Saturday, May 28, 2011

දේශප්‍රේමියෝ සහ දේශද්‍රෝහියෝ

දේශප්‍රේමියා සහ දේශද්‍රෝහියා වගේ වචන මෑතකාලෙ දේසපාලනේදි හරි හරියට අහන්න ලැබෙනවා නෙව.

මහින්ද මහත්තයා එක සැරයක් කතාවකදි කිව්වා අද දේශප්‍රේමියා හෙට දේශද්‍රෝහියෙකු වෙන්න පුළුවන්ය කියල. ඒ කතාව නම් ඇත්ත. එතෙන්දි උන්නැහෙ ඇඟෙවුවෙ ෆොනී මහත්තයාව වෙන්ට ඕන. උන්නැහේ ඒ කාරණේ මොන විදියෙං හිතල කිව්වත් මට මෙතෙන්දි ඕන කරන්නෙ ඒ ගැන පොඩි හාර අවුස්ස බැලීමක් කොරන්ට.

දේශප්‍රේමය කියන වචනේ ගත්තාම ඒකෙ කෑලි දෙකක් තියෙනවා නෙව. එකක් තමා දේශය. අනික ප්‍රේමය. දේශය කියන එක ටිකකට පැත්තකින් තියල පුරස්නෙ දිහා බැලුවොතිං අපිට පේන දේ තමා ප්‍රේමය කියන එකත් යංකිසි විදියක මානසික ධර්මතාවයක්. ආයතන හයෙන් මනසට ගෝචර වන යමක් තමා ප්‍රේමය. ලෝකය පංචේන්ද්‍රියන්ගෙන්ම දැනගන්ට ඕනාය කියල එකක් අපිට නෑ නෙව. අපේ සම්ප්‍රදායෙ මනස හරි වැදගත්.

එතකොට ප්‍රේමය කියන එකත් යම් කිසි විදියක බැඳීමක්. තමංගෙ රට, ජාතිය සහ සිංහලයන්ට නම් බුද්ධ සාසනෙත් ඇතුලුව තියෙන මේ දේවල් කෙරෙහි යංකිසි විදියක ඇලීමක් සහ බැඳීමක් තියෙනවා නම් ඒක තමයි සම්ප්‍රදායේ එන දේශප්‍රේමය. සමහරු තමංගෙ දරුවන්ට දේශප්‍රිය වගේ නමුත් දානවා නෙව. හැබැයි එහෙම දාපු පලියටමත් කෙනෙක් දේශයට ප්‍රිය වෙන්නෙ නෑ.

ඉතින් සමහරක් උදවිය නගන පුරස්නයක් තමා දේශප්‍රේමය තෘෂ්ණාවක් නොවේද කියන එක. ඒක ගැන ලොකුවට තර්ක කරන්ට පුළුවං තමයි. පුහුදුන් මිනිහෙක් ගත්තාම තියෙන ලොකුම පුරස්නේ මේ ඇලීම. ඉතිං කිසිම ඇලීමක් නැති ආශ්‍රවයන් ක්ෂය වූ රහතන්වහන්සේලාගේ චරිතාපදාන අපි අහල තියෙනවා නෙව. උන්වහන්සේලා මන්දෝත්සාහී හුදෙකලා චරිත නොවෙයි කියන එකයි අපිට පේන්න තියෙන්නෙ. අඩුතරමිං බුද්ධසාසනේ ආරක්ෂාව වෙනුවෙන් උන්වහන්සේලා කටයුතු කළා.

ඒ නිසා සාසනේ නගාසිටුවන්න සහ ඒකට උපකාර වන විදියට රට ජාතිය නගාසිටුවන්න යමෙක් කටයුතු කරනවා නම් ඒක නරක වැඩක්ය කියල බැහැර කරන්න අපි කුහක වෙන්න නරකයි. අනිත් පැත්තෙන් බැලුවාම මේ ප්‍රශ්න නගන බොහෝ දෙනා මමත්වය දුරු කරගත්තු වාද ඉවතලාපු ආධ්‍යාත්මික පරමාදර්ශ නොවෙයි. ඉතින් ඒ උදවියටත් නොයෙක් නොයෙක් විදියෙ ඇලීම් බැඳීම තියෙනවා. මගේ අදහස නම් ආත්මප්‍රේමය තරම් බලවත් ඇලීමක් නෙවෙයි දේශප්‍රේමය. අනිත් පැත්තෙන් සමූහයක් වෙනුවෙන් යම් කිසි කැප කිරීමක් කරන්න පුළුවන් වෙන්නෙ මමත්වයත් සෑහෙන්න අඩු කරගත්ත මිනිහෙකුට. එහෙම තියෙද්දි කෝ ඔයගොල්ලො අපි වගේ නෙවෙයි ඇලිලා නේ ගැලවෙන්න කෝ කියල බයිලා දෙසා බාන එක නම් මෝඩ වැඩක්ය කියන එකයි අපට කියන්න තියෙන්න.

හොඳයි ආයෙත් එමුකො කලින් කතාවට. දැන් ප්‍රේමය කියන එක මානසික ධර්මයක් කියල ගත්තාම අපිට ධර්මයේ ආලෝකයෙන් පේන දේ තමයි මේකත් ලෝක ධර්මයට යටත් එකක්ය කියන කාරණාව. ඒ කියන්නේ මේවත් වෙනස් වෙන දේවල් තමයි. මිනිස්සු ගත්තාම යම්කිසි කරුණක් සම්බන්ධයෙන් එකම මතය හැමදාමත් දරන්නෙ නෑ. රට ගැන තියෙන හැඟීම කලින් කලට වෙනස් වෙන්න පුළුවන්. පිහිටල තියෙන පදනම දුර්වල නම් ලේසියෙන් වෙනස් වෙන්න පුළුවන්.

මේ කාරණා නිසා කෙනෙක් රට සම්බන්ධයෙං ගත්තාම ඉන්නෙ කොතනද කියන එක වෙනස් වෙනවා.දැන් කවුරුහරි කියන්න පුළුවන් මේ සංකල්ප වලින් වැඩක් නෑය මොකද හරියට අර්ථයක් දෙන්න බෑ කියල. ඒකට නං මං දෙන්නෙ සරල පිළිතුරක්. පිළිතුරක් කිව්වට මේක පුරස්නයක්. ප්‍රේමය, වෛරය වගේ එව්වත් අර්ථදක්වන්න පුළුවන්ද? බැරි නම් එව්ව නැත්ද? යමක් වාක්‍ය කීපෙකින් අර්ථදක්වන්න නුපුළුවං වීම නැති බවට සාක්ෂියක් නෙවෙයි.

දැං ෆොනී මහත්තයා ගත්තාම උන්නැහෙ ද්‍රෝහියෙක් බවට පත්වෙන්නෙ කොහොමද කියන එක හුදෙක් ආණ්ඩු විරෝධියෙක් වීමෙං නිගමනය වෙන්නේ නෑ.  උන්නැහෙ ආණ්ඩුවෙන් ඉවත් වෙලා ගිහිං අත්වැල් අල්ලගත්තෙ දේශද්‍රෝහී ලේබලය හොඳට ඇණ දාලා අල්ලගෙන හිටපු පිරිසක් එක්ක. උන්නැහෙ සුදු කොඩි කතාව වගේ එව්ව කීමෙන් පස්සෙ ඉතුරු වෙලා තිබුණ යං කිසි ගරුනම්බුවක් තිබුණා නම් ඒකත් නැති වුණා.

එහෙම වෙනකොට මහින්ද මහත්තයව බලයට ගේන්න වැඩකරපු දේශප්‍රේමී බලවේග විසින් මතවාදී රාමුවක් ඇතුලෙ තමයි ඒ ඒ පුද්ගලයාගේ තැන කුමක්ද කියල නිගමනය කරන්නෙ. මේකෙන් අදහස් වෙන්නෙ නෑ මහින්ද මහත්තය සර්ව සම්පූර්ණ දේශප්‍රේමී ප්‍රති මූර්තියක්ය කියල. නමුත් ෆොනී මහත්තයා හිතුවෙ නෑ මෙතෙන්දි දේශප්‍රේමී බලවේග දිනාගෙන මිසක් දේශප්‍රේමියෙක් විදියට කරලියට එන්න අමාරුය කියන කාරණේ. ඒ නිසා කිරි කළයක් දොවල ගොම බිංදුවක් එකතු කළා වගේ උන්නැහෙගෙ දේශප්‍රේමය විනාස වෙලා ගියා.

ඒ නිසා දේශප්‍රේමී වෙන එකත් ලේසි නෑ. ක්‍රමේකට යන්න ඕනා. හදිස්සියට කරන්න බෑ.

29 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. ඔබගේ ලිපිය අර්ථවත්. ඒ අතර දේශප්‍රේමය සහ ජාතිප්‍රේමය යන වචන ටිකක් බුදු දහමට එකඟ නෑ. මොකද ප්‍රේමය කියන්නේ සෝකයක් කියලනේ ධම්ම පදයේ ත් තියෙන්නේ. එනිසා ඒ වචන වෙනුවට භාවිතා කළ යුත්තේ දේශහිතෛශීත්වය සහ ජාතිහිතෛශීත්වය කියන වචන බව නූතන පිළිගැනීමයි. එමගින් රටට සහ දැයට ඇත්තේ බෞද්ධ දරුවෙන් විසින් තම මව් පියන්ට ඇති ආකාරයේ ධාර්කිම හිතවත් බවක්, නැතිව අන්ධ ප්‍රේමයක් නෙමෙයි. මම හිතනවා ඒ වචන අපිට භාවිතා කිරීම සුදුසුයි කියලා. එවිට බුදු දහම යොදාගෙන දේශහිතෛශීත්වය ගැන ප්‍රශ්න කරන අයට පිළිතුරු දීමත් පහසුවක්. ඔබට ජය!

    ReplyDelete
  3. ලංකාවෙ මේ වෙනකොට දේශප්‍රේමී කියල ලේබල් තම්න්ම අලෝගෙන දඟලන උන් හැමෝම තම තමන්ගේ ජරාජීර්ණ දේශපාලලන හෙලුව වහ ගන්න පාවිච්චි කරන සාටකය තමයි ඔය . අවංකවම ජනාධිපති තුමාට ඇරෙන්න ඔය බොරු දේශප්‍රේමී කාට්වත් ෆොන්සේක මහත්තයගේ දේශප්‍රේමීත්වය ගැන ප්‍රශ්න කරන්න බැ . අවුරුදු ගානක් යුධ බිමේ වෙහෙසිල , ඇඟ කුඩු සංසාර වෙන්න බෝමබ කාපු මනුස්සෙයෙක්ව විවේචනය කරන්න හැමදාම පච කෙල කෙල හිටපු , වාචාල මේ ලෝකය තුල ප්‍රායෝගික දේශපාලන දැක්මක් නැති පිස්සු නටන අන්තවාදීන් පිරිසක් , අඩුම තරමේ මේ අය කොටින්ගේ ඝාතන ලයිස්තුවේවත් හිටපු බවක් කියවුනෙ නැත්තේ මේ වගේ අන්තවාදීන්ට ප්‍රභාකරනුත් කැමති නිසා තමයි . දේශපාලනයට ආවට පස්සෙ ෆොන්සේකා මහත්තයගේ ක්‍රියා පටිපාටින්ගැන මගේ බරපතල විවේචන තියනව (මම ඒ ගැන ලියලත් තියෙයි ) ඒත් එතුමගේ දේශප්‍රේමය ඔය අන්තවාදී දේශපාලුවන්ට වඩා නම් තවමත් රැකිල තියනව

    ReplyDelete
  4. රංග මහතා: ඔය වචන දෙකම බුදුහාමුදුරුවන්ගේ නිර්මාණ නොවෙන බව පැහැදිලියි. ඒ දෙකෙන් කුමක් යෙදුවත් වරදක් නෑ අවබෝධයක් ඇතුව. දැන් මහින්ද මහත්තයා ගත්තොත් උන්නැහෙට දේශප්‍රේමය කියන වචනේ මිස දේශහිතෛශී කියන වචනෙ යොදාගන්න බෑ මොකද ඒ නමින් වෙනම දේශපාලන කණ්ඩායමක් තිබෙන නිසා යම් යම් දේවල් ඇඟවෙන්න පුළුවන්. ඒ නිසා වචනේ යෙදෙන සන්ධර්භය අනුව අරුත පැහැදිලි විය යුතුයි. මට උවමනා සිංහල ජාතික මතවාදය බෞද්ධ සංකල්පීය රාමුවක් ඇතුලෙ වලංගු වන බව පෙන්වා දීම.

    ReplyDelete
  5. කොලූ නිකන් ලේ කෝප කරගන්න ඕන නෑ.ෆොනී මහත්තයට සපෝට් කරපු උදවියගෙ දේශප්‍රේමීත්වය පිළිබඳ අර්ථකතන වෙනස් බව අපි දන්නවා.

    මහින්ද මහත්තයට පමණක් නෙවෙයි ගෝඨාභය මහත්තයට ශවේන්ද්‍ර සිල්වා මහත්තයට සහ අනෙකුත් හමුදාවේ නිලදරුවන්ට සහ සෙබළුන්ට දේසපාලකයන්ගෙන් වීරවංස මහත්තය වගේ තවත් අයට, විශේෂයෙන්ම සටනින් කොටින්ව පරාජය කළයුතුයි සහ හැකියි කියන මතය සමාජයේ තහවුරු කරන්න සුදු නෙළුම් තවලං ඇතුලු සාම කාක්කන්ගෙන් ගැරහුම් ලබමින් සිතින් කයින් වචනයෙන් නොසැලී වැඩකරපු උදවියට පමණක් නෙවෙයි මේ රටින් ත්‍රස්තවාදය නැති කළයුතුයි කියල හිතාගෙන ඡන්දයක් දීපු හැම මිනිහටමත් ෆොනී මහත්තයගෙ දේශප්‍රේමීත්වය ප්‍රශ්න කරන්න පුළුවන්.

    මටත් කිසි පැකිලීමක් නැතිව ඒ පුරස්නෙ අහන්න පුළුවන්. තමුන්නැහෙත් පපුවට තට්ටු කරල අහල බලන්න. ඒ ඒ කාලවල තමුන්නැහෙ දරපු දේසපාලන මතයත් එක්ක සංසංදනය කරල කොච්චර විතර % අයිතිය තියෙනවාද කියල ඒව අහන්න. කොලුවත් හරියට හිතන්නෙ අර මම තමයි කෙරුමා කියල කිය කිය ගිය ෆොනී මහත්තය වගේ තමයි. මේක ජනතාවත් එක්ක ඇත්වැල් බැඳගෙන කරපු සටනක්.

