Saturday, August 27, 2011

කොමියුනිට් මහත්තයගෙ ග්‍රීස් යකා

වචන:(එක්ස්,කොමියුනිට්,ග්‍රීස්,දේශපාලනය,මැක්ක,යක්කු)
ඔන්න කාලෙකට පස්සෙ කොමියුනිට් මහත්තැනුත් එලියට බැහැල ග්‍රීස් යකා එක්ක. පහුගිය ටිකේ උන්නැහෙ පේන්න නැති එක ගැන මාත් සාංකාවෙං වගේ හිටියෙ. සමාවෙන්ඩ ඕනා කියවන උදවිය මාත් මැක්ක වගේ ග්‍රීස් යකාවම අල්ලගන්න එකට. උන්නැහෙගෙ මතේ ටිකක් කලිං ආව නම් මට කලිං ලියුමෙම දාන්ට තිබුණා. නමුත් පස්සෙ තේරුණේ මේක උපුටාගෙන තියන්නෙ ජේ වී පී කාරයොංගෙ පත්තරෙං. ඒක නිසා වෙන්නැති පරක්කු උණේ.

මේකෙන් හදන්නෙ සුද්දංගෙ රටේ වෙච්ච කලබලයි ලංකාවෙ පහල වෙච්ච ග්‍රීස් යක්කුයි එකතු කොරල අරගෙන එකට විස්ලේසණේ කොරන්න.

අවාසනාවකට වගේ අපි අහපු මූලික පුරස්නෙට උත්තරයක් දීගන්න ඒ විස්ලේසණෙං බෑ. කොහොමද රටේ දුරිං දුරිං තැං තැං වලිං එකම කාලෙ ග්‍රීස් යක්කු මතු වෙන්නෙ කියල. කමක් නෑ ඉතින් මුන්නැහෙලට පුළුවං කොහොමහරි "මැක්ක"ගෙ කතාවට එන්න මිසක් ප්‍රස්නෙකට උත්තරයක් දෙන්න නෙවෙයි නෙ. (ඊයෙ පෙරෙයිද කවුද මන්ද ලියල තිබුණ මැක්ක ගැන. මතක නෑ කොහෙද කියල)

"ලන්ඩනයේදී මෙන්ම ග්‍රාමීය ලංකාවේදිද අරාජක ලෙස පුපුරා යන්නේ අන් කිසිවක් නොව සමාජ ආර්ථිකමය ලෙස පීඩනයට ලක්වූවන් තුල කැකෑරෙන අසහනයයි.පීඩනයයි.ලන්ඩනයේ පීඩිත යෞවනයන්ට සිය පීඩනය මුදාහැරීම සදහා “පොලිස් වෙඩි තැබීම” නම් “අවස්ථාව” මුන ගැසුනු අතර ලංකාවේ ග්‍රාමීය පීඩිතයන්ට ඒ සදහා “ග්‍රීස් යකා” නම් “අවස්ථාව” හිමිව තිබේ."

හමුදා කඳවුරු හොයාගෙන ගිහින් ගැහුවද සුද්දංගෙ රටේදි? ලංකාවෙදි කඩ කඩල මං පැහැරුවද? ඒ කියන්නෙ දෙසීයක් අසහනකාරයො අහම්බෙං තැනකට සෙට් වෙනවා උන්ගෙ අතට කඩු පොලු එහෙමත් ඉබේට පහල වෙනවා අසහනය නිසා. ෂහ්! අපිට තේරුණෙ නෑ නෙව මේ වැඩේ.

තවත් උන්නැහෙ අහනවා බම්බලපිටියෙ නොවෙන වැඩක් කහවත්තෙදි වෙන්නෙ මොකද කියල. බම්බලපිටිය ජනාකීර්ණ වැඩි නිසා වෙන්නත් පුළුවං. ඉතින් එකට මොකද කලුතර ගාල්ල අනුරාදපුර තව කොච්චර තැං තියනවද නොවිච්චි. අනිත් එක කහවත්තට හපුතලේ කිට්ටුයි බම්බලපිටියට වඩා.

