ඒ මහත්තය හදවතට සම්බන්ධ ලෙඩ - ඒ කියන්නෙ හිතේ ලෙඩ නෙවෙයි පපුවෙ අමාරු - වලට ප්‍රතිකාර කරන බටහිර විශේෂඥ දොස්තර මහත්තයෙක්. පොත ලියල තිබුණෙම හදවත් රෝග වගේ ලෙඩවලිං වැලකෙන විදියට කන්නෙ බොන්නෙ කොහොමද කියන කාරණේ පෙන්නුම් කරන්නයි. අද කාලෙ කන බොන එක උණත් කිසි පිළිවෙලක් නැතුව කරන තරග දිවිල්ලක නොවැ රටම යෙදිල ඉන්නෙ. ඒ මදිවාට ආසනික් කතාවෙ වගේ බෙහෙත් ගහල හදන කෑම වර්ග.
හරි ඒ කතා පැත්තකින්
තියමුකො. අපිට
ගැලපෙන ආහාර රටාවක් හදාගන්න
ඕනය කියල අදහසක් බ්ලොග්
ලියන වෙදමහත්තයත්
ලියල තිබුණ.
ඒකත් එක්ක මේකෙ
තියෙන කාරණේ ගැලපෙන බවත්
පේනවා. ඒ හින්දා පොතේ පෙරවදනෙ තියෙන කොටසකුයි
තව පොතේ සාරංශය කියන කොටසයි මං උපුටල දක්වන්න කල්පනා කළා.
"පෝෂණවේදය
පිළිබඳ ඇතැම් සිද්ධාන්ත,
ඒ ඒ විශේෂඥයන්
විසින් පවා ඒකමතිකත්වයෙන්
පිළිගනු නොලැබේ.
එ බැවින් මෙහි
පැවැසුණු ඇතැම් උපදේශ ඇතැමුනට
නොරිසි වනු නො වැලැක්වියැ
හැක්කෙකි. අප
විසින් විශේෂ උත්සහයක් දැරුණේ
අපගේ සංස්කෘතියටත්,
සාමාන්‍ය ජීවන
රටාවටත් හැකි තාක් අනුකූල වන
පරිදි උපදේශ පෙළ ගසා දැක්වීම
පිණිස ය. එ
බැවින් බටහිර ලෝකයේ භාවිතය
සඳහා සම්පාදිත ආහාරෝපදේශ,
ඒ ලෙසින් ම දැක්වීම,
අප විසින් නොකරන
ලදී."
මෙතන
වැදගත් කාරණා දෙකක් තියනවා.
මේ විශේෂඥ මත
කියල කියන එව්ව හරි හරියට අද
කාලේ පත්තර වගේ ජනමාධ්‍ය වලිං
යනවා. ඉරිද පත්තරයක් අරගෙන බැලුවොත් පෙනේවි මේ ලෙඩේට ගුණ මේ කෑමය අර ලෙඩේට අගුණ අර කෑමය ආදී වසයෙං විස්තර හරි හරියට පලවෙනවා. ටික දවසක් ඔව්ව කියවගෙන ගියාම පේන්නෙ මෙහෙම දෙයක්. අද කිව්වොත් අර
ජාතිය මේ රෝගයට හොඳ නැතය කියල
ආයිත් ටික දවසකින් කියනවා
ඒකම හොඳයි කියල තව කවුරුහරි
මනුස්සයෙක්.
තණකොළ ඇරෙන්න
අනිත් බොහොමයක් කෑම ගැන විශේෂඥ
මත ඔයාකාරයෙන් පිනුම් ගහනවා
පේනවා. මේවගේ දේවල් වලිං ජනතාව හොල්මං වෙනවා. ඒ නිසා මේ වගේ පොතකින් යමක් දුන්නාම ඒකෙ වටිනකමක් තියනවා. පරස්පර ගතිය අඩුයි.
ඊළඟට
මේකෙ තියනවා බටහිර පෝෂණ වට්ටෝරු
පස්සෙන් දිවීම වැඩක් නෑය කියන
කාරණේ. එව්වා
හදල තියන්නෙ ඒ ඒ රටවල සංස්කෘතියට
දේසගුණේට සහ තවත් කාරණාවලට ගැලපෙන්න.
වැඩිය ඕන නෑ අපේ
මිනිස්සුංගෙ සරීර ප්‍රමාණ
ගත්තත් ඒ අයට වඩා වෙනස්.
ඉතින් ඒ රටවල
දත්ත පාවිච්චි කරල හදන දර්ශක
ආදියත් මෙහාට නොගැලපෙන්න පුළුවං.
