන්ගෙ විඩියෝව ගැන. අනිත් පැත්තෙන් ඕක ගැන වැඩිය හොයන්න කාටවත් උනන්දුවක් ඇත්තෙත් නෑ කියන එකයි මගේ කල්පනාව. කොහොමිංහරි අපි යමු කොලූගෙ කොමෙන්ටුවලට.

/*
යුද්ධේ යන අස්සෙම චැනල් 4 එකට විඩියෝ හදන්නත් පුලුවන් වෙන්න කැලි රූපගත කරල තියල වගේ . ශා... මාරයිනේ
*/

කොලූ මාරයි නෙවෙයි එහෙම දේවල් කරා. පොඩ්ඩක් මතක් කරල බලනවා. ඔය චැනල් 4 එකේ එවුන් ටිකක් මාට්ටු වෙලා රටින් පිටුවහල් කරා .


ඒක පැත්තකින් තියමු . බුවා කොලුවට තේරුණේ නැතුව ඇති මං හිතන්නෙ මගේ තර්කය ප්‍රධාන වශයෙන් යොමු වුණේ රමේශ් කියන මිනිහගෙ මරණය ගැන. උං කියනවා රමේශ්කාරයා හමුදා අත් අඩංගුවෙදි මරලාය කියල. ඒවගේ ඇඟවෙන්න විඩියෝ එකක් පෙන්නනවා. නමුත් එතන ලංකාවෙ හමුදාව සම්බන්ධ කරන්න කිසිම සාධකයක් නෑ. මිනිහව වට කරගෙන ඉන්නෙ කොටි ටිකක් කියන එකයි මගෙ තර්කය උණේ.


ඊලඟට නිරුවතේ ප්‍රස්නය.
/*
මැරුවට පස්සේ උනත් ඇඳුම් ගලවන්නෙ මක්කටෙයි . යුධ නීතිවලට අනුව එහෙම කරන්නය කියල කොහෙවත් නැනේ . චැනල් 4 එක සාධාරණ ව මේවා ඉදිරිපත් කරනවාය කියල කව්ද කියන්නේ . උන් හැම තැනකම කියන්නේ "බව පේනවා " කියලනේ .
*/

මම කියන්නෙ මරල ඉවර වෙලා ඇඳුම් ගලවලා කියල නෙවෙයි. මැරිච්ච ගෑනියෙක්ගෙ ඇඳුම් ගලෝල විඩියෝ එකක් ගන්න පුළුවන් කාම අපරාධයක් ගැන සාක්කියක් හැටියට . ඒකයි මම කියන්නෙ තමං බලන කෝණය අනුවයි යම්කිසි සිද්දියක් අපි ගොඩනගා ගන්නෙ. බුවාකොලුව හිතනවා යුද අපරාද වල සාක්කි තමයි මේ විඩියෝවල තියන්නෙ කියල. එහෙම හිතාගෙන බලනකොට පේන්නෙ ඒ විදියට. නමුත් මේව යුද අපරාද ගැන සාක්කි විදියට හදාගත්තු ඒව ඒ නිසා මේ ගැන වෙනත් පැහැදිලි කිරීමක් තියෙන්න පුළුවංය කියලයි මම බලන්නෙ.

ඊලඟට ඊලාම් නිවේදිකාව. ඔන්න ඒ ගෑනි ගාව ඉන්න අනිත් මිනිස්සු හමුදාවෙ අයයි කියල (ඉසිප්‍රියාගෙය කියන මළකඳ ගාව ඉන්නෙ කවුද කියල විඩියෝවෙං පේන්නෙ නෑ) වගේ පෙන්නන්න පුළුවං වුණා නම් තව සැකකරන්නවත් තිබුණා. නමුත් C4 කාරයෝ ඒක බොහොම හැඟීම්බර විදියට දානවා. තියන්නෙ නිරුවත් මළකඳයි නිවේදකයගෙ කටින් කරන අපරාධයයි විතරයි. ඒකයි මම කියන්නෙ බැලූ බැල්මට සාක්කි වගේ පෙනුනාට මේව සාක්කි විදියට ගන්න අතින් විසාල ප්‍රමාණයක් දාගන්න ඕන කියල .

/* උන කටහඬක් ඉදිරිපත් කරනවනේ සිවිල් වැසියනුත් දූෂණය කලා කියල . ඊට පස්සේ ඒ අනුව උන් අතටත් සිද්ධිය අමුනනව .
*/
එක විඩියෝ එකත් එක්ක අමුනන්න බෑ. මොකද විඩියෝ එකේ ඉන්න කවුරුත් එයා අඳුරන්නෙත් නෑ . නිකන් කට හඬකින් කිව්වට වැඩක් නෑනෙ. ඒ කෙනාගෙ සාක්කිය දෙන්න උසාවි යන්න එපායැ. කොලුව හිතන විදියට නෙවෙයි විඩියෝ එක වැදගත් වෙන්නෙ. විඩියෝ ඇවිල්ල දෙවෙනි පෙළ (උපකාරක ) කතා. නමුත් ඒකට තමා වැඩි බරක් පචාරයෙදි ලැබෙන්නෙ. මොකද ඒකෙන් නොදන්න මිනිස්සුන්ගෙ ලේ කෝප කරවන්න පුළුවං .  

