Sunday, July 8, 2012

`ජාතිය`ක වයස සෙවීම

මේ කලකට ඉහත මවිසින් උපුටා තබාගත් සිංහල බ්ලොග් කරුවෙකුගේ මතයකි. ඒ පිළිබඳ ලියා තිබූ කොටස් කවර හේතුවක් නිසා හෝ පළ කිරීම මගහැරී ඇත.

"...ඒ වගේම කාලය හරහා අතීතයට යන්නට යන්නට ජාතිය, භාෂාව වැනි දේ පදනම් ව බිහිවන අනන්‍යතා ක්‍රමයෙන් බොඳව යනවා. උදාහරන ලෙස බුද්ධකාලීන භාරතය තුල ජාතිය කියා හැන්දින්විය හැකි අනන්‍යතාවක් පේන්නේ නෑ. තිබෙන්නේ වර්ණ කියා හැඳින්වෙන අනන්‍යතාවක්. එය භාෂාව මත හෝ ආගමික විස්වාසවල වෙනස්කම් මත ඇති වූවක් ද නොවේ..."

ජාතිය යන සංකල්පය ජාතික රාජ්‍ය බිහිවීමට එහා පැවතී නැතැයි සිතන්නෝ උගතුන් අතර සිටිති. බුද්ධ කාලයේ භාරතයක් තිබුණාද යන ප්‍රශ්නය මා අසන්නට නොයන්නේ එය තවත් ප්‍රශ්නාර්ථයක් පමණක් වන බැවිනි.


එහෙත් ජාතිය පිළිබඳ මේ මතය නිවැරදිද?

උදාහරණය සූත්‍ර පිටකයෙනි. නිවන් සොයා පැවිදි වූ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බිම්බිසාර රජුත් සමග වූ සංවාදයයි.

රජු: "....කැමතිතාක භෝග දෙමි. බලකාය හොබවමින් ඇත්සෙනගින් පිරිවරන ලදුයේ භොග සුඛ වලඳව. (මවිසින්) විචාරන ලද ජාතියද කියව [ජාතිං වක්ඛාහි පුච්ඡිතො] "

බෝසතුන්:"මහරජ ඉදිරි හිමවත්පස් හි ධනවත් හා වීරියෙන් සපන් වූ කෝසල ජනපදයෙහි ආදිකාලයේ සිට අන්වායාගත මහරජහුගේ ජනපදයක් වෙයි"

"ඔහු ගොත්‍ර විසින් ආදිත්‍ය නම්ද ජාතියෙන් ශාක්‍ය නම්ද වෙති [ආදිත්තා නාම ගොත්තේන සාකියා නාම ජාතියා]. මහරජ මම් එකුලෙන් පැවිදි වූයෙම් කාමයන් පතනුයෙම් නොවෙමි"

මේ පරිවර්තනය උපුටාගෙන ඇත්තේ බුද්ධජයන්ති ත්‍රිපිටක පොත්වලිනි .

මේ නම් සම්මත ඉතිහාස මූලාශ්‍ර නොවේ. ඇතැමුන්ට අනුව පැරණි පොතපත ඊනියා අපක්ෂපාතී නොවන්නේය. අපට ඇත්තේ ඔවුන්ගේ අපක්ෂපාතීකම පිළිබඳව ප්‍රශ්නාර්තයන්ය.
ඒ විරෝධතා පසෙකින් තැබුවහොත් මෙයින් අඩුම වශයෙන් කියවෙන්නේ ජාතිය යනුවෙන් හැඳින්වූ අනන්‍යතාවන් එකල පැවති බවය.

අද ඇත්තේ ඒ ජාතියම නොවේ. සංකල්ප හැමදාමත් එක විදියට පවතින්නේ නැත. අදට ගැලපෙන ජාතියක් හදාගැනීමේ වගකීමක් අපට ඇතැයි සිතමි. ඉතිහාසඥයන් ලෙස පෙනීසිටිමින් මුසාවාද ඇද බෑමෙන් නම් ඒ කටයුත්තට දායක විය නොහැකිය.

Sunday, March 25, 2012

ජිනීවා තර්ජනේ...

එල්ටීටීඊ මරුවෝ රැළ
සුදු මහත්හොරුංගෙ
කීකරු බළල් රැළ
උන්නැහෙලා එපයි කියද්දිත්
මරා දැම්මාම
අහන්නත් දෙයක් යැ
(මහත්තුරුංට උණත්) කේන්ති යන එක?

"ලෝක"පාලන සංවිදානෙත් ඉතිං
උන්නැහෙලගෙම එකක් නෙව
ලිබියාවත් දැං ඔය
කීකරු විදියට ඉන්නෙ.
තව චන්ද ටිකක්
එක්කහු කොර ගන්න බැරියැ
ඔය විදියටම? හැහ්!
අම්මප අපේ සම"හරක්"ටත් ඕනැ
රූකඩ වෙලා නැටවෙන්න වෙන්ටැ

ඇල්ටීටීඊ ද ඇල්ඇල්ආර්සී ද
මොක උණත් බොලවු
මේ රටේ කොරන මගුලක්
කොරන්ට ඕනැ මහජන කැමැත්තට මිස
අද්වකාත් උන්නැහෙලගෙ
ආසාවට නෙවෙයි ඕං...

