Tuesday, July 5, 2011

යුද අපරාද විඩියෝ සාක්කි ගැන කතා 1

අපේ ශවේන්ද්‍ර මහත්තයගෙ වැඩේ ගැන ලියාපු ලියුමට බුවාකොලුව දාල තිබුණ ප්‍රතිචාරවගයක්. මට සිද්ද උණා ඒකට උත්තර වසයෙං අලුතෙං ලොග් එකක් ලියන්න. මොකද පිංතූර දාන්නෙ නැතුව අමාරුයි මේ කාරණේ මතු කරන්න.

මේක නං වෙනදට ලියන එව්වටත් වඩා මෙලෝම රහක් නැති එකක් වෙන්න තමා ඉඩ තියෙන්නෙ. මොකද තියෙන්නෙත් අර හතරෙ ඇලේ උන්ගෙ විඩියෝව ගැන. අනිත් පැත්තෙන් ඕක ගැන වැඩිය හොයන්න කාටවත් උනන්දුවක් ඇත්තෙත් නෑ කියන එකයි මගේ කල්පනාව. කොහොමිංහරි අපි යමු කොලූගෙ කොමෙන්ටුවලට.

/*
යුද්ධේ යන අස්සෙම චැනල් 4 එකට විඩියෝ හදන්නත් පුලුවන් වෙන්න කැලි රූපගත කරල තියල වගේ . ශා... මාරයිනේ
*/

කොලූ මාරයි නෙවෙයි එහෙම දේවල් කරා. පොඩ්ඩක් මතක් කරල බලනවා. ඔය චැනල් 4 එකේ එවුන් ටිකක් මාට්ටු වෙලා රටින් පිටුවහල් කරා .


ඒක පැත්තකින් තියමු . බුවා කොලුවට තේරුණේ නැතුව ඇති මං හිතන්නෙ මගේ තර්කය ප්‍රධාන වශයෙන් යොමු වුණේ රමේශ් කියන මිනිහගෙ මරණය ගැන. උං කියනවා රමේශ්කාරයා හමුදා අත් අඩංගුවෙදි මරලාය කියල. ඒවගේ ඇඟවෙන්න විඩියෝ එකක් පෙන්නනවා. නමුත් එතන ලංකාවෙ හමුදාව සම්බන්ධ කරන්න කිසිම සාධකයක් නෑ. මිනිහව වට කරගෙන ඉන්නෙ කොටි ටිකක් කියන එකයි මගෙ තර්කය උණේ.


ඊලඟට නිරුවතේ ප්‍රස්නය.
/*
මැරුවට පස්සේ උනත් ඇඳුම් ගලවන්නෙ මක්කටෙයි . යුධ නීතිවලට අනුව එහෙම කරන්නය කියල කොහෙවත් නැනේ . චැනල් 4 එක සාධාරණ ව මේවා ඉදිරිපත් කරනවාය කියල කව්ද කියන්නේ . උන් හැම තැනකම කියන්නේ "බව පේනවා " කියලනේ .
*/

මම කියන්නෙ මරල ඉවර වෙලා ඇඳුම් ගලවලා කියල නෙවෙයි. මැරිච්ච ගෑනියෙක්ගෙ ඇඳුම් ගලෝල විඩියෝ එකක් ගන්න පුළුවන් කාම අපරාධයක් ගැන සාක්කියක් හැටියට . ඒකයි මම කියන්නෙ තමං බලන කෝණය අනුවයි යම්කිසි සිද්දියක් අපි ගොඩනගා ගන්නෙ. බුවාකොලුව හිතනවා යුද අපරාද වල සාක්කි තමයි මේ විඩියෝවල තියන්නෙ කියල. එහෙම හිතාගෙන බලනකොට පේන්නෙ ඒ විදියට. නමුත් මේව යුද අපරාද ගැන සාක්කි විදියට හදාගත්තු ඒව ඒ නිසා මේ ගැන වෙනත් පැහැදිලි කිරීමක් තියෙන්න පුළුවංය කියලයි මම බලන්නෙ.

ඊලඟට ඊලාම් නිවේදිකාව. ඔන්න ඒ ගෑනි ගාව ඉන්න අනිත් මිනිස්සු හමුදාවෙ අයයි කියල (ඉසිප්‍රියාගෙය කියන මළකඳ ගාව ඉන්නෙ කවුද කියල විඩියෝවෙං පේන්නෙ නෑ) වගේ පෙන්නන්න පුළුවං වුණා නම් තව සැකකරන්නවත් තිබුණා. නමුත් C4 කාරයෝ ඒක බොහොම හැඟීම්බර විදියට දානවා. තියන්නෙ නිරුවත් මළකඳයි නිවේදකයගෙ කටින් කරන අපරාධයයි විතරයි. ඒකයි මම කියන්නෙ බැලූ බැල්මට සාක්කි වගේ පෙනුනාට මේව සාක්කි විදියට ගන්න අතින් විසාල ප්‍රමාණයක් දාගන්න ඕන කියල .

/* උන කටහඬක් ඉදිරිපත් කරනවනේ සිවිල් වැසියනුත් දූෂණය කලා කියල . ඊට පස්සේ ඒ අනුව උන් අතටත් සිද්ධිය අමුනනව .
*/
එක විඩියෝ එකත් එක්ක අමුනන්න බෑ. මොකද විඩියෝ එකේ ඉන්න කවුරුත් එයා අඳුරන්නෙත් නෑ . නිකන් කට හඬකින් කිව්වට වැඩක් නෑනෙ. ඒ කෙනාගෙ සාක්කිය දෙන්න උසාවි යන්න එපායැ. කොලුව හිතන විදියට නෙවෙයි විඩියෝ එක වැදගත් වෙන්නෙ. විඩියෝ ඇවිල්ල දෙවෙනි පෙළ (උපකාරක ) කතා. නමුත් ඒකට තමා වැඩි බරක් පචාරයෙදි ලැබෙන්නෙ. මොකද ඒකෙන් නොදන්න මිනිස්සුන්ගෙ ලේ කෝප කරවන්න පුළුවං .  