මොන බයිලාව කිවුවත් මිනිස්සු මේව පිළිබඳව නිගමනය කරන්නෙ තර්ක බුද්දිය දාල නෙවෙයි හැඟීමට . (සුද්දංගෙ රටවල්වලත් ඇතුලුව එහෙමයි )

/*
මැරුවට පස්සේ ඇඳුම් ගලවන්න සාධාරණ හේතුවක් තියනවානම් හරි, නැත්නම් ඉතින් උන්ගේ තර්කයට පදනමක් ලැබෙනව . කාන්තාවන් දූෂණය කලාමයි කියල වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු නොකරාට යුධ අපරාදයක් ඔප්පු කරගන්න ඕවා භාවිතා කොර්න්න පුලුවන් . මොකද මම දන්න තරමින් මරන්න කලින් වත් මැරුවට පස්සෙවත් සතුරන්ගෙ ඇඳුම් ගැලවීමේ අයිත්යක් නැ
*/

මම බැලුවා දෙමළනෙට් අඩවියට ගිහිල්ල ඒ දවස්වල කොටි මරාදාපු අපේ හමුදාවෙ අයගෙ පිංතූර දාපුව තියනවා. ඇඳුං ගැලවිලා තියෙන්නෙ කොටි කෙල්ලංගෙ විතරද කියල බලන්නයි මට ඕන වුණේ.



---------------------
----------------------------
ඔතන උඩින් තියන රූප දෙක දෙමළනෙට් අඩවියෙං ගත්තුවා. පහලිං තියන්නෙ විඩියෝ එකෙන් ගත්තු එකක්.
මං හිතනවා පිරිමි අයගෙ ඇඳුම් ගලවලා තියන්නෙ ලිංගික අතවර කරන්න නොවේය කියල . කොලුවගෙ ප්‍රස්න සැට් එක මෙතෙන්ටත් අදාලයි. එක්කො මේ අයව අත් අඩංගුවේදි ඝාතනය කරල සහ ඊට කලින් අතවර කරල වෙන්න ඕන. එහෙමත් නැත්තන් මැරිච්ච අයගෙ ඇඳුම් මොකක් හරි හේතුවකට ගලවලා. ආයිත් කොලුවගෙ ප්‍රශ්න මම උපුටා දක්වනවා.

"මැරුවට පස්සේ උනත් ඇඳුම් ගලවන්නෙ මක්කටෙයි . යුධ නීතිවලට අනුව එහෙම කරන්නය කියල කොහෙවත් නැනේ"
මැරුවට පස්සේ ඇඳුම් ගලවන්න සාධාරණ හේතුවක් තියනවානම් හරි, නැත්නම් ඉතින් උන්ගේ තර්කයට පදනමක් ලැබෙනව

ඒ කියන්නෙ මේ පිරිමි උදවියටත් කාම අපරාධ කරල කියලද? හැබැයි බුවෝ ඔය කොලුකාරයො කියන එව්වො දැං වැඩිවෙලාය කියල සමහරු කියනවා. පොරබාකොරංකාරයත් අන්තිමට හිටියෙ අමුඩ කෙටිය පිටිං උන්දැටත් ඇ__ලද ඔය අසමජ්ජාතියො? අනෙ අම්මප!

මොකද මම දන්න තරමින් මරන්න කලින් වත් මැරුවට පස්සෙවත් සතුරන්ගෙ ඇඳුම් ගැලවීමේ අයිත්යක් නැ

ඒක නම් යුද නීතිය කැඩීමක්ද කියල මම දන්නෙ නෑ. හැබැයි මම එකක් හොඳටම දන්නවා මුංගෙ චෝදනාව නං මැරිච්ච එවුන් නිරුවත් කලාය කියන එක නෙවෙයි. ගෑණුංගෙ ඇඳුම් ගලෝල නිසා අතවර වෙලා කියල කියනවා නම් පිරිමින්ගෙත් ගලෝල තියන්නෙ අතවරේට ලක් කරන්න වෙන්න ඕන. එහෙම නැත්නම් ඇඳුං ගලවන්න හෝ ගැලවෙන්න තවත් හේතු තියෙන්න පුළුවං

ඔය ඇරුණාම තියනවා විඩියෝ විස්ලේසණයෙං ලැබුණාය කියන සාක්කි. ඒ ගැනත් කාරණයක් දෙකක් කියන්න තියනවා. බලමු.

