Monday, December 7, 2009

ලොක්කටද විපස්සතුමාටද ?

සරත් මහත්තය ෆොනී මහත්තය වෙලා දේසපාලනේට ආපු එක ගැන මගෙ හිතේ තියෙන්නෙ කණගාටුවක්. උන්නැහෙට දේසපාලන අත්දැකීම් නැති නිසා අර මාධ්‍ය සාකච්ඡාවෙදි ටිකක් නාගත්ත. හැබැයි ඉතින් විපස්සතුමා මැතිවරණ කාලෙට නාගන්න නාගැනිල්ලෙ හැටියට මේ ගැන මුන්නැහෙට දුක්වෙන්න දෙයක් නෑ.

සමහර උදවිය කියන්නෙ ෆොනී මහත්තය දේසපාලනේට ආවෙ දූෂණයට සහ භීෂණයට විරුද්ධවය කියල. මට පෙනෙන විදියට නම් උන්නැහෙට ආණ්ඩුවත් එක්ක පුද්ගලික මට්ටමෙන් ඇතිවෙච්චි විරසකය තමා පස්සෙ දේශපාලන පිල්මාරුවක් බවට පත් උනේ. හැබැයි ඕකට ආණ්ඩුව විතරක් වගකියන්න ඕන කියල මං හිතන්නෙ නෑ.

උන්නැහෙ බලේට එයි කියල නිකමට හිතුවොත් පුළුවන් වෙයිද දූෂණ නැතිකරල දාන්න? ආණ්ඩුවක් අටවගන්න වෙන්නෙ දැන් විපස්සතුමා යටතෙ ඉන්න ගෝල බාලයො රොත්තත් එක්කනෙ. උන් නිකන් බලා ඉඳීද බලේ ලැබුණාම? අනිත් අතට ෆොනී මහත්තය දැන් ටිකෙන් ටික දේසපාලන මඩ ගැහීමේ වියාපාරයේ දක්සකම් දක්වන්න පටන් අරගෙන. හිටපු හමුදාපතිතුමාගෙ ප්‍රතිරූපය වියැකී ගිහින් දේසපාලකයෙකුගෙ ප්‍රතිරූපය මතුවෙන්න පටන් අරන්. අර කතාවක් තියනව රෝමෙට ආව නම් රෝමන්කාරයෙක් වගේ ඉන්න ඕනැය කියල.

ලොක්කව ගෙදර යැවීම සටන් පාඨය කරගත්තු සීනුකාරයොත් එකතු උනාට මොකද වෙන කිසිම දෙයක් ගැන එකඟතාවයක් නෑ උන් අතරෙ. මොකෝ ලිබරල්වාදී වෙන්නයැ සීනුකාරයො හදිස්සියෙම. හැබැයි ෆොනී මහත්තය කිසි පැකිලීමක් නැතුව කිව්වා තමන්ගෙ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද කියල.

කොහොමින් හරි උන්නැහෙ බලේට ආවොත් මාස හයෙන් විපස්සතුමාට පුටුව දීල ගෙදර යන්නලුනෙ බලන් ඉන්නෙ (පුටුව දුන්නට පස්සෙ ගෙදර යන එක ඇර වෙන කරන්න දෙයක් නෑ). මං කල්පනා කලා ෆොනී මහත්තයව ටිකකට වේදිකාවෙන් ඉවත් කරල ප්‍රස්නෙ දිහා බලන්න. විපස්සතුමයි ලොක්කයි ඡන්දෙට ආව නම් මම කාටද කතිරෙ ගහන්නෙ? දොන් ජුවන් ධර්මපාලගෙ මී මුණුපුරාට ඡන්දෙ දෙන්න පුලුවන්යැ කොටි පරාද කරාපු හැටි මතක තියන මිනිහෙකුට? කොහොමටත් බෑ. දැන් එතකොට ෆොනීමහත්තය ඉන්නෙ අර හිටපු දක්ෂ සෙන්පතිය විදිහට නොවෙයි විපස්සතුමාගෙ නියෝජිතය හැටියට. උන්නැහෙට ඡන්දෙ දෙන එක හිටපු සරත් මහත්තයටත් කරන අවමානයක් නෙව.
අනිවාර්යයෙන් ලොක්කට!

7 comments:

  1. සල්ලි වලට බ්ලොග් ලියන උන්ට නියම උත්තරයක්. රටෙ වැඩි දෙනාගේ මතයත් ඕක තමයි. නියමටම ලියල තය‍එනවා.

