කොටි පුරස්නෙ කම්මුතු උණාට හැබෑ පුරස්නෙ තාම තියෙනවාය කියන එක නං බොහොමයක් දේසපාලන පඬිවරු දෙසා බාන මතයක්. පොඩිගමයත් හිතනවා එහෙම පුරස්නයක් තියෙනවාය කියල.හැබැයි ඒ පඬිතුමාල දෙසාබාන එක නං නෙවෙයි. අර ලංදියන් කතන්දරේ ඒ පුරස්නෙ මොකද්ද කියල පෙන්නුම් කරන කණ්ණාඩියක් වගේ. ඕක කිරිකැට් තරග වලදි තමයි හොඳට මතුවෙලා පේන්නෙ. මතුවෙලා පේන්න ප්‍රධාන හේතුව තමා මිනිස්සුන්ගෙ ජාතිකත්වය එතනදි ඉහලට එන එක. එතකොට යම් කිසි විදියක විජාතික එකතුවක් විදියට කැපිල පේනව අර සුළු පිරිස. නමුත් දේසපාලනේ වගේ තැංවලදිත් ඕක එහෙමම තියෙනවා. දේසපාලනේදි සුළු ජාතික දේසපාලන පක්ස කියල ජාතියක් හැදිල තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් සුළුජාතික බෙදුම්වාදවලට උඩගෙඩි දෙනවා. පොඩිගමය කියන්නෙ මේ ප්‍රස්න පැස්බරා වැල්ලෙ ඔලුව හංගනවා වගේ වහල තියන්නෙ නැතුව කතාබහට ලක්වෙන්ට ඕනෑ. නැත්නම් ඔව්ව ඉස්සරහටත් ප්‍රස්න හැටියට පවත්වාගෙන යන්න වෙනව. එහෙම කළාය කියල රටට වැඩක් වෙන්නෙ නෑ.
මහින්ද මහරහතන්වහන්සේ ඉන්දියන් කරන්න හදන්නෙත් මේ ප්‍රස්නෙ අවුල්කරල යටගහන බලාපොරොත්තුවෙන්ය කියන එක පැහැදිලියි. මෙව්ව අවුල් කරගන්න එක වලක්වන්න
ලංදියන්කාරයෙක් වීමේ මූලික
අවශ්‍යතාවක් හැටියට අපි ලංකාවේ
රටවැසිභාවය දෙනව.
නමුත් ඒක විතරක්
ප්‍රමාණවත් වෙන්නෙත් නෑ.
ඉන්දියන් ජාතිකත්ව ගැතිභාවයක්
යං කිසි ආකාරයකින් තියෙන්ටත්
ඕන කරනවා. මිහිඳු
හාමුදුරුවො ඉන්දියන් කිරීමට
හැකි වුණා නම් ඒ මගින් පණ්ඩිතයෙකුට
පුළුවන්කමක් ලැබෙනවා උන්වහන්සේට
ඉන්ලංකා කාරයෙක් නැත්නම්
වෙනත් ඒවගේ නමක් දාල ලංදියන්කාරයිංගෙ
කැතවැඩේ වහල දාන්න.
පළවෙනියෙන්ම
කියන්න තියෙන්නෙ ඉන්දියාව
කියල එකක් උන්වහන්සේ වැඩ ඉඳපු
කාලෙ තිබුණෙ නැතය කියන එක.
එහෙවු එකේ උන්වහන්සේ
ට ඉන්දියන් නාමයක්වත් තියෙන්න
හැටියක් නෑ . ඒ
කාලේ ඉන්දියාවට අයිති කොටස්
(දැං පකිස්තානෙත් නේපාලයත් ඇතුලු
වර්තමාන ආසියාවෙ විසාල කොටසකුත්)
දඹදිව කියා
හඳුන්වාපු වග අහල ඇති නෙව.
එතකොට
ආයිත් කෙනෙකුට අහන්න පුළුවන්
රටේ නම මොකක් උණත් මිහිඳු
හාමුදුරුවො "ඉන්දියාවෙ"
පුරවැසියෙක් විදිහට ඉඳගෙන
ලංකාවට ඇද්ද නේද නැත්නම් ලංකාවට ඇවිල්ල ඉන්දියාවට පක්සපාත විදියට කටයුතු කළා නේද කියල
? මේකත්
මොට්ට පුරස්නයක් මොකද උන්වහන්සේ
ලංකාවට ආවේ ධර්ම දායාදය දීල
රටේ බුද්ධසාසනේ පිහිටුවන්න
මිසක් දඹදිව රාජ්‍යයක් වෙනුවෙන් මොනම
ආකාරයකවත් දේසපාලන කොන්තරාත්තුවක් කරන්න නෙවෙයි.
ලංදියන්කාරයො
ලංකිස්තාන්කාරයො ගත්තාම කතාව
වෙනස්. උන්දැලා
දේසපාලනිකව ඉන්දියාවත් එක්ක
ගැට ගැහෙන්න හීන මවන කට්ටියක්.
ලංකිස්තාන්කාරයොත්
ඒවගේ කෑලි ගලවගෙන මූට්ටු කරගෙන
බලේ පතුරුවන්ට පුළුවන්ද කියල
බලනවා.
පුරස්නයක්
අහනකොට මීට වඩා ටිකක් හිතල
මතල අහවිය කියල නෙව අපි උණත්
බලාපොරොත්තු වෙන්නෙ කො..හෙද
ඇහුවොත් 5 පන්තියට
හරියන පුරස්නයක් තමා අහන්නෙ
. අර
හුරුල්ල නමිං අටුවාවෙ දාපු
කොමෙන්ටුව හුරුල්ලෙක්ට තියා
හාල්මැස්සෙක්ටවත් පිළිගන්න
පුළුවං මට්ටමේ නැති වග පැහැදිලියි
.
කොහොමිං
හරි මිහිඳු මහරහතන්වහන්සේ
එදා හිටපු සිංහලයෙකුට අද ඉන්න
ඉන්දියන්කාරයෙක් අපිට තියෙනවාට
වඩා අදහස් අතින් කිට්ටු වෙන්ට
ඇතිය කියල හිතෙනවා.
එහෙම නොවෙන්න
දෙවන පෑතිස් රජ්ජුරුවොත්
එක්ක අරවගේ ගැඹුරු සංවාදයක්
කරන්න හැකිවෙයි කියල හිතන්න
අමාරුයි. එහෙම
බැලුවත් උන්වහන්සේ ඉන්දියන්
කරන්න බෑ.