Tuesday, June 28, 2011

ශවේන්ද්‍ර සිල්වා රාජවිලාසිතාවට වැඩේ දෙයි

සුද්දංගෙ චැනල් 4 වාහිනියෙං ලඟදි එලියට දාපු චිත්තරපටිය ගැන පහුගිය දවස් ටිකේ ලොකු හාහූවක් තිබුණ. මේ අලුත් චිත්තරපටිය මං හිතන්නෙ කලිංවතාවල එලියට දාපු හැම එකටම වඩා දිග මිනිත්තු 50ක විතර එකක්. එව්වයෙ තිබිච්චි කෑලිත් එකතු කරගෙන මේක හදාපු බවයි දැනගන්න තියන්නෙ.

-----------------------------------------------------------------------------------------------


-----------------------------------------------------------------------------------------------

අපේ ප්‍රබුද්ධ, මධ්‍යස්ත, උගත් බුද්දිමත් බ්ලොග් ලියන්නො/ලියන්නියො එහෙමත් මේක ගැන තමංගෙ අදහස් උදහස් දක්වලා තිබුණා. එව්වයිං වැදගත් කියල හිතිච්ච එකක් දිහා පොඩ්ඩක් බලන්න මම කල්පනා කළා.

ඒ තමා ජාත්‍යන්තරේ ගැන ජඹුර අදහස් පළකරන (අපිටත් ප්‍රතිචාර වලිං සහයෝගය දෙන) බුවා කොලුවගෙ විග්‍රහය. කොලුව මෙතෙන්දි වැදගත් කාරණාවක් කියල තිබුණ. ඒ කියන්නෙ අර කිමුන් ආතගෙ වාර්තාවයි C-4 විඩියෝ එකයි බද්ධවෙලාය කියන එක. හැබෑ නේන්නං ඇත්තටම පළවෙනි එකට සාක්කි විදියට තමා දෙවෙනි එක හදල තියන්නෙ. එතන තියෙන්නෙ බරපතල් බද්ධවිල්ලක්.(ඕකට ඉංගිරිස් ආණ්ඩුව, යැංකි ආණ්ඩුව වගේ සාධකත් බද්ධවෙලා තියනවාද කියල හොයල බලන්න වටිනවා!) පලවෙනි එකෙන් යුද අපරාද ගැන සාක්කි හොයන්න ඕන කියන කොට දෙවෙනි එක දාල කියනවා මෙන්න සාක්කි කියල.

ඊලඟට කොලූ කියන්නෙ මේ විඩියෝ ගැන එක්කො ආණ්ඩුව විමර්ශනේකට යන්න ඕන නැත්නම් ඒක බොරු කියල ඔප්පු කරන්න ඕනාය කියල. තවම ලංකාව යටත්විජිතයක් කියල හිතාන ඉන්න ඉංගිරිස් ආණ්ඩුව වගේ නොවී මෙතෙන්දි කොලූ ලංකාවෙ ආණ්ඩුවට අඩු තරමෙ විකල්ප දෙකක් දෙන එක ගැන මගේ ඉස්තුතිය පිළිගන්වන්න ඕන!

ආණ්ඩුව රාජතාන්තිරික නොවීම ගැනත් චෝදනාවක් එල්ල වෙනවා. රාජතාන්තිරික වෙනවනම් කරන්න ඕන කොහොමද කියන එකත් රාජ ඉස්ටයිල් දන්න මහ දැනමුත්තො ඔය අතරෙම ලිවුවා නම් තමා හොඳ. අපි වගේ නොදන්න බයියන්ටත් දැනගන්න. දැනට මං කියෝල අහල කරල තියන විදියට උපවාස,උද්ඝෝෂණ, විරෝධතා කිරීම, අනවසරයෙන් ඇතුල්වීම රාජතාන්තිරික වැඩ නොවෙයි. මට පොඩි සැකයක් තියෙනවා ශවේන්ද්‍ර මහත්තයගෙ බලෙන් කඩාපැනීමත් ඒ ගොඩටම වැටුනාදෝ කියල. එහෙම වුණානම් ඉතින් ඒ උත්සාහය ඔක්කොම වතුරෙ නෙව? මොකද ලංකාවෙ බොහො දෙනා හිතනවා ශවේන්ද්‍ර මහත්තයගෙ මැදිහත්වීමෙන් C-4 විඩියෝ එකට හරි පිළිතුර ලැබුණාය කියල. වැරදිලාවත් රාජ්‍යතාන්ත්‍රික නොවීම නිසා ඒ වැඩේ ගඟට කපාපු ඉනි වගේ උණා නම් වස වැරැද්දයි නේ. මේක හරියට කියන්න පුළුවන් අපේ රාජ්‍යතාන්ත්‍රික විසේසඥ බ්ලොග්කාරයංටම තමයි.

