Friday, April 15, 2011

මුම්බායි පිම්බුවෝ

අලුත් අවුරුද්ද ගැන බොහො දෙනා ලියන නිසා ඒ ගැන ලියන්නත් හිතුනෙ නෑ. ඔහොම ඉන්න අතරෙ තමයි අයි පී එල් එක ගැනයි "මුම්බායි ඉන්දියන්"කාරයිංගෙ පුරාජේරුව ගහන පංඩිතයො ගැනයි පෙරමුණේල ලිපියක් දාල තියෙනව දැක්කෙ. පොඩිගමය ඒ ලියුම ගැන කොමෙන්ටුවක් දැම්ම. ඒක ටිකක් දික් උණ හින්ද ලොග් එකක් විදියට ලියන්න කල්පනා කළා.මට හිතෙන විදියට නං මුම්බායි පිම්බුවාල ලංදියන්කාරයිංට වඩා හොරු. පොඩිගමයා කැමතියි ලංදියන්-ලංකිස්තාන් සංසිද්ධිය යටපත් වෙලා ගිහින් ඒ උදවිය සිරිලාංකිකයො විදියට ජාතියට එකතු වෙනවා නං. අද ලබාපු සිංහල අවුරුද්ද උණත් දෙමළ වගේම මුස්ලිම් උදවියත් හරි හරියට සමරනවා නං තමයි හොඳ. මුම්බායි පිම්බුවාලව නං එහෙම එකතු කරගන්න අමාරුයි කියන එකයි හිතෙන්නෙ. මොකද උන්දැලව ඇතුලට ගන්න ගියොත් ලංකාව මුම්බායි කොරන්ට වෙනවා නෙව.

අයි පී එල් අටමගලෙ ඉන්දියන්කාරයිංගෙ පැත්තෙන් බැලුවාම වාසිදායක වගේම අපේ පැත්තෙන් බලුවාම අවාසිදායක සෙල්ලමක් කියන එකයි මගෙත් අදහස. ඔය තරගාවලියෙ වැඩිපුර ඉන්නෙ මොන රටේ මිනිස්සුද? නිකමට හිතන්න ලංකාවෙ ජාතික මට්ටමට ඇවිත් ඉන්න ක්‍රීඩකයනට අවස්ථාවක් දෙනවය කියල ලෝකෙ ඉන්න හොඳම ක්‍රීඩකයංගෙන් සමන්විත කණ්ඩායම් හදාගෙන තරගාවලියක් පවත්වන්න. ඒකෙන් වෙන්නෙ මොකද්ද කියල නිකමට කල්පනා කරල බලන්න. ඕක සුද්දොත් කරනවා කියන එකයි මගේ නම් විස්වාසය. මෙච්චර ලකේට වියාපාරයක් වගේ කරන්නෙ නෑ. සුද්දො ඒක කරන්නෙ වෙනස් පිළිවෙලකට. අර ප්‍රාන්ත කිරිකැට් තරග කියල ජාතියක් සුද්දො පවත්වනව නේ. ඒ තරග වලට ක්‍රීඩා කරන්න අපේ රටේ දක්ෂ උදවියට ඉඩ දෙනව.

ඒ කතාව තිබිච්චාවෙ. ඉන්දියාව ගැන කියනවානම් දඹදිව වන්දනාවෙ ගිය මිනිස්සු දන්නවා ඉන්දියාවෙ ඊනියා තත්වය ගැන. ටැලිවිසොන් පෙට්ටියෙන් හීන ලෝක පෙන්නුවාට මොකද හරි ඉන්දියාව බොහොම චාම් මිනිස්සු එදිනෙදා උවමනා එපාකං පිරිමහගෙන ජීවත්වෙන රටක්. අර කොටිරාජාවාහිනී කාරයගෙ මහගෙදර වගේ ගෙවල් බොහොම ටිකයිලු තියන්නෙ.

වැඩේ තියෙන්නෙ ඉන්දියන්කාරයින්ට (ඉන්දියාවෙ පාලනය ගෙනියන අතලොස්සට) තියනවා අභිමානය කියන එක. යංකිසි මදි පුංචිකමක් උණාම උන් අපේ උන්දැල වගේ නෙවෙයි කෑගහනවා විරෝදය පළ කරනවා. අපේ එවුන්ට ඒවගෙ දේවල් වලදි කතා කරන්න බෑ. ක්‍රීඩා ඇමති විදියට මරුවින් ගොයියා ගියත් ඒ යන්නෙ රට නියෝජනය කරන්න. අමතක කරන්න එපා අපි කවදාවත් "ඉංදියන්කාරයිංට" යටවෙච්ච ජාතියක් නෙවෙයි. ගහන්න ගහන්න වඳින්න ඕන නෑ.