    ඔය සිංහල අන්තවාදීන්ගෙ ඊනියා ප්‍රයෝගික නැතැයි කියල අතලොස්සක් පඬියො කාලයක් තිස්සෙ තමංගෙ පොරත්වය පාවිච්චි කරල සමාජගත කරන්න හදාපු මතවාදය තමයි පහලම මට්ටමේ ඉඳන් ඉහලට ඇවිල්ල සුනාමියට අහු වුණා වගේ කොටි අතුගාල දාන්න මහ ජන බලවේගයක් බවට පත් වුණේ. ඒක කොලූට වඩා හොඳට දන්නව මහින්ද මහත්තය. ඒව කළේ කවුද කියන එක දින වකවානු සහිතව තියෙනව දරුවො. මේව නොදැන කොලුවා නිකන් විහිළු කතා කියන්න එපා.

    පොරබාකොරංකාරයෙගෙ ලයිස්තුවෙ සිටීම හෝ නොසිටීම දේශප්‍රේමියෙක් වීම සඳහා අනිවාර්ය හෝ ප්‍රමාණවත් කරුණක් වෙන්නෙ නෑ. මිනිහගෙ ලයිස්තුවෙ දෙමළ ජාතිවාදීනුත් ඇති තරම් ඉඳල තියෙනවා. ඒ කවුරුවත් දේශප්‍රේමියො වෙන්නෙ නෑ අපිට.

    ReplyDelete
  6. ෆොන්සේකා මහතාගේ දේශපාලම ගමන ගැන මගේ අදහස ,මම දක්වලා තියනවා ඔබ තුමා ඒක නොදැක්කාට මට කරන්න දෙයක් නැ . දේශපාලන කාරනයකට නිලධාරීන් ගාවගන්න අවශ්‍යතාවයක් නැති නිසයි මහින්ද මහත්තය ගැන විතරක් සඳහන් කලේ

    " සෙබළුන්ට දේසපාලකයන්ගෙන් වීරවංස මහත්තය වගේ තවත් අයට "

    මේක තමයි හොඳම තැන , මෝඩ වංශගේ අදහස් ඔබතුමාගෙන් එනකොට මට හිතුනා ඔබ තුමා එයැයිගෙ පස්සෙ යන පොරක්ය කියන එක , ඔය වංශතුමාව ඉලක්ක කරගෙන තමයි මම කලින් කමෙන්ටුව දාල තියෙන්නේ , තව කොච්චර කිව්වත් මෙලෝ ප්‍රායෝගික හරයක් , වැදගැම්මක් නැති අන්තවාදීන් ගැන මගෙ අදහස ඒකයි . ඔබතුමා චන්දෙ ගැන කතා කරනව ඔය අදහස් කරන්නෙ 2005 ජනාධිපතිවරණය ගැන වෙන්න ඕනි . ඔතනදි රනිල් මහත්තයත් සැහෙන චන්ද ප්‍රමානයක් ගන්නව (මතක විඩිහට 180,000 ) ක විතර සුලු වෙනස්ක් තමයි තිබුනෙ , ඒ රනිල්ට වාසි සහගත උතුරේ දෙමල චන්ද එකක්වත් නැතුව .ඒ කියන්නෙ සැහෙන සිංහල ඡන්ද ප්‍රමානයක් උන්නැහේටත් ලැබුනා . ඒ වගේම මහින්ද මහත්තය ත් වැඩෙ පටන් ගත්තේ ඡන්දෙදි අන්තවාදීන් ගොඩ නගපු මතයට අනුව නෙවෙයි , ඒ කියන්නෙ එක පාරටම සටන් විරාමය අහෝසි කරල යුද්ධෙ පටන් අරගෙන නෙවෙයි . එතුමත් සාකච්ඡාඑන් වැඩෙ පටන් ගත්තේ . ඔය කියන විදිහෙ මහා යුධවාදී බලවේගයක් එදා තිබුන නම් එහෙම වෙනවද ? ප්‍රභාකරන් දිගට හරහට මිනී මරන්න ගන්න කොට තමයි ජනතාව ඉවසුවා ඇති කියන තැනට ආවේ , යුද්ධෙ පටන් ගත්තට පස්සෙත් ජනතාවගේ මතය හැදුවේ රජය මාධ්‍යා හරහා ගෙන ගිය වැඩපිලිවෙලින් මිසක් ඔය මෝඩ වංශලගෙ ගොං ටෝක් වලින් නෙවෙයි . ඒ මාධ්‍ය හරහා ගොඩ නැඟුනු මතය නිසා තමයි ඉතා විශාල ඡන්ද ප්‍රමානයකින් රජය පලාත් සභා මැතිවරන දිනන්නෙ . ඔය වංශලා ඇතුලු අන්තවාදියො තම්න් විසින් මහා ජනමතයක් ගොඩ නඟල ජනපතිතුමා පත්කලාය කියපු මැතිවරනේ එහෙම එකක් ඇත්තටම තිබුනෙ නැ , අවංකවම මහින්ද මහත්තය දින්නෙ නූලෙන් (උතුරේ ඡන්ද ටික කොටි නැවැත්තුවෙ නැත්නම් ප්‍රතිපලය වෙනස් වෙන්නත් ඉඩ තිබුන )

    ReplyDelete
  7. /*ෆොන්සේකා මහතාගේ දේශපාලම ගමන ගැන මගේ අදහස ,මම දක්වලා තියනවා ඔබ තුමා ඒක නොදැක්කාට මට කරන්න දෙයක් නැ . දේශපාලන කාරනයකට නිලධාරීන් ගාවගන්න අවශ්‍යතාවයක් නැති නිසයි මහින්ද මහත්තය ගැන විතරක් සඳහන් කලේ

    */

    බුවා කොලුව ලියාපු දේවල් මං කියෙව්වය කියල කිව්වෙ නෑනෙ? එව්වට සබැඳි තියේ නං දාන්න ඉඩ ලැබෙන වෙලාවට බලන්න පුළුවන්.

    " සෙබළුන්ට දේසපාලකයන්ගෙන් වීරවංස මහත්තය වගේ තවත් අයට "

    /*මේක තමයි හොඳම තැන , මෝඩ වංශගේ අදහස් ඔබතුමාගෙන් එනකොට මට හිතුනා ඔබ තුමා එයැයිගෙ පස්සෙ යන පොරක්ය කියන එක ,*/

    කොලුව තව ලංකාවේ දේසපාලනේ ගැන හදාරල මදි කියන එක තමයි ඕකට මට දෙන්න තියන උත්තරේ.

    /* ඔය වංශතුමාව ඉලක්ක කරගෙන තමයි මම කලින් කමෙන්ටුව දාල තියෙන්නේ , */

    ඊට වඩා හොඳ තැනක් මෙතන. කොලුව වීරවංස මහත්තය එක්ක මල අතේ තියාගෙන ඉන්න බව දැන ගෙනම තමයි මාත් ඒක ලිවුවෙ :) අර ඉංගිරිස් කියමනක් තියෙනවා පේළි අතරිං කියවනවය කියල. ඉංගිරිස් කාරයො නොවුණට ඔව්ව අපිටත් ටික ටික පුළුවං.

    /*
    තව කොච්චර කිව්වත් මෙලෝ ප්‍රායෝගික හරයක් , වැදගැම්මක් නැති අන්තවාදීන් ගැන මගෙ අදහස ඒකයි
    */

    කොලුවගෙ වයස කීයද කියන්න මම දන්නෙ නෑ. කොලුව 1994 විතර ඉඳන් දේසපාලනේ ගැන උනන්දුවෙලා හිටියනම් දැනගන්න තිබුණා ඒ කාලෙ අන්තවාදී ප්‍රයෝගික නොවන අදහස්ය කියල වැඩිදෙනා ගරහාපු අදහස් තවත් කාලෙක ඉතාම ප්‍රායෝගික ප්‍රතිපලදායී කියල අර කියපු කටවල් වලින්ම කියවෙනවා. ඒ නිසා කොලුවො අන්තවාදී නොවීම යමක් නිවැරදිය කියල නිගමනය කරන්න ප්‍රමාණවත් වෙන්නෙ නෑ.

    ReplyDelete
  8. සබැදි ගැන ඔබතුමා කමෙන්ට් කරන අයට දීල තියන උපදේස් නිසයි මං සබැඳි දාන්නෙ නැත්තේ .වංශතුමා ගැන මගෙ මලක් තියනව නම් ඒ ඔය ඔබ තුමාගෙ ලිපියේ තියන දේශප්‍රේමය ගැන නිසාම තමයි. ඒ නිසා ඔබ තුමා ඒක දැම්මේ මොන අදහසකින් වුනත් මට ඒක ගැටලුවක් නෙවෙයි . මොකද ඔබතුමාගෙ අදහස් එක්ක මෝඩවංශගෙ අදහස් හොඳටම සමපාත වෙනවා

    ඔබතුමා අන්තවාදීයි කියල මම කියන දේ දිගින් දිගටම අල්ලගන්නෙ එකම මාතෘකාවක් සම්බඳව බවයි මට පේන්නේ . ඔය කියන කාලෙදී කියපු දේවල් වෙනස් උනේ අවංක චේතනාවකින්ද නැත්නම් තමන්ගෙ වාසියටද කියන එකයි ඉතා වැදගත් . සුදු නෙලුම් , තවලම් කරපු මංගල කෙලෝගෙන ඉද්දි ඒවම කරපු ඩිලාන් මහත්තයල , ඩලා මහත්තයල අද යුධ විරුවන් ගැන කතා කරන්නේ ඇත්තටම තමන්ගෙ ප්‍රතිපත්ති වෙනස් කරපු නිසාද ? ලැබෙන වාසි බැලුවාම ප්‍රතිපත්තිවලට හෙන ගැහුවත් කමක් නැති නිසාද කියල කව්ද දන්නේ ?? මම දකින ඔය දේශප්‍රේමී ලේබල් ගහගත්ත අන්තවාදීන්ගේ මතවාද ගැන ගැටලු තියෙන්නේ ජනවාර්ගික අර්බුදය (එහෙම එකක් නැය කීම ) තුල පමනක් නෙවෙයි . ඔය මතවාද එලියට ගේන C නිවුස් වෙබ් අඩවිය, එතකොට අර දේශහිතෛශී සෙට් එක වග අය ගොඩක් කාරානා ගැන දරන අදහස් අන්තවාදී තමයි

    ReplyDelete
  9. /*ඔබතුමා චන්දෙ ගැන කතා කරනව ඔය අදහස් කරන්නෙ 2005 ජනාධිපතිවරණය ගැන වෙන්න ඕනි . ඔතනදි රනිල් මහත්තයත් සැහෙන චන්ද ප්‍රමානයක් ගන්නව (මතක විඩිහට 180,000 ) ක විතර සුලු වෙනස්ක් තමයි තිබුනෙ , ඒ රනිල්ට වාසි සහගත උතුරේ දෙමල චන්ද එකක්වත් නැතුව . ඒ කියන්නෙ සැහෙන සිංහල ඡන්ද ප්‍රමානයක් උන්නැහේටත් ලැබුනා .*/

    උතුරේ චන්ද දෙන්නෙ මොන පදනමින්ද කියල අමුතුවෙන් කියන්ට ඕන නෑ. උතුරෙ චන්ද දාපු හැමතැනම රනිල් මැතිඳුට වාසි වුණ බව පැහැදිලියි. අනිත් සාධක තියෙද්දි දෙමළ ඡන්ද ලැබුණා නම් අනිවා මැතිඳු දිනනවා. අමතක කරන්න එපා ඒ වෙනකොට මහින්ද මහත්තයට නිදහස් පක්ෂයෙ ඉහල මට්ටමෙන් සහයෝගයක් ලැබුණෙ නැති විත්තිය. මේක පහලින් උඩට ආපු මතයක් කිව්වෙ ඒකයි. එතෙන්දි උන්නැහෙ වෙනුවෙන් වැඩ කළේ පක්ෂ විදියට ජවිපෙ හෙළ උරුමෙ සහ වෙනත් දේශප්‍රේමී මත දරපු සංවිධාන. සමස්තයක් විදියට ගම්බද සිංහල මිනිස්සු උන්නැහෙ ගැන විස්වාසය තියල තිබුණ. කොලු හිතන්නෙ එව්ව ඉබේ සිද්ද උණාය කියල වෙන්න ඇති.


    /* ඒ වගේම මහින්ද මහත්තය ත් වැඩෙ පටන් ගත්තේ ඡන්දෙදි අන්තවාදීන් ගොඩ නගපු මතයට අනුව නෙවෙයි , ඒ කියන්නෙ එක පාරටම සටන් විරාමය අහෝසි කරල යුද්ධෙ පටන් අරගෙන නෙවෙයි . එතුමත් සාකච්ඡාඑන් වැඩෙ පටන් ගත්තේ . ඔය කියන විදිහෙ මහා යුධවාදී බලවේගයක් එදා තිබුන නම් එහෙම වෙනවද ?*/

    අන්තවාදීන්ගෙ මතය බැහැර කරල සාකච්ඡා ගැන විස්වාසෙ තියාගෙන ගියාය කියල තමුන්නැහෙ කියන කතාව වැරදි බව ගෝඨාභය මහත්තය කියල තියෙන විස්තර වලින් පැහැදිලියි. කොටි එන්නෙ මොකාටද කියන එක ආරක්ෂක මණ්ඩලේ වාර්තාවකින් දැන්නුවාය කියන එක උන්නැහෙ කිව්ව. දැනගෙන බොරු සාකච්ඡා අතරෙම තමයි සටනට ලෑස්ති වුණේ.කොටි වගේම ආණ්ඩුවත් මේ පාර කරල තියෙන්නෙ කල් මැරිල්ලක්.

    /*ප්‍රභාකරන් දිගට හරහට මිනී මරන්න ගන්න කොට තමයි ජනතාව ඉවසුවා ඇති කියන තැනට ආවේ*/

    මිනිහ ඉස්සරත් ඇති පදං මිනී මැරුවා. මිනිස්සු ඉවසුව ඇති කියල හිතුව කියල ආණ්ඩුවට තිබුණ නෙව ඉවස ඉවස ඉන්ට ඊගාව චන්දෙ එනකන්. ජනතාවට බොරු සාමය එපාවෙලා තියෙන කොටත් රනිල් මහත්තයගෙ ආණ්ඩුව සාමකතා කර කර හිටියනෙ. ආණ්ඩුවක් යම්කිසි මතවාදයක් එක්කයි බලයට එන්නෙ. කොලූ දේසපාලනය නොදන්නවා වාගේ කතාකරන්න එපා. ඒ ආණ්ඩුව තිබුණා නං තාමත් ඉවසනවා.