කොහොමහරි යැංකින්ගෙ රටේදි ඇන්ජීඕ සංවිදාන වලිං පවත්වාපු චිත්තර පටි දැක්මට බලෙන් ඇතුල් වෙලා ශවේන්ද්‍ර සිල්වා මහත්තය ඒ කෙහෙල්මලේ තිබුණ බොරුව එලිදරවු කරාපු බව අපිට දැනගන්න ලැබුණ. උන්නැහෙට අපේ ආචාරය පුදකරන්න ඕන මේ විදියට බය නැතුව වැඩ කිරීම ගැන. 58 වෙනි සේනාංකය අරං ගිහින් වන්නි මෙහෙයුමේ ලොකු වැඩකොටසක් කරාපු මහත්තයෙක්. මෙතෙන්දි පෙනුන දේ තමයි උන්නැහෙගෙ කතාවෙන් ඔප්පු වෙනවා මේ විඩියෝ චිත්තර පටියෙන් වැඩිහරියක් හිතාමතා කරුණු විකෘති කරල ලංකාවට මඩගහන්න හදාපු එකක් බව. ඒ කරුණ එතන හිටපු රාජතාන්තිරික, ඇඟෙන් දේසපාලනේ නොකරන (මොලෙං කරනවා කියල කියන) උදවියට ඒත්තු ගැන්වුන බවයි අහන්න ලැබුණෙ.

දැන් පුරස්නෙ තියන්නෙ හිතාමතා බොරුකීමට හදාපු විඩියෝ පටියක් අර රාජතාන්තිරික බාවයෙන් යුතු තර්ක බුද්දිය එහෙම ඇති උදවිය පිළිගනීවිද කියන කාරණේ. මට හිතෙන්නෙ නම් ශවේන්ද්‍ර මහත්තයගෙ කරුණු දැක්වීමෙන් අනතුරුව ඒ විදියට පිළිගන්න බෑ. අපිට වැරදුනාවත්ද දන්නෙ නෑ නෙ. කොයි එකටත් විසේසඥ මතය අහන එක හොඳ නෙව. මේ රාජතාන්තිරික උදවිය කටයුතු කරන අපිට නොතේරෙන විදිය ගැන බුවා කොලුව, W3 සයිඩර් මාමා, පාපිසි මහත්තය හෝ වෙනත් දැනුං තේරුං තියන උදවිය වෙනම ලිපියකින් හරි කෙටි පැහැදිලි කිරීමක් කරන්න කියල මං ඉල්ල හිටින්නෙ ඒකයි. (අඩු තරමෙ ශවේන්ද්‍ර මහත්තය කරපු වැඩේ රාජතාන්ත්‍රිකද නැත්ද කියන එකවත්)

ඩිප්ලෝමැටික්ස් පොරවල් සහ පොරියවල් තර්ක බුද්දියම පාවිච්චි කරනවාද? එහෙම නැත්නම් ඉඳහිට වත් හැඟීමට වහල් වෙලා තීන්දු ගන්නවාද? නැත්නම් ඒක වෙන වෙන දේවල් මත රඳා පවතිනවාද? කියන කාරණා පොඩ්ඩ්ක් පැහැදිලි මදි. එහෙමත් නැත්නම් ශවේන්ද්‍ර මහත්තයට තියන බව පේන තරම් තර්ක බුද්දිය ඒ උදවියට නැතුවා කියල හිතන්න ටිකක් අමාරුයි. බුද්දිය රටෙං රටට විචලනය වෙනවාද කියන්නත් බෑ. යැංකිංගෙ රටේ මොකක්හරි අවුලක් නිසා එහෙම වෙනවාද වගේ එව්ව නම් සපිරෝ නෝනෙගෙන් ඇහුවත් කියාවි. කොහොම වෙතත් තර්ක බුද්දිය පාවිච්චි කොරනවානං ආයිත් C-4 විඩියෝ එක සාක්කියක් වෙන්න හැටියක් නෑ. මොකද ඒකෙ විසාල වසයෙං මුසාවාද තිබීමෙන් අපක්ෂපාතී බවට කෙලවෙලා යනවා. ඒ වගේ එව්ව සාක්කි විදියට උසාවියකට දැම්මොත් නොමග ඇරියාය කියල හිරේ යන්න වෙනවා.

හැඟීමට වහල්වෙනවා කියල ගත්තොත් නම් ඒක ඊනියා රාජතාන්තිරික බාවයට ගැලපෙනවාද කියන කාරණේ පුරස්නයක් විදියට ඉතුරු වෙනවා. එහෙම නැත්නම් සමහරක් තැන්වලදි විතරක් තර්ක බුද්දිය දානවා නං ඒ තැං හොයාගන්නෙ මොන විදියටද කියල පෙන්නල දෙන්න වෙනවා. විරෝධතා උද්ඝෝෂණ වලදි ඉස්සරහට එන්නෙ හැඟීම කියන එක ගැන මං හිතන්නෙ වාදයක් නෑ. අනේ රාජතාන්තිරික අපබ්‍රංස අපිට තේරෙන්නෙ නැති හැටිද මන්දා.

