Saturday, July 16, 2011

"නිරුවත් වෙරලින් වාර්ගික ගැටලුවට විසඳුමක් " - ඕපාදූපයා


"ජනවාර්ගික ප්‍රශ්ණය සඳහා ගෙනෙනු ලබන දේශපාලන විසඳුම් මාලාවේ මුල් අදියරේ පියවරක් ලෙස යාපනේත් නැගෙනහිර පළාතේත් නිරුවත් වෙරල තීර ඇතිකිරීම රජය විසින් සලකා බලමින් ඇති බව විශ්වාසනීය ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත. මෙය සිංහල බෞද්ධ අන්තවාදී ගෝත්‍රවාදී වර්ගවාදී අමනයන්ගේ පරාජයක්ද වන බව පජාත අන්ත්‍රවාදී අතිමානුෂවාදී පට්ටමලිබරල්වාදී පිරිසගේ අදහස වී ඇත. ඇත්තෙන්ම මෙම නිරුවත් වෙර තීර ආස්චර්ය දිවයින තුල ප්‍රායෝගික යතාර්තයක් බවට පත් කිරීමේ පෙරමුණගෙන ක්‍රියාකලේද සිංහල බ්ලොග්කරුවන් අතර සිටින මැදහත් කීප දෙනා බව දැනගන්නට ලැබුණි.

සිංහල බ්ලොග්කරුවෙකු සහ ආකල්ප වෙනසක් ඇතිකිරීම සඳහා පෙරමුණගෙන ක්‍රියාකරන දක්ෂ විශ්ලේෂකයෙකු ලෙස මිතුරන් අතරේ නමක් දිනාගෙන සිටින බොබ් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ නිරුවත් වෙරලතීර ඇති කිරීමෙන්ද සමාජයේ ආකල්ප වෙනසක් ඇති කළ හැකි බවයි. යුරෝපීය රටවල කාම අපරාධ ගැන අසන්නටවත් නැත්තේද මෙවැනි නිර්භීත තීන්දු ගැනීම නිසාය.  එවිට දැනට අමාරුවී ඇති ජනවාර්ගික ප්‍රශ්නයක් ඇති බව රටේ පිළිගැන්වීමටද පහසුය. ජනවාර්ගික ප්‍රශ්නයක් නැතැයි කියන ජාතිවාදීන් ප්‍රශ්නය විසඳීමට ඇති විශාලම බාධාව බවද එතුමාගේ අදහසයි. එමෙන්ම ආසනික් ප්‍රශ්නයේදී පළමුවෙන්ම පරාජය වූ ඉහත කී අන්තවාදී අමනරැළ කෙටි කාලයක් තුල දෙවන වතාවටත් පරාජය කිරීමට හැකිවීම දෙමළ ඊලාම් විමුක්ති අරගලයTM ව්‍යාපාරයේ ශ්‍රිලංකා ශාඛාව විනාශ කර දැමීමෙන් පසු නව අරුණැල්ලක පෙරනිමිත්තක් ලෙස ගත හැකි බවයි. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ බ්ලොග් අවකාශයේ යලි යලිත් රෙදිගැලවී යාම නිසා අතාත්වික නිරුවත්වීම පුරුද්දක් කරගෙන සිටින පිරිසක් ප්‍රසිද්ධියේ නිරුවත්වීමේ ආශාවෙන් පෙලෙන බැවින් මෙය කලක සිට පවතින අවශ්‍යතාවයක් බවය.

ජනවාර්ගික ප්‍රශ්නය වූ කලී අති ගම්භීරයැ ඉතා සූක්ෂ්මයැ සිංහලෙන් ලිවීම නම් නොහැක්කේමයැ තවද රජතුමන්ගේ අලුත් ඇඳුම ළමා කතාවේ මෙන්මැ මෝඩයන්ට දැකිය නොහැකි වූ පණ්ඩිත බුක්දි මහිමයෙන්මැ වටහා ගත යුතු වූ මෙම ප්‍රශ්ණය ආකල්ප වෙනසක් ඇති කිරීමෙන් හෙවත් සියලුම සිංහල අන්තවාදීන් නැති කර දැමීමෙන් තොරව තේරුම් ගත නොහැකි බව කලක් නොගෝත්‍රවාදී නොවර්ගවාදී බොග්කරුවෙකුව සිටි පුද්ගලයෙකු අප හා සංවාදයට එළඹෙමින් පැවසුවේය. මෙතුමන් අධිතාත්වීකරණය කළ අතාත්වික හැක්වීමක් මගින් තම හිතවතුන් කඳුලෙන් නහවමින් සැඟවී යාමට පෙර ජනවාර්ගික ප්‍රශ්නය කුණුහරුපයක් බවට පත්කිරීමට කැපවී ක්‍රියාකළ පුද්ගලයෙකි.