මොන බයිලාව කිවුවත් මිනිස්සු මේව පිළිබඳව නිගමනය කරන්නෙ තර්ක බුද්දිය දාල නෙවෙයි හැඟීමට . (සුද්දංගෙ රටවල්වලත් ඇතුලුව එහෙමයි )

/*
මැරුවට පස්සේ ඇඳුම් ගලවන්න සාධාරණ හේතුවක් තියනවානම් හරි, නැත්නම් ඉතින් උන්ගේ තර්කයට පදනමක් ලැබෙනව . කාන්තාවන් දූෂණය කලාමයි කියල වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු නොකරාට යුධ අපරාදයක් ඔප්පු කරගන්න ඕවා භාවිතා කොර්න්න පුලුවන් . මොකද මම දන්න තරමින් මරන්න කලින් වත් මැරුවට පස්සෙවත් සතුරන්ගෙ ඇඳුම් ගැලවීමේ අයිත්යක් නැ
*/

මම බැලුවා දෙමළනෙට් අඩවියට ගිහිල්ල ඒ දවස්වල කොටි මරාදාපු අපේ හමුදාවෙ අයගෙ පිංතූර දාපුව තියනවා. ඇඳුං ගැලවිලා තියෙන්නෙ කොටි කෙල්ලංගෙ විතරද කියල බලන්නයි මට ඕන වුණේ.



---------------------
----------------------------
ඔතන උඩින් තියන රූප දෙක දෙමළනෙට් අඩවියෙං ගත්තුවා. පහලිං තියන්නෙ විඩියෝ එකෙන් ගත්තු එකක්.
මං හිතනවා පිරිමි අයගෙ ඇඳුම් ගලවලා තියන්නෙ ලිංගික අතවර කරන්න නොවේය කියල . කොලුවගෙ ප්‍රස්න සැට් එක මෙතෙන්ටත් අදාලයි. එක්කො මේ අයව අත් අඩංගුවේදි ඝාතනය කරල සහ ඊට කලින් අතවර කරල වෙන්න ඕන. එහෙමත් නැත්තන් මැරිච්ච අයගෙ ඇඳුම් මොකක් හරි හේතුවකට ගලවලා. ආයිත් කොලුවගෙ ප්‍රශ්න මම උපුටා දක්වනවා.

"මැරුවට පස්සේ උනත් ඇඳුම් ගලවන්නෙ මක්කටෙයි . යුධ නීතිවලට අනුව එහෙම කරන්නය කියල කොහෙවත් නැනේ"
මැරුවට පස්සේ ඇඳුම් ගලවන්න සාධාරණ හේතුවක් තියනවානම් හරි, නැත්නම් ඉතින් උන්ගේ තර්කයට පදනමක් ලැබෙනව

ඒ කියන්නෙ මේ පිරිමි උදවියටත් කාම අපරාධ කරල කියලද? හැබැයි බුවෝ ඔය කොලුකාරයො කියන එව්වො දැං වැඩිවෙලාය කියල සමහරු කියනවා. පොරබාකොරංකාරයත් අන්තිමට හිටියෙ අමුඩ කෙටිය පිටිං උන්දැටත් ඇ__ලද ඔය අසමජ්ජාතියො? අනෙ අම්මප!

මොකද මම දන්න තරමින් මරන්න කලින් වත් මැරුවට පස්සෙවත් සතුරන්ගෙ ඇඳුම් ගැලවීමේ අයිත්යක් නැ

ඒක නම් යුද නීතිය කැඩීමක්ද කියල මම දන්නෙ නෑ. හැබැයි මම එකක් හොඳටම දන්නවා මුංගෙ චෝදනාව නං මැරිච්ච එවුන් නිරුවත් කලාය කියන එක නෙවෙයි. ගෑණුංගෙ ඇඳුම් ගලෝල නිසා අතවර වෙලා කියල කියනවා නම් පිරිමින්ගෙත් ගලෝල තියන්නෙ අතවරේට ලක් කරන්න වෙන්න ඕන. එහෙම නැත්නම් ඇඳුං ගලවන්න හෝ ගැලවෙන්න තවත් හේතු තියෙන්න පුළුවං

ඔය ඇරුණාම තියනවා විඩියෝ විස්ලේසණයෙං ලැබුණාය කියන සාක්කි. ඒ ගැනත් කාරණයක් දෙකක් කියන්න තියනවා. බලමු.