    මහින්ද මහත්තය ඔතෙන්ට එව්වෙ ඕනෑම දෙයක් ඉවසන සාමය හරියන්නෙ නැතය කියන මතයත් එක්ක. ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ගහන්න ගහන්න වැඳීම නොවෙයි.

    /*
    යුද්ධෙ පටන් ගත්තට පස්සෙත් ජනතාවගේ මතය හැදුවේ රජය මාධ්‍යා හරහා ගෙන ගිය වැඩපිලිවෙලින් මිසක් ඔය මෝඩ වංශලගෙ ගොං ටෝක් වලින් නෙවෙයි . ඒ මාධ්‍ය හරහා ගොඩ නැඟුනු මතය නිසා තමයි ඉතා විශාල ඡන්ද ප්‍රමානයකින් රජය පලාත් සභා මැතිවරන දිනන්නෙ .*/

    දිනාගෙන යනකොට මතයක් හදන්නෙ අහවල් එකටද? මත හදන්න දෙයක් නෑ. ජනතාවට කරන වැඩේ වාර්තා කරාම ඇති. මතයක් හදන්න ඕන වෙන්නෙ මිනිස්සුන්ට ඇස්පනාපිට නොපෙනෙන දෙයක් කියා දෙන්න. වැඩේ හරියට කෙරෙන බව පේනකොට මිනිස්සු ඒක අනුමත කරන එක අහන්න දෙයක් නෑ.වැඩේ හරියාගෙන එන කොට සමහර පරම්පරාගත යූ ඇන් පී කාරයොත් මහින්දට සපෝට් කරන්න ගත්තා. ටෝක් වලින් යන්න වෙලා තිබුණෙ ඒ මොකුත් නැතිව හිටපු කාලෙ.


    /*
    ඔය වංශලා ඇතුලු අන්තවාදියො තම්න් විසින් මහා ජනමතයක් ගොඩ නඟල ජනපතිතුමා පත්කලාය කියපු මැතිවරනේ එහෙම එකක් ඇත්තටම තිබුනෙ නැ , අවංකවම මහින්ද මහත්තය දින්නෙ නූලෙන් (උතුරේ ඡන්ද ටික කොටි නැවැත්තුවෙ නැත්නම් ප්‍රතිපලය වෙනස් වෙන්නත් ඉඩ තිබුන )
    */

    නූලෙන් හරි මොකෙන් හරි උන්නැහෙව දිනවන්න එදා වැඩ කල ප්‍රධාන බලවේගය බොරු අන්තවාදියො මිස පෙරළුන පැත්ත හොඳයි කියන බොරු මැදහත්වාදියො නොවෙයි තමයි. උතුරෙ චන්ද කොටසක් නැවතිච්ච එක වැදගත් බවට සැකයක් නෑ. නමුත් ඒකෙන් බුවා කොලූගෙ මතය තහවුරු කරන්න බෑ.

    අපිට වැදගත් වෙන්නෙ සිංහල මිනිස්සුන්ගෙ බහුතරය කොතනද හිටියෙ කියන කාරණාව. වංසලා (ජවිපෙ) ඇතුලු ජාතික සංවිධාන නිදහස් පක්ෂයත් එක්ක එක පෙරමුණකට ආවයිං බෙදිල ගිහින් තිබුණු සිංහල ජන මතය එක පෙරමුණක නියෝජනය වුණා. ඒකෙන් තමයි හැකි වුණේ චින්තන මහත්තයව පුටුවෙ ඉන්ඳන්න. ජනමතය ගොඩ නගන්න දායක උනේ දේසපාලකයො විතරක්මත් නෙවෙයි. හාමුදුරුවරු එහෙමත් දායක වුණා.

    /*ඔබතුමා අන්තවාදීයි කියල මම කියන දේ දිගින් දිගටම අල්ලගන්නෙ එකම මාතෘකාවක් සම්බඳව බවයි මට පේන්නේ */

    පැහැදිලි මදි.

    ඩිලාන් ඩලස් වගේ අය කොලුව වගේම ජනවාර්ගික අර්බුදයක් ගැන කතාකරන උදවිය. මං ඒ උදවිය ජාතික මතවාදයක ඉන්නවාය කියල කියන්නෙ නෑ. වාසියට නිහඬව ඉන්නවා වෙන්න පුළුවන්.


    තව කාරණයක් බුවා කොලූ වීරවංස උන්නැහෙ එක්ක තියෙන මල නිසා අපහාසාත්මක විදියට ලියන්න එපා. මට ෆොනී මහත්තය කියල ලියන්නෙ නැතුව නම වෙනස් කරල ලියන්න තිබුණා. නමුත් එහෙම කරන්නෙ නෑනෙ. මට මිනිස්සුත් එක්ක පුද්ගලික කෝන්තරයක් නෑ. (ඒ අතින් බැලුවාම කොලූත් ෆොනී මහත්තයටම දෙවෙනි වෙන්නෙ නෑ.) දේසපාලන මතවාද ගැන කතාකරන එක නැතුව කොලූට අපහාස කරල ආතල් එකක් ගන්න ඕන්නං C නිවුස් එකට ගිහිල්ල ඒව බේරගන්න. මගේ සයිට් එක බලන්න වංස උන්නැහෙ එන්නෙ නෑ නෙව :)

    ReplyDelete
  10. හරි දුකයි වගේ නේද වංශට මොකුත් කියන කොට , ඔබතුමා දිගින් දිගටම ජාතික බලවේග කියල විස්තර කරන්නේ මම අන්තවාදීන්ය කියල දකින පිරිසමයි . ඒ නිසා ඒ ගැන වාදය ඉවර වෙන එකක් නෙවෙයි .එකම දේ නැවතත් කියන්න වෙන එක වලක්ව ගන්න මම දෙන සබැඳියෙන් යුද්ධය ගැන මගේ මතය කෙටියෙන් ලියපු තැනට ඔබතුමාව යොමු කරන්න කැමතියි http://buwagesithuvili.blogspot.com/2011/05/blog-post_19.html

    කවදාවත් විසඳුමකට සූදානම් නැති ප්‍රභාකරන් එක්ක සාකච්ඡා කියන්නේ කල්මැරිලි තමයි . 2001 දී රනිල් රට භාරගන්න කොට තත්වය හිතල බැලුව නම් සටන් විරාමයට ගිය හෙතුවත් පැහැදිලි වෙන්න ඕනි . හැබැයි ඉතින් ඒ තරම් මධ්‍යස්ථ ව ඔබතුමා හිතයි කියල නම් මම හිතන්නේ නැ . කොටින්ම අපේ රටේ යුධ වාර්ථාකරනය සාමාන්‍ය වාර්ථාකරනයකට එහා ගිය ජනතාවගෙ ඔලු හැඩගස්වපු එකක්ය කියල පිලිගන්න ඔබතුමා සූදානම් නැ . ගම් මට්ටමේ ජනතාව ඔබතුමා ඔය කියන විදිහෙ මතවාදවල හිටියේ නැ 2005 දි . ගම් මට්ටමේ මිනිස්සුන්ගෙ දේශපාලනය කොහොමටත් තර්ක විතර්ක අස්සේ පැටලෙන එකක් නෙවෙයි හරිම සරලයි , 2005දී ඒ වගේ මතයක් ගමේ ජනතාවට ගියේ නැ(ගමේ මිනිස්සුන්ගෙ බොක්කට වදින්නෙ ඔය වේදිකාවලහඬ තලන ඒවා නෙවෙයි මාධ්‍යහරහා ඒ අයට ලැබෙන ඒවා . 2005දි රාජ්‍ය මාධ්‍යවත් මහින්ද මහත්තයට උදව් කලේ නැහැ කියල මතක ඇතිනෙ ) . ගමේ මිනිස්සුන්ගේ ඔලුවල "රනිල් යනු රටපාවාදීපු එකෙකි " කියල රෙජිස්ටර් වුනේ යුද්ධයෙන් පස්සෙ . රනිල්ට වඩා මහින්ද ගමේ මනුස්සයගෙ හිතට කාවැදීමෙ වාසියත් අලුත්ම නායකයෙක් අත්හදා බලන්න තියන ඒ ජනතාවගේ කැමැත්තත් තමයි තිබුන වාසිය . චන්ද්‍රිකා සහ නිදහස්පක්ෂයෙන් සහයෝගයක් නොලැබුනත් ඒ වෙන කොට උපරිම ජනප්‍රසාදයක හිටපු ජවිපෙත් ,ඒ තරම් මිනිස්සුන්ට එපා වෙලා නොතිබුන හෙල උරුමෙත් චන්ද එකතු වුනා. ජවිපෙ ගම් මට්ටමේ චන්ද පාක්ෂික චන්ද මිසක් මතවාදයකට ගහන ඒව නෙවෙයි . මතවාද ගොඩ නැගෙන්නේ නගරයේ මිනිස්සු අතරේ . මෙතනදි උතුරේ චන්ද නොලැබීම මගේ කතාවට අදාලයි . මොකද රනිල්-මහින්ද සුලු පරතරය ඇති වුනේ බහුතර සිංහල ඡන්ද වලින් , ඒ කියන්නෙ ඒ වෙන කොට සිංහ්ල සමාජය ඔය ඔබතුමාල කියන විදිහෙ මහා මතවාදීමය වෙනසක හිටියේ නැහැ

    ReplyDelete
  11. මම කියන්නෙ කොලූගෙ වංස විරෝධය මඩ අවලාද ගැහිල්ලක් කරගන්න එපා කියන එක. විවේචනය කරන එක මට ප්‍රශ්නයක් නෙවෙයි.

    ReplyDelete
  12. /* ඔබතුමා දිගින් දිගටම ජාතික බලවේග කියල විස්තර කරන්නේ මම අන්තවාදීන්ය කියල දකින පිරිසමයි . ඒ නිසා ඒ ගැන වාදය ඉවර වෙන එකක් නෙවෙයි .*/

    කොලුවටත් යමක් තේරෙනව නෙ. ඒ වාදෙ අපි වෙන දවසක කරමු.

    /*කවදාවත් විසඳුමකට සූදානම් නැති ප්‍රභාකරන් එක්ක සාකච්ඡා කියන්නේ කල්මැරිලි තමයි . 2001 දී රනිල් රට භාරගන්න කොට තත්වය හිතල බැලුව නම් සටන් විරාමයට ගිය හෙතුවත් පැහැදිලි වෙන්න ඕනි .*/

    ඒක නම් බුවෝ ගල් පැලෙන මුසාවාදයක්. කොලූ වික්‍රමසිංහ මහත්තයටත් කරන අපහාසයක්. ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්තියම සටන් නොකර සිටීම. ඒක රට තිබුණ තත්වෙ ගැන හිතල ගත්ත තීරණයක් නොවෙයි. රට ඉතාම ශක්තිමත් තත්වයක තිබුණත් වෙනසක් වෙන්න ඉඩක් තිබුණෙම නෑ. ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් දෙන්නෙ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වුණේ ඊනියා සාකච්ඡා කිරීම. රට යුද ශක්තිය අතින් කොහොම තිබුණත් ඒ ආණ්ඩුව තිබ්බ නම් කොටි විතරක් සටන් කරල අපිට දිගටම ඉවසනව බලාගන්න තිබුණ.රනිල් මහත්තයගෙ ආණ්ඩුව තිබුණ කාලෙ කොටි තමංගෙ පැත්තෙ ඝාතන වැඩපිළිවෙල සහ බලය තර කරගැනීමේ වැඩපිළිවෙල හරි හරියට කරගෙන ගියා. හමුදාවට ඒක දිහා බලාගෙන නොදැක්කා වගේ ඉන්න නියෝග ලැබිල තිබුණා. (කොලූ මේ ගැන පුරස්න අහන එක හොඳයි. තව ටික කාලයක් යනකොට මට උණත් මේ සිද්දි අමතක වෙලා යන්ට ඉඩ තියෙනවා)

    රනිල් මහත්තය සම්බන්ධයෙන් කොටින්ට වැරදුනේ උන්නැහෙ තමංගෙ මිත්‍රයෙක්ය කියන කාරණාව තේරුම් නොගැනීමය කියල මට හිතෙනවා. අනිත් අතට කොටි ඉල්ලන දේවල් දෙන්න ඉඩක් දුන්න නම් ඊනියා සාකච්ඡා සාර්තක වෙනවා. උන්නැහෙ තමංගෙ සුදු මිත්‍රයංගෙ උපදෙස් අකුරට පිලිපදිමිං කොටිංගෙ අවශ්‍යතා ඉටුකර දෙමින් හිටියා.


    /*කොටින්ම අපේ රටේ යුධ වාර්ථාකරනය සාමාන්‍ය වාර්ථාකරනයකට එහා ගිය ජනතාවගෙ ඔලු හැඩගස්වපු එකක්ය කියල පිලිගන්න ඔබතුමා සූදානම් නැ . */

    මම එහෙම කතාවක් කිව්වෙ නෑ. චන්ද කාලෙ වෙනකොට ජනමතය විශාල ලෙස වෙනස් වෙලා තිබීමට වාර්තාකරණය ලොකු සේවයක් කළාය කියන එක මම පිළිගන්නවා. වාර්තාකරණය කොහොමත් මිනිස්සුංගෙ අදහස් වෙනස් කරන විදියට තමයි කෙරෙන්නෙ.

    මම මතයක් හැදුවා කියල කිව්වෙ මුල්කාලයේ කොටි පරාද කරන්න බැරි අනබිබවනීය සංවිදානයක්ය කියල සාම කාක්කො දවල්ටයි රෑටයි වාත පෙට්ටියෙං ප්‍රචාරය කරපු කාලෙ ඊට විරුද්ද මතයක් සමාජයේ යම්කිසි පිරිසක් අතරට ගෙනියන්න කටයුතු කිරීම. ඒ කාලෙ ඊනියා සාමකතාවලට විරුද්දව කතා කිරීම ආනන්තරීය පාපකර්මයක මට්ටමට වැටිල තිබුණ. ඕක විරුද්ධ මතයක හිටපු පක්ෂයක් වශයෙන් මුලිංම ගත්තෙ ජවිපෙ වෙන්න ඇති(හරියටම මතක නෑ හරිස්චන්ද්‍ර විජේතුංග මහත්තය මං හිතනවා කොටි පරාද කළ යුතුයි කියන මතයෙ දිගම කාලයක් හිටපු තැනැත්තා). ඒ අයගෙ දේසපාලන මණ්ඩලයෙ අනුමත වචන වලිං කියනවානම් "බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය යුදමය වශයෙං පරාජය කළ යුතුයි" කියල ඒ උදවිය ඉන්පස්සෙ දිගටම ඒක අරගෙන ආව.