මේ මාක්ස්වාදී කිරි අප්පු මුත්තල හැමදාමත් කළා වගේ ප්‍රස්නේ වැදගත් කොටස් කපාහැරල පුළුවං තරමෙං සිංහල ජනතාවත් විවේචනය කරල සමාජ-ආර්තික පීඩන මැක්කවත් එලියට ගන්නවා. යාපනේ පුත්තලමෙ වෙච්ච වැඩ මෙහෙයවපු උදවිය ගැනත් කිසි කතාවක් නෑ. සමහරවිට සාක්කි නැතිව වෙන්නෑති. බළලුංගෙ සාක්කිත් ඉතින් දීකිරට නෙව. එහෙම බැලුවාම තමුන්නැහෙලයි එක්ස්කාරයොයි අතරෙ ලොකු වෙනසක් නෑ ආයිබොවන්ඩ.

 එක්ස්කාරයන්ට ලංඩන් මැක්ක ලොකුයි. තමුන්නැහෙලට මාක්ස්ගෙ මැක්ක ලොකුයි. දෙමළ ජාතිවාදීන්ට නං අසාධාරණකම් මැක්ක ලොකුයි. මාර්කේස්ගෙ මැක්කගෙ එක වුණත් "වියමනඃ"ගොඩ මහත්තය වගෙ අයට ලොකුයි.

අපි මැක්කො වගේ වුනත් අපේ ඒව අපිට ලොකුයි.

ඒ වුණත් කෝකටත් තෛලය වගේ සමාජ-ආර්තික පීඩන මැක්ක හැම පුරස්නෙටම නං දාන්න අමාරුයි. ඒ නිසා හදිස්සියට දානකොට සිහිකල්පනාවෙං තැන බලල දාන්ට.

12 comments:

  1. උපුටා ගැනීම : ""ඊයෙ පෙරෙයිද කවුද මන්ද ලියල තිබුණ මැක්ක ගැන. මතක නෑ කොහෙද කියල""

    මතක නැතිනම් මෙන්න මතක් කර ගන්න :)

    දේශප්‍රේමියා පොඩි කාලේ රචනා ලියු හැටි
    ---------------------------

    ටීචර්: පුතා ගෙදර සුරතලා ගැන ලියන් එන්න
    නො.ෆේම්:
    අපේ ගෙදර සුරතලා බල්ලාය. උට නැට්ටක් ඇත. නැට්ටේ මැක්කෝ ඇත. මැක්කා කළු පාටයි. මැක්කාට කකුල් හයකි. මැක්කා ලේ උරා බොයි.

    ටිචර්: අයියෝ පුතා මොනවද මේ ලියලා තියෙන්නේ? මම කිව්වේ සුරතලා ගැන ලියන්න කියලනේ. හ්ම්ම්ම් එහෙනම් හරකා ගැන ලියන් එන්න.

    නෝ.ෆේම්: හරකා ප්‍රයෝජනවත් සතෙකි. හරකාට කකුල් සතරකි. හරකාගේ ඇගෙ ඉන්නේ කිනිතුල්ලෝය. කිනිතුල්ලාද මැක්කා වැනිය. මැක්කා කළු පාටයි. මැක්කාට කකුල් හයකි. මැක්කා ලේ උරා බොයි.

    ටිචර්: අනේ පුතා. ඔයා මොනවද මේ ලියන්නේ. එහෙනම් පොල් ගස ගැන ලියන්න.

    නෝ.ෆේම්: පොල් ගස තාල වර්ගයට අයත්ය. හරමානිස් සීයා පොල් ගසේ හරක් බදි. හර්කුන්ගේ ඇගේ කිනිතුල්ලෝ සිටිති. කිනිතුල්ලාද මැක්කා වැනිය. මැක්කා කළු පාටයි. මැක්කාට කකුල් හයකි. මැක්කා ලේ උරා බොයි.

    ටිචර්: මොකක්ද ළමයො මේ වැඩේ. මම කිව්වේ මැක්කෝ ගැන ලියන්න නෙමෙයිනේ. මොකද මේ හැම එකටම මැක්කෙක් ගැන ලියන්නේ? එහෙනම් හෙට ලියන් එනව ඉබ්බා ගැන.

    නෝ.ෆේම්: ඉබ්බා ඉන්නේ වතුරේය. ඒනිසා ඉබ්බාගේ ඇගේ මැක්කෝ නැත. මැක්කා කළු පාටයි. මැක්කාට කකුල් හයකි. මැක්කා ලේ උරා බොයි.

