Wednesday, November 2, 2011

ජංජාලයේ ලවුකික රාජ්ය විප්ලවයට පෙරවදනක්

ලංකාව සෙකියුලර් රටක් හෙවත් ලවුකික රාජ්යයක් කිරීමට උනන්දුවෙන් වැඩකරන හතරපස් දෙනෙක් පහුගිය දවස්වල ජංජාලයේ හිටියා මතකය. මේ දවස්වල උන්නැහෙලා කොහෙ ඉන්නවාදැයි මං දන්නේ නැත. මේ උදවිය කොරන්නට තතනන ලවුකික රාජ්ය ජැස්මින් විප්ලවයට ආසීර්වාද කිරීම පිණිස යමක් නොලියා සිටීම හරි නැතැයි මගේ හිත දොස් නගනවාය. ඒ හිතේ අමාරුව හොඳ කරගැනීමත් ලවුකික ලවු එකෙන් පෙළෙන කට්ටියගේ ඇඟේ අමාරුවට සහනයක් ලබාදීම ගැනත් හිතා මේක ලියනවා මිසක උන්නැහෙලා හීනෙන් චූන් වෙද්දී දකින ලවුකික රාජ්ජය කඩාදැමීමේ දුස්ට චේතනාවක් තුන්හිතකවත් නැතිවා සත්තකය.

ලවුකික රාජ්ය උන්දලාගේ දත කට මූට්ටු වෙන තාලයේ පුරස්න ඇසීමෙන් වැප් මහත්තයා කොළ වැඩේ හරි මදිය. යලට මහට ලංකාවට පාත්වී මොණර නැටුම දාන මහත්තුරු මේවගේ හිංසාකාරී වැඩ මූන් ආතාගේ කොමිටලයකට වගේ පැමිණිලි කොරන්නටද ඉඩ ඇත. එහෙම උණොත් වැප් මහත්තයාට මහරජතුමාගේ පිහිටය.

නේටෝ කාරයන්ගේ සහ ඔබාමා උන්නැහේගේ විප්ලවීය විඤ්ඤාණය මෝරායාමෙන් රට රටවල්වල ජනතා නැගීසිටීම් වැනි විප්ලවීය වැඩවලට පුල් සප් එක දෙනවාය. ඕන උණාම බෝම්බ මිසයිල එහෙමත් දාල දෙන්නේ ඒකාධිපති ආණ්ඩු වට්ටවා එකම අධිපතියෙක්වත් නැති ආණ්ඩු හදාදීමටය. (නූතන ජැස්මින් විප්ලව වලට ආවඩන මාක්ස්වාදියෝ යටත්විජිතවාදයට කඩේ යන හැටි දකින්නට මාක්ස් උන්නැහේ ජීවතුන් අතර නොහිටීම උන්නැහෙගේ අවාසනාවක් කියා අපිට හිතේ.) සමහරක් විට ප්‍රජාතන්තරවාදයයි මානව අයිතිවාසිකමුයි රකින්න බලාගෙන පේස්බුක් බේස් කරගෙන "සෙකියුලර් ලංකා" විප්ලවයක් පටාන්ගන්න උන්නැහෙලා උදවුකොරන්නට ඉඩ ඇත.

ලවුකික් රාජ්ය හැදිල්ල ඉස්කෝලෙන් පටන්ගන්න හදන මහත්තුරු කියන්නේ ආගම අනිවාර්ය විෂයක් නොකළයුතු කියාය. ආගමට විතරක් එහෙම කියන්නේ ඇයිද කියා මට තේරුං ගන්න බැරිය. ආගම විතරක් අනිවාර්ය නොකරන්නේ සෙකියුලර් මහත්තුරුංගේ දරුවෝ වැරදිලාවත් තාත්තාගේ සෙකියුලර්කම අතාරීය යන බය හින්දා විය නොහැකිය. ලංකාවේ තාමත් විනාසකරන්නට බැරුව තියන බුද්ධසාසනේ එක්ක තියන ආරෝවක් නිසා දිය රෙද්දෙන් බෙල්ල කපන අන්දමේ කුජීත ගේමක් වීමට ඉඩ වැඩිය. මට පේන විදියට නම් ඉස්කෝලෙ යන කොල්ලන්ට කෙල්ලන්ට ප්‍රධාන විෂයන් කියන එව්වායින් තෝරාගැනීමක් තිබිය හැක්කේ ආගමට විතරය. මං ගිය ඉස්කෝලේ එහෙම තෝරාගන්න ආගම් තිබුණාය. අනික් එව්වා නම් කැමති උණත් නැතත් බලෙන්ම උගන්නනවාය.