14 comments:

  1. ඔය පිටිවහල් කිරීමත් එක්ක තමයි චැනල් 4 කතන්දරේ බරපතල වෙන්න ගන්නේ. හරි එතකොට ඔබතුමා කියන විදිහට චැනල් 4 කාරයින් පිටුවහල් කරන්න කලින් කරපු රූගත කිරිමුත් මෙතන භාවිතා කරල තියනව . එතකොට ප්‍රශ්නේ තියෙන්නෙ චැනල් 4 කාරයෝ ඇත්තට සිදුවෙච්ච ඒවා රූගත කර කර ඉද්දි අපි උන්ව එලෙව්වද ? නැත්නම් උන් වුවමනාවෙන්ම විඩියෝ හද හද ඉද්දි එලෙව්වද ? කියන එක . ඒ දේ දැන ගන්න ඔබතුමාටවත් මටවත් බැ . ඒ සඳහා විඩියෝ විශ්ලේෂනයකට යන්න වෙනවා . ඒ නිසා ඔබතුමා කියන විදිහට සාක්ෂි නෙවෙයි කියල ඉවත දාන්න බැ . මම කියන්නේ සාක්ෂියක් වීමේ හැකියාවක් තියනව කියල විතරයි . සිද්දිය දිහා විවෘතව බැලුවාම එතන දෙපැත්තක් තියන බව පේන්න ඕනි

    ඊලඟට රමේශ් කාරයා වට කරගෙන ඉන්නේ කොටි කියලයි ඔබතුමා කියන්නේ.ඊලඟට ඉසිප්‍රියා, අර ගහේ බැඳල ඉන්න කොටිය ඔය සෙට් එක ගැනම ඔය තර්කය දාන්න පුලුවන් ."ඒ අපෙ හමුදාව නෙවෙයි " හැබැයි ඔබතුමාටවත් ඒක ඔප්පු කරන්න බැ . ඒ කොටි වෙන්නත් පුලුවන් හමුදාව වෙන්නත් පුලුවන් . නැවතත් දෙපැත්තටම තියන කථාවක් . අන්න එතනිදිත් සැක දුරු කරගන්න විශ්ලේෂනේකට යන්න වෙනව .
    01) මේ විඩියෝ විකෘති කරලද නැද්ද
    02) රූගත කිරීම් දිනය කවදද?
    03) ඒ රූප වල ඉන්නේ අදාල පුද්ගලමද
    04) ඊලඟ ට හැසිරීම් රටා ඇතුලු රූපමය ගුණාංග

    ඔය වගේ තවත් ගොඩක් දේවල් විශ්ලේෂණය කරල තමයි විඩියෝ සාධක භාවිතයට ගන්නේ , අනික මේ විඩියෝ තනි තනිව නෙවෙයි ඉදිරිපත් වෙන්නෙ . නඩුවකදි ඔය මූණු වහන් ඉන්න උනුත් සාක්ෂි ඉදිරිපත් කරයි . ඒ වගේම රතු කුරුස සංවිධානයේ වාර්ථා , දරුස්මාන් වාර්ථාව වගේ දේවල් ගොඩක් අපිට එරහිව පෙල ගැහිල තියෙන්නෙ . මේවා කුමන්ත්‍රණ , අධිරාජ්‍ය වාදීන්ගෙ වුවමනාව කිව්වට වැඩක් නැ . අපි ක්‍රියාත්මක වෙන්න ඕනි . කොටින්ම දැන් දෙමලෙන් තියන විඩියෝව සිංහලෙන් හඬ කවලාය තියෙන්නෙ කියල මේ දවස් වල ලංකාවේ අපිට පෙන්නන විඩියෝව මුලින්ම ආවෙ 2009දී කෝ අපි නඩු දානව කිව්ව දැම්මද ? එතන ඉන්නේ අපේ හමුදාවේ නෙවෙයි නම් , දෙමලෙන් කරල සිංහලෙන් හඬත් කවල නම් ඒක ලේසියෙන්ම ඔප්පු කරන්න තිබුනනෙ ඇයි එහෙම නොකලේ ?

    ReplyDelete
  2. ඔබතුමා අපේ හමුදාව නිවැරදිමයි කියන මානසිකත්වයේ ඉඳන් බලල කියනව මේ එකක්වත් ඔප්පු කරන්න බැ අපේ හමුදාවය කියල . නමුත් එහෙම කිව්වට ඒ අපේ හමුදාව නෙවේය කියල ඔප්පු වෙන්නෙත් නැ . එතන තියන විඩියෝ පට දෙක තුනක හමුදාවේ අය කියල කට්ටියක්ව පෙන්නනව , උන් සිංහලෙන් කථා කරනව . ඒවා ව්‍යාජ නම් එක්කො සිංහල උන්ව දම්මල රඟ පාල නැත්නම් සිංහලෙන් හඬ කවල . එහෙමත් නැත්නම් සිංහල කථා කරන දෙමලු ටිකක් දම්මල රඟපාලා . මේ විඩියෝ පට ව්‍යාජ කියල ඔප්පු කරන වැඩේ අපිට කරන්න සිද්ධ වෙන බව පෙන්නෙ නැද්ද ? ඒවා සත්‍යයි කියල ඔප්පු වුනොත් අනික් ඒවා ගැනත් වාසීය ලැබෙන්නෙ කාටද ?

    පිරිමිගෙ ඇඳුම් සහ කාන්තාවගේ ඇඳුම් කියන දේත් වෙනසක් තියනව , ඊලඟට පිරිමින්ගෙ ඇඳුම් නැතුව සිටීම් සහ අර පෙන්වන කාන්තා මල සිරුරු වල තත්වයත් අතර වෙනස්ක් තියනව . ඔබතුමාට ඒවා පෙන්නෙ නැත්තේ ඒ ගැන විවෘතව බලන්න සූදානම් කමක් නැති නිසා .