මේ නිසා අර
වෙදමහත්තය කියනවා වගේ අපිම
හදාගන්න එක තමයි කරන්න තියන්නෙ.
ඒවට මහන්සිගන්න
ඕන ඉතින් රටේ ඉන්න උගත්තු. එහෙම කෙරෙනවා ඇති කියල අපි හිතමුකෝ.
ආයෙ රුවන්
මහත්තය තමංගෙ පොතේ සාරාංශය
කියල අදහසක් දක්වනවා. ඒක උන්නැහෙ උපුටගෙන තියෙන්න ඉස්ටෑන්ඩඩ් විසේසඥයෙක්ගෙන් නෙවෙයි :
'තමාගේ
ආහාර විධිය කෙබඳුදැයි විමසන
ලදු ව, වයසින්
අවුරුදු 60ක්
පමණ වූ ගැමියෙකු විසින් මේ
පිළිතුර දෙන ලදී.
"සිංහල
හාලේ බතුත් එක්ක එළවළු මැල්ලුම්
තමයි වැඩිය කන්නෙ.
වත්තෙ වැවෙන පලා
ගෙඩි යහමින් තියෙනවා.
ඔය ලැබුණ ම මාලු
ටිකක් කනවා.
නැත්නම් අපි ඔය
මාංස කට තියන්නෙ නෑ."
මේ
ප්‍රකාශය වනාහි මේ පොතේ
සාරාංශයයි.'
කියල
රුවන් දොස්තර මහත්තය කියනවා.
තව
හිත් ඇදගන්න දේවල් (උදාහරණයක් හැටියට දිගුකල් ජීවත් වීම ගැන) මේකෙ තිබුණත්
මම උපුටා ගැනීම මෙතනින්
නවත්තනවා. මුළු පොතේම තියන අදහස් එකට ගත්තොත් තියන්නෙ දිව පාලනය කරගැනීම ගැන
කතාවක්. ලැබුණොත් කියවල බලන්ට.
ඔය වගේ කතා ඉතින් හැමෝටම දිරවයිද කියන්නත් බෑ.
ඔය වගේ කතා ඉතින් හැමෝටම දිරවයිද කියන්නත් බෑ.
ඉතාමත් වැදගත් වැඩක්. ඔබට ස්තුතියි!!
ReplyDeleteමම කිව් දේ ඔබ හරියටම තේරුම ගත්තා. මේ රට දියුණු කරන්න අපේ ආහාරය ඉතාම වැදගත්. පසුව තව මේ ගැන ලියන්නම්. ඔබට පිං මේ කාරනය මතු කලාට.
ඔබතුමා අර සුදුලූනු ගැන ලියාපු ලිපිය වගේ අවුසද ගැන ලිපි දිගටම ලියන්න. එව්ව කියවන්න මාත් කැමතියි.
ReplyDeleteලගදී දිනක මා food city එකට ගිය වෙලාවේ එක මහත්තයෙක් ඇවිත් බඩුගත්තා ඔහුගේ බිල දාන්නත් බොහෝ වෙලා ගියා. මා ඒ අතරේ දුටුවා ඔහුගත් බඩු ටික .
ReplyDeleteඅනෙ මන්ද රටේම තියන අර සුපිරි ගනයේය කියන කෑම හා චොක්ලට් වර්ග. මම ඒවෙලේ සිතුවේ අනේ මේ මහත්තයා මේ ගෙදර ගෙනියන්නේ ලෙඩ ගොඩාක් නේද කියලා.
අර ගැමියා කියපු ආකාරයේ කෑම තමා අපි සිංහල අයට සුදුසු.. අර සුපිරි කෑම කන අයත් අන්තිම ලෙඩ උනාම කන්න වෙන්නෙත් මේ කෑම නේද?
ඇත්ත නෙව. ඔය ෆුඩ්සිටියකට ගියාම බලන්න පුළුවන් වයිවාරන කෑම ජාති තමා වැඩිය තියන්නෙ. පලතුරු එහෙම තිබුණත් ඒකත් වැඩිය නෑ. මස් මාංසත් තියනවා හරි හරියට. ගෙනැල්ල තියන්නෙ මිනිස්සු කන බොන අනුපාත වලිං වෙන්නැති නෙ. මට මතක් වෙනවා පොඩිකාලෙ පොලට ගිහින් බඩු ගෙනාපු හැටි. කෑම රටාවෙ තියන ඛේදවාචකයද ෆුඩ්සිටියෙං පෙන්නුං කෙරෙන්නෙ කියලත් හිතෙනවා.
ReplyDelete