    ReplyDelete
  13. මේ වෙනකොට සමහර යුඇන්පි කාරය්ප්ම රනිල් ගැන කියන ඒව ඇහුවාම ඔබතුමා වගෙ වෙනත් දේශපාලන මතයක ඉන කෙනෙක් රනිල් ගැන ඔහොම කියන එක සාධාරනයි .

    "ඊට විරුද්ද මතයක් සමාජයේ යම්කිසි පිරිසක් අතරට ගෙනියන්න කටයුතු කිරීම" අන්න එහෙම කියන්න . පාවෙන චන්ද මට්ටමේ ඉන්න යම් පිරිසක් ඔය මත වාදය නිසා මහින්ද මහත්තයට ඡන්දෙ දුන්න තමයි . නමුත් ඒක මහා ජන බලවේගයක් නෙවෙයි . ජන බලවේගය ඇතිවෙන්නේ ,කැපුවත් කොල යුඑන්පී කාරයො මහින්දට විරුද්ධව චන්ද පොලට නොයන්නේ , බාගෙට කොල කට්ටිය බුලත් කොලේට කතිරේ ගහන්නේ . ලොකු ලොකු චන්ද ප්‍රතිශත වලින් දිනන්න පටන් ගන්නේ මං කිව්ව කාලෙදී . අන්න ඒ කාලේ තමයි කොටින්ට ගහල පරද්දන්න පුලුවන් අපි ඒකට උදව් කරන්න ඕනි කියන ජනමතය (ජන බලවේගය ඇති වුනේ ) . කොටින්ට ගහල ඉවර උනාම ප්‍රශ්නේ ඉවරයි කියලනෙ ඔබතුමා ඇතුලු "දේශප්‍රේමීන්" ගේ මතය . බලමුකො ඒක ඇත්තද කියල . පෙරහැර ලඟ ලඟම එන බවයි මට පේන්නේ දෙමල සංධානේ එක්ක සාකච්ඡා . ජී ඇල්ගේ ඉන්දියානු සංචාරය වගේ දේවල්වලට අවධානය යොමු කරල බලන්නකො

    ReplyDelete
  14. කොලූ ගම්වල මිනිස්සුන්ටත් අපහාස කරනවා. ගමේ වගේම නගරයෙත් ඉන්නවා යම්කිසි පක්ෂෙකට අනිවාර්යයෙං චන්දෙ දෙන පිරිසක්. ඒ උදවිය පක්ෂෙ දේසපාලන මතය සාමාන්‍යයෙං පිළිගන්නවා. විශේෂයෙං ජවිපෙ වගේ පක්ෂවල. කොටි ත්‍රස්තවාදය යුදමය වසයෙං පරාද කල යුතුයි කියන එක සාම කතා කරල ජනවාර්ගික ප්‍රශ්නයට දේසපාලන විසඳුමක් දිය යුතුයි කියන මතය තරම් තර්ක දාල තේරුම්ගන්න දෙයක් නෑ. මේ දෙකෙන් දිරවගන්න ලේසි මතය තමයි පළවෙනි මතය .

    අනිත් කාරණේ වේදිකාව වගේ සරල විදියට දේසපාලනේ දෙන තැං තමයි කොලුවගෙ තර්කය අනුව ගමේ මිනිස්සුන්ට වදින්න ඕන. මොකද ඒ මිනිස්සු කොලූලගෙ වගේ නොවෙයි තර්ක බුද්දිය දාන්නෙ නැති නිසා. ඒ වුනාට කොලූම කියනවා ඒ අය වාත පෙට්ටියෙ සංකීරණ විග්‍රහ වලිං දේසපාලනේ ඉගෙන ගන්නවාය වේදිකාවල එව්ව වදින්නෙ නැතිය කියල. මේ ආයෙත් ජාතික බලවේග වල කාර්යභාරය අවතක්සේරු කරන්න තර්ක හදන්න යාමෙං වෙච්චි ඇබැද්දියක් කියන එක තමා මට පේන්නෙ.

    ගැමි සිංහල චන්ද වලිං බහුතරය තිබුණෙ රනිල් මහත්තයට එරෙහිව නං ඒකෙන් කියවෙන්නෙ වෙන මොකුත් නෙවෙයි උන්නැහෙගෙ ඊනියා සාම වැඩපිළිවෙල ගැමි සිංහල ජනතාව අනුමත කරල නැතය කියන එක. මහින්ද මහත්තයට අවාසි වෙන විදියට (ගැමි ජනතාවගෙ සිතුම් පැතුම් හසුරුවනවය කියල කොලූ කියන) වාත පෙට්ටිය ක්‍රියා කරන්න ඇති නෙව. අනිත් එක කොලූ කියන්නෙ මහින්ද මහත්තය සුළු චන්ද ගණනකින් තමයි දිනුවෙ කියල. නමුත් සිංහල ගැමි ජනතාව අතරෙ පමණක් ගත්තොත් මහින්ද මහත්තයට "ජන රැල්ලක්" තිබුණ. මේ කාරණේ කොටිරාජාවාහිනියෙ මැතිවරණ විකාසයෙදි නිවේදකයෙක් කියනවා මට අද වගේ මතකයි. පහල තියෙනවා දිස්තිරික්ක මට්ටමේ ප්‍රතිපල. හොඳට බලන්න.

    http://www.slelections.gov.lk/pdf/2005%20Presidantial-AllIsland.pdf

    අලුත් මූණක් කියන කතාවෙන් මේ වැඩේ පැහැදිලි කරන්න බෑ. ඒකට නාගරික ග්‍රාමීය බේදයක් නෑ. එහෙනම් කොලූ කියන්න ඕන ගැමි ජනතාව මහින්ද මහත්තයට දිහාට ඇදෙන්නත් රනිල් මහත්තයගෙන් ඈත් වෙන්නත් හේතුව.
    මහින්ද මහත්තය අලුත් මූණක් නිසා උන්නැහෙව නොදන්න ජනතාවට හඳුන්වා දෙන්නත් ඕනා. ඒ සඳහා වාත පෙට්ටිය බාවිතා වෙන්නත් බෑ. රාජ්‍යමාද්‍යවලිංවත් මහින්ද මහත්තයට උදවු කලේ නෑය කියල කොලූම කියනවා. අනිත් පැත්තෙන් වේදිකා වගේ සම්ප්‍රදායික මාද්‍ය පාවිච්චි වෙන්නත් බෑ මොකද එව්ව ගැමි ජනතාවට වදින්නෙ නෑ. මේ උබතෝකෝටික පුරස්නය විසඳීම බුවා කොලූගෙ බුද්දියටම බාරයි :)

    ReplyDelete
  15. තව කාරණයක් කොටින්ට ගහල ඉවර වුණාට පුරස්න ඉවරයි කියල මම කියන්නෙ නෑ. මගෙ කලිං ලියුම් වල ඒ කාරණේ ගැනත් ලියල තියෙනවා. හැබැයි මම ජනවාර්ගික පුරස්නයක් තියෙනවාය කියල පිළිගන්නෙත් නෑ.

    ReplyDelete
  16. ඔබතුමාල තමයි නගරේ ඉඳන් ගම ගැන හිතලු කියන බව මට නම් පේන්නේ .චන්ද ප්‍රතිපල දාපු එක හොඳයි හොඳට බලන්න ඉතාම ආසන්න චන්දයක් . දකුනේ මිනිහාය කියන දකුනේ මිනිස්සුන්ගෙ සංකල්පය ඔතන ඉතාම හොඳින් නිරූපනය වෙලා තියනව , මහනුවර , මාතලේ , බදුල්ල එදා යුඑන්පිය දිනුවා . මේවා දිස්ත්‍රික්ක වලත් ඕනැ තරම් ග්‍රාමීය ජනතාව ඉන්නවා හැබැයි ස්වාභාවික එජාපයට හිතවත් දිනුම රනිල්ට . හැබැයි යුද්ධෙ යන අස්සේ තිබ්බ පලාත් සභා මැතිවරන වල ප්‍රතිපලය මොකක්ද ? කවදද එහෙනම් ජනතාවගෙ හැරුම් ලක්ෂය

    මම නම් අදටත් ජීවත් වෙන්නේ ගම හොඳින් ඇසුරු කරන පරිසරයක . නූතන ලෝකයත් එක්ක ගව් ගානක් පිටිපස්සේ ඉන්න ගම්මානත් කිලෝමීටර් කිහිපයක් අවටින් හොයා ගන්න පුලුවන් . මේ මිනිස්සුන්ගෙ දේශපාලනය හරිම සරලයි . තමන් බදාගත්ත පක්ෂයක් නැත්නම් ඒ අයගේ චන්දය තීරනය වෙන්නේ තමන්ට ලැබෙන දේවල් එක්ක . ඒක ගමට විදුලිය වගේ පොදු අවශ්‍ය තාවක ඉඳන් තමන්ට රස්සාවක් කියන පෞද්ගලික දෙය දක්වා වෙන්න පුලුවන් . ඒ වගේම පොදුවේ ජිවත් වෙන්න තියන පහසු බව හෝ අමාරුව . රට පාලනය කරපු කිසිම නායකයෙක්ගෙන් තමන්ට වැඩක් නැය කියල හිතුන මේ අය අලුත් නායකයෙක් තෝර ගන්න බොහොම කැමතියි . ඒ වගේම යුද්දෙට සම්බඳ නොවුන ගම් පලාත් නිසා ඒ අයට යුද්දෙ දැනෙන්නේ මාධ්‍ය වලින් , ගමට එන සොල්දාදුවෙක්ගේ මිනියකින් තමයි .2001- 2005කාලය ඔය දේවල් වලින් පිරිච්ච කාලයක් නෙවෙයි . ඉතින් ඒ අයට මහා ලොකු යුධවාදයක් බදා ගන්න හේතුවක් තිබුනේ නැ .ගම් වල ඉන්න වෘත්තිකයො වගේ අය ඔය මතවාදයට යම් ප්‍රමානයක් ඇවිත් හිටියත් ඒක බොහොම නිෂ්ක්‍රිය මට්ටමේ එකක් . අනික ගම් වල බහුතරයක් දෙනා ජවිපෙ දකින්නේ යහපත් විදිහට නෙවෙයි .ඔය මතවාදය කර තියා ගෙන හෙල උරුමය ගම් වල මිනිස්සුන්ට සම්පූර්ණයෙන් අවිශයයි . ඔබතුමා විතරක් නෙවෙයි බොහෝ දෙනා කරන්නේ කොලඹ ඇතුලු නගර කිහිපයක් ඇරුණු ඔක්කොම ගමය කියල හිතාන කතා කරනව . හැබැයි ඒ ඇතුලේ අර්ධ නාගරික ජනතාවත් සැහෙන්න ඇතුලත් . ඡන්ද රැස්වීම් ගොඩක් තියෙන්නේ නාගරික ප්‍රදේශ වල , විශේෂයෙන්ම ඔය මතවාද ප්‍රචාරය කරපු නායකයො සහභාගි වන ඒවා . ඒව ගමේ මිනිස්සු දකින්නේ නගරෙට ආපු වෙලාවක අහම්ඹෙන් තමයි , ගම් මට්ටමේ තියන ඒවට හොම්ඹ දාල බැලුවත් ජවිපේ ඒවට නම් නෙවෙයි

    ReplyDelete
  17. ඔන්න ඔය ලින්ක් එකෙන් සම්ස්ථ ප්‍රතිපලයට යන්න මෙන්න මගේ කතාව තහවුරු කරන්න උදාහරන - කලුතර දීස්ත්‍රිකයෙ නාගරිකම ප්‍රදේශ දෙක කලුතර හා පානදුරට වඩා ග්‍රාමීයම ප්‍රදේශය බුලත්සිංහල රනිල්ගේ චන්ද ප්‍රතිශතය වැඩියි හැබැයි මේ පාර මහින්ද ගම දිනන්නේ 65%කින්

    මහනුවර දිස්තිරකයේ එදා එජාපය දිනපු ඕනිම ග්‍රාමීය ජනතාව වැඩි ආසනයක් අරන් බලන්න

    2005දි අනුරාධපුර කලාවැව ආසනයේ රනිල් 41% අරන් තියනව , හැබැයි මේ පාර මහින්ද දිනන්නේ 68%කටත් වඩා අරන්

    ගමේ මිනිස්සු යුද්ධය දැක්කේ දෙමලු අපිට ගහනව අපි උනට ගහනව වගේ සරල තැනක ඉඳන් , ගමට මිනී එන්නෙ නැති , ටිවි රේඩියෝ පත්තරවල බෝම්බ පුපුරපු ඒවා නැති කාලෙට ඒ මිනිස්සුන්ට යුද්ධේ නැ . ඔය දේශපාලන මතවාද වලට වඩ වැඩ තියනව ඒ අයට හිතන්න . ජේවීපි කාරයො ටිකක් මොනව හරි කිව්වාය කියල මිනිස්සු පිලිගන්නෙ නැ , යුද්දේ දිනාගෙන යනබව දැක්කා(වෙනද වගේ අපේ අය මැරෙන්නෙත් නැතුව ) පලාත් සභා චන්දෙ දුන්නා . වැඩෙ කරල ඉවරයි ඉතාම ඉහලින් මහින්ද මහත්තයව දිනෙව්වා . ඡන්ද ප්‍රතිපල දේකේ වෙනස ඒකයි . මහින්ද මහත්තය දිනන්නේ දකුණෙන් ලැබුන විශේෂ ජනවරම නිසාම තමයි මූලිකවම . මොකද අනෙක් ඡන්ද බෙදිල ගියේ වෙනද වගේම තමයි එජාපයට වාසි ඒව ඒ අයට සන්ධානයට වාසි ඒවා ඒ අයට විදිහට .ඔය කියන විදිහෙ ජනමතයක් තිබුන නම් ඒ වාසි සහගත කම් අතැරල මහින්ද මහත්තය හැම තැනම දිනන්න ඕනි

    ReplyDelete
  18. කොලූ අර ගැමි ජනතාවගේ මනස හැදීම ගැන ඉහලම වැදගත්කම ඇත්තේ වාතපෙට්ටියටය කියල කියපු කතාව තාම වලංගුද? අනිත් එව්ව බොක්කට වදින්නෙ නෑය එහෙම කියල කිව්වෙ?

    අපි දන්නවා යූඇන්පී එක අන්තිමට ආණ්ඩු කරාපු කාලෙදි සියලු වර්ගවල වාතනාලිකා වලිං සාම හොරණෑව වයාපු බව. (විපක්සෙට කොටිරාජාවාහිනිය වගේ එකක් නැති නිසා). අනිත් පැත්තෙන් ආර්තිකෙත් නගාහිටුවල මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්තරවාදයත් සුද්ද වගේ ආරක්සා කොරල. එහෙම තිබිලත් යූඇන්පී නායකතුමාට සිංහල ගැමි චන්ද බහුතරයක් ලබාගන්න බැරිවුණේ මොකෝ? කොලූට එහෙම ගත්තු බවට පෙන්නන්න තියෙන්නෙ දිස්තිරික්ක වසයෙං බදුල්ලයි, මාතලෙයි, මහනුවරයි විතරයි.