එහෙම ළමයි අකමැතිව තියෙද්දී බලෙන් ඉගැන්වීම ඊනියා මානව අයිතියක් කඩවෙන වැඩක්ද යන්න පැහැදිලි නැත. ඒ විසයන් ගැනත් මේ වගේම අදීන ආකල්පයක් ඇතුව බලන්න සෙකියුලර් මහත්තුරුන්ට හැකිවේවායි අපි පතනවාය. ඉස්කෝලවල ගණන් උගන්නන විදියට සුළුතරයක් වුවත් ළමයින්ට ගණන් තිත්තම වී යනවාය. එහෙම උණාය කියා ඒ ළමයිනට රටේ ජීවත්වෙන්න බැරිකමක් වෙන්නේ නැත. වෙනත් විදියකට කියනවා නම් එදිනෙදා වැඩවලට ඕනෑ ගණන් හදාගන්න බැරිවී යන්නේ නැත. මේ නිසා ගණන් විජ්ජාව වගේ එව්වාත් වයිකල්පික විසයන් කිරීම සෙකියුලර් මහත්තුරුන්ට හිතාබලන්න වටින වැඩක්ය.

ඉන්ගිරිස් බැරි වීම නිසා හුදීජනතාවගේ කඩවෙන අයිතිවාසිකම් ගැන වෙනම පොතක් ලිවිය යුතුය. ඒවා ගැන නීතියෙන්වත් ක්‍රියා නොකරන්නේ නීතිය කළු ඉන්ගිරිස්කාරයන්ට ඕනෑවිදියට වැඩකරන නිසාදැයි මට සැකයක් ඇතිවී තිබෙනවාය. කොහොම උණත් ඒ ගැන වැඩිය කතාකරන්නට ගොහින් යකඩ කූරු ගණන් කරන තැනට යන්න මට ඕනෑ කමක් නැතුවාය.

පහුගිය දාක රැඩිකල්තුමා ඉලක්කං විජ්ජාවක් මගින් ආගම්වලට මිනිස්සු හදන්න බැරි වුණේ මොකද කියා පුරස්නයක් නගා තිබුණා මතකය. එහෙම පුරස්න අහන්නට කලිං රටේ ආගමික ජනවියාප්තිය අපරාධකරුවන්ගේ ගණනට තියන අනුපාතය හොයන්ට නිකමටවත් උන්නැහෙට නොහිතුණේ පහේ පන්තියේ ගණන් පාඩමෙන් කට්ටි පැනපු විපාකයෙන්ද කියන්නට බැරිය. බටහිර විද්‍යාව ගැන පාරම්බාන රැඩිකල් උන්නැහෙ ගණන්වලට දුරුවල හැටියට පරිණාමවාදයට වඩා ගැඹුර බටහිර විද්‍යාවක් දන්නවාද කියන සැකය මගේ හිතේ කොණක ඇතිවෙනවාය.

අනික් අතට ආගම ප්‍රායෝගික විෂයක් නොවේය කියා තර්ක කොරන්නේද බොරුවටය. ආගම අදහන මිනිහාට ඒක ප්‍රායෝගික වන අතර ලවුකික් පණ්ඩිතයන්ටද විවිද ක්‍රම වලින් ආගමික මතවාද හිමිවී නැතැයි තර්ක කරන්න බැරිය. මේ කාලේ පණ්ඩිතයන් මහ ඉහලින් පිළිගන්නා බවුතිකවාදය බුද්ධකාලයේත් තිබුණ ආගමික මතවාදයක් බව මං ඉගනගත්තේද ඉස්කෝලෙ යන කාලයේ ආගම පාඩමටය. නීතිය,චාරිත්‍ර, කලාව වැනි ඉතාම ප්‍රායෝගික විෂයන්ගේ තබා බවුතික විද්යා වැනි සිද්ධාන්තවාදී සාස්තර වලද පදනමේ ආගමික මතිමතාන්තර ඇතුලත් වී ඇති හැටි නොදන්නේ හිස් හිස්වූ ලෝකල් පඬිතුමාලාම විය හැකිය.