    අවසාන වශෙයෙන් කියන්න කාරණා දෙකක් තියනව

    01) මම කියන්නෙ මේ විඩියෝ පට නිවැරදියි , චැනල් 4 100% ක් හරි , අපි යුධ අපරාද කරල තියනව , දඬුවම් ලැබිය යුතුයි කියන එක නෙවෙයි . මේවාට නිසි විදිහට පිලිතුරු දෙන්න ඕනි කියන එකයි . ඒ කියන්නේ ඒවා තාක්ෂනිකව වැරදි නම් ඒ දේ ඔප්පු කරන එකත් , නැතිනම් විකල්ප ක්‍රියාමාර්ග වලට යන එකත් . 2009 විඩියෝවට නිසි පිලිතුරු දීල තිබුන නම් , වැරදි නම් නඩු දාල තිබුන නම් . සත්‍යයඉ කියල ඔප්පු කිරීමේ වගකීම චැනල් 4 එකට දීල නිකා ඉන්න තිබුනා . නමුත් දැන් තත්වය වෙනස් . ඒ නිසා අපිට අසත්‍යතාව කොතනදි හරි ඔප්පු කරන්න සිදු වෙනවා . එතකන් ඒවා සාක්ෂි විදිහට පිලිගන්න බව පේන්න තියනව

    02) මම මොනව කිව්වටහ් මේවා සාක්ෂි නෙමේය , මේ ඉන්නෙ අපේ හමුදාවේ උන් නෙමේය කියන මතයෙ තමයි ඔබතුම ඉන්නේ . අන්තවාදීව බලන නිසා ඒවා සාක්ෂි විදිහට භාවිතා විය හැකි විදිහක් වත් ඔබතුමා දකින්නෙ නැ . ඔබතුමා නිවැරදියි කියල සතුටු වෙලා බලා ඉන්නකො . අපි පිලිතුරු නොදුන්නොත් ඒවා සාක්ෂි විදිහට ලස්සනට යොදා ගන්න හැටි ඉදිරියේදී දකින්න ලැබෙයි

    ReplyDelete
  3. AnonymousJuly 05, 2011

    මෙතැන ඇති වෙලා තියෙන්නෙ මේ වීඩියෝ කොටස් කිසිම හෙවිල්ලක් බැල්ලිලක් නැතිව සත්‍යය කියන පිරිසක් හා එවැනිම ස්ථාවරයක ඉඳගෙන අසත්‍යය කියන පිරිසක් අතර ගැටුමක්. මේ දෙපිරිසටම තමන්ගෙ පිළ සෝදා පවිත්‍ර කරනවා විනා සත්‍යය සොයා ගැනීමේ උනන්දුවක් නෑ. හොයා ගත්තත් ඔවුන් එය පිළි ගන්නේද නෑ. මට මතක් වෙන්නේ For those who believe no evidence is necessary, for those who don’t know evidence is enough කියමන.

    මේ වීඩියෝ වල නිර්මාණය කළ බොරුය හිතන්නට පුළුවන් කොටසුත් එසේ සිතන්නට අපහසු කොටසුත් තියන බව බැලූ බැල්මට පේනවා. එතනින් එහා මොනවා සත්‍යද මොනවා අසත්‍යද කියන එක තීරණය කළ හැක්කේ මැදහත් පාර්ශ්වවයකට පමණයි. එවැනි මැදහත් පාර්ශවයක් අතින් මේ වීඩියෝ ක්ලිප් විශ්ලේෂණයකට බඳුන් වෙනවා මම නම් තවම දැක නෑ. ඉතින් ඒ පැත්තට මේ පැත්තට බෙදී තමන්ගේ පිළ බේරා ගැනීම වෙනුවේන් මේ ගැන කතා කිරීම ඵලක් නැති දෙයක්. මොකද ශ්‍රී ලංකා රජය හා ඔවුන්ගේ අනුගාමිකයින් මේක ඇත්ත කියා පිළි ගන්නෙත් නෑ, දෙමළ ඩයස්පෝරාව මේක බොරු කියා පිළි ගන්නේත් නෑ.

    ReplyDelete
  4. /* ඔය පිටිවහල් කිරීමත් එක්ක තමයි චැනල් 4 කතන්දරේ බරපතල වෙන්න ගන්නේ. හරි එතකොට ඔබතුමා කියන විදිහට චැනල් 4 කාරයින් පිටුවහල් කරන්න කලින් කරපු රූගත කිරිමුත් මෙතන භාවිතා කරල තියනව .
    */
    මම නොකියාපු දේවල් කිව්වය කියල ලියන්න එපා. නෝන්ඩි වෙනව.

    /*
    එතකොට ප්‍රශ්නේ තියෙන්නෙ චැනල් 4 කාරයෝ ඇත්තට සිදුවෙච්ච ඒවා රූගත කර කර ඉද්දි අපි උන්ව එලෙව්වද ? නැත්නම් උන් වුවමනාවෙන්ම විඩියෝ හද හද ඉද්දි එලෙව්වද ?
    */

    නෑ මං හිතන්නෙ එහෙම නෙවෙයි.. වැඩේ වුනේ. ඊට කලිං ඉඳන්ම සුද්දොයි ඩයස්පොරවලුයි ජිනෝසයිඩ් ජිනෝසයිඩ් කියල කෑගැහුව. උන්ටික එන්න ඇත්තෙ සුද්දො කියාපු කතාව හරි කියල නිවුස් වාර්තාවක් දෙන්න නෙව.

    අල්ජසීරා වගේ එවුන් නිරුවතිං හැසිරෙන විදිය දැක්කාම හිතා ගත්තෑකි මුන්ට ඕන විදියට නටන්න දුන්නනම් වෙන වැඩේ. කොලූට කොච්චර කළත් "බිග් පිචෑර්" එක පේන්නෙ නෑ නෙව.