    /*මහනුවර , මාතලේ , බදුල්ල එදා යුඑන්පිය දිනුවා . මේවා දිස්ත්‍රික්ක වලත් ඕනැ තරම් ග්‍රාමීය ජනතාව ඉන්නවා හැබැයි ස්වාභාවික එජාපයට හිතවත් දිනුම රනිල්ට*/
    මේ සොබාවිකව හිතවත් එව්වයෙ 2004 මහමැතිවරණෙ අරගෙන බැලුවොත් කොලූට පෙනෙයි යූඇන්පී චන්ද 2001ට වඩා අඩු වෙලා. මදිවට හෙළ උරුම කාරයිංගෙ චන්ද ගානත් 2001ට වඩා වැඩි වෙලා (විසේසයෙං මහනුවර). අච්චර මහන්සි වෙලා සාමෙ ගෙනැල්ලත් මේ මිනිස්සු කොරල තියෙන්නෙ මහ කැත වැඩක් නෙවද? ඒ මදිවාට උන්නැහෙගෙ හිතවත්තු. තාමත් කොලූ කියන්නෙ රනිල් මැතිඳුගෙ නම අර රෙජිස්ටරේ ලියවුණේ පස්සෙ කාලෙක කියලද?

    අනික සාමෙං වෙච්චි වැදගත් විපරියාස. උදාහරණෙකට මිනීපෙට්ටි ගමට එන්නෙ නැති එක. බෝම්බ පුපුරන එක නැවතිච්චි එක. සාමෙං ආර්තිකෙත් තව හොඳවුනාද මන්ද ආයි සුදු මහත්තුරුංගෙ ඇල්ම බැල්ම රටට වැටීම වගේ දේවල්... ඉතිං මෙහෙම තියෙද්දිත් මෙව්ව පෙට්ටියෙං අතොරක් නැතුව පචාරය වෙද්දිත් ගමේ මිනිස්සුමයි මහිංද මහත්තයට සලකල තියෙන්නෙ. අනික අපි අතරෙ කතාවක් තියෙනවා බෙන්තර ගඟෙන් එහා පැත්තෙං පූස් පැටියෙක් වත් ගේන්න එපාය කියල (කොලූ එහා පැත්තෙ නං තරහ ගන්න එපා. විහිළුවට වගේ කියන කතා :) දකුණෙ මිනිහෙක් වෙච්චි මහින්ද මහත්තයට අනුරාධපුරේ, පොලොන්නරුවෙ මිනිස්සු මොකටද චන්දෙ දෙන්නෙ? මයෙ හිතෙ කුරුණෑගලත් හරියට ඉන්නවා හමුදාවෙ ළමයි.

    අලුත් මූණුවලට සමහර චන්ද කොට්ටාස වල මිනිස්සු කැමති උණාට සමහර මිනිස්සු අකමැතියි වගේ කතාවක් කියන්න පුළුවං කියල කොලූ හිතනවද? බදුල්ලෙයි මාතලෙයි වාතපෙට්ටි බාවිතය අදිකය අනිත් එව්වයෙ අඩුය කියල කතාවක් හදන්න පුළුවංද මංද?

    වාතපෙට්ටි නොතිබුණ කාලෙදි මිනිස්සු දේසපාලනේ ඉගෙන ගත්තෙ කොහොමද? එහෙමත් නැත්තං රැස්වීම්,පෝස්ටර්,පත්තර වලිං ජනමතය හදන්න කාරියක් කරන්න පුළුවංය කියල පිළිඅරගෙන මේක දිහා බලමුද?

    ReplyDelete
  19. අනිවාර්යයෙන්ම ඒ කතාව වලංගුයි .සාම කතන්දරේ 2004 චන්දෙන් පස්සේ කලින් වගේ වන්දනාමාන කලෙ නැ නොවැ ඒනිසා ඒගැන විශේෂ භක්තියක් මිනිස්සුන්ගෙ හිතේ නැ , ඒ වගේම ප්‍රායෝගික තලයේදී ලොකු හානියක් නොදැකපු නිසා ප්‍රභලප්‍රතිවිරෝධයක් තිබුනෙත් නැ . ඔය ප්‍රජාතන්ත්‍රවාදය , මාධ්‍ය නිදහස වගේ දේවල් ගමේ මිනිහට නිකන් වචන විතරයි . ඒව ඒ අයගෙ චන්දෙට බලපාන්නේ නැ . රටේ සමස්ථ ආර්ථිකය යහපත් තත්වෙට ගෙනාවත් ගමෙ මිනිස්සුන්ට වැදගත් වෙන සහනාධාර , ගම් මට්ටමෙ සංවර්ධනය , රැකියා වගෙ දේවල් වලදි යුඑන්පී ආණ්ඩුව ප්‍රතික්ෂේප වෙන වෙනව . අනික ඔය මැතිවරණ කොට්ටාශ ගත්තාම අර්ධ නාගරික ප්‍රදේශත් අහුවෙනව . මේ ප්‍රදේශවල ඉන්න ජනතාව අතර අර ඔබ කියන මතවාදය දරන අයත් ඉන්නව . මීට අමත්‍රව අලුත් මුහුණක් ය කියන කතන්දරයත් එකතු උනාම මහින්ද මහත්තය බහුතර ආසන ගානක් දිනන එක ගැටලුවක් නෙවෙයි .හැබැයි ගොඩක් ආසන් වලදි දෙන්නා අතර බොහොම සුලු ප්‍රතිශතය වෙනසක් තමයි තියෙන්නේ . ඒ වගේම එජාපය තම්න්ට හිතවත් ආසන ජයග්‍රහනය කරන සිංහල ගැමි චන්දත් එක්කම . ඔබ තුමා කියන විදිහෙ මතවාදයක් , ජනරැල්ලක් තිබුන නම් එහෙම වෙන්නෙ නැය කියන එකයි මගේ තර්කය . එහෙම මතවාදයක් ජන රැල්ලක් ගොඩ නැගුනු වෙලාවලදි . සුලු ජාතික චන්ද තීරනාත්මක නොවෙන හැම ආසනයක්ම එජාපය පැරදුනා , ඒ වගේම සංධානය ඉතා විශිෂ්ට ලෙස දිනුව . අන්න එහෙම තමයි ජනරැල්ලක් නිරූපනය වෙන්නෙ . නැතුව 5% ක 6% ක වෙනසකින් දිනන අවස්ථාවල නෙවෙයි . රූපපෙට්ටිය ගමෙ ජනමතයට බලපානවාය කියන එක මේ පාරත් තිබුඅ . විකල්ප මාධ්‍ය (අන්තර්ජාලය ) භාවිතා කරන ජනතාව ෆොන්සේකා මහත්තය ගැන දරපු අදහසුයි ගම් වල මිනිස්සු දරපු අදහසුයි අහසට පොලොව වගෙ වෙනස් . ෆොන්සේක කලවැද්දාය කියල බැන්නේ මහින්ද මහත්තයට කියල හිතාන මිනිස්සු දහ ඵලොස් දෙනෙක්ම මට මුණ ගැහිල තියනව . ඒ ඉතින් රෘපවාහිනියෙන් Cජන්දෙ කාලෙ ගිය ඇඩ් එකෙ ල්ණු කාපු අය තමා . කොල බෙදාගෙන ගෙයින් ගෙට ගිහින් ජවිපෙ ගෙනිච්ච මතවාදෙ ගමෙ මිනිහට දැනුනේ නැ .

    2001ශි තිබුනේ හෙල උරුමයක් නෙවෙයි නේ , 2004දි සෝම හාමුදුරු විකුණගෙන ආපු හාමුදුරු සෙට් එකට අහු වුනේ නගර වල මිනිස්සු මිසක් ගම් වල අය නෙවෙයි මහරගම වගේ ප්‍රදේශ හෙල උරුමයට් නතු උනේ ඒකයිහෙල උරුමෙට චන්දෙ දුන්න බහුතරයක් දෙනා ගුරුවරු වගෙ වෘත්තිකයින් . උපාසක අම්මලගෙ චන්ද වලින් ආවාය කියල කිව්වත් ඒ උපාසක අම්මල අතරත් ඉන්නෙ විශ්‍රාමික වෘත්තිකයින් වගෙ අය මිසක් එහෙම නොවෙන බහුතරයක් දෙනා නෙවෙයි . මේ චන්දත් මහින්ද මහත්තයට එකතු උනා

    මගේ මූලික තර්කය මහින්ද මහත්තයගෙ ජයග්‍රහනය ප්‍රශ්න කරන් එක නෙවෙයි නේ . ප්‍රධාන සිංහල පක්ෂ තුනක් ඇතුලුව පක්ෂ ගානක් එකතුවෙලා තරඟ කරත්දි එජාපය එක්ම සිංහල පක්ෂය විදිහට තරඟ කලේ .එහෙම තත්වයක් තිබිලත් මහින්ද මහත්තය සියලුම සිංහල ආස්න දිනන්නේ නැ , දිනන ඒවත් දිනල තියෙන්නේ අඩු ප්‍රතිශතයකින් . ඒ නිසා ඒක ප්‍රභල ජනමතයක් නොවේ . පසු කාලවලදි සංධානය මේ පැරදිච්ච ආසනත් දිනනව , කලින් යන්තම් දිනපුව විශිෂ්ට විදිහට දිනනව මේ වෙලාවෙදි තමයි ප්‍රභක ජනමතයක් ඇති වුනාය කියල මම දකින්නේ . මේ තත්වෙට මූලිකම උනේ මාධ්ය (රූපවාහිනිය , ගුවන් විදුලිය මුලික වුන ). ඒ නිසා ගමේ ජනමතයට මේවායෙ බලපැම ඉතාම පැහැදිලියි

    ඔන්න ඕකයි මගේ තර්කයෙ සාරාංශය

    ReplyDelete
  20. /*
    අනිවාර්යයෙන්ම ඒ කතාව වලංගුයි .සාම කතන්දරේ 2004 චන්දෙන් පස්සේ කලින් වගේ වන්දනාමාන කලෙ නැ නොවැ ඒනිසා ඒගැන විශේෂ භක්තියක් මිනිස්සුන්ගෙ හිතේ නැ , ඒ වගේම ප්‍රායෝගික තලයේදී ලොකු හානියක් නොදැකපු නිසා ප්‍රභලප්‍රතිවිරෝධයක් තිබුනෙත් නැ .
    */

    ඒක හරියන්නෙ නෑ කොලූ. සාම කතාව රනිල් මැතිඳුගෙ ආණ්ඩුව විසින් 2004ට කලින් වන්දනා කළා නෙ. ඒ කාලෙ අනිත් කතා ඔක්කොම ඒකට යටයි. ඒ කියන්නෙ එච්චර වන්දනාමාන කරලත් ඒ කතාව පිළිගත්තෙ නැත්ද මිනිස්සු 2004 මැතිවරණෙදි? ගම්වලට මිනී එන එක අඩුවුනාය කියන එක මිනිස්සුන්ට දැනෙන්නෙ නැත්ද?

    /* මීට අමත්‍රව අලුත් මුහුණක් ය කියන කතන්දරයත් එකතු උනාම මහින්ද මහත්තය බහුතර ආසන ගානක් දිනන එක ගැටලුවක් නෙවෙයි .*/

    මේකට මම උත්තර දුන්නා. මහින්ද මහත්තය අලුත් මූණක් කියනවානම් ඒ මූණ ගම් වල නොපුරුදු මිනිස්සු අතරට අරගෙන යන්න වෙන්නෙ පැහැදිලිවම පෝස්ටර්, රැලි ආදිය මගින්. මේ වැදගත් ප්‍රශ්නෙ මග ඇරල යන්න එපා. වාතපෙට්ටිවලින් පක්ෂපාතීත්වයක් නැතිවත් බහුතරයක් ගන්න පුළුවන්නම් ඒකෙන් පෙට්ටිය තමා වැදගත්ම කියල කිව්ව කතාව අල වෙනවා.

    /*හැබැයි ගොඩක් ආසන් වලදි දෙන්නා අතර බොහොම සුලු ප්‍රතිශතය වෙනසක් තමයි තියෙන්නේ */

    සුළු ප්‍රතිශත වෙනසක් කියන්නෙ මොකද්ද. සීයට දසම පහක්ද? සීයට එක දෙකක්ද? හැමතැනම වගේ සීයට පහට අඩුවෙන් ගොඩ දාගන්න රනිල් මැතිඳුට හැකිවුණා නං කොලූගෙ කතාවට පදනමක් තියනවා. මෙතෙන්දි මට වැදගත් වෙන්නෙ යම්කිසි ඉලක්කමක්. නැත්නම් "සුළු ප්‍රතිශත" "ජන රැලි" කියන එව්වා තර්කයක් කරන්න හොඳ මදි. මෙහෙම ඉන්න වෙලාවෙදි තමයි බුවා කොලුවා ස්වකමැත්තෙං සුළු ප්‍රතිශතය කියල තමං අදහස් කරන්නෙ මොකද්ද කියල ලියන්නෙ.

    ReplyDelete
  21. /*ඔබ තුමා කියන විදිහෙ මතවාදයක් , ජනරැල්ලක් තිබුන නම් එහෙම වෙන්නෙ නැය කියන එකයි මගේ තර්කය . එහෙම මතවාදයක් ජන රැල්ලක් ගොඩ නැගුනු වෙලාවලදි . සුලු ජාතික චන්ද තීරනාත්මක නොවෙන හැම ආසනයක්ම එජාපය පැරදුනා , ඒ වගේම සංධානය ඉතා විශිෂ්ට ලෙස දිනුව . අන්න එහෙම තමයි ජනරැල්ලක් නිරූපනය වෙන්නෙ . නැතුව 5% ක 6% ක වෙනසකින් දිනන අවස්ථාවල නෙවෙයි . */

    ඉතින් මම කරාපු වැඩේ ඉලක්කං ටික එකතු කරල බැලුව මේ කතාව ඇත්තද කියල. සමස්ත ප්‍රතිපලේ වික්‍රමසිංහ මහත්තය දිනාපු දිස්තිරික්ක එකක්වත් මේකට සැලකුවෙ නෑ. කළුතර ගම්පහ වගේ එව්ව සැලකුවෙත් නෑ. දකුණු පළාත සම්පූර්ණයෙං නොසලකා හැරිය. මොකද ඒ ආසන "දකුණෙ මිනිහෙක්" වාදයට අහුවෙන නිසා. කොලූගෙ සුළුසීමාවට අහු නොවෙන එව්ව කොච්චර තියෙද කියලයි මෙතෙන්දි අපි බලන්න ඕන. කොලූ සුළුයයි කියන ප්‍රතිශත වගේ දෙගුණයක් විතර අරගෙන තියෙන තැනුත් මෙතන තියන බව තේරුං ගන්න ඕන. ඔය පහලිං තියන්නෙ ඒ විදියට දකුණට සෑහෙන්න ඈතිං පිහිටාපු දිස්තිරික්ක වලිං මහින්ද මහත්තය දිනාගත්තු දිස්තිරික්ක වල ආසන විස්තර. දෙන්නගෙ ප්‍රතිශත වෙනස තමයි ඔය තියන්නෙ.