Friday, January 27, 2012

දහතුන ධන ද දහතුන ඍණ ද?

(දහතුන,පනස් හය,පනහට පනහ,දෙමළ රාජ්‍ය)
දහතුන යනු දොළහ ධන එකය. දහතුන හැදුවාම වැඩේ හරියන බව කියූ උදවිය පසුකාලයේ තව තව එවුවාත් ඕනෑ යයි කීවෝය. දහතුන ධන හැදුවාම හරි යනවා යැයි කියන්නේද මේ උදවියම බව පෙනේ. දොළහ ධන එකෙන් නොසංසිඳුණු ආසාවල් දාහතරෙන් පහළොවෙන් සංසිඳේවි යැයි මට නම් නිකමටවත් හිතෙන්නේ නැත. මේවා වැඩි හරියක්ම ආසාවල්ය. පුහුදුන් හිත්වල ඇති ආසාවල් වලට සීමාවක් දාන්නට බැරි උනාට පොඩි එකාගෙ ආසාව නේ කියා හැම මගුලටම හා කියන්න ඕනෑ නැත. එහෙම හා කියා කිව්වත් කිවු පලියට කොරන්ට පුළුවංකමකුත් ඇත්තේ නැත.

වෙන එකක් තියා යැංකි ඩිකී සීයාට ඇල්ටීටී පැංචා වැටි වැටි නැගිටින කාලේ කෝටු මස් කරන්නට ඉඩ නොදුන්නායින් අන්තිමේදී රජතුමා මාමා එන කල්ම චණ්ඩි පාට් දමන්නට ඉඩලැබුණ බව අමතක කොරන්නට හොඳ නැත. ඒ කාලේ ඉඳන්ම ඇල්ටීටීඊ පැංචාගේ කැපකරු පියා විදියට වැඩ කර පළපුරුදු චණ්ඩියන් මාමා තාමත් මේ පැත්තට ඔලුව දමයි. චණ්ඩියන් මාමා මේ එන්නේ රජතුමා මාමාව බය කරගෙන නැති ප්‍රශ්නයක් ඇති කරන්න බව මගේ කල්පනාවය.

ඇතුලේ පුරස්න ටික විසඳාගන්න බැරුව දඟලන චණ්ඩියන් මාමා වටේ පිටේ ගෙවල් වල පුරස්න විසඳන්න ඕනෑ ය කියා දාන චණ්ඩි පාට් දෙවෙනි වෙන්නේ සෑම් අන්කල් මාමාට විතරය. (දෙන්නා හිතවත් නිසා පුදුමෙකුත් නැත.) බලාගෙන ගියාම ලොකු ලොකු මාමලා ඔක්කොටොම ඇත්තේ මේ ලෙඩේය.

සමහර පණ්ඩිත අන්කල්ලාට අනුව ඔක්කොටම පුරස්න වලට මුල පනස් හය ය. ඊට කලින් වෙච්චි සීරියස් වැඩ ගැන පණ්ඩිත අන්කල්ලා නෑසූ කන්ව සිටිති. පනහට පනහ ඉල්ලීම, දෙමළ රාජ්‍ය පක්සය හැදීම වගේ වැඩ කළේ පනස් හය දිවැසින් දැකලා දැයි අපිට හැකේකුත් ඇතිවෙනවාය.

මේවා ගැන කතා කරන එකට අකමැති උදවිය අතීතෙන් දැන් වැඩක් නැතැයි කියමින් පැස්බර වත අනුගමනය කරති. අතීතයේ එල්ලී ගැලවෙන්නට බැරිව ඉන්නේ චණ්ඩි බාප්පලා පණ්ඩිත අන්කල්ලා මිස අප නොවේ. ඒ උදවියට සල්ලි හම්බෙන්නේ පුරස්න වවා ගත් තරමටය. දහතුන ධන ඕනෑ වී ඇත්තේ ඒ සඳහාය.

හුදී ජනතාවට මේ පඬි බයිලාවලින් වැඩක් වෙතැයි සිතිය නොහැකිය. රෑ වැටුණු වල මතක තියන තාක්කල් දවලුත් වැටෙන්නට කැමති වෙනු ඇතැයිද අපි නොසිතමු. රජතුමා මාමා වැඩ කළ යුත්තේ ඒ ජනතාවගේ ඕනෑ එපාකම් සම්බන්ධයෙන් මිස පණ්ඩිත අන්කල්ලාගේ හීන හැබෑ කිරීමට නොවේ. හම්බන්තොට ගැන බලන අතරේම උතුර නැගෙනහිර පළාත් දෙක (එක නෙවෙයි) ගැනත් හිතයොදන එක කීප අතකින්ම වැඩදායක බව අපි හිතමු. උන්නැහෙට ඒ වෙනුවෙන් ප්‍රඥාව පහල වේවායිද පතමු.