Thursday, September 8, 2011

මහරජ ගැමුණු එලිදැක්වීමේදී...

(වචන:දේශපාලනය, මහරජගැමුණු,ජයන්තචන්ද්‍රසිරි,නලින්දසිල්වා,වීරවංස)
"අපේ රටේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය දෙස බලන විට මේ රටට විරුද්ධව ක‍්‍රියාත්මක වූ බලවේගවල ප‍්‍රහාරයට ලක්වූ ප‍්‍රබලම අතීත දේශපාලන චරිතය ගැමුණු චරිතය යි"

වංස මහත්තයා ජයන්ත මහත්තයාගේ "මහරජ ගැමුණු" එලිදැක්වීමේදී කියයි.(සී නිවුස් පුවතකි)

වියදං ඉහල        ගියත්
හිමිකං කැඩිල    ගියත්
සුද්දං එරවූ           වත්
පඹයන්     කෑගැහුවත්

අලි රංචුව ඌර            වලේ
රෑ සීනුව දවල්             වලේ
චින්තනටම ලැබෙන   බලේ

මොකද?
ගැමුණු උතුමගෙං ආපු බලේ!

ඒකනෙ පඬිතුමාලට එතුමව පේන්න බැරි...

6 comments:

  1. අදහස නම් ඉතාම හොඳයි. අර වචන අතර තියන නම් වලින් එකෙක්වත් වැඩකට ඇති උන් නැහැ. හැබැයි මට සැබෑ දුකක් තියනවා ජයන්ත චන්ද්‍රසිරි ගැන නම්.(ගැමුණු මහ රජු මෙතනට මම අදාල කරගන් නැහැ. )

    ReplyDelete
  2. ගැමුණු විතරක් නෙවෙයි අපේ අබාගේ පියතුමා කියන විදිහට බුදු හාමුදුවන්ටත් නැකම් තියනවනේ , ඉතින් ආයි මොනාද නේද ?

    ReplyDelete
  3. නලින් මහත්තයගෙ කාර්යභාරය හුඟදෙනා වැදගත් කොට තකන්නෙ නෑ තමයි. මට නම් එහෙම කුහක කතාවක් කියන්න බෑ. පුද්ගලිකව ලැබුණ දේවල් අමතක කලත් ඒ ඒ උදවිය කරල තියන දේවල් වලට අනුපාතිකව බැලුවාම.

    ජයන්ත මහත්තයගෙ දේසපාලනේ ජනප්‍රියවාදීය කියල මම හිතාන හිටියෙ. නමුත් උන්නැහෙට ඉවක් තියනවා යම් මොහොතක ජනවිඥානය කියන එක අඳුරගන්න. තරුණ කාලෙ දේශපාලන සම්ප්‍රදායේ බලපෑම් නිසා කොතන හිටියා වුණත් උන්නැහෙ නිසා අපටත් යම යම් දේවල් ලැබුණ බව කියන්න ඕනා. ඒක අවිඥානික කියන්න පුළුවං.

    බුවෝ, ජැක්සන්තුමාගෙ ඒ කතාව නං නෝන්ඩි උණානේ. ඕවගේ කතා හදන එකත් ආවට ගියාට කොරන්න බෑ. මහානාම හාමුදුරුවන්ව හරියට තේරුං ගන්නෙ නැතුව.

    ReplyDelete
  4. වියදම් ඉහල ගියත්,හිමිකම් කැඩිල ගියත්.......
    අපිට මොකද නේද ලොකු උන්නැහේ,
    ඔය කියපු උත්තමයෝ අපිටත් එක්කම සැප ලබද්දි අපිටනේ ආඩම්බර.....
    (තව ඩිංගිත්තක් උනන්දු උනොත් නිව්යෝර්ක් යන්න නම දාගත්තහැකි ඕං)

    ReplyDelete
  5. ඔව් මාත් හිතන්නෙ ඔය කැඩෙනෙවා කැඩෙනවා කියන උදවියට ඒ ගැන හැබෑ උනන්දුවක් නෑ. ගාණ හම්බෙන නිසා ලියන එක ඇර.

    ඒකනෙ කොටි ගැන එහෙම ඒ ගොල්ල ප්‍රසස්ති ලිවුවෙ. නිව්යෝක් යන්න එහෙමත් හම්බෙනවා ඇති. ඩොලර්වලිංලුනෙ ගෙවනවය කියන්නෙ.

    ReplyDelete
  6. සිතුවිලිමණ්ඩියේ ගොයියෝ, පුක නෑ වගේ නේද?

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.