    කෑගල්ල : දැදිගම - 2, ගලිගමුව - 7, කැගල්ල - 14, රඹුක්කන - 10, රුවන්වැල්ල - 4, දැරනියගල - 1

    රත්නපුර : ඇහැලියගොඩ - 12, රත්නපුර - 8, බලන්ගොඩ - 2, නිවිතිගල - 7, කොලොන්න - 16, කලවාන - 13

    මොනරාගල : බිබිල - 13, මොනරාගල - 15, වැල්ලවය - 16

    පොලොන්නරුව : මින්නේරිය - 13, මැදිරිගිරිය - 4, පොලොන්නරුව - 2

    අනුරාදපුර: මැදවච්චි - 14, හොරොව්පතාන - 9, අනුපුර නැ. - 14, අනුරපුර බට. - 3, කලාවැව - 15, මිහින්තලෙ - 14, කැකිරාව - 4

    කුරුණෑගල : ගල්ගමුව - 10, නිකවැරටි - 6, යාපහුව - 8, වාරියපොල - 12, පඬුවස් - 2, බිංගිරිය - 2, කටුගම්පොල - 6, කුලියාපිටි < 1, දඹදෙනි - 10
    පොල්ගහවෙල - 4, මාවතගම - 2, දොඩන්ගස් - 8

    37 න් 22 ක් 6 ට වැඩි බව මෙතෙන්දි පේනවා. මේ දිස්තිරික්ක ටිකෙ බැලුවොත් දිනපුවයිං බාගෙකට වඩා මහ ප්‍රතිශත වලින් තමා දිනල තියන්නෙ. මේ නිසා කොලූගෙ සුළු ප්‍රතිශත කතාව මෙතනින් එහාට කියල වැඩක් නෑ. දකුණෙ මිනිහා කතාව ඇත්ත උණත් ප්‍රමාණවත් නෑ. මොකද දකුණෙ නොවන මිනිස්සුත් උන්නැහෙට චන්ද දීල තියෙන නිසා. පරාද වෙන වෙන ආසනය ආසනය ගානෙ යූඇන්පියට සොබවිකව අවාසි සහගතයි කියල කතාවක් හදන්නත් බෑ. (පරාද වෙන එක නම් වාසි නෑ තමයි)

    අනිත් කාරණේ ජන රැල්ලක් කියන එක සාපේක්ෂයි. පස්සෙ තිබිච්චි පළාත්සබා චන්ද කොටි ඉවර කලාට පස්සෙ තියපු ජනාධිපතිවරණෙ එක්ක මේක සංසංදනය කරන්න බෑ. ඒවයෙදි මිනිස්සුන්ට ප්‍රතිඵල ඇහැට පේන්න තිබුණ. දෙගිඩියාවක් ඇතිවෙන්න ඉඩ අඩුයි.මෙතෙන්දි චන්ද්‍රිකා නෝනත් උන්නැහෙට විරුද්ධයි. උන්නැහෙ වෙනුවෙන් බැහැල වැඩ කරන්න හිටියෙ ගම් මට්ටමේදි ජේවීපී කාරයොයි අනික් ජාතික සංවිධාන ටිකකුයි විතරයි. මෙතෙන්දි කොලූගෙ පුරස්නෙකටත් අපි උත්තර දෙන්න ඕන.

    ඒ කියන්නෙ ජනරැල්ලක් නං හැමතැනම එක විදියට ක්‍රියාත්මක වෙන්න ඕන කියන එක. මේකත් වැදගත් කාරණයක් හැබැයි අර කියාපු විදියට නෙවෙයි. එහෙම සමජාතීය ගතියක් නොපෙනෙන්නෙ ජන මතය හදන්න අදාල වෙන වැඩපිළිවෙල එකාකාර ගැම්මකින් ක්‍රියා නොකිරීමෙන්. වෙන විදියකට කියනවා නම් මැතිවරණ යාන්ත්‍රණය කියන එකේ දුබලකමක් තමයි ඕකෙන් පෙන්නුම් කරන්නෙ.

    අනිත් පැත්තෙන් බුවා කොලූගෙ හේතු දැක්වීම් වල තියෙන කරුණු:

    * අලුත් මූණක් වීම
    * වාත පෙට්ටියෙන් පචාරය වෙන එක

    වගේ දේවල්වල වැදගත්කම සමජාතීයව බලපාන බව කාටත් පේනවා. එව්ව විසමජාතීයව බලපානවය කියල මොන විදියෙංවත් තර්ක කරන්න බෑ.
    ප්‍රාදේශීයව වෙනස් වෙන්න පුළුවං වෙන්නෙ මම දීල තියන සාධකේ තමයි. ඒක නිසා මේ කරුණු ප්‍රතිඵලේ පැහැදිලිකරන්න වඩා ගැලපෙන බව තේරුම් ගන්න ඕනා.

    ReplyDelete
  22. ඔබතුමාගෙ කරුණු ඉදිරිපත් කිරීම ඉතාම කණගාටුදායකයි ඇයි එක දිස්ත්‍රික්කෙකින් කිහිපයක් ගානෙ තෝරගෙන 37 න් අච්චරයි මෙච්චරයි කියන්නෙ . එහෙම සංසන්ධනයකට යනව නම් මුලු දිස්ත්‍රික්කෙම අරගෙන බලන්න ඔනි . අපි කැගල්ල අරන් බැලුවොත් ඔයා දීල තියන ආසන තුන ඇරුණාම ඉතුරු ඔක්කොම මම කිව්ව තත්වයේ තමයි ආසන දෙකක් රනිල් දිනලත් තියනව එතකොට 3/9 යි ඔබතුමා කියන කතන්දරේට ගැලපෙන්නේ . මුලු චන්ද ගාන ගත්තාම 16 ,000 මහත්තයෝ වෙනස .අනික මෙතන ගානටම 6% අඩු ප්‍රතිශතයක් මම අදහස් කරන්නේ නැ ආසන්න වෙනස තේරුම් ගන්න ඔබතුමාට බැරි එකයි අවුල . ආ තව එකක් රඹුක්කන ආසනයෙ සුවිශේෂී ජයග්‍රහනයට හේතු උනු මහීපාල මහත්තයත් ඔබ තුමාලගෙ "ජාතික බලවේගවල " කොටස්කාරයෙක්ද ?

    ඔබතුමාගෙ මූලික කතාවට අනුකුල ඒ කියන්නේ ජාතික බලවේගය කියල ඔබතුමා කියාගන්න කට්ටිය ගෙ බලපැමක් තිබුනාය කියල කියන්න පුලුවන් රත්නපුර දිස්තික්‍රයේ තියෙන්නෙ එකම ආසනයයි (මම රත්නපුර දිස්ත්‍රිකයේ වැසියෙක් නිසා බොහොම විශ්වාසයෙන් මේ ගැන කියන්න පුලුවන් ) ඒ තමයි කොලොන්න අදාල පුද්ගලය තමයි අචල ජාගොඩ / ඔබතුමාගේ ආසන ගාන බැලිල්ල ගත්තොත්(ඒක සාර්ථක ක්‍රමයක් නම් නෙවෙයි ) සබරගමු පලාතේ ආසන 7න් 9කම ඉතා ආසන්න බාවය් තියනව

    ReplyDelete
  23. /*
    ආ තව එකක් රඹුක්කන ආසනයෙ සුවිශේෂී ජයග්‍රහනයට හේතු උනු මහීපාල මහත්තයත් ඔබ තුමාලගෙ "ජාතික බලවේගවල " කොටස්කාරයෙක්ද ?
    */

    කොලූ කියන්න දෙයක් නැති වුණාම ලාමක උත්තර දෙන්න එපා. රඹුක්කන මහීපාල ඉන්නවාය, ඒ නිසා බැරි වුණාය වගේ එව්වත් ගෙනාවොත් කිතුලට නැගපු එකාට වගේ කවදාවත් ඉවරයක් වෙන්නැති තරමට නිදහසට කාරණා හොයාගන්න පුළුවන්. 2001 දි මහීපාල හිටියෙ යූඇන්පියෙද දන්නෙ නෑ. කෑගල්ලෙ ඇති තරම් චන්ද අරගෙන දීල තියෙන්නෙ.

    කරුණාකරල සයිමොන් අයිය හිටපු නිසා අතන බැරිවුණා නැත්තං කරගන්න තිබුණ වගේ කතා නං කියන්න එපා. බාරගනු නොලැබේ. තව ටිකවෙලාවකින් කොලූ කිව්වොත් අපේ ගෙදර කාටවත් ඒ සැරේ චන්දෙ දාන්න යන්න බැරි වුණා ඒකත් හේතු වුණාය කියල මං පුදුම වෙන්නෙ නෑ.

    /*
    ඇයි එක දිස්ත්‍රික්කෙකින් කිහිපයක් ගානෙ තෝරගෙන 37 න් අච්චරයි මෙච්චරයි කියන්නෙ . එහෙම සංසන්ධනයකට යනව නම් මුලු දිස්ත්‍රික්කෙම අරගෙන බලන්න ඔනි
    */

    මට හිතුන ඕක ඇදගෙන උඩපනින්න යාවිය කියල. එහෙම ඕන වෙන්නෙ නෑ. හේතුව මේකයි. මේ තියෙන්නෙ කොලූගෙ තර්කය.

    /*"එහෙම තත්වයක් තිබිලත් මහින්ද මහත්තය සියලුම සිංහල ආස්න දිනන්නේ නැ , දිනන ඒවත්{ආසන} දිනල තියෙන්නේ අඩු ප්‍රතිශතයකින් . ඒ නිසා ඒක ප්‍රභල ජනමතයක් නොවේ "*/

    දිනපු එව්වා අඩු ප්‍රතිශත වලිං දිනල කියන එක තමා මේකෙ තියන ප්‍රබල වාදය.

    මෙතෙන්දි මම හදන්න ඕන දිනන ආසන දිනල තියන්නෙ වැඩි ප්‍රතිශතයකින් කියන වාදය.

    එහෙමනං ආයිත් සැරයක් කල්පනා කරල බලල තේරුං ගමු. එතෙන්ට මම ගන්න ඕන අනිවාරයෙං දිනාපු ආසන විතරයි. ඔය දිස්තිරික්ක කිහිපයෙ එවැනි ආසන සියල්ලම සලකලා තමයි මගේ මතය පෙන්නල දෙන්නෙ. කොලූ තේරුං අරගෙන නැති කාරණේ තමයි මේ විග්‍රහයට දිස්තිරික්කයේ ආසන කීයක් තියේද කියන කතාව අදාල නැති බව. ඒ කියන්නෙ දිස්තිරික්කය කියන ඒකකය අමතක කරල දාල ආසනය කියන ඒකකය සලකලා තමයි ගාණ හදල තියන්නෙ. මීට වඩා කියා දෙන්න නම් බෑ පුතෝ.

    දිස්තිරික්ක ගැන විග්‍රහයකට යන්න නම් කරන්න ඕනා දිස්තිරික්ක වල ප්‍රතිශත එකතු කරන එක. ඒකටත් මම ඔට්ටුයි. ඔය තියන්නෙ ඒකෙ සාමාන්‍යය.

    කැගල්ල - 3.35
    රත්න - 7.46
    මොනරා - 15.29
    පොලොන් - 6.36
    අනුර - 11.46
    කුරුනෑ - 5.54
    ගම්පහ - 10.55
    කලුතර - 12.28 -> 72.29/8 ~ 9

    එහෙම බැලුවත් හරියන්නෙ නෑ. බුවා පවු කියල විසිරීමත් නොසලකා ඇරල නිකන්ම සාමාන්‍යය ගත්තත් 3 ක් වැඩියි හිත සනසගන්න පුළුවං සීමාවට.

    මම මෙතෙන්දි කොලූගෙ ඊනියා සුළු ප්‍රතිශත ගානම ගත්තත් සාමාන්‍යයෙං සීයට පහකටවත් අඩුනං තමයි ඔහොම තර්කයක් ගේන්න පුළුවං වෙන්නෙ. ඒකටත් මට හේතුවක් දෙන්න පුළුවං. (කොලූ වගේ ආකාසෙන් පාත්වෙච්ච ගාණක් දෙන්නෙ නෑ තමංගෙ මතයට ගැලපෙන්න. පහුගිය චන්දෙත් දිනුවෙ අඩු ප්‍රතිශතයකින්ය කියල තහවුරු වෙන්න කාටහරි ඉලක්කමක් දෙන්න පුළුවං)
    සීයට දෙකකට අඩුවෙනුත් ජාතික මට්ටමේදි ප්‍රසාද ආසනයක් ලැබිල තියෙනවා. සීයට පහක් වගේ උණාම ආසන දෙකක්. වෙන විදියකට කියනවා නම් සීයට හය කියන එක සුළු තියා අඩු ප්‍රතිශතයක් කියල ගන්නවත් බෑ. විසේසයෙන්ම "අපි තමයි මධ්‍යස්තව හිතන්නේ.. ඒ.. අනිත් අය අන්තවාදියෝ..ඕ .." කියල පොර ටෝක් දෙන අයට.

    කොහොම බැලුවත් දැන් නං ගොඩ දාගන්න බෑ කොල්ලෝ. අර සීයට 5%-6% කතාව ගැනත් කොලූ පසුතැවිල්ලට පත්වෙලාය කියන එක ලියවෙන වචන වලිං පැහැදිලියි. ගාණටම ගන්න බෑ ආසන්නයි වගේ ලිස්සන සුළු කතා තමයි එන්නෙ.
    දැන් දැන් තමංගෙ හිතේ විස්වාස වගේ දේවල් එහෙමත් උත්තර විදියට එන බව අපිට පේනවා.