ප.ලි:
තව පොඩ්ඩෙං මග ඇරෙනවා වැදගත් කාරණයක්. ශවේන්ද්‍ර මහත්තය ඉන්න රූපරාමු තියෙනවාලු අර ඉලවුවෙ. ඒ මදිවාට ඒකෙ ඉහල නිලධාරියෙකුට ඉන්නෙත් ඒ මහත්තය විතරයි කියනවා ගෝඨාභය මහත්තයයි මහින්ද මහත්තයයි ඇරුණාම. අනිත් හැමෝම ඉහල නිලධාරියො ඇරල ශවේන්ද්‍ර මහත්තයවම තමයි මේකටත් තෝරගෙන තියෙන්නෙ. ඔන්න එතකොටම මගේ මතකයා කෑගහනවා ෆොනී මහත්තයගෙ සුදුකොඩි කතාව කියල. ඒ කතාවෙත් ශවේන්ද්‍ර මහත්තයගෙ නම තියනවා. (ශවේන්ද්‍ර මහත්තය වගේම ඉස්සර ගෝඨාභය මහත්තයත් ගජබා රෙජිමේන්තුවෙ කියල එකක් මට ඇහිල තියනවා ඇත්තද මන්දා) මේ කතන්දර ඔක්කොම එකට බද්ධ වෙවී බද්ධ වෙවී යන විදියෙත් හරිම කාලකණ්ණි ගතියක් තියෙනවා නොවැ. හ්ම්හ්!

Wednesday, June 15, 2011

මිහිඳු මහරහතන්වහන්සේ ඉන්දියන් කිරීමට හැකිද? (2)

මේ ලියුම කලින්ම දාල තියන්නෙ පොසොන් පෝය දාට එලිදැක්වෙන්න. කියන්න බෑ නෙව එතකන් පණ තියේවිය කියල! අපේ බුදුහාමුදුරුවො ශ්‍රාවකයන්ට කිව්වෙ ජීවිතේ කොයි මොහොතෙ කෙලවර වෙයිද කියන්න බෑ. ඒ නිසා නිතර මරණය මෙනෙහි කරන්න කියලයි.

මිහිඳු හාමුදුරුවෝ ඉන්දියන් නොවේය කියල කලිං ලිපියක කියාපු කතාව සමහර කෙනෙකුට විකාරයක් වගේ පේනවා ඇති. මේ කාරණේ වැදගත් නිසා තව ටිකක් විස්තර ඇතුව බලමු.

මෙතනදි කවුරුත් අහල තියෙන දේ තමා අතීතයෙ දඹදිව කියා හැඳින්වුවෙ අද ඉන්දියාව කියා හඳුන්වන භූමිය කියන එක. කොහොම උණත් දඹදිව ඉන්දියාවටත් වඩා විසාල ප්‍රදේශයක් කියන එක තමා සමහර පොතපත බැලුවාම හිතන්න වෙන්නෙ.

කොහොමිං හරි කාරණේ පැහැදිලිවෙන්න අපි පොඩි උපමාවක් ගනිමු. ඔන්න අපේ අල්ලපු ගෙදර ඉන්නවා පවුලක් පෙරේරා කියන වාසගම තියෙන. පෙරේර ජෝඩුව වයසයි (වල පයයි ගොඩ පයයි කියල කතාවට කියන්නෙ) පවුලෙ බාල දරුව ඇර අනිත් එවුන් බැඳල වෙං වෙලා ගිහින්ය කියමුකො. ඉතින් අපේ ගෙදර උදවිය ඒ ගෙදර හඳුන්වන්නෙ පෙරේර මහත්තයලගෙ ගෙදර කියල වත්ත පෙරේර මහත්තයගෙ වත්ත කියල. මේ පවුලෙ බාල දරුව පවුලෙ අනිත් අයවගේ නෙවෙයි ටිකක් මරුමුස් නාස්තිකාර එකෙක්. මිනිහා ගෙදරිනුත් අකමැති කසාදයක් එහෙම බැඳගන්නවාය කියල කියමු.

ඔහොම ඉන්නකොට පෙරේර ජෝඩුව මිය යනවාය කියල හිතමුකෝ. දැං පොඩි පෙරේරා කරන වැඩේ තමංගෙ ගේ තියෙන ඉඩමෙං කෑලි කීපයක් සල්ලි උවමනාවකට විකුණල දාන එක. ඉතිං දැං ඉස්සර පෙරේර මහත්තයගෙ වත්ත කියල හඳුන්වාපු කොටස් ඔක්කොම එහෙම හඳුන්වන්න බෑ. මොකද එව්වයිං කොටස් වෙන වෙන උදවියටත් අයිති වෙලා තියෙන හින්දා. පාලනේ වෙනස් වෙලා ගිහිං.

දැන් ඉන්දියාවයි දඹදිවයි ගත්තාමත් එකයි කියල ගත්තට දේසපාලනේ වගේ ගත්තාම විසාල වෙනසක් තියෙන "රටවල්" දෙකක්.

පැරණි කාලෙ දඹදිව තිබුණාය කියන්නෙ සොළොස් මහ ජනපද.