    /*ඊලඟට රමේශ් කාරයා වට කරගෙන ඉන්නේ කොටි කියලයි ඔබතුමා කියන්නේ.ඊලඟට ඉසිප්‍රියා, අර ගහේ බැඳල ඉන්න කොටිය ඔය සෙට් එක ගැනම ඔය තර්කය දාන්න පුලුවන් ."ඒ අපෙ හමුදාව නෙවෙයි " හැබැයි ඔබතුමාටවත් ඒක ඔප්පු කරන්න බැ . ඒ කොටි වෙන්නත් පුලුවන් හමුදාව වෙන්නත් පුලුවන් . නැවතත් දෙපැත්තටම තියන කථාවක් . අන්න එතනිදිත් සැක දුරු කරගන්න විශ්ලේෂනේකට යන්න වෙනව .*/

    මේක සැකදුරු කරගන්න විස්ලේසණෙං බෑ මුල් විඩියෝවෙ තවත් කොටස් තියනවානම් ඇර. (පුළුවන්නම් එහෙම විදියක් පෙන්නන්න. මෙන්න මේ දත්තය විඩියෝ විස්ලේසනෙං අරන් තහවුරු කරන්න පුළුවං කිවුවනම් ඇති) කොලූ කැත නැතුව පච කියනවා.


    දෙපැත්තටම අනුමාන කරන්න පුළුවං එව්ව පාවිච්චි කරල මොකුත් තහවුරු කරන්න බැරි බව කවුරුත් දන්නව. චෝදනා කරන්න විතරයි පුළුවං. තහවුරු කරන එක අපේ වැඩක් නෙවෙයි. ඒක උංගෙ වැඩක්. තහවුරු කරන්න බැරි නම් අකුලගන්න වෙනවා.

    /*
    01) මේ විඩියෝ විකෘති කරලද නැද්ද
    02) රූගත කිරීම් දිනය කවදද?
    03) ඒ රූප වල ඉන්නේ අදාල පුද්ගලමද
    04) ඊලඟ ට හැසිරීම් රටා ඇතුලු රූපමය ගුණාංග

    ඔය වගේ තවත් ගොඩක් දේවල් විශ්ලේෂණය කරල තමයි විඩියෝ සාධක භාවිතයට ගන්නේ*/


    විඩියෝ විස්ලේසණේ ගැනත් මට කරුණු ටිකක් ලියන්න වෙනවා. ඒව වෙනම ලියුමකින් එයි. දැනට කියන්න තියන්නෙ විඩියෝ සාක්කි ගොඩනගන්න ඕනකරන යම් කිසි පිළිගත් ක්‍රියාදාමයක් තියනවා ඒක කරන්නෙ නැතුව ගන්න විඩියෝ සාක්කි වලිං ඔය හතරම නිර්ණය කරන්න බෑ.


    /*කොටින්ම දැන් දෙමලෙන් තියන විඩියෝව සිංහලෙන් හඬ කවලාය තියෙන්නෙ කියල මේ දවස් වල ලංකාවේ අපිට පෙන්නන විඩියෝව මුලින්ම ආවෙ 2009දී කෝ අපි නඩු දානව කිව්ව දැම්මද ? එතන ඉන්නේ අපේ හමුදාවේ නෙවෙයි නම් , දෙමලෙන් කරල සිංහලෙන් හඬත් කවල නම් ඒක ලේසියෙන්ම ඔප්පු කරන්න තිබුනනෙ ඇයි එහෙම නොකලේ ?
    */

    ඒ පුරස්නෙට නම් මට උත්තරයක් දෙන්න බෑ. ඒක ආණ්ඩුවේ තීරණයක්. එහෙම නඩු නොදැම්මෙ සිංහල ජාතිවාදී වර්ගවාදී කියන උදවියගෙ බටහිර බලපෑම් කතාව නිසා නොවේය කියන එක නම් මට කියන්න පුළුවං.

    ReplyDelete
  5. @ano -මමත් මුල ඉඳලම කියන්නෙ ඔය විඩියෝ පට මධ්‍යස්ථ විමර්ශනයකට යා යුතුය කියන එක තමයි . මේ බ්ලොග් එකේ මහත්තය කිසිම ගින්නක් නැතුව ඒ විඩියෝ ප්‍රතික්ෂේප කොරන නිසා තමයි . ඒ විඩියෝ වල සැලකියුතු කාරණා තිය්නවා ය කියන දේ මතු කරන්න උත්සහා කරන්නෙ

    ReplyDelete
  6. /*
    පිරිමිගෙ ඇඳුම් සහ කාන්තාවගේ ඇඳුම් කියන දේත් වෙනසක් තියනව , ඊලඟට පිරිමින්ගෙ ඇඳුම් නැතුව සිටීම් සහ අර පෙන්වන කාන්තා මල සිරුරු වල තත්වයත් අතර වෙනස්ක් තියනව . ඔබතුමාට ඒවා පෙන්නෙ නැත්තේ ඒ ගැන විවෘතව බලන්න සූදානම් කමක් නැති නිසා
    */

    ඉතින් මේ වෙනස මොකද්ද කියල සිංහලෙං ලියනවකෝ. එතකොට මට මගඇරුණු දෙයක් තියනවා නම් අහුවෙනවා නෙව. ඕක කියන්න පත්තර පිටුවක් විතර ලියන්ට ඕනැ වෙයිද?

    ReplyDelete
  7. අපි මේ විඩියෝ විස්ලේසණය නොකර ඉන්න ඕනද?

    නෑ. අපිට හිතවත් විසේසඥයංගෙන්(නාත දෙයියංගෙන් පුළුවන්නම් ඒත් කමක් නෑ) මේ ගැන සවිස්තර වාර්තාගන්න එක කරන්න ඕන. ශවේන්ද්‍ර මහත්තයයි රාමවික්‍රම මහත්තයයිත් කලේ එහෙම නෙව. ඉන්පස්සෙ අපේ පැත්තෙ කතාව හදාගන්න ඕන පැහැදිලිව.සංගත වෙන්නත් පුළුවං විදියට.