    ReplyDelete
  24. ප්‍රාදේශීව ඉන්න නායකයින්ගෙ බලපැම පිලිගන්නෙ නැ කියන්නෙ කොලඹින් පිට දේශපාලනය ගැන මෙලෝදෙයක් දන්නෙ නැ කියන එක . එහෙම නැත්නම් කුහක කමට පිලිගන්නෙ නැය කියන එක . පුද්ගලය සයිමන්ද පියදාස ද කියන එක නෙවෙයි වැදගත් ඒ අය නියෝජනය කරන්නෙ කාවද ? අදාල ආසනේට බලපැම් කරන්නෙ කොහොමද කියන එක . මහීපාල තම්න්ගෙ ආසනයට බලපාන්නේ කොහොමද කියල කැගල්ල පැත්තෙ කෙනෙක්ගෙන් අහගන්න .මෙතන මහින්ද මහත්තය දින්නද ?නැද්ද කියල් තර්කයක් නැ මගේ තර්කය ඒ ජය ග්‍රහනය ඔබතුමා කියන ජාතික බලවේග වලින් හදපු මතවාදයක් නොවේය කියන එක .ඔය යන්තම් ගොඩ දාගත්ත කැගල්ල අතැරල දාමු . ඉතාම ඉහලින් දිනපු රත්නපුර දිස්ත්‍රිකය ගත්තොත් කොලොන්න ඇරුනාම ඔය ජාතික බලවේග වල මත නිසා යමක් උනා කියන්න පුලුවන් ආසනයක් නැතිම තරම් . බොහොම විශ්වාසයෙන් පත්කරල යවපු ජවිපෙ මන්ත්‍රිල දෙන්නාම ආණ්ඩුව අතැරල ගිය එක ගැන (2004 ආණ්ඩුව ) මිනිස්සු හිටියෙ පැහැදීමකින් නෙවෙයි , ඒ නිසා 2004 මහඡන්දෙට කලින් කියාපු අලි-කොටි ගිවිසුම් කතාම අයෙමත් සැරයක් ජෙප්පන් ම කියන කොට මිනිස්සු ඒක පිලිගන්නෙ නැ . කැමතිනම් දැන් උනත් රත්නපුරේ පැත්තේ ඇවිත් ඔය ජාතික බලවේගය කියල කියා ගන්න අය ගැන මිනිස්සු දරන අදහස් ගැන පරීක්ෂන යක් කරල බලාගන්න පුලුවන් .ඔබතුමා ඉලක්කම් පස්සෙම යන නිසා මෙන්න අවසාන ප්‍රතිපලය - මහින්ද - 50.23% රනිල් - 48.48% කීයද වෙනස (2%ටත් වඩා අඩුයි නෙ )?? ඔබතුමා මෙහෙම ප්‍රතිපලයකටද මහා ජනබලවේගයක්ය කියල කියන්නේ ? එතකොට චන්දිකා නෝනා 62% අරන් දිනපු පාර ගැන මොකද කියන්නේ ??

    ඔබතුමාලගෙ ඔය ජාතික බලවේග කියල කියාගන්න උන් නිදහස් පක්ෂෙ අස්සෙ රිංගගෙන ඉන්නෙ නැතුව තනියම ඡන්දෙ ඉල්ලුවොත් අපේ රටේ මිනිස්සු ඔය ඇයින්ට සලකන වීදිහ බලාගන්න තිබුනා . ඔබතුමා කියන විදිහට ජනතවා මහින්ද මහත්තයට ඡන්දෙ දුන්නෙ ඔය ජතික බලවේග ගොඩනඟපු මතය විශ්වාස කරල . ඉතින් යුධ ජයග්‍රහනය කියන්නේ ඒ මතය ජයග්‍රහනය කිරීම නෙව . හැබැයි පහුගිය මහඡන්දෙදි ඔය ජතික වීරයින්ට ජනතාව සැලකුවද ? සැලකුවේ කොහොමද ? කියල පේන්න ඇතිනේ . කොලඹින් පිටදි ජානිපෙටත් , උරුමෙටත් මොකො උනේ ? ඔය බලවේග වල අදහස් පිලිගන්න අය ඉන්නේ නගරෙද ගමේද කියල දැන්වත් තේරුම් ගන්න බැරිද ?

    ReplyDelete
  25. මම හිතන්නෙ මට පෙන්නන ඕන කරල තිබුණ කාරණා සියල්ලම වගේ මේ වෙනකොට පෙන්නල දීල ඉවරයි. බුවා කොලුවා තමං මුලිං ගෙනාපු තර්ක ඔක්කොම වගේ කඩා වැටීම නිසා දැන් එල්ලෙන්න පිදුරුගස් වගේ දේවල් හොයන බව පේනවා. අලුතෙං මතු වෙච්ච කරුණු වලිං කෙනෙක් නොමග යවන්න පුළුවං කියල හිතෙන දේවල් වලට උත්තර දෙන්න වෙනවා.

    ප්‍රාදේශීය නායකයන්ගෙ බලපෑම වගේ දේවල් මේක අස්සට නොගෙන කතාකරමුය කියල කියපු එක කොලූට තාවකාලික නවාතැනක් හදා දීල.

    මේ වගේ දේවල් ඇතුලට ගත්තාම හරි ලේසියි ඊනියා වාද හදන්න. අපේ පැත්තෙ ඇවිල්ල බලන්න. අද වුනත් ඇවිල්ල බලන්න. හේරත් නිසා කෑගල්ල දිනුව බණ්ඩාර නිසා පුත්තලම පරාදයි වගේ කතාත් මේක අස්සට ගත්තොත් කොලූට ඇඟ බේරගෙන යන්න පුළුවං. මේ බලපෑම් 2001දි නොතිබුණේ මොකෝ කියල ඇහුවාමත් සද්ද නෑ. කොලූ මේක කියන්නෙ පුහු අබියෝගයක් විදියට රත්නපුරේ ජනමත සමීක්ෂණ කරන්න යන එකෙක් නැති බව දැන දැනම .(මේව දැං එලියට ආවට මුල් හරියෙදි එලියට නාපු බවත් අපි අමතක කරන්න නරකයි. නමුත් මේ වෙනකොට කොලූ ඉන්න තත්ත්වෙ අනුව දේසපාලකතුමෙක්ගෙ කලිසමක් හරි ඇඳගන්න වෙන්නෙ)

    ඊලඟට කියනවා සමස්ත ප්‍රතිපලය ගැන. සමස්ත ප්‍රතිපලයෙ වෙනස කුඩා බව ඇස්පනාපිට පේන කාරණේ අල්ලගෙන දඟලන එකේ කිසිම වැඩක් නෑ. මුල ඉඳන්ම මගේ උවමනාව සීමා වුණේ ගැමි සිංහල ජනතාව (අර්ධ නාගරික කියන එක අර්ධ ග්‍රාමීය කියල ගන්නත් පුළුවන්) අතරෙ තිබිච්ච තත්වය අරගෙන ඒක විග්‍රහ කරන්න කොලූ කියපු කතන්දර වැරදි බව පෙන්නල දෙන්න. ඒක කොලූම දීපු සීමාවන් ඇතුලෙ බිඳල දාන්න හැකි වුණා. අසිංහල වාර්ගික ජනතාව අතරෙ වික්‍රමසිංහ මහත්තයට තිබිච්ච තැන පොඩ්ඩක්වත් අවතක්සේරු කරන්නෙ නෑ මම.

    චන්ද්‍රිකා නෝනගෙ එකේදි සමාජයේ දෙපිල බෙදීමක් තිබුණෙ නෑ (පාක්ෂිකයො ඇරුණාම). අනෙකුත් ජනකොටස්වල සහයෝගයත් නෝනට ලැබුණ. මෙතන වෙනස උපමාවකින් පැහැදිලි කළොත් එදා රැලි ඔක්කොම තිබුණෙ එකම පැත්තට. මෙදා එහෙම නෙවෙයි දෙපැත්තට රැලි දෙකක් ආව.

    /*
    ඔබතුමාලගෙ ඔය ජාතික බලවේග කියල කියාගන්න උන් නිදහස් පක්ෂෙ අස්සෙ රිංගගෙන ඉන්නෙ නැතුව තනියම ඡන්දෙ ඉල්ලුවොත් අපේ රටේ මිනිස්සු ඔය ඇයින්ට සලකන වීදිහ බලාගන්න තිබුනා .
    */

    මේක මොන අදහසිං ගෙනාපු තර්කයක්ද කියල මට නම් තේරෙන්නෙ නෑ. දේසපාලනය කියන්නෙ එක දිසාවකටම යන ගමනක් නෙවෙයි. එක පැත්තකින් ඒ සංවිධානවලිං කෙරුණු කාරිය චන්ද්‍රිකා නෝනගෙ නායකත්වයෙං සහ විජාතික බලවේගවල සහයෝගයෙන් දෙමළ ජාතිවාදයට යටකරගෙන තිබුණු නිදහස් පක්ෂය ජාතික මතවාද දිහාට නැවත ගෙන ඒම. ඒ ක්‍රියාදාමයේ මුල් පියවර අවසාන වුණේ මේ පක්ෂ විතරක් නෙවෙයි ජවිපෙ වගේ ප්‍රබල පක්ෂත් දියවෙලා. යූඇන්පිය පවා නාය ගියා නෙව.

    ජාතික සංවිධානවලට තමංගෙ අරමුණු ශ්‍රිලංකා එක ඔස්සේ ක්‍රියාත්මක කරන්න පුළුවං තාක් ඒවට චන්ද ලැබීමේ හෝ නොලැබීමේ වැදගත් කමක් නෑ. කොලූලට උණත් පුරස්නෙ තියෙන්නෙ එතන නේ? ඒ සංවිධානවලට වෙනම ජනමතයක් තියන බව පෙන්නන්න ඕන වෙන්නෙ ශ්‍රිලංකා එක ජාතිකත්වයෙං ඈත් වුනොත්.

    ReplyDelete
  26. 2001 දී චන්ද්‍රිකා ට විරුද්ධව තිබුන ජනබලය ඒ ප්‍රතිඵල දිහා බලපුම පේනව . ඔබතුමාට පුලුවන් නම් 2001දී රඹුක්කන ආසනයේ ප්‍රතිපල හොයාගන්න කැගල්ල දිස්තිකයේ අනෙක් ආසන වලට වඩා වෙනසක් දකින්න ලැබෙයි , ප්‍රාදේශීය නායකයින්ගෙ බලපැම ලිස්සල යන්නගේන දෙයක් නෙවෙයි . මහ පොලොවේ සත්‍යක් . තියුණු තරඟයක් තියන වෙලාවක ජය පරාජය තීරනය වෙන්නේ ඔය වගේ කරුණු අනුව තමයි . මුලු රටම යුඇන්පිය දිනුවත් එජාප නියෝජ්‍ය නායක ගාමිණි අතුකෝරල මහත්තයගෙ ආසනය නිවිතගල දිනුවේ ඡන්ද 500 ගානෙන් . එහෙම දේවල් නැය කියන එක තමා ලිස්සල යනව කියන්නේ

    අපේ රටේ බහුතරයක් දෙනා සිංහලනෙ මහත්තයෝ ඉතින් අනෙක් ජාතීන්ගේ චන්ද බහුතරයකින් විතරක් අර වගේ එන්න බැනෙ අ(ඔය අනෙක් ජාතීන්ගේ චන්ද ඔක්කොම ලැබිලත් මේ වෙනකොට එජාපය 30% ගනනකනේ ඉන්නේ ) ඒ වගේම දෙමල බහුතරයක්ට ඡන්ද දාන්නත් ලැබුනේ නැනේ . ඉතින් කොහොමද කියන්නේ රනිල් සිංහල ජනතාව ගෙ පැහැදිලි සහයක් නැතුවයි අතනට ආවෙ කියල . අනිත් එක රනිල් දිනපු සිංහල ආසනත් ඕනි තරම් තියනවනේ ඉතින් ඔබතුමා කොහොමද කියන්නේ ඔබතුමාගෙ බලවේග සිංහල ජනතාවගේ මතයසාර්ථකව හැදුවාය කියල . නිදහස් පක්ෂ , ජවිපේ හෙල උරුමේ වාමාංශ්ක බලවේග වගේ කට්ටිය කීයක් හිටියද . ඔය අයගෙ ඡන්දත් එකතු වෙනවනෙ (පාක්ෂික ඡන්ද ) . එහෙම මතවාදයක් සිංහලයා අතර (ගමේ සිංහලයා අතර ) හැදුවා නම් ඔය පාක්ෂික ඡන්ද එකතු වීමට අමතරව පැහැදිලි වැඩි ඡන්ද ගානක් හැම ග්‍රාමීය සිංහල ආසනයකම තියෙන්න ඕනි , අතරින් පතර ආසනයක් දෙකක් අතැරෙන එක වෙන්න පුලුවන් ඒත් දිස්ත්‍රික්ක පිටින් සිංහල ආසන පරාද උනා කියන්නෙ එහෙම මතවාදයක් ගොඩ නැගුවේ නැ කියන එක. එහෙම නැත්නම් ඔබතුමාලා ගෙ කට්ටිය නුවර , මාතලේ , බදුල්ල වගේ දිස්ත්‍රික්ක අතැරල දාල තමයි මතවාද ගොඩ නඟන්න හදල තියෙන්නෙ . මම දන්න විදිහට නම් මතවාදයක් නිරූපනය වීම බලන කොට අදාල පිරිස ව්‍යාප්ත වෙලා ඉන්න හැම තැනකම ඒ දේ පේන්න ඕනි , දිස්ත්‍රික්ක ගෙඩිය පිටීන් අතැරෙනවා කියන්නේ එහෙම මතවාදයක් තිබිල නැ කියන එක

    නිදහස් පක්ෂේ රෙද්ද අස්සෙ රිංගගෙන ඉන්නවාය කියන ඒක පිලිගත්ත එක නම් බොහොම හොඳයි . 2005දි ගොඩ නඟපු මතවාදය (එහෙම එකක් හරියට ගොඩ නගාගත්තනම් ) ඇස්පනා පිට ඒක සාර්ථක වෙත්දි ඇයි මිනිස්සු ඔය ඇයින්ව ප්‍රතික්ෂේප කරන්නේ (ජවිපේ මහින්දව දාලා ගියා , එජාපය හිටියේ වෙන් මතයක ඉතින් ඒ අය ප්‍රතික්ශේප වෙනව තමයි ) නමුත් ඉතින් ජාතික බලවේගවල ඇයින්ටත් ගමේ මිනිහා සැලකුවේ ජවිපෙට සලකපු විදිහටම තමයි . නිදපක්ෂයේ නායක කාරකාදීන්ගේ මතය වෙනස් කරන්න ඔය කට්ටිය සමත් උනාය කියන එක මම පිලිගන්නව . ඒත් 2005 වෙනකොට පහල මට්ටමේ නිදහස් පාක්ෂිකයින් ඒ මතයේ හිටියේ නැ .මොක්ද 2004 ඡන්දෙත් ගෙනාපු ඔය මතවාද සන්ධාන රජයම අතැරල දාල හ්ටපු නිසා . ලොකු නෝනා මහින්දට වල කැපුවත් බිම් මට්ටමේ නිදහස් පක්ෂ ස්මහර නායකයිනුත් මහින්ද මහත්තයට බැහැල වැඩ කලා මේ කාගේවත් ඔය මතවාදය නම් මම දැක්කෙ නැ , පක්ෂේ දිනවීමේ අරමුණ තමයි තිබ්බේ

    ReplyDelete
  27. /*
    ඔබතුමාට පුලුවන් නම් 2001දී රඹුක්කන ආසනයේ ප්‍රතිපල හොයාගන්න කැගල්ල දිස්තිකයේ අනෙක් ආසන වලට වඩා වෙනසක් දකින්න ලැබෙයි , ප්‍රාදේශීය නායකයින්ගෙ බලපැම ලිස්සල යන්නගේන දෙයක් නෙවෙයි . මහ පොලොවේ සත්‍යක්.
    */

    හරි ඉතින් මොකද්ද කොලුවගෙ තර්කය? නිකන් රඹුක්කන රඹුක්කන කියව කියව හිටියට වැඩක් නෑ. මහ පොළොවෙං හරි ආකාසෙන් හරි ගෙනැල්ල කමක් නෑ ඒ වෙනස ගැන කොලූගෙ අර්ථකතනය තමා අපිට ඕන කරන්නෙ. ඉලක්කම් වෙනස් කියන එක කාටත් පේනව නෙ.

