(වචන:කතන්දරපොර,නිදහස් ,වාණිජ,මයියා)
ඕපන් සෝස් මුදුකාංග ගැන තදියම වැඩිමනත් ඇත්තේ තරුණ ගැටවු අතරය. කැම්පස් එකේ ඉන්නා කාලෙට කෝඩ් කෙටීම විනෝදෙට වාගේත් කරන උදවිය සාමාන්‍යයෙං ඕපන් සෝස් සහ ෆ්‍රී සොෆ්ට්වෙයා ගැන වැඩි උනන්දුවක් දක්වන බව පෙනේ.. ඕපන් සෝස් වලට හිංගලෙන් දා ඇති නම විවුර්ත කේත ය. ස්ටෝල්මාන් මහත්තයාගේ නිදහස් මුදුකාංග පදනමේ මතය අනුව විවුර්ත කේත සහ නිදහස් මුදුකාංග අතර වෙනසක් වෙයි. ඒ නිසා උන්නැහෙලා අවධාරණය කරන්නේ නිදහස් හා විවුර්ත කේත මුදුකාංග ගැනය. කොහොම උනත් ඒ ගැන ජඹුරට විග්‍රහ කොරන්නට යාම මෙතැනට අදාල නැති.
හැම
ආගමක්ම ඕපන් සෝස් යයි කතාවක්
කීවේ කොහොමත් කටහැකර කතා කීමේ
නමක් දිනා සිටින කතන්දර පොර
විසිනි. පොරගේ
හිතවත්තු හුරතලේට කාක්කා
වැනි නමක් කියුවාට මට ඒ නම
දිරවන්නෙ නැතිය. එබැවින්
මම උන්නැහෙට වයසත් සලකා ගරු
නම්බු ඇතිව කතන්දර පොර යැයි
කියමි . ලියන්න
මාතෘකා නැතිව ඉන්නකොට ඒවා
මවාදීම ගැන උන්නැහෙට ඉස්තුතිවන්ත
විය යුතු නිසාය. මේ
අලුගුත්තේරු කතාව අල්ලාගෙන
මයියාට ලියුම් දෙකක්ම ලියන්නටහැකිවිය. දැන්
මාත් එකක් ලියමි.
දැනුමේ සෝස් කෝඩ් සම්බන්ද පුරස්නය
කතාපොරගේ ඔලුවට වැටී නැති බව උන්නැහෙගේ
ලියුම කියෙවුවාම මට එකපාරට
හිතුනු කාරණාවය. (මේ
මොන හතර බීරි කතාවක්ද මූ කියන්නේ
යැයි හිතෙනවා නම් ඉවසා හිටින්න.)
පශ්චාත් නූතනවාදී
ආතල් ගැනීමට ලියන කතා වලින්
එහෙම දේවල් බලාපොරොත්තු වෙන
එකත් හරි මදිය.
හැම
ආගමක්ම ඕපන් සෝස් යැයි කීම
ගැලරියේ විසිල් පාර බලාගෙන
කියන කතාවකි. හැම
ආගමක්ම එකයි කීම වැනි බොල්
දේසපාලන කතාවලට වඩා දෙයක්
ඒකේ නැත. ඒත් මම
කතාන්දර පොර සමග එකඟ වන්නේ
චතුරාර්ය සත්‍යය
ඕපන් යැයි කීමෙනි. මාද චතුරාර්ය සත්‍යය ෆ්‍රී ඇන්ඩ් ඕපන් යැයි කියන්නේ ධර්මයට කරන නිගරුවක් ලෙස නොවේ.
මෙතැනදී
සංසංදනාත්මක උපමාවක් හිතට
නේන බැවින් ස්ටෝල්මාන් මහත්තයාගේ
ෆ්‍රී ලන්ච් සහ ෆ්‍රී ස්පීච්
උදාහරණම දිය හැකිය. උන්නැහෙලා
අවධාරණය කරන්නේ ෆ්‍රී ස්පීච්
වැනි නිදහස මිස ෆ්‍රී ලන්ච්
වැනි නිදහස නොවේ.
මගේ
වැටහීම අනුව නම් බුද්ධ සාසනයේ
සහ ධර්මයේ ඒ සංකල්ප දෙකටම
අදාලව නිදහස ඇත. බුදුසසුන
සියවස් විසි පහක් ගතවීත් තවමත්
සංවිධානාත්මක ආගමක ලක්ෂණ ලබාගෙන නැත. ක්‍රිස්තියානි
ආගම්වල ධුරාවලික ගතිය එහි
නැත. මහනායක ධුර
වැනි යටත්විජිතයුගයේ නිර්මාණ
සසුනෙන් ඈතය. බෞද්ධ
ගිහියන් බෞතිස්ම කිරීම වැනි
නිකායන්ට බඳවාගැනීම්ද නැත.