    ප.ලි: නෝ.ෆේම්, අපට ඔබ වැටහේ මිතුර.
    ප.ප.ලි: කැමතිනම් නෝ ෆේම් ගේ නම වෙනුවට ඔබතුමාගේ නම දාගන්න [search : නෝ.ෆේම් replace:පොඩිගමය] :P
    --------------------------------------------

    ආයෙත් ලිවීම: ග්‍රීස් යකා නිසා මහින්ද ලොක්කත් [සෑහෙන කාලෙකට] ගොඩ එයාගේ කටු කන සොක්කොත් [සෑහෙන කාලෙකට] ගොඩ. දැන් කට්ටියට ග්‍රීස් යකාව විවිධාකරයෙන් පිළියල කර ගෙන සෑහෙන්න කාලෙකට කන්නයි තියෙන්නේ.

    ග්‍රීස් යකා හොද්ද, ග්‍රීස් යකා මැල්ලුම, ග්‍රිස් යකා ඩෙවල් එක, ග්‍රිස් යකා කිරට, ග්‍රීස් යකා මිරිසට, ග්‍රීස් යකා තම්බා ලුණු සමඟ ආදී වශයෙන්. :D

    පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ග්‍රීස් යකාව ඩෙසර්ට් එකට වුනත් ගන්න බැරිවෙන එකක් නැහැ. ;)

    ReplyDelete
  2. //කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.//
    වැල්වටාරම් පෝස්ට් වලට වෙන මොනවද අහන්ඩ තියෙන්නෙ?

    ReplyDelete
  3. අනේ පොඩි ගොමයෝ උබ පව් බන්.
    ගොමයා අව්ලක් නෑ කියන්න කියන්න ඈගපුරාම ගොමගාගන්නවා.
    රාමචන්ද්‍ර ලොක්කගෙ ලිපියට හොදට පත්තූ උන නේද තමුන්නෑහේ?
    දෑන් ඉතින් රෙද්ද නෑතුව කඩේ යනවා.
    මොනවාකරන්නද බන් මේ රටේ බත් කන උන් දෙතුන්දෙනෙක් හරි ඉන්නවා.

    ReplyDelete
  4. හප්පේ ඔන්න කාලෙකට පස්සෙ පඬිතුමෙකුට හොඳටම රිදිල. එක්ස්කාරයො ගැන ලියපු නිසා වත්ද?

    මම මැක්කගෙ කතාව නං දන්නවා (කටු නොකා) ඩොලර් කන මහත්තයෝ.

    නෝ ෆේම් එක්ක තියන මල උන්නැහෙත් එක්ක විසඳ ගත්තනම් නේද හොඳ?

    මට කාගෙන්වත් කටු හම්බ වෙන්නෙ නෑ. මට ඕනැ කටු නොකා ලියනවාය කියලා පංපෝරි ගහන පඬිතුමාලගෙ බොරු විස්ලේසණවල තරම පෙන්නන්න.

    පේනවනෙ උන්නැහෙලට විරුද්ධව මොකුත් කියාගන්න බැරුව දෙකොන පූට්ටු වෙන හැටි.

    වැල්වටාරං කියන්නෙ උන්නැහෙ කාරණේ අහක තියෙද්දි වටේ යන කතා. තමුන්නැහෙල ඒවගේ එව්ව ලියන නිසානේ අපිට මේවා ලියන්ට වෙලා තියන්නෙ නේ.. ඒහ්?

    ReplyDelete
  5. හා හා එක්ස් එකට එළව එළව ගහන්න. මටනම් පොඩ්ඩක්වත් රිදෙන්නේ නැහැ.

    අර බුදු හාමුදුරුවෝ කියලා තියනවනේ කිසි දේකට ඇලෙන්න එපා කියලා :P අපිනම් ඉතින් බුදු බණේ හැටියට තමයි වැඩ.

    මහත්තයෝ, මට නෝ.ෆේම් එක්කවත් ඔබතුමා එක්කවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම තරහින් නෙමෙයි කමෙන්ට් එකත් දැම්මේ. ඔහෙලත් එක්ක තරහ වෙන්න, ඔහෙලා මට අහවල් එකක් කොරළයෑ.

