වචන:(එක්ස්,කොමියුනිට්,ග්රීස්,දේශපාලනය,මැක්ක,යක්කු)
ඔන්න කාලෙකට පස්සෙ කොමියුනිට් මහත්තැනුත් එලියට බැහැල ග්රීස් යකා එක්ක. පහුගිය ටිකේ උන්නැහෙ පේන්න නැති එක ගැන මාත් සාංකාවෙං වගේ හිටියෙ. සමාවෙන්ඩ ඕනා කියවන උදවිය මාත් මැක්ක වගේ ග්රීස් යකාවම අල්ලගන්න එකට. උන්නැහෙගෙ මතේ ටිකක් කලිං ආව නම් මට කලිං ලියුමෙම දාන්ට තිබුණා. නමුත් පස්සෙ තේරුණේ මේක උපුටාගෙන තියන්නෙ ජේ වී පී කාරයොංගෙ පත්තරෙං. ඒක නිසා වෙන්නැති පරක්කු උණේ.
මේකෙන් හදන්නෙ සුද්දංගෙ රටේ වෙච්ච කලබලයි ලංකාවෙ පහල වෙච්ච ග්රීස් යක්කුයි එකතු කොරල අරගෙන එකට විස්ලේසණේ කොරන්න.
අවාසනාවකට වගේ අපි අහපු මූලික පුරස්නෙට උත්තරයක් දීගන්න ඒ විස්ලේසණෙං බෑ.
කොහොමද රටේ දුරිං දුරිං තැං තැං වලිං එකම කාලෙ ග්රීස් යක්කු මතු වෙන්නෙ
කියල. කමක් නෑ ඉතින් මුන්නැහෙලට පුළුවං කොහොමහරි "මැක්ක"ගෙ කතාවට එන්න
මිසක් ප්රස්නෙකට උත්තරයක් දෙන්න නෙවෙයි නෙ. (ඊයෙ පෙරෙයිද කවුද මන්ද ලියල තිබුණ මැක්ක ගැන. මතක නෑ කොහෙද කියල)
"ලන්ඩනයේදී මෙන්ම ග්රාමීය ලංකාවේදිද අරාජක ලෙස පුපුරා යන්නේ අන් කිසිවක් නොව සමාජ ආර්ථිකමය ලෙස පීඩනයට ලක්වූවන් තුල කැකෑරෙන අසහනයයි.පීඩනයයි.ලන්ඩනයේ පීඩිත යෞවනයන්ට සිය පීඩනය මුදාහැරීම සදහා “පොලිස් වෙඩි තැබීම” නම් “අවස්ථාව” මුන ගැසුනු අතර ලංකාවේ ග්රාමීය පීඩිතයන්ට ඒ සදහා “ග්රීස් යකා” නම් “අවස්ථාව” හිමිව තිබේ."
හමුදා කඳවුරු හොයාගෙන ගිහින් ගැහුවද සුද්දංගෙ රටේදි? ලංකාවෙදි කඩ කඩල මං පැහැරුවද? ඒ කියන්නෙ දෙසීයක් අසහනකාරයො අහම්බෙං තැනකට සෙට් වෙනවා උන්ගෙ අතට කඩු පොලු එහෙමත් ඉබේට පහල වෙනවා අසහනය නිසා. ෂහ්! අපිට තේරුණෙ නෑ නෙව මේ වැඩේ.
තවත් උන්නැහෙ අහනවා බම්බලපිටියෙ නොවෙන වැඩක් කහවත්තෙදි වෙන්නෙ මොකද කියල. බම්බලපිටිය ජනාකීර්ණ වැඩි නිසා වෙන්නත් පුළුවං. ඉතින් එකට මොකද කලුතර ගාල්ල අනුරාදපුර තව කොච්චර තැං තියනවද නොවිච්චි. අනිත් එක කහවත්තට හපුතලේ කිට්ටුයි බම්බලපිටියට වඩා.
මේ මාක්ස්වාදී කිරි අප්පු මුත්තල හැමදාමත් කළා වගේ ප්රස්නේ වැදගත් කොටස් කපාහැරල පුළුවං තරමෙං සිංහල ජනතාවත් විවේචනය කරල සමාජ-ආර්තික පීඩන මැක්කවත් එලියට ගන්නවා. යාපනේ පුත්තලමෙ වෙච්ච වැඩ මෙහෙයවපු උදවිය ගැනත් කිසි කතාවක් නෑ. සමහරවිට සාක්කි නැතිව වෙන්නෑති. බළලුංගෙ සාක්කිත් ඉතින් දීකිරට නෙව. එහෙම බැලුවාම තමුන්නැහෙලයි එක්ස්කාරයොයි අතරෙ ලොකු වෙනසක් නෑ ආයිබොවන්ඩ.
එක්ස්කාරයන්ට ලංඩන් මැක්ක ලොකුයි. තමුන්නැහෙලට මාක්ස්ගෙ මැක්ක ලොකුයි. දෙමළ ජාතිවාදීන්ට නං අසාධාරණකම් මැක්ක ලොකුයි. මාර්කේස්ගෙ මැක්කගෙ එක වුණත් "වියමනඃ"ගොඩ මහත්තය වගෙ අයට ලොකුයි.
අපි මැක්කො වගේ වුනත් අපේ ඒව අපිට ලොකුයි.
ඒ වුණත් කෝකටත් තෛලය වගේ සමාජ-ආර්තික පීඩන මැක්ක හැම පුරස්නෙටම නං දාන්න අමාරුයි. ඒ නිසා හදිස්සියට දානකොට සිහිකල්පනාවෙං තැන බලල දාන්ට.