වැදගත් කාරණේ පැරණි කාලෙ මේව ඔක්කොම එක රටක් නොවෙයි. වෙන වෙන දේසපාලන ඒකක. වෙන වෙන පාලකයො වගේම සමහර පාලන ක්‍රම උණත් වෙනස්. මීලඟට අශෝක අධිරාජයගෙ කාලෙ වෙද්දි මේව ඔක්කොම තමංගෙ අණසකට යටත් කරගන්න මෞර්ය පෙළපතට හැකිවුණා. හැබැයි එයිං පස්සෙ නැවතත් ඒක කැඩිල ගියා. ඔය විදියට එක එක පෙළපත් වල උදවිය තමංගෙ බලය පතුරවපු කාල "ඉන්දියන්" ඉතිහාසෙ තියෙනවා. මේව ඔක්කොම අද හඳුන්වන්නෙ ඉන්දියන් ඉතිහාසය හැටියට තමයි (ඔය උඩ තියෙන රූපෙත් තියෙන්නෙ ඒ විදියට). එහෙම උණාට එතනදි කෙරෙන්නෙ අද තියෙන ඉන්දියාව අතීතයට ආරෝපණය කිරීමෙන් යංකිසි විදියට සාමාන්‍යකරණයක් කිරීම.


සුද්දො තමංගෙ පාලනය අරගෙන ගියේ ඉන්දියාවයි පකිස්තානෙයි බංගලිදේසෙයි තවත් කොටස් ගණනාවකුයි ඉන්දියාව කියන තනි ඒකකයක් විදියට අරගෙන. ඔය උඩ තියන රූපෙ ඒ තනි "රට" පෙන්නුං කරනවා. දැං කවුරුවත් කියන්නෙ නෑ මිහිඳු හාමුදුරුවො බ්‍රිතානි-ඉන්දියාවෙන් ආවය කියල මොකද කියනවානම් ඒක කෙටිකාලීනව පැවතිච්චි දෙයක් කියල හිතනවා. නමුත් ලේසියෙංම වරදවා ගන්නවා උන්වහන්සෙ ඉන්දියාවෙං ආපු ඉන්දියානුවෙක්ය කියල. නමුත් අර ගාථාවෙන් උන්වහන්සෙම කියන්නෙත් දඹදිව ඉඳන් ආවය කියලයි. ඉන්දියන් ජාතිකත්වයක් නොතිබිච්චි කාලයක් සම්බන්ධයෙන් උන්වහන්සෙ ඉන්දියානුවෙක් විදියට ගැනීම හරි මදි බවයි පේන්නෙ. 

අද වෙනකොට ඉන්දියානු ජාතිකත්වයක් තියෙනවා නෙව. ඉන්දියානුවො අශෝක අධිරාජයා ගැන ගොඩක් ලොකුවට හිතන හේතුවත් සුද්දන්ගෙ ඉන්දියාවට බොහොම කිට්ටුවෙන් ගිය රටක් හදාගන්න හැකි වුණේ එතුමාට නිසාය කියන එකයි මගේ කල්පනාව. අනෙකුත් පෙළපත්වල උදවිය වෙනස් වෙනස් කොටස් වල බලය පතුරුව ගත්තා. ලංකාවත් එක්ක ඕක සංසංදනය කරල බලන්න පුළුවන්. තනි දූපතක් වගේම ඉන්දියාව තරං විසාල රටක් නොවෙච්චි ලංකාව ඉතිහාසෙ වැඩි වසයෙං පාලනේ උණේ තනි රටක් විදියට. 

අනිත් පැත්තෙන් ගත්තාම ඒ කාලෙ දඹදිව බලවත්ව තිබිච්චි බුද්ධ සාසනෙත් අද වෙනකොට නැතිගානයි. අද ලංකාවට බුද්ධාගමට වැදගත් තැනක් නැති ඉන්දියාව ආගන්තුකයි. මේ තත්වය පැරණි මගධයත් එක්ක නැත්නම් අවසාන කාලෙ දකුණට වෙන්න තිබුණු පළාත් එක්ක උණත් සසඳල බැලුවාම වෙනස පේනවා. අපි "ඉන්දියාව" දිහා බලන්නෙ අපේ පැත්තෙං එතකොට අපත් සමග සබඳකම් තිබුණු දඹදිව අද තියෙන ඉන්දියාවෙන් හත්පසිං වෙනස් කියන එකයි පේන්න තියෙන කාරණේ. අද වෙනකොට තියෙන්නෙ බෞද්ධ සංස්කෘතියට තැනක් නැති හින්දු සංස්කෘතිය බලවත් වෙච්චි ඉන්දියාවක්. අර සමහර නූතනවාදීන් අතින් තොරොම්බල් කෙරෙන මුම්බායිකරණය ඒකත් එක්ක අත්වැල් බැඳගෙන යන බව පේනවා.

