Sunday, September 27, 2009

අමතක වෙන හැටි...

දකුණෙ ඡන්දෙ ගැන ලියපු එව්ව වැදිච්ච් උන්ට තවත් කේන්තියි. තමන්ගෙ බ්ලොග් වලින් වැලමිටි පාරවල් අනිනව. කොනිත්තල කමෙන්ට් දානව. ඒකත් හොඳා. ආනෝල්ඩ් කාරය ගැන ලියාපුවට හෙමත් පොරවල්ගෙ හිත් රිදිල. ඔය සීන් එක ගැන සමහර උන් මහ පරිමාණ විශ්ලේෂණ හෙම ලිවුවනෙ. සමහරක් බ්ලොග් කරයො ඉන්නව කොණක් අල්ලගන්න බලාගෙන. උන්ට ඕන මොකක් හරි එක සිද්ධියක් පඬි විශ්ලේෂණයක් ලියන්න. ඒවගෙ එවුන්ට බටර්කලීගෙ රෙද්දත් ඇති එල්ලිල කෑගහන්න. ඕකෙ එච්චර උඩපනින්න දෙයක් නැති බව කියන්නයි මං ඉතිහාසය ටිකක් එලියට ඇද්දෙ. නැතුව යැංකියො කරන කරන මෝඩකං අපිත් කරන්න ඕන කියල එකක් නෑ.

පඬියන්ට ඉතිහාසය ලේසියෙන්ම අමතක වෙන ගතියක් තියනව.ඒකාධිපති ආණ්ඩු ගැනයි මානව හිමිකං ගැනයි හෙම ලොකුවට ලියන උන්ට විතරක් නෙවෙයි උන්ගෙ ගුරාලටත් අමතකයි මීට අවුරුදු විස්සකට එහා පැත්තෙ තිබුණ තත්වෙ. ඒ කාලෙ බ්ලොග් ලියන්න විදිහක් තිබුණනං හෙම සැකයක් නෑ උන් අද වගේම ලියනව විශ්ලේෂණ.හැහ්? ඕං බලමුකො ඒකෙත් හැටි. අවාසනාව!

දැං ඔය බස්නාහිරට ඡන්දෙ ඉල්ලපු හරක්යුලිස් කාරයටයි රේස්හෝස් කාරයටයි අම්බානට මනාප හම්බවුණා. උන්ට සල්ලි තියන එක ඇරෙන්න වෙන සුදුසු කමක් නෑ දේශපාලනේ කොරන්ට(දැං අහන්න එපා දේශපාලනේ කොරන්ට සුදුසුකං ඕනද කියල) හෝස් රේස් කාරය නම් කාලෝ උන්නැහෙට ගානක් දීල කියවගත්ත මිනිහ ඔබාම ලොක්ක ඉගෙන ගත්ත විශ්ව විද්‍යාලෙං ඇමරිකාවෙදි ඉගෙනගත්තය කියල. සල්ලි ටිකක් විසිකරන්න පුළුවන් එකාලට ඔබාම ගිය එකට නොවෙයි ඊටත් උඩ එකකට ගිහින් උනත් ඉගෙනගන්න බැරුවයැ. පොඩිගමරාල උන්දලට මනාප දුන්නෙ නෑ.

ලංකාවෙ මිනිස්සු සාමාන්‍යයෙන් මනාපෙ දෙන්නෙ දිනයි කියල හිතන්න පුළුවන් මිනිහට. හැබැයි මෑත කාලෙ මිනිස්සු පළාත් සභා ඡන්ද වලදි කතිර ගැහුව ජාතික ප්‍රශ්න ගැන හිතල. එහෙම නොවෙන්න ලොක්කට වන්නි මෙහෙයුම නතර කරන්න වෙනව. පොඩිගමරාල මේක අවස්ථාවක් කරගන්නව ඒ සත්කාර්යයට දායක වෙච්ච උදවියට හිස නමල ආචාර කරන්න.(ඒ ජනතාව තමා අර රතිඤ්ඤා හෙම පත්තු කලේ)

6 comments:

  1. පොඩි ගමය, පළාත් සභා වලින් ජාතික ප්‍රශ්නය විසදන හැටි අපට කියල දෙන්න පුලුවන්ද ?

    ReplyDelete
  2. Anonymous,
    පළාත් සභා වලින් ජාතික ප්‍රශ්නය විසඳන්න බෑ. ඒ නිසා පළාත් සභා වලින් ජාතික ප්‍රශ්නය විසඳන්නෙ කොහොමද කියල ප්‍රශ්නයක් පැන නගින්නෙ නෑ.

    ReplyDelete
  3. "හැබැයි මෑත කාලෙ මිනිස්සු පළාත් සභා ඡන්ද වලදි කතිර ගැහුව ජාතික ප්‍රශ්න ගැන හිතල"

    මෙහෙම හිතල ඡන්දෙ දුන්නෙ සන්ධානයටද?

    ReplyDelete
  4. සිංහල බ්ලොග් ලියනවුන් අතර සිංහල තේරුම් ගැනීමේ අපහසුතාවය සහිත උනුත් සිටින බව ලැබෙන ප්‍රතිචාර වලින් සහ වෙනත් දේවලින්(වැඩි විස්තර පසුවට)පෙනෙයි. නැතිනම් ජාතික ප්‍රශ්න ගැන හිතල පලාත් සභා ඡන්දෙදි ඡන්දෙ දීමයි ජාතික ප්‍රශ්නය යනුවෙන් හැඳින්වෙන්නක් පලාත් සභා මගින් විසඳීමයි දෙකක් බව වැටහිය යුතුව තිබුණි.

    කොටි පරාජය කරන්න දායක උනේ සංධානෙට ඡන්දෙ දීපු මිනිස්සු.

    ReplyDelete
  5. "සල්ලි ටිකක් විසිකරන්න පුළුවන් එකාලට ඔබාම ගිය එකට නොවෙයි ඊටත් උඩ එකකට ගිහින් උනත් ඉගෙනගන්න බැරුවයැ."

    ඇහ් පොඩිගමයෝ, මේ ඇත්තමද? ටිකක් විස්තර කෙරුවොත් හොඳයි. ‍

    ReplyDelete
  6. මං දන්න විදියට ඔබාම ලොක්ක හාවඩ් විස්ස විද්‍යාලෙන් නීතිය ඉගෙන ගෙන තියනව. රේස් හෝස් කාරය කරල තියෙන්නෙ MBA එකක්.හාවඩ් කියල නම තිබුණට දෙකම එක නොවෙයි.

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.