තමුන්නැහෙලාගේ හැකියාව තරමට කොරන්න හදන වැඩේ බර වැඩිය කියා මගේ හිත කියනවාය. මේ නිසා ලංකාව ලවුකික කොරන්න ගිහින් නාකි වෙන්න කලියෙන් දන්න ඉල්ලවුවක් නිවාඩුපාඩුවේ කොරගෙන ගෙදරට වී කික් එකක් ගන්නා හැටියට අපි සෙකියුලර් මහත්තුරුංට කරුණාවෙන් මතක් කොරනවාය.

8 comments:

  1. උම්බෑ කියන්ඩ පෙර සිතා බලනු

    ReplyDelete
  2. හිතා බලා ආයිත් උම්බෑ කියනු

    ReplyDelete
  3. AgainstPanditsNovember 03, 2011

    to Anonymous: නොදන්නකමටයි අහන්නෙ, උඹ උම්බෑ කියන්න කලින් මොනවද හිතන්නෙ මචං :D

    ReplyDelete
  4. meke kotu kotu ne...sinhala converte eka damma nam hoda nedda??? office PC wala sinhala nethi ayata ethekota kiyawaana puluwan

    ReplyDelete
  5. ඔය රැඩිකල්තුමා ගේ ගණිතයට ඇති දුර්වලතාව වගේම අනෙක් රැඩිකල්ය කියන අදහස් වල තියෙන මිත්‍යා සහගත බවත් ඒ තැන් වලදිම මම ප්‍රකාශ කළා.

    මෙයා ළඟදිම කියපු මිත්‍යා අදහස තමයි මිහිඳුහිමියන් දෙවනපෑතිස් රජතුමා ගෙන් අහපු පැනයන් ගැන කීව අදහස.ඔහුගේ මතය මුලුමනින් ම වැරදි බව මා සහ තවත් ඇනෝ පාඨකයෙක් පැහැදිලි කළ පසු ඔහු කළේ "කොහෙද යන්නේ මල්ලේ පොල්" ප්‍රතිචාරයක් දී හිස සඟවාගැනීමයි.

    ReplyDelete
  6. මං ඒත් බැලුවා මේ පැත්තෙන් සෙනග කොහොම මගේ බොලොක්කේ පැත්තට ආවේ කියලා .....

    ඒ කොහොම වෙතත් ... මට තාම නිර්ආගමික සෙකියුලර් කාරයෙක් හොයාගන්න බැරි උනා ...
    මට පෙන්නේ මේ දවස් වල ඩොලර් හිඟයක්ද කොහෙද ...

    ඇත්තටම දහමක් අදහන්න බැරි හින්දා පැත්තටක වෙලා ඉන්න කට්ටය නෙමෙයි ගැටලුවට තියෙන්නේ ..මේ ඩොලර් කාක්කෝ ... දැක්කා නේද නිර් ආගමික වෙන්න ඩොලර් පවා ආධාර වශයෙන් ගන්නවා :DDD

    ReplyDelete
  7. ඇනෝ, උදේ පාන්දර කොමෙන්ටු දැම්මාට මම කැමතිය. උම්බෑ කිව්වාට ඒ අහිංසක සත්තු මේවගේ සාටර් වැඩ කොරන්නේ නැත. තණකොල ටිකක් කා පැත්තකට වී හපන්න උන් දන්නවාය. මේවා සතත්ව හිමිකං කඩන ද්වේස සහගත කතාය ;)

    AgainstPandits,ඇනෝට උත්තර දුන් කොමෙන්ටුවට ඉස්තුතිය.

    ජයශ්‍රී,රැඩිකල්තුමාට දීපු උත්තරද මම කියෙවුවාය. උන්නැහේ දෙන්නේ අමුතුම ආතල් ය.

    වැප්, කොමෙන්ටුවට ඉස්තුතිය. තමුන්නැහෙගේ ලියුම මේක ලියන්නට අනුබලයක් උණාය.

    ReplyDelete
  8. mayya, unicode convertere dammaama unicode support thiyana mage machine vala akuruvala podi avulak penunaa. ekayi daanna nohithuve..

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.