දැං ආයෙත් පෙරේරලගෙ කතාවට ආවොත් එහෙම මේ මනුස්සයාගෙ ගෙදර වලි. අහල පහල ගෙවල් එක්කත් හොඳ මදි. බීගෙන ඇවිත් ගෙදර රණ්ඩු සරුවල් කරගන්නවා. මහ රෑට බජවු දාගෙන නින්දත් නැති කොරනවා කියල හිතන්න. ඉතින් ඔහොම යනකොට මේ ගෙදරට මිනිස්සු කියනවා "යකා ගෙදර" කියල. ගේ "පෙරේර මහත්තයලගෙ ගෙදර" උණාට මොකද දැන් ඒකට එහෙම කියන්නෙ නෑ.

මං කියන්නෙ නෑ ඉන්දියන් කාරයො කියන්නෙ යක්කුය කියල. නමුත් ඉන්දියානුවෙක් කිව්වාම මගෙ හිතට එන ප්‍රතිරූපය මිහිඳු හමුදුරුවන්ට යොදන එක හරිම අපහසුයි. හරියට නිකන් අර "යකාට" පෙරේර මහත්තය කියන්න බැරුවා වගේ. ප්‍රාථමික පංතිවල හිටපු කාලෙත් ඔය පුරස්නෙ මගෙ හිතේ නොතිබුණා නෙවෙයි. එහෙම හිතෙන්න මෑත ඉතිහාසයත් බලපාන් ඇති.

Saturday, May 28, 2011

දේශප්‍රේමියෝ සහ දේශද්‍රෝහියෝ

දේශප්‍රේමියා සහ දේශද්‍රෝහියා වගේ වචන මෑතකාලෙ දේසපාලනේදි හරි හරියට අහන්න ලැබෙනවා නෙව.

මහින්ද මහත්තයා එක සැරයක් කතාවකදි කිව්වා අද දේශප්‍රේමියා හෙට දේශද්‍රෝහියෙකු වෙන්න පුළුවන්ය කියල. ඒ කතාව නම් ඇත්ත. එතෙන්දි උන්නැහෙ ඇඟෙවුවෙ ෆොනී මහත්තයාව වෙන්ට ඕන. උන්නැහේ ඒ කාරණේ මොන විදියෙං හිතල කිව්වත් මට මෙතෙන්දි ඕන කරන්නෙ ඒ ගැන පොඩි හාර අවුස්ස බැලීමක් කොරන්ට.

දේශප්‍රේමය කියන වචනේ ගත්තාම ඒකෙ කෑලි දෙකක් තියෙනවා නෙව. එකක් තමා දේශය. අනික ප්‍රේමය. දේශය කියන එක ටිකකට පැත්තකින් තියල පුරස්නෙ දිහා බැලුවොතිං අපිට පේන දේ තමා ප්‍රේමය කියන එකත් යංකිසි විදියක මානසික ධර්මතාවයක්. ආයතන හයෙන් මනසට ගෝචර වන යමක් තමා ප්‍රේමය. ලෝකය පංචේන්ද්‍රියන්ගෙන්ම දැනගන්ට ඕනාය කියල එකක් අපිට නෑ නෙව. අපේ සම්ප්‍රදායෙ මනස හරි වැදගත්.

එතකොට ප්‍රේමය කියන එකත් යම් කිසි විදියක බැඳීමක්. තමංගෙ රට, ජාතිය සහ සිංහලයන්ට නම් බුද්ධ සාසනෙත් ඇතුලුව තියෙන මේ දේවල් කෙරෙහි යංකිසි විදියක ඇලීමක් සහ බැඳීමක් තියෙනවා නම් ඒක තමයි සම්ප්‍රදායේ එන දේශප්‍රේමය. සමහරු තමංගෙ දරුවන්ට දේශප්‍රිය වගේ නමුත් දානවා නෙව. හැබැයි එහෙම දාපු පලියටමත් කෙනෙක් දේශයට ප්‍රිය වෙන්නෙ නෑ.

ඉතින් සමහරක් උදවිය නගන පුරස්නයක් තමා දේශප්‍රේමය තෘෂ්ණාවක් නොවේද කියන එක. ඒක ගැන ලොකුවට තර්ක කරන්ට පුළුවං තමයි. පුහුදුන් මිනිහෙක් ගත්තාම තියෙන ලොකුම පුරස්නේ මේ ඇලීම. ඉතිං කිසිම ඇලීමක් නැති ආශ්‍රවයන් ක්ෂය වූ රහතන්වහන්සේලාගේ චරිතාපදාන අපි අහල තියෙනවා නෙව. උන්වහන්සේලා මන්දෝත්සාහී හුදෙකලා චරිත නොවෙයි කියන එකයි අපිට පේන්න තියෙන්නෙ. අඩුතරමිං බුද්ධසාසනේ ආරක්ෂාව වෙනුවෙන් උන්වහන්සේලා කටයුතු කළා.