    /*
    මුලු රටම යුඇන්පිය දිනුවත් එජාප නියෝජ්‍ය නායක ගාමිණි අතුකෝරල මහත්තයගෙ ආසනය නිවිතගල දිනුවේ ඡන්ද 500 ගානෙන් . එහෙම දේවල් නැය කියන එක තමා ලිස්සල යනව කියන්නේ
    */

    මොන චන්දෙ ගැනද කොලූ මේ කියන්නෙ? යූඇන්පිය රටම දිනල නිවිතිගල ආසනේ 500න් දිනපු චන්දෙ මොකද්ද? මට අහු උනේ නෑ නෙ කොලුවො?


    /*
    අපේ රටේ බහුතරයක් දෙනා සිංහලනෙ මහත්තයෝ ඉතින් අනෙක් ජාතීන්ගේ චන්ද බහුතරයකින් විතරක් අර වගේ එන්න බැනෙ අ(ඔය අනෙක් ජාතීන්ගේ චන්ද ඔක්කොම ලැබිලත් මේ වෙනකොට එජාපය 30% ගනනකනේ ඉන්නේ ) ඒ වගේම දෙමල බහුතරයක්ට ඡන්ද දාන්නත් ලැබුනේ නැනේ . ඉතින් කොහොමද කියන්නේ රනිල් සිංහල ජනතාව ගෙ පැහැදිලි සහයක් නැතුවයි අතනට ආවෙ කියල .
    */

    කිසිම අදාලත්වයක් නැති දෙමළ චන්ද නොලැබීමේ මැසිවිල්ල කොලූ තාමත් ලියනවා.කොච්චර කිවුවත් කොලූ පීල්ලෙන් පිට යන්නමයි හදන්නෙ.

    හැහ්! මෙන්න නියම කතාවක්. පැහැදිලිවෙන්න මම කෑලිවලට කඩල පෙන්නනවා.

    A මහතාට ලැබුණු චන්ද බහුතරය සිංහල චන්ද වෙයි. ඒ අනුව A මහතාට සිංහල ජනතාවගේ පැහැදිලි සහයක් තිබී ඇත.
    මම තර්ක සාස්තරේ හදාරල නැති නිසා මේ තර්කයේ තියන වරද මොකද්ද කියල අදාල වචන දාල ලියන්න බෑ. කෙටියෙන් කිව්වොත් වෙනත් B මහතෙකුට ඒ චන්දෙදි අරිට වඩා සිංහල චන්ද ලැබෙන්න පුළුවන්. මේ වගේ කතා කියල සවුත්තු වෙන්නෙ මම නං නෙවෙයි.


    /* අනිත් එක රනිල් දිනපු සිංහල ආසනත් ඕනි තරම් තියනවනේ ඉතින් ඔබතුමා කොහොමද කියන්නේ ඔබතුමාගෙ බලවේග සිංහල ජනතාවගේ මතයසාර්ථකව හැදුවාය කියල . නිදහස් පක්ෂ , ජවිපේ හෙල උරුමේ වාමාංශ්ක බලවේග වගේ කට්ටිය කීයක් හිටියද . ඔය අයගෙ ඡන්දත් එකතු වෙනවනෙ (පාක්ෂික ඡන්ද ) . එහෙම මතවාදයක් සිංහලයා අතර (ගමේ සිංහලයා අතර ) හැදුවා නම් ඔය පාක්ෂික ඡන්ද එකතු වීමට අමතරව පැහැදිලි වැඩි ඡන්ද ගානක් හැම ග්‍රාමීය සිංහල ආසනයකම තියෙන්න ඕනි , */

    අමතර කාරණයක්. මෙතනින් වාමාංශිකයො කොලූලගෙ මතය දරන උදවිය මිසක් ජාතික බලවේග නෙවෙයි.අද වෙනකොට ජවිපෙ ආයිත් ඒ පැත්තට ගිහින් වග පැහැදිලිව පේනවා.

    ඒක එහෙම වෙන්නම ඕන නෑ. කොලූගෙ දිනපු සිංහල දිස්තිරික්කවලිංම ගත්තොත් මාතලේ ආසන දෙකක් පරාදයි. ආසන දෙකක් දිනුම්. මහනුවර බදුල්ල දෙක විතරයි කොලූගෙ මතයට මුක්කුවක් ගහන්න යොදාගන්න පුළුවන් වෙන්නෙ.


    /*
    අතරින් පතර ආසනයක් දෙකක් අතැරෙන එක වෙන්න පුලුවන් ඒත් දිස්ත්‍රික්ක පිටින් සිංහල ආසන පරාද උනා කියන්නෙ එහෙම මතවාදයක් ගොඩ නැගුවේ නැ කියන එක. එහෙම නැත්නම් ඔබතුමාලා ගෙ කට්ටිය නුවර , මාතලේ , බදුල්ල වගේ දිස්ත්‍රික්ක අතැරල දාල තමයි මතවාද ගොඩ නඟන්න හදල තියෙන්නෙ . මම දන්න විදිහට නම් මතවාදයක් නිරූපනය වීම බලන කොට අදාල පිරිස ව්‍යාප්ත වෙලා ඉන්න හැම තැනකම ඒ දේ පේන්න ඕනි , දිස්ත්‍රික්ක ගෙඩිය පිටීන් අතැරෙනවා කියන්නේ එහෙම මතවාදයක් තිබිල නැ කියන එක
    */

    මේකට පැහැදිලි පිළිතුරක් දෙන්න පුළුවන්. දැනට ඒ පිළිතුර ගැන ඉඟියක් විතරක් දෙනවා. වැඩ කෑල්ල තියෙන්නෙ ඔය දිස්තිරික්ක දෙකේ චන්ද පදනමේ වෙනස් කමක.

    ReplyDelete
  28. /*
    නිදහස් පක්ෂේ රෙද්ද අස්සෙ රිංගගෙන ඉන්නවාය කියන ඒක පිලිගත්ත එක නම් බොහොම හොඳයි . 2005දි ගොඩ නඟපු මතවාදය (එහෙම එකක් හරියට ගොඩ නගාගත්තනම් ) ඇස්පනා පිට ඒක සාර්ථක වෙත්දි ඇයි මිනිස්සු ඔය ඇයින්ව ප්‍රතික්ෂේප කරන්නේ (ජවිපේ මහින්දව දාලා ගියා , එජාපය හිටියේ වෙන් මතයක ඉතින් ඒ අය ප්‍රතික්ශේප වෙනව තමයි ) නමුත් ඉතින් ජාතික බලවේගවල ඇයින්ටත් ගමේ මිනිහා සැලකුවේ ජවිපෙට සලකපු විදිහටම තමයි . නිදපක්ෂයේ නායක කාරකාදීන්ගේ මතය වෙනස් කරන්න ඔය කට්ටිය සමත් උනාය කියන එක මම පිලිගන්නව . ඒත් 2005 වෙනකොට පහල මට්ටමේ නිදහස් පාක්ෂිකයින් ඒ මතයේ හිටියේ නැ .මොක්ද 2004 ඡන්දෙත් ගෙනාපු ඔය මතවාද සන්ධාන රජයම අතැරල දාල හ්ටපු නිසා .
    */


    රෙද්ද අස්සෙ රිංගිල්ල කොලූ හිතේ අමාරුවට කියන කතාවක් නෙ. කාටහරි කියන්න පුළුවන් කරේ නැගල ඉන්නවාය කියල. සමස්තයක් වශයෙන් ආණ්ඩුවෙ දිශාව තීරණය කරන්න ජාතික බලවේග වලට ඉඩක් තියනවා. වෙන වෙන දේවලුත් නොවෙනවා නොවෙයි. නමුත් විරුද්ධ මතවල ඉන්න උදවියට තියන ලොකුම පුරස්නෙ ඕක. උදාහරණයක් විදියට දෙමළ ජාතිවාදයට ෆෙඩරල් විසඳුමක් ලබාදීම වගේ දේවල් ආණ්ඩුව ලවා කරවා ගන්න විජාතික බලවේග කැමතියි. නමුත් ආණ්ඩුවට ජාතික බලවේග වලට සවන් දෙන්න වීම නිසා ඒක කරවගන්න බෑ. කොලූට වඩා හොඳට දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනීසිටින (මාක්ස්වාදියො වගේ) උදවිය මේ කාරණේ පිළිගන්න බව උන්නැහෙල කියන කරන එව්වයින් පැහැදිලියි. ඉතින් ඕකට මොන කුණුහරුපයක් කියල බැන්නත් මට කමක් නෑ. ඒකෙන් කේන්තිය තාවකාලිකව පිට කරගන්නත් පුළුවන් නොවැ. හැහ්!

    මම කලිනුත් කිවුවා වගේ කුඩා පක්ෂ වලට මිනිස්සු ඇදිල යන්නෙ තමන්ගෙ දේශපාලන උවමනාව විසාල පක්ෂ නියෝජනය නොකරන බව පේන කොට. ශ්‍රිලංකා එක සම්ප්‍රදායිකව ජාතිකත්වය නියෝජනය කරපු පක්ෂය චන්ද්‍රිකා නෝනෙ ඇතුලු ඇන්ජීඕ නඩවල උවමනා එපාකම් වලට අනුව ජාතිකත්වයෙන් ඉවතට අරගෙන ගියා. එතකොට ජාතික මතවාදවලට නැඹුරු උන මිනිස්සු විකල්ප කණ්ඩායම් වලට සහය දෙනවා. දැන් ශ්‍රිලංකා එකේ ඉන්න නායකය ජාතිකත්වයේ ඉන්න බවත් මිනිස්සුන්ට පේනවා එහෙම තැනදි අර දේශපාලන පක්ෂ පිළිබඳව කලින් තරම් උනන්දුවක් නැති වෙන එක අරුමයක් නෙවෙයි.

    /*
    ලොකු නෝනා මහින්දට වල කැපුවත් බිම් මට්ටමේ නිදහස් පක්ෂ ස්මහර නායකයිනුත් මහින්ද මහත්තයට බැහැල වැඩ කලා මේ කාගේවත් ඔය මතවාදය නම් මම දැක්කෙ නැ , පක්ෂේ දිනවීමේ අරමුණ තමයි තිබ්බේ
    */

    කොලූ දැකපු නොදැකපු දේවල් කියල ඉතින් කියන්න පුළුවන්. මටත් කියතෑකි නමුත් ඒ වගේ කතාවලට කිසි වටිනාකමක් නෑනෙ.

    ReplyDelete
  29. අනේ ඔව් ඔබතුමාලගේ දිශානතියටම යන බව පේනව , එහෙම නම් මොකටද දෙමල සංධානෙත් එක්ක සාකච්ඡා කරන්නෙ ,සීපා ගැන ඉන්දියාවත් එක්ක කතා කරන්නෙ ජාතික බලවේගවල විරෝධය මැද, ආ...... එතකොට ඇයි මූන් උන්නැහේට සහය පල කරන්නේ (මම නෙවෙයි කියන්නෙ අමරසේකර මහත්තය කියන්නෙ ) ,. ඔය ජාතික බලවේග වල අයගෙ මූලිකත්වයෙන් හොයපු අසනික් කතාව නිදහස් පක්ෂේ ප්‍රභලයෙක් වෙච්ච මහින්ද යාපා උන්නැහෙ ප්‍රතික්ශේප කරන්නේ ජාතික බලවේග වලට ඕනි වීදිහට ආන්ඩුව වැඩ කරන නිසාද ?

    රටේ නායකය ජාතික චින්තනයේ ඉන්න නිසා ඡ්න්දෙ දුන්න ජනතාව එතුමගේ පාර්ලිමෙත්න්තුව තෝරන කොට ජාතික චින්තන කාරයින්ට කරපු දේට හේතුව මොකක්ද දන්නෙනැ . ඔන්න කොලඹ මිනිස්සු නම් ඒ මතවාදය ඉදිරියට අරන් ගියා කියන්න පුලුවන් විමලුත් , චම්පිකත් ගත්ත ඡන්ද අනුව . කෝ ගමේ මිනිස්සුන්ගෙ ප්‍රතිචාරේ

    "දැන් ශ්‍රිලංකා එකේ ඉන්න නායකය ජාතිකත්වයේ ඉන්න බවත් මිනිස්සුන්ට පේනවා එහෙම තැනදි අර දේශපාලන පක්ෂ පිළිබඳව කලින් තරම් උනන්දුවක් නැති වෙන එක අරුමයක් නෙවෙයි".

    එතකොට නගරේ මිනිස්සුන්ට එහෙම පේන්නෙයි ගමේ අයට නැති වෙන්නෙයි ඇයි ????

    මම මුල ඉඳලම කිව්ව කතාව තමයි මෙතන්දිත් අදාල . මතවාද මත දේශපාලනය කරන මිනිස්සු එදා හිටිය මතවාදය අනුවම ජාතික බලවේග වල පුද්ගලයින්ට සලකල තියනව ඒ නගරෙදි , නමුත් ගමේ මිනිහ එහෙම මතවාදයක හිටියේ නැ කියන එක පැහැදිලියි ඒ අයගෙ මේ ප්‍රතිචාරයෙන්ම .

    මම අපේ ගම් පලාතේ දැක්ක දේ තමයි කිව්වේ , ඒක වලංගු තර්කයක් නොවන නිසා ඉල්ලා අස්කරගන්නම්කො

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.