ඔපිසියෙන්
පැන පියා
බුක් පෙයා මං ගියා
මහාජන ගඟ දියා
මැදින් පීනා ගියා
බුක් පෙයා මං ගියා
මහාජන ගඟ දියා
මැදින් පීනා ගියා
කෙටිකතා
නවකතා බණ කතා සෙත් පිරිත්
දනවාද සමවාද චින්තන විප්ලව පොත්
අතරේ නොමිලේ විලාසිතා දැක්මත්
පෙම්කතා මල්කතා වලින් බේරෙන පැණිත්
දනවාද සමවාද චින්තන විප්ලව පොත්
අතරේ නොමිලේ විලාසිතා දැක්මත්
පෙම්කතා මල්කතා වලින් බේරෙන පැණිත්
තෝරන්න
කරන්න නං සෑහෙන්ඩ වෙලාව
අරං
උදේක යන්නයි තිබ්බෙ නිවාඩුවක් හෙම දාං
ආපු එකේ පොත් දෙක තුනක් අරං
බරත් හෑල්ලු කොරං බැස්ස එලියට මං
උදේක යන්නයි තිබ්බෙ නිවාඩුවක් හෙම දාං
ආපු එකේ පොත් දෙක තුනක් අරං
බරත් හෑල්ලු කොරං බැස්ස එලියට මං
:)
ReplyDeleteඅපිත් ගියා....
ReplyDeleteබුක් ෆෙයා ගැන මම කලිනුත් ලියා ඇති පරිදි මගේ කල්පනාව නම් එහි ගත හැකි යමක් ඇද්ද? යනුයි. තිබුනත් ඒ පොත් වලින් නම් නෙමේ නේද? එහි පොතක් නිවිසැනසිල්ලේ තේරිය හැකි පරිසරයක් තිබේද?
ReplyDeleteඒක තමා තෝරල කරල ගන්ට නං බෑ. කලිං තෝරගෙන ගියා නං අරං එන්න තිබ්බා. මොන නිවි හැනහිල්ලක්ද?
ReplyDeleteමට නං හුඟ කාලෙකිං බුක් ෆෙයා එකකට යන්න බැරි වුණා. අපිට පෙරලන්න තියෙන පොත් බැලුවාම බුක් ෆෙයා යන්නෙ මක්කටෙයි කියලා හිතෙනවා ඕං...
ReplyDeleteඒකත් ඇත්ත. සමහරක් උදවිය පෙරලන පොත් කලිං දැනං ඉන්න එකත් හොඳයි අපේ බෙලි බේරගන්න.
ReplyDeleteමාත් තකහනියේ අන්තිම දිනයේ ඔතනට ගොහින් අතේ තිබුණු මුදල අහවර වෙනකන් ඒ කියන්නේ ශාලා දෙකකට පමණක් ගොහිල්ලා එන්ට ආවා.
ReplyDeleteපොත් එමට තිබුනත්, වෙද මහත්තය කිව්වා වගේ තදබදය නොවැ වැඩේ. සමහර කුටි වලින් හිරි ඔතප් බිඳ ල(ග)න්නේ නැතිව අමාරුවෙන් ආවේ, ගියේ.. :P
ප.ලි. ගම ඇත්තො ඉල්ලපු ලිපිනය මගේ බ්ලොගේ ඇති ඕං..
ඉඳුනිල් මහත්තයා දීපු සබැඳි මං බැලුවා. මේ පැත්තෙ ඇවිත් කොමෙන්ටු දැමුවාට ස්තුතියි.
ReplyDelete