    අපි මේ කතාව කාටද කියන්න ඕන?

    අපේ හිතවතුන්ට. ඉන්පස්සෙ අහිතවත් රටවලටත් කියතෑකි. හැබැයි ආණ්ඩුවලට ඒත්තු ගන්නන්න නෙවෙයි. නොදන්න පිරිසකට ඒත්තු ගන්නන්න.


    අපි මේ පුරස්නයෙදි මධ්‍යස්ත සහ සත්‍යවාදී වෙන්න ඕනද?

    කිසිසේත් නෑ. හේතුව බුවාකොලුවම කියනවා. කොලූට අනුව ලෝක දේසපාලනය සර්වසාධාරණ නෑ. කොලූ මද්‍යස්තකාරයා නිසා කොහොමත් ඕක ලියන්නෙ සැර බාල වෙන විදියට. (සුද්දොංට චෝදනාවක් එන වැඩක් නෙව)

    නමුත් මට ඕක කියන්න පුළුවන්. ලෝකපාලනයෙදි බලය තියනවානම් සාධාරණෙයි අසාධාරණෙයි තීරණය කරන්න පුළුවං

    මේ කාරණා හින්දා විජාතික බලවේග ඉස්සරහ අපි සාධාරණය කරන්න ගියාම වෙන්නෙ දෑතිංම තොන්ඩුව දා ගැනීම. ඒ නිසා අපි අනිවාරයෙංම කපටි වෙන්න ඕන. අසාධාරණ වෙන්න ඕන. ඊනියා සත්‍ය යකාට යන්න කියල මේ අවනඩුවෙං ගැලවෙන්න පුළුවං විදියට වැඩ කරන්න ඕන.

    ReplyDelete
  8. මට කියන්න තියන ටික මම කියල ඉවරයි . විඩියෝ විශ්ලේෂනයෙන් කොරන්න බැරි පුලුවන් දේ ගැන තාක්ෂනික පැත්ත මම දන්නෙ නැතුව . හැබැයි උන් එක තැනක කිය්නව මේටා ඩේටා භාඉත කරල දිනය තහවුරු කොරගත්තාය කියල .. අන්න ඒ නිසයි ඒ ගැන ලිව්වේ දන්න මනුස්සය ලියන්නකො බලන්න ඒ ගැන


    රජය නොකරපු දේ ගැන ඔබතුමාට උත්තර දෙන්න බැ තමයි , හැබැයි එහෙම නොකලායින් තමයි මේ පාර අපිට ම ඒවායෙ අසත්‍ය කම් පෙන්නන්න වෙලා තියෙන්නෙ . තොපිම ඔප්පු කර පිය කියල නිකා හිටියොත් අපිටමයි අවාසිය .

    අපිට හිතවත් උන්ගෙන් විශ්ලේෂනය කොරන්න යෝජනා කරන එකම් ගොන් කමක් . ඔබතුමාට විශ්වාස නම් විශ්ලේෂනයකින්වත් ඔව අපිට විරුද්ධ සාක්ෂි විදිහට ඔප්පු කරගන්න බැය කියල . ස්වාධීන විශ්ලේෂනයක් තමයි අවශ්‍ය . එහෙම එකක් ඉල්ලන්න මුල් වෙන්න ඕනි අපි . අපි නිහඬව හිටියාම තමයි ප්‍රශ්නය ඇවිලෙන්නෙ

    ලෝකය අසාධාරණයි කියල මම කිව්වේ අපිට ඕනි විදිහට පොර ටෝක් දෙන්න පුලුවන් කියල නෙවෙයි . හැබැයි ඔබතුමා හිතාන ඉන්නෙ අපි සාධාරණ වෙන්න ඕනි නැ , අපිට ඕනි විදිහට වැඩ කල හැකි කියල . එහෙම බලයක් අපිට තියනව නම් ඔය විඩියෝ පට ගැන ඔච්චර ප්‍රශ්නයක් ඇති වෙන්නෙවත් නැනේ . එහෙම තියෙත්දිත් ඔබතුමා කථා කරන්නෙ ලොකු කම් හිතට අරන් වැඩ කරන ක්‍රමයකට යන්න

    ReplyDelete
  9. AnonymousJuly 06, 2011

    පොඩිගමයා මෙතැන පෙනී සිටින්නේ තමන්ගේ පාර්ශවය රැක ගැනීමට බොරු කීම වෙනුවෙන් නම් වීඩියෝව විශ්ලේෂණය කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැත. අවශ්‍ය හැම දෙයක්ම බොරුය උපකල්පනය කොට ඒවා වසා ගැනීමට තව බොරු වැලක් නිර්මාණය කිරීම පමණකි. එය නිර්මාණශීලීත්වය පිළිබඳ ගැටළුවකි. අවසානයේ වඩා නිර්මාණශීලී බොරු ගෙතූ පාර්ශ්වය (නිවැරදි පාර්ශ්වය නොව) ජය ගනු ඇත.