භාග්‍යවතුන්වහන්සේම
වරක් ආනන්දහිමියන්ට පැවසුවේ
මුළු බ්‍රහ්මචරියාවම කලණ
මිත්‍රත්වයම බවය. කරුණු
එසේ කළ ධුරාවලි හදාගැනීමට
ඇති ඉඩ අවමය. ගරු
බුහුමන් දැක්වියයුත්තේ ගුණය
මූලික කරගෙන මිස උපාධිය හෝ
පට්ටම මත නොවේ.
නිදහස් දැනුම සහ වාණිජ දැනුම කටයුතු කරන ආකාරය ගැන සංසංදනයක් කර ගැනීමට ක්‍රිස්තියානි
සංස්කෘතියේ ආභාසය ලබා ඇති
විශ්වවිද්‍යාලවලින් පර්යේෂණ කිරීමට ඇති නිදහස
පිළිබඳව නැවත සිතා බැලීමට හැකිය. අද
වනවිට වැඩිමනත් පර්යේෂණ පත්‍රිකා
ලියවෙන්නේ ග්‍රාන්ට් එක බලාගෙන
මිස සමාජයට සේවයක් කිරීමේ
අදහසින් නොවේ.
පසුගියදා
ආසනික් ප්‍රශ්නයේදී විදුදරයන්ගේ
දැනුමේ වහල්බව සහ වාණිජකරණයේ
සෙළුවැල්ල රටටම දැකගත හැකිවිය.
ඒ දැනුමේ සෝස් එකට
අතවත් තැබීම යනු 'විද්‍යාඥයන්'ගේ
අමෝරාගත් අවිවලට මුහුණදීමට
සූදානම් වියයුතු බවයි. ඒ
අතර ග්‍රාන්ට් එක මගින් පර්යේෂණ
කලයුත්තේ කෙසේද යන්න තීරණය
ගැනීමට බහුජාතික සමාගම්වලට
හැකිවී ඇත. අපට
සිදුවී ඇත්තේ කොමර්ෂල් සොෆ්ට්වයා
වලට වඩා දරුණු ලෙස කොමර්ෂල්
දැනුමෙන් බැටකෑමටය.
ධර්මයේ
නම් "සෝස් එක"
බැලීමට එවැනි කෘතිම
බාධාවන් නැත. ඒහිපස්සික
දහම ක්‍රියාවට නංවා බැලීමට
ආරාධනා කරන්නකි. ක්‍රියාත්මක
කල පමණට ප්‍රතිඵල ලැබිය
හැකිවෙයි. විශ්වවිද්‍යාල,
ආයතන ආදී තැන්වල
ලියාපදිංචි වී ඉන් සහතික
ලැබීමේ අවශ්‍යතාවක්ද නැති.
අවශ්‍යතා සම්පූර්ණ
කළවහාම අකාලිකව තමාටම සහතිකය
ලැබෙන ක්‍රමයකි.
අනුග්‍රහ
දක්වන්නේද ඕපන් සෝස් මුදුකාංගවලට මෙන්ම දායක දායිකාවන්ගේ පරිත්‍යාගයෙනි.
ඒද බාහිර පුදගලයන්
ලෙස නොව සසුනේ කොටස්කරුවන්
ලෙසය. ප්‍රායෝගික
පැත්තෙන් යාමට කැමති කෙනෙකුට
මගපෙන්වීමට මුදල් හෝ වෙනත්
බලාපොරොත්තුවක් නැතිව කටයුතු
කරන ස්වාමීන්වහන්සේලා අදත්
වැඩසිටිති. එහි
මුදුකාංග සම්බන්ධයෙන්වත්
නැති ප්‍රසංසනීය තත්වයක් ඇත.
මේ
කරුණුවලින් අප කීමට අදහස
කරන්නේ බුදු දහමට අදාලව ගැඹුරු
ෆ්‍රී ඇන්ඩ් ඕපන් සෝස් සංකල්පයක්
ඇති බවත් කතාන්දර පොරගේ ඕපන්
සෝස් ආගම් සංකල්පය මතුපිටට
සීමාවන බොල් එකක් බවත්ය..