    ReplyDelete
  2. අනේ දුක හිතෙනවා හොද ඇන්ටනාවක් දාගෙන අනික් චැනල් ටිකක් බලන්න අයිටීඑන් රූපවාහිනී විත‍්රක් බලපුවාම මොලේ කොලොප්පම් වෙනවා. ස‍්රත් මහත්තයා කොහේවත් කියලා නෑ රනිලට රට බාරදීලා ගෙද‍්ර යනවා කියලා.

    ReplyDelete
  3. යෝදයෝ, අනික් චැනල් බලල තේරුම්ගත්ත විදිහට කියනවකො බලන්න උන්නැහෙ ජනාධිපතිවෙලා මොකද කරන්න යන්නෙ කියල? මාස හයක් ගියාම විධායක ක්‍රමේ අහෝසි වෙනවලු නේද? එතකොට උන්නැහෙ අගමැති වෙනවද? නැත්තන් විපස්සතුමා අගමැතිවෙනවද? ජනාධිපතිකමේ බලය තියාගෙන තමයි කොටි පරාද කරන්න හැකි උනේ. නැත්තන් ඒක කරගන්න වෙන්නෙත් නෑ.

    කොහොමද මිනිහෝ රටේ දූෂණ නැතිකරන්නෙ දූෂණ කරන එවුන්ගෙ බලයට යටත් වෙලා? පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන් දූෂණ කරන්නෙ නැත්ද? විපක්සෙ ඉන්න එව්වො දසසිල් අරන්ද? අතේ පැලවෙන බොරුවකටනේ බං ඔය ඡන්දෙ ඉල්ලන්නෙ. කොලොප්පං වෙන්නහරි මොලයක් තියනවනම් කෙලින් කියපන්කො අපි එකතුවෙලා ඉන්නෙ මහින්ද රාජපක්ෂව ගෙදර යවන්නයි අපිට ඒ සඳහා ඡන්දෙ දීපල්ලා කියල.

    ReplyDelete
  4. "කොහොමද මිනිහෝ රටේ දූෂණ නැතිකරන්නෙ දූෂණ කරන එවුන්ගෙ බලයට යටත් වෙලා?"

    ඒක හරි

    එ. ජා. ප. මන්ත්‍රීන් 17 දෙනකුගේ දූෂණ ලිපිගොනූ ආණ්ඩූව සතු නම් පරීකෂණ පවත්වා ඔප්පූ කරන්න

    රාජිත සේනාරත්න
    http://www.divaina.com/2005/04/20/news13.html

    ReplyDelete
  5. ඔය තියන්නෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් දීල. මේවගෙ උත්තර දෙන එවුන් තමා ලොකු දේසපාලන විස්ලේසන ලියන්න හදන්නෙ. ඔය වගේ එව්වට උත්තර හොයාගන්න කරන්න තියෙන්නෙ එස් බී උන්නැහෙයි ජොනී අයියයි හෙලිදරවු කරන මිස්ට අන්ක්ලීන් සහ ගෝල බාලයන්ගෙගෙ වැඩ කිඩ අහන එක.

    නමුත් මං ඇහුව ප්‍රස්නෙ වෙන එකක්. ඒ වගේ ප්‍රස්න එදාට එදාට නැත්නම් රැකියාවක් වසයෙන් දේසපාලනේ කොරන උදවියට වැදගත් නොවුනට හැබෑවට දූෂණ වංචා අඩු කරන්න හිතන මිනිහෙකුට වැදගත්. වෙලාවක් ආවොත් ඒ ගැනත් බලමු.

    ReplyDelete
  6. සරත් බලයට ආවාම වෙන්නේ පොඩිගමයාට ලොග් කරේ තියන් ඉන්න.

    ReplyDelete
  7. නෑ..හ් එහෙම වෙන්නෑ. එන්න තියන ඉඩකඩ ඉතාමත් අඩුයි. විපස්සතුමා උණත් මුන්නැහෙ දිනාවිය කියල බලාපොරොත්තුවක් නැතිව ඇති. ඒ කොහොම උණත් මං වැඩකරන්නෙ ෆොනී මහත්තය වැඩකරන පිලට නෙවෙයි. ඉස්සරහටත් එහෙමයි. මතකනෙ විපස්සතුමාල කලින් වතාවෙ හදපු ආණ්ඩුව? වැඩිකල් ගියේ නෑ.

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.