දේසපාලන වචන

පොඩිගමයගෙ වචන ගබඩාවෙ තියෙනවා සම්මත සිංහලේ නැති වචන එහෙමත්. නොදන්න මනුස්සයන්ටත් දරු මුණුබුරංටත් දැනගන්න එක්ක මෙව්වයෙ තේරුං ලියන්ට ඕනෑය කියල මං හිතුවා.

පොරබාකොරංකාරයා - අතීතයේ සිටි බව කියන මිනීමරුවෙකුගේ නමින් හැඳින්වෙන මෙය මනඃකල්පිත වස වර්ගයකි. සෑදුවේ පොර+බාවයටපත් +කොරගත්+කාරයා යන වචන විකල්ප ජනමාද්‍ය තෛලයෙං (තෙල) දියකොට සුදුමහත්තුරුංගෙ රටේ හදන සැර බීමකට මිශ්‍රකිරීමෙනි. මෙම බීම සිංහලයන්ට අගුණ බව පරීක්ෂණවලින් පෙනීගොස් ඇත. වෙවුලීම කරකැවිල්ල සිහි මදගතිය ඇති කරයි. තමිල් ඊලාම් සිහින දේශයේ ජනප්‍රියතම පානයකි. දැනට නිලවසයෙං ආනයනය නවතා ඇතැයි කියන නමුත් හොරෙන් පෙරීම සිදුකරනු ලැබේ.

ලංදියන්කාරයා* - ලංකාවේ පුරවැසිකම තිබෙන ලංකාවේ භූමියට අයිතියක් ඇතැයි කියන නමුත් ඉන්දියාවට ජාතිකත්ව ගැතිකමක් ඇතියෙක් මේ නමින් හැඳින්වෙයි.

ලංකිස්තාන්කාරයා+ - ලංකාවේ පුරවැසිකම තිබෙන ලංකාවේ භූමියට අයිතියක් ඇතැයි කියන නමුත් පකිස්තානයට ජාතිකත්ව ගැතිකමක් ඇතියෙක් මේ නමින් හැඳින්වෙයි.

* + ලංකාව ඉන්දියාව පකිස්තානය යන රටවල් අතර කිරිකැට් තරග පවතින කාලවලට මේ උදවිය හඳුනාගැනීමට පහසුය.

පචාරය - පච + ප්‍රචාරය යන වදන් සංයෝගයන් හැදුනු අලුත් වදනකි. බොරුවක් කෙප්පයක් බේගලයක් හෙවත් කෙටියෙං පචයක් ලෙස හඳුන්වන දේසපාලන කටයුතුවලදී නිතර භාවිතා වන අදහසක් ජනතාව අතර ප්‍රචාරය (කිරීම) පචාරය ලෙස හඳුන්වනු ලැබේ.

මද්‍යස්තකාරයා - ඉස්කෝලෙ පහේ පංතියේ ගණන් පාඩමට උගන්නන මධ්‍යස්ථයෙන් උපන්නේයැයි සමහරු විශ්වාස කරන මේ වචනය ඊට කිසිම සම්බන්ධයක් නැත. මෙය මද්‍යසාරය යන්නෙන් උපන් වචනයකි. දේසපාලනයේ යෙදෙන වැඩිදෙනා හොරු වන අතර මද්‍යස්ත බවද කියාගනිති. දේසපාලන හතුරන් අන්තවාදීන් ලෙස හැඳින්වීම මද්‍යස්තකාරයන්ගේ සිරිතකි.

දේසපාලන විසදුම - පොරබාකොරංකාරයා බීමෙන් රෝගී වූවන් සඳහා බෙහෙතක් ලෙස මාකට් කරනු ලැබූ විස දුම් වර්ගයකි. විස දුම ඉරීමෙන් දිගුකාලීන වේදනාවලට ලක් වීම සහ මරණය බලාපොරොත්තු විය හැකිය.

No comments:

Post a Comment

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.