    අනේ මහත්තයෝ, ඩොලර් කන්න බෑ. හරි හයියයි. :D

    ReplyDelete
  6. කලින් ඇනෝAugust 27, 2011

    අඩුගානේ තමන් මෙතන පට්ට ගහන පෝස්ට් එකට ලින්ක් එකක් නොදාන්නෙ ඇයි?
    ඇයි ජාතිවාදියෝ මෙච්චර කුහක?

    ReplyDelete
  7. 'මළගිය' ඇත්තන්ට කොහොමෙයි මහත්තයො උවමනා උණත් ගහන්නෙ? නරක තැනක ඉපදිලා නං පිං ටිකක් අනුමෝදං කරන එක තමා කරන්න වෙන්නෙ.

    අහන්ඩත් සංතෝසයි නෙ මහත්තයෝ. බුදුබණේ හැටියට වැඩ කොරනවා කියන අය නං බොහොමයි. ඕක කියන්න ලේසි කරන්න අමාරු වැඩක් නෙව. කොරල බැලුවාම තමා වැටහීම එන්නෙ.

    සමහරු නං බුදු බණ වැරදියට යොදාගෙන වැදි බණ දේසනා තමා කොරන්න තනන්නෙ. ඒවගේ අයත් ඉන්නවා බ්ලොග් අවකාසෙ නිසා තමුන්නැහෙට පරිස්සමෙං ගමන යන්ට ලැබේවා!

    කලිං ඇනෝ, සබැඳියක් නොදාම තැන දැනගන්න පුළුවං දක්සයෙක් බව පේනවා. ඔන්න සබැඳියකුත් දැම්මා.

    ජාතිවාදියො කුහක මොකද කියල අහන්න ඕනැ ඉතිං සම්බන්ධන්ල වගෙ උදවියගෙනුයි ඒ අයගෙ යාලු මිත්‍රයංගෙනුයි තමා.

    ReplyDelete
  8. ජාතිවාදීන් කුහක ඇයි කියා සම්බන්ධන්ගෙන් පමණක් නොව චම්පික , විමල් , හකීම් වැන්නවුන්ගෙන්ද ඇසිය හැක

    ReplyDelete
  9. ආ ඔව් ඔව් ඒ උදවියටත් පුළුවං ප්‍රස්නෙ ගැන කල්පනා කොරන්න. ඇයි මහින්ද මහත්තය රනිල් මහත්තය එහෙම. තවත් බ්ලේක් මහත්තය එතනිං ගියාම බුෂ් මහත්තය (ඔබාම මහත්තයට නම් දැං වැඩ වැඩි නෙව) ෆොනී මහත්තයටත් ඉන්න ගමං ඔය පුරස්නෙ ගැන කල්පනා කොරන්ට තිබුණ.

    බ්ලොග් අවකාසෙනං ලොකුම කල්පනාකාරයය කියල කියන්නෙ සබ්ජෙක්ට් මහත්තය නේදෑ? උන්නැහෙගෙ මතේ මොකක්ද දන්නෙත් නෑ. කොහොම වුණත් වැදගත් පුරස්නයක් ;)

    ReplyDelete
  10. anti-හම්බයාSeptember 01, 2011

    :D බ්ලොග් එක කියෙව්වට කොමෙන්ට් මුලිංම කියෙව්වේ අද
    ගමයට ඉන්න තරහකාරයෝ ( මතවාදිමය වශයෙං එරෙහි or whatever )ගොඩ :P

    ReplyDelete
  11. එහෙමටමත් ඔය වගේ කොමෙන්ටු වැටෙන්නෙ නෑ.

    ඇත්තට බ්ලොග් අවකාසෙනං වැඩිමනත් ඉන්නෙ "රැඩිකල් මත" ලියන උන්දැල තමයි. ගාණිනුත් වැඩි නෙ.

    ඒ විදියට කල්පනා කරාම හිතෙනවා ලංකාවෙ දේසපාලන බ්ලොග් අවකාසෙ ලංකාවෙ දේසපාලන අවකාසෙ කණපිටද කියල :)

    ReplyDelete
  12. ඔය මධ්‍යස්ථවාදීනුත් කුහක ඇයි කියල අපි අහවලාගෙන් අහල බලමුද?

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.