එතුමා අවධාරණය කලේ කලින් වතාවල ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව විග්‍රහ කිරීමට ගිය සබ්ජෙක්ට් මහතා වැනි බුද්දිමතුන්ගේ උත්සහ ව්‍යර්ත වීමට හේතුව ඒ මහතුන්ගේ නොහැකියාව හෝ ජනවාර්ගික ප්‍රශ්නයක් නොපැවතීම නොවන බවය. ගෝත්‍රවාදී වර්ගවාදී සුළුපිරිසක් විසින් ජනවාර්ගික ප්‍රශ්නය තේරුම්ගත නොහැකි වන අන්දමේ ආකල්ප සිංහල බෞද්ධ (කොහොමත්) ගෝත්‍රික සමාජය තුලත් විශේෂයෙන්ම  බ්ලොග් අවකාශය තුලත් පැතිරවීම මීට මූලික හේතුවයි

මේ අතර නිරුවත් වෙරල සංකල්පය පිලිබඳව අප වෙත අදහස් දක්වමින් කොපි කිරීමේ විසේසඥයෙක් පැවසුවේ ආසියාවේ ආස්චර්යය වීමට නම් ආස්චර්යමත් බටහිර රටවල්වල ඇති ආස්චර්යමත් දේවල් කොපිකිරීම අනිවාර්ය බවත් එසේ කිරීමෙන් අපේ සංචාරක කර්මාන්තය සීග්‍ර මෙන්ම උග්‍ර දියුණුවක් ලබාගනු ඇති බවත්ය. ඇමරිකාවේ සහ යුරෝපයේ රටවල්වල සිටින මිනිසුන්ට ප්‍රමාණවත් තරම් නිරුවත් වෙරළ නැති බැවින් ඔවුන් නිරුවතින් සිටීමේ ආතල් එක ගැනීමට ආස්චර්යමත් දිවයින සොයා එනු ඇත.

මද්‍යස්ත මාද්‍යක් ලෙස සියල්ලන්ටම සම අවස්ථා ලබාදෙන ඕපාදූපයා පුවත්පත ගෝත්‍රවාදීන් තිදෙනෙකුගෙන්ද මේ ගැන අදහස් දැනගැනීමට ක්‍රියාකළ බව පවසන්නේ මහත්මැ චූන් එකකිනි. පළමු දෙදෙනාම අදහස් පලකිරීමෙන් වැලකුන අතර පසුබෑම හමුවේ නම සඳහන් කිරීමට අකමැතිවූ තුන්වැන්නා පැවසුවේ ජනාවාර්ගික ප්‍රශ්නයට දෙන විසඳුම මෙන්ම මෙම විසඳුමත් ඉතා ආස්චර්යමත් බවත් සුළුතර ජනකොටස්වල ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා සිංහල ජනතාව අතරද නිරුවතින් නෑමේ පුරුද්ද වර්ධනය කිරීම සඳහා තවත් වැඩපිළිවෙලක් ගැන රජය සමග තවදුරටත් සාකච්ඡා කෙරෙමින් ඇති බවත්ය. ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් සොයාගෙන ඇති නවතම අසාධාරණය වන දෙමළුන් දුෂ්ඨ සිංහල ගෙවල්වල තාඩන පීඩන වලට ලක්වෙමින් මෙහෙකාර සේවයේ යෙදීම වෙනුවට අරාබි රටවල සියලු සැප පහසුකම් සහිත සුපවයිසර් සේවය සඳහා යැවිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය. (දැනට මෙම සුපිරි වරප්‍රසාදය ලබන වර්ගවාදී දුෂ්ඨ සිංහල ස්ත්‍රීන් අහිංසක අරාබින්ව වධ දීම බලෙන් ලිංගික කටයුතුවල යෙදවීම වැනි තාඩන පීඩන වලට ලක්කරන බැවින් දෙමළ කාන්තාවන් කෙරෙහි ඉදිරියේදී වැඩි ඉල්ලුමක් ඇතිවීමට හැකිය) 