බුදුදහම
තවමත් ෆ්‍රී ඇන්ඩ් ඕපන් සෝස්
වන අතර ඉස්කෝල විස්සවිද්‍යාල
මාධ්‍ය වලින් ලබා දෙන්න දැනුම
වාණිජකරණයේ කරවටක් ගිලී ඇති
ක්ලෝස් සෝස් දැනුමකි!
"මහණෙනි,
තථාගතයන් වහන්සේ
විසින් දෙසූ දහම හා විනය ඇරුණේම
බබළයි . වැසුනේ
නොම බබළයි " - අංගුත්තර
නිකාය
සැහෙන කාලෙකට පස්සෙ , මම හිතුව පෙරමුණේ රාලත් එක්කම මාරු වුනාවත්ද කියල .
ReplyDeleteඑම සංවාදය මෙසේ ගලා ගෙන යාම හොදය....
ReplyDeleteඑහෙත් මෙහි සදහන් කලයුතු කරුනු කීපයක් ද ඇත.
බුදුදහම ෆ්‍රී ඇන්ඩ් ඕපන් සෝස් කියන කථාවත් චතුරාර්‍ය සතයය ෆ්‍රි ඕපන් සෝස් යැයි කියන කථාවත්.........එකක් නොව දෙකකි.....
මයියා තර්කය උනේ මින් දෙවැනි කාරණය නිවැරදි නොවන බවයි, ඔබගේ ලිපියේ මින් දෙවැනි කාරනාව පිලිගන්නා බව ලියා තිබුනත් අන්තර්ගතය ගත් විට පැහැදිලි වන්නේ ඕබත් මෙහි පලමු කාරනාව අරබයා මෙය ලියා ඇති බවයි......
දෙවැනුව මයියා ඉස්මතු කෙරුවේ දුක-දුකට හේතුව-දුක නැති කීරීමේ මාර්ගය.....දුක නැති කිරීම යන අච්චුව වතුරාර්‍ය සත්‍යය ලෙස ගෙන එය එදිනේදා සංසිද්දි සමග පටලවා, එම සිද්දි චතුරාර්‍ය සත්‍ය යැයි කීමේ විහිලු සහගත බාවයයි,,,,,,,,
කවුරුත් උත්තර නොදුන් ප්‍රශ්ණය නම් , ඒදා කතන්දරගේ ලිපිය මතවාදීමය අතින් නිවැරදි නම්,,,,කුඩ්ඩේකුට සාපේක්ශව කුඩු ගැසීම චතුරාර්‍ය සත්‍ය නොවන්නේ මන්ද යන්නයි.........
බුවෝ බ්ලොග් කෙරුවාවට ඇබ්බැහි වෙන ගතියක් තියෙනවා නෙව. ඒ නිසා මම ටිකක් එහාට වෙලා හිටියා :)
ReplyDeleteමයියාගේ කොමෙන්ටුවට ඉස්තුතිය. කතාපොර කියන ආකාරයෙන් නොව මගේ ඕපන් සෝස් සංකල්පය ගලා එන්නේ ධර්මයේ ගුණයන් ආශ්‍රයෙනි. මෙය මයියාගේ ලිපියට එරෙහිව ලියන ලද්දක් නොව ඕපන් සෝස් කතාව හරියට අරුත්ගන්වන්නේ කෙසේදැයි පෙන්වාදීමට ලියූවකි. කතාපොර විසින් කළ ආකාරයේ බාල මට්ටමේ සංසංදනයක් කිරීම මා අගය කළේද නැත.
ReplyDeleteචතුරාර්ය සත්‍යත් ධර්මයේම කොටසක් බව පැහැදිලිය. එබැවින් ස්වාක්ඛාතාදී ලක්ෂණ එහි තිබිය යුතුය. මෙයින් අදහස් කරන්නේ එහි කෝඩ් වෙනස් කිරීමක් ගැන නොව විවෘත බවත් පරීක්ෂාවට දී ඇති නිදහසත්ය. ගැඹුරින් සිතා බලන්නේ නම් මාර්ගයේ පුද්ගල සාපේක්ෂ බවක්ද වෙයි. (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි යයි කියනු ලැබේ.)
මයියාගේ දෙවැනි තර්කය ගැන මා එකඟය. කතාපොර සමග මගේ එකඟතාවයක් ඇත්තේ හුදෙක් එකම අදහස යොදාගැනීම නිසාම පමණි.