ඒ නිසා සාසනේ නගාසිටුවන්න සහ ඒකට උපකාර වන විදියට රට ජාතිය නගාසිටුවන්න යමෙක් කටයුතු කරනවා නම් ඒක නරක වැඩක්ය කියල බැහැර කරන්න අපි කුහක වෙන්න නරකයි. අනිත් පැත්තෙන් බැලුවාම මේ ප්‍රශ්න නගන බොහෝ දෙනා මමත්වය දුරු කරගත්තු වාද ඉවතලාපු ආධ්‍යාත්මික පරමාදර්ශ නොවෙයි. ඉතින් ඒ උදවියටත් නොයෙක් නොයෙක් විදියෙ ඇලීම් බැඳීම තියෙනවා. මගේ අදහස නම් ආත්මප්‍රේමය තරම් බලවත් ඇලීමක් නෙවෙයි දේශප්‍රේමය. අනිත් පැත්තෙන් සමූහයක් වෙනුවෙන් යම් කිසි කැප කිරීමක් කරන්න පුළුවන් වෙන්නෙ මමත්වයත් සෑහෙන්න අඩු කරගත්ත මිනිහෙකුට. එහෙම තියෙද්දි කෝ ඔයගොල්ලො අපි වගේ නෙවෙයි ඇලිලා නේ ගැලවෙන්න කෝ කියල බයිලා දෙසා බාන එක නම් මෝඩ වැඩක්ය කියන එකයි අපට කියන්න තියෙන්න.

හොඳයි ආයෙත් එමුකො කලින් කතාවට. දැන් ප්‍රේමය කියන එක මානසික ධර්මයක් කියල ගත්තාම අපිට ධර්මයේ ආලෝකයෙන් පේන දේ තමයි මේකත් ලෝක ධර්මයට යටත් එකක්ය කියන කාරණාව. ඒ කියන්නේ මේවත් වෙනස් වෙන දේවල් තමයි. මිනිස්සු ගත්තාම යම්කිසි කරුණක් සම්බන්ධයෙන් එකම මතය හැමදාමත් දරන්නෙ නෑ. රට ගැන තියෙන හැඟීම කලින් කලට වෙනස් වෙන්න පුළුවන්. පිහිටල තියෙන පදනම දුර්වල නම් ලේසියෙන් වෙනස් වෙන්න පුළුවන්.

මේ කාරණා නිසා කෙනෙක් රට සම්බන්ධයෙං ගත්තාම ඉන්නෙ කොතනද කියන එක වෙනස් වෙනවා.දැන් කවුරුහරි කියන්න පුළුවන් මේ සංකල්ප වලින් වැඩක් නෑය මොකද හරියට අර්ථයක් දෙන්න බෑ කියල. ඒකට නං මං දෙන්නෙ සරල පිළිතුරක්. පිළිතුරක් කිව්වට මේක පුරස්නයක්. ප්‍රේමය, වෛරය වගේ එව්වත් අර්ථදක්වන්න පුළුවන්ද? බැරි නම් එව්ව නැත්ද? යමක් වාක්‍ය කීපෙකින් අර්ථදක්වන්න නුපුළුවං වීම නැති බවට සාක්ෂියක් නෙවෙයි.

දැං ෆොනී මහත්තයා ගත්තාම උන්නැහෙ ද්‍රෝහියෙක් බවට පත්වෙන්නෙ කොහොමද කියන එක හුදෙක් ආණ්ඩු විරෝධියෙක් වීමෙං නිගමනය වෙන්නේ නෑ.  උන්නැහෙ ආණ්ඩුවෙන් ඉවත් වෙලා ගිහිං අත්වැල් අල්ලගත්තෙ දේශද්‍රෝහී ලේබලය හොඳට ඇණ දාලා අල්ලගෙන හිටපු පිරිසක් එක්ක. උන්නැහෙ සුදු කොඩි කතාව වගේ එව්ව කීමෙන් පස්සෙ ඉතුරු වෙලා තිබුණ යං කිසි ගරුනම්බුවක් තිබුණා නම් ඒකත් නැති වුණා.

එහෙම වෙනකොට මහින්ද මහත්තයව බලයට ගේන්න වැඩකරපු දේශප්‍රේමී බලවේග විසින් මතවාදී රාමුවක් ඇතුලෙ තමයි ඒ ඒ පුද්ගලයාගේ තැන කුමක්ද කියල නිගමනය කරන්නෙ. මේකෙන් අදහස් වෙන්නෙ නෑ මහින්ද මහත්තය සර්ව සම්පූර්ණ දේශප්‍රේමී ප්‍රති මූර්තියක්ය කියල. නමුත් ෆොනී මහත්තයා හිතුවෙ නෑ මෙතෙන්දි දේශප්‍රේමී බලවේග දිනාගෙන මිසක් දේශප්‍රේමියෙක් විදියට කරලියට එන්න අමාරුය කියන කාරණේ. ඒ නිසා කිරි කළයක් දොවල ගොම බිංදුවක් එකතු කළා වගේ උන්නැහෙගෙ දේශප්‍රේමය විනාස වෙලා ගියා.

ඒ නිසා දේශප්‍රේමී වෙන එකත් ලේසි නෑ. ක්‍රමේකට යන්න ඕනා. හදිස්සියට කරන්න බෑ.