    ReplyDelete
  10. /*අපිට හිතවත් උන්ගෙන් විශ්ලේෂනය කොරන්න යෝජනා කරන එකම් ගොන් කමක් . ඔබතුමාට විශ්වාස නම් විශ්ලේෂනයකින්වත් ඔව අපිට විරුද්ධ සාක්ෂි විදිහට ඔප්පු කරගන්න බැය කියල . ස්වාධීන විශ්ලේෂනයක් තමයි අවශ්‍ය . එහෙම එකක් ඉල්ලන්න මුල් වෙන්න ඕනි අපි . අපි නිහඬව හිටියාම තමයි ප්‍රශ්නය ඇවිලෙන්නෙ */

    නෑ නේද කොලූ. මේ විස්ලේසණ කියන එව්ව කරන්නෙත් මිනිස්සු නොවැ. විස්ලේසණේ කරගන්න අපේ හිතවතෙක් යොදාගත්තාම අපි දන්නවා ඒ මනුස්සයා කොටිංට අදින්නෙ නැතුව වැඩ කරන බව. අනිත් පැත්තෙං අපේ විස්ලේසණයෙ අරමුණ වෙන්න ඕන ඊනියා සත්‍ය සෙවීම නොවෙයි කියන එක මම කිවුවා. මද්‍යස්ත හොරවල් වලට පුළුවං ඒ උදවියගෙ විස්ලේසණේ කරගන්න. අපි ඒගොල්ලන්ට බාදා කොරන්නෙ නෑ නෙව. අපේ අරමුණ මේ විඩියෝවලට යුද අපරාද සාක්කි වසයෙං තියෙන වටිනාකම නැති කිරීම. ඒකෙදි අපිට ඕන කරන්නෙ රට ගැන හැඟීමක් තියන රට උගස් කරල හරි සත්‍ය හොයන්න ඕනාය කියල පොර ටෝක් දෙන්න තරං ඇඟේ අමාරුවක් නැති බහුමාධ්‍ය තාක්ෂණේ ගැනත් ඉහල දැනුමක් තියන උදවිය. අපි කවුරුත් දන්නවා උසාවියකදි නීතීඥයො කවුරුවත් සත්‍ය හොයන්න යන්නෙ නැති බව. එතෙන්දි පිරිමියෙක් ගෑනියෙක් කරල හරි ඒත්තු ගන්නන්න ඕන අනිත් පාර්ශවේ වැරදි බව.

    ඊලඟට ඊනියා ස්වාධීන විස්ලේසණ. ස්වාධීන විස්ලේසණ කියල අමුතු විස්ලේසණ ජාතියක් නෑ. හැම විස්ලේසණයම කරන්නෙ පක්ෂපාතී මිනිස්සු. වැඩිය ඕන නෑ අපි කලින් පෙන්නල දුන්න මද්‍යස්තය කියල කියන බුවාකොලුව පවා අර විඩියෝ එක බලල තියෙන්නෙ සමහර දේවල් හිතිං මවාගෙන අතිං අඩුතැං පුරවාගෙනය කියල. ඒ නිසා අපේ උවමනාවට ගැලපෙන්නෙ මේ කියන විඩියෝ වල තියන තොගයක් තොරතුරු වලිං අපේ පැත්තට වාසිදායක කතාව හදාගන්න බලාගෙන තොරතුරු වෙන්කරගන්න හදන විසේසඥයෙක්. එහෙම මිනිහෙකුට තමා මග ඇරෙන්නෙ නැතුව අපිට ඕන දේවල් ටික ගන්න පුළුවං.

    ඔය බටහිර විද්‍යාවෙ පර්යේෂණ කියන එව්ව කරන උදවිය දන්නවා කොහොමද තමංගෙ අදහස තහවුරු කරන්න සාධක හොයාගෙන ඒව පිළිවෙලකට හදල පලකරගන්නෙ කියල. අනිත් පැත්තෙන් එන තර්ක වලට උත්තර දෙන්න ඕන තොරතුරුත් අපිට ගන්න ඕන. දැනට අනිත් පැත්තෙ කතාව ගැන අපි යම් යම් දේ දන්නවා. ඒවයෙ තියන දුර්වල තැං ගැනත් ඒව බිඳින්න පුළුවං විදිය ගැනත් හිතේ තියාගෙනමයි මේ වැඩේට අත තියන්න ඕන.

    මෙහෙම කළාට පස්සෙ ඔය මගුල ගැන අපේ පැත්තෙ කතාව හදල ඒක ප්‍රචාරය කරන එකයි මට නම් තේරෙන විදියට කරන්න තියන්නෙ. ඒක කරන්න ඕන මොන පිළිවෙලටද කියන එකත් මම කලින් කිවුවා. අර විස්ලේසණයෙං ලැබිච්ච තොරතුරු එතෙන්දි අපිට යොදාගන්න පුළුවං තහවුරු කිරීම සඳහා.


    /*ලෝකය අසාධාරණයි කියල මම කිව්වේ අපිට ඕනි විදිහට පොර ටෝක් දෙන්න පුලුවන් කියල නෙවෙයි . හැබැයි ඔබතුමා හිතාන ඉන්නෙ අපි සාධාරණ වෙන්න ඕනි නැ , අපිට ඕනි විදිහට වැඩ කල හැකි කියල . එහෙම බලයක් අපිට තියනව නම් ඔය විඩියෝ පට ගැන ඔච්චර ප්‍රශ්නයක් ඇති වෙන්නෙවත් නැනේ . එහෙම තියෙත්දිත් ඔබතුමා කථා කරන්නෙ ලොකු කම් හිතට අරන් වැඩ කරන ක්‍රමයකට යන්න */

    මෙතනත් මගේ මතය ගැන කොලූට තේරුමක් වෙලා නෑ වගේ. මමත් කියන්නෙ බලේ තියන එකාට ඕන පොර ටෝක් එකක් දෙන්න පුළුවං. අනිත් උන්ට ඒක කොච්චර පිළිකුල්සහගත කුප්ප කතාවක්(දැං ඔය යැංකියොංගෙ මහ එකා කිව්වෙ උන්දැලට හිතුව දෙයක් කරන්න පුළුවංය කියල) උනත් කරන්න දෙයක් නෑ. බලේ නැති නිසා කරබාගෙන ඉන්න වෙනවා. වෙනත් ක්‍රියාමාර්ග යොදාගන්න වෙනවා. ඉතින් එහෙම නොවුණා නම් අපිට ඔය විඩියෝ එක ගැන හිතන්නවත් ඕන වෙන්නෙ නෑ. කොටිංම විඩියෝ එකක් හැදෙන්නෙත් නැති වෙන්න තිබුණ.