මේ අනුව ඉදිරියේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇති කරන නිරුවත් වෙරළතීර මගින් සිංහල ගෝත්‍රික සමාජයේ ආකල්පමය වෙනසක් ඇති වෙතැයි විශ්වාස කෙරෙන අතර රජය විසින් හැකි ඉක්මණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළයුතුයැයි අපි සිතමු. මක්නිසාද යත් ඉන්පසු බහුතරයක් වෙනත් පළාත්වල සිටින දෙමළ ජනයාගේ සුවිශේෂී ප්‍රශ්න විසඳීම සඳහා දේශපාලන විසඳුමක් උතුරු නැගෙනහිර දෙපළාත්වලට ලබාදීමටත් ඇති බැවිනි."

*
මෙම ප්‍රවෘත්තිය ඕපාදූපයා විකල්ප පුවත්පතෙන් උපුටාගත්තක් බව කරුණාවෙන් සලකන්න.

7 comments:

  1. දිය යුතු තැනට නිල් වෙන්නටම දී තිබේ.

    ReplyDelete
  2. AnonymousJuly 16, 2011

    තමන්ම ලියලා තමන්ම හොඳයි කියා ගන්න එකත් හොඳා තමා බොලල්ලා.

    ReplyDelete
  3. AnonymousJuly 16, 2011

    බ්ලොග් අවකාශයෙ ඉන්න සිරාම පොරටත් කින්ඩියක් දමල නොවැ.
    හප්පේ දෙන් ඉතින් හොඳටම උදහස් වෙයි. විසුමක් වෙන්නෙ නැහැ දැන් නම්.

    ReplyDelete
  4. AnonymousJuly 16, 2011

    තම තමංගෙ මට්ටං තම්මැට්ටංලුනෙ නෙ. ආයිබොවං? යාලු මිත්‍රයො ඉන්නෙ එව්වට තමා..

    ReplyDelete
  5. නිරුවත් වෙරල ගැන පොඩිගමයටත් රිදිල වගේ...... ඔං අපි නම් ඕක දානවට ජනාධිපති තුමාටත් , රජයටත් බොක්කෙන්ම සපෝට් ,

    "ඇමරිකාවේ සහ යුරෝපයේ රටවල්වල සිටින මිනිසුන්ට ප්‍රමාණවත් තරම් නිරුවත් වෙරළ නැති බැවින් ඔවුන් නිරුවතින් සිටීමේ ආතල් එක ගැනීමට ආස්චර්යමත් දිවයින සොයා එනු ඇත.
    "

    එහෙම නම් ඉතින් නිරුවත් නැති සාමාන්‍ය වෙරල හොයාගෙන සුද්දො ලංකාව එන්නේ ඇයි ?

    (මුහුදක් නැති ප්‍රදේශ වල අයටත් ඒ අහල පහලකින් මුහුදක් හොයා ගන්න පුලුවන් නේ )

    ReplyDelete
  6. නියමෙට ලියලා.සුභපැතුම්!

    ReplyDelete
  7. හ්ම්ම් හ්ම් මටත් තේරුණා සපෝට් බව. මට නිකන් කැසිල්ලක් වගේ එනවා නොවැ ඔව්වගේ දේවල් කියවනකොට :) හැහ්!

    අවුව තපින්න වෙන්න පුළුවන් සුද්දො එන්නෙ. මම නං ඔය සුද්දො එන්නෙ මොකටද කියල ගැඹුරට හොයල බැලුවෙ නෑ. තව ඉතින් මේ රටේ බලන්න දේවල් නැතුවයැ?

    මට මෙතන කරන්න ඕන වුණේ සුද්දො හිටගෙන කරන වැඩේ අපිත් දුව දුව කරන්න ඕනය කියල හිතෙන තදබල හීනමානයට පොඩි නෝන්ඩියක් දාන එක. (උන් ඉන්න විදියට අපේ එවුන් ඉන්න ඕන කියල එකක් නෑ නෙව) ඒක අර ජනවාර්ගික පුරස්නෙ කියල කියන එකටත් සම්බන්ද වෙනවා හාසජනක විදියට.

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.