    ReplyDelete
  11. @අඥාතයා2: මම පෙනී සිටින්නෙ නිවැරදි පාර්ශවය වෙනුවෙන්. ඒ කියන්නෙ ලංකාවෙ පාර්ශවය. මෙතෙන්දි අපි අමතක කරන්න නරකයි ලංකාව ඇවිල්ල බලය අඩු පර්ශවය බවත් බලය වැඩි උන් මේ හදන්නෙ උන්ගෙ උපදෙස්වලට පිටිං යාමෙන් අපි කරපු "වැරැද්දට" දඬුවම් කරන්නය කියන කාරණාවත්. අර ගමේ කතාවක් තියනවා ගොනා හැරෙනකොට දන්නවා පොල්පැලේ කන්නය කියල.

    ඊලඟට ඇත්ත බොරු වගේ එව්ව නිර්මාණය කරන එක ගැන තමුසේ හරි අවබෝදයක් නැතුව කතාකරන බවයි මට පේන්නෙ. ඒක සාහිත්යකාරයෙක් නිකන් කනේ මී පැණි දාන වගේ බොරු ලියනවාට වඩා ටිකක් කල්පනාවෙං කොරන්ට ඕන වැඩක්. ආයෙත් සංගතකම තියෙන්නත් ඕන කියල මම කිවුවා. ඒකට තමා විස්ලේසණයක් කරන්න වෙන්නෙ. ඒ ගැන ඔය ඇති මං හිතන්නෙ.

    ReplyDelete
  12. AnonymousJuly 07, 2011

    පොඩිගමයෝ, නඩුව අහන්න කලින් නිවැරදි පර්ශවයක් කියලා එකක් නෑ. තා ඉතාම පැහැදිළිව කියලා තියෙනවා අපි අසාධාරණ වෙන්න ඕනෑ, බොරු කියල හරි බේරෙන්න ඕනෑ කියල. ඉතින් ඒ මතයි මම නිගමනය කළේ. මේ සිද්දියෙදි තා වගේ එකෙකුගෙ මතය හොරාගෙ අම්මගෙන් පේන ඇහීමක්. මොකද මේ සිද්ධි කොයිතරම් ඇත්ත කියල ඔප්පු කළත් තා එක පිළිගන්නෙ නෑ. ඉතින් ඔය බොරුවම කිය කියා හිටපිය.

    ReplyDelete
  13. @අඥාත:

    තමුසේ ගේන තර්කය පොදුවේ යොදාගන්න පුළුවන්නං නඩුවක දෙපාර්ශවයක් තියෙන්නෙ නෑ නෙව. ඒ නිසා මං මේක සිද්දියට අදාලව ගන්නවා.

    තමං නිවැරදියි කියල හිතන පාර්ශවය තෝරගන්න නඩුව අහනකම් හිටියාට කමක් නෑ හවසට අඩියක් එහෙම ගහගෙන විනෝදෙට මේ දිහා බලන උදවිය. අපි උන්දැලගෙ නිදහසට බාදා කොරන්නෙ නෑ.

    රට ගැන හැඟීමක් තියන එකාල එහෙම හිටියොත් කෝච්චිය ගිහින් ඉවර වෙයි. එතනදි අඩුතරමිං මානසිකව ලංකාවෙ ඉන්න උදවියට උනත් පුළුවං නඩුවෙ(අවනඩුව කියල කිව්වා නම් තමා හරි) පාර්ශවකාරයො වෙන්න.

    රට ගැන හැඟීමක් නැති එකාලට ඕනැකමක් තියනවා ජනතාව අතරෙ බොරු පණ්ඩිත මතයක් ඇති කරන්න. අපි අතිං වැරදි වෙලා තියනවා ඒ නිසා ඊනියා සාධාරණ පරීක්ෂණයක් කරවාගෙන අපි නිර්දෝශි වෙන්න ඕන කියල ලස්සන සුරංගනා කතාවක් කියාගෙන යනවා.

    මේ සුරංගනා කතා කාරයො බැරිවෙලාවත් කියන්නෙ නෑ. අපිට චෝදනා කරන එවුන්ගෙ සාදාරණකමක් නැති විත්තිය. උන් අසාධාරණ වෙද්දි අපිව විතරක් සාදාරණ කරන්න දඟලන්නෙ මොකටවත් නෙවෙයි සියතිං ගෙල වැලලා ගැනීමක් ඇති කරවන්න.

    ඒ නිසා අපි කියන්නෙ ඉස්සෙල්ල බටහිරයොයි ඩයස්පොරවලුයි සාදාරණ විදියට කරයි කියල තහවුරු කරගෙන එන්ට. මේ වනතුරාවට උංගෙ සාදාරණත්වයක් ගැන ලකුණක් වත් අපිට පෙනිල නෑ. ඉන්පස්සෙ බලමු අපේ සාදාරණේ ගැන.

    ReplyDelete
  14. පොඩි ගමයානනි, මෙන්න අර ලිපියේ සිංහල පරිවර්තනය. යහපත් දැයි බලනු මැන!

    ශ්‍රී ලාංකික දඩබිම් – ඇත්ත හා බොරුව | Sri Lankan killing Fields – the truth and the myth

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.