යංකිසි මදි පුංචිකමක් උණා නම් උන්ට විරෝධය දක්වන්ට යුතුයි. ඒක මොන විදියට කරනවාද කියන එක වෙනම කතාවක්. අයි පී එල් මගුල වර්ජනය කරන එක තමා ලේසි වැඩේ. නමුත් ඊට වඩා හොඳ වැඩත් කරන්න පුළුවන්. ඕකෙන් ලංකාවට කිරිකැට් පැත්තෙන් ගත්තාම ලැබෙන මළදානයක් නෑ ක්‍රීඩකයන්ට සල්ලි ටිකක් ලැබෙන එක ඇර. ඒ පැත්තෙන් හිතල යමක් කරන්න තිබුණ.

දෙවෙනි කාරණේ තමයි ලංකාව තමංගෙ හිතට හරියන මට්ටමට නූතනවාදය වැළඳගෙන නැති එක ගැන නූතනවාදියො දුක් වෙනව. අපිටත් “මුම්බායි ඉන්දියන්” වෙන්න කියලනෙ ඔය කියන්නෙ. ඔච්චර ආස නං කෙලිංම සුද්දංව අනුකරණය කරන්න කියලයි මං නං කියන්නෙ. (මොකටද ඔරිජිනල් එක තියෙද්දි ඉමිටේසන් එක කොරන්නෙ) “මුම්බායි ඉන්දියන්”කාරයො කොපි කරන්න හදන්නෙත් උන්ගෙන්. මට හිතෙන විදියට නං “හොඳම” ජර්මන්කාරයිංගෙ එක තමා. කරනවාම නං එහෙම හොඳ මට්ටමේ කොපියක් කරන්න. බාල මට්ටමේ එව්ව කරන්ට එපාය කියල මේ අලුත් අවුරුද්දෙ ඉල්ලා හිටින්න කැමතියි.

8 comments:

  1. Machan
    (Unicode pariwarthake podi awulak mage browser ekath ekka. Eka hinda mehemama gahannam.)

    Oya kreeda amathi ge case ekak gana hariyata wisthara dannawada? Pora nila washayenda giye naththam pudgalika mattamenda? Janaadhipathithuma aawa ekanam kalin kiwwe ne kiyala un tika andala thibba :)

    Kohoma wethath machan oya IPL kathawe depaththak thiyenawa. Uta gahala salli hoyanna puluwannam eka uge wedak. Eka gana prashnayak ne. Habai Sri Lanka cricket ekka givisumak thiyenawanam eka ullanganaya karannath be.

    Ara landiyan karayan gana kathawatanam maath ekangai. maath campus yana kaale oya ratata giye ehe campus ekakin karpu aradhanayakata conference ekakata. Minissunge jeevitha maara katukai. Ude train ekak mehe train walata hapan. Minissunta toilet ne, un ewa karanna rail paara aiyne (me kiyanne lankawe ehema na kiyana eka neme, lankaweth ehe wagema thama kiyana eka). Habai igena ganna dewal neththe ne, unge city eka athule kochchi hariyata winadiyata weda. Eka thenaka gahala thibba arrival time eka 17:27 kiyala api unta hinawevi balan hitiya oka enakam, welawata awa. Ehe salli thiyena minissunta lankawata wada wiyadam karanna then thiyenawa.

    Oyita passe mata ratawal keepayakata yanna labuna adhyapana weda katayuthu hinda. Umba kiyana de hari, karanawanam ekapaara sudda wage weda karahama hari.

    Me kiyanne lankawa porak, apita thawa igena ganna deyak ne kiyana eka neme (den den ehemath minissu innawa kiyala penichcha hinda kiwwe), kiyanne igena ganna thiyena deyak igena gena eka lankawata genen kiyala. Garahuwai kiyala wedak wenne ne ne? :)

    ReplyDelete
  2. මොන කරුමයක්ද මන්ද මුන් මොකක් හරි හේතුවක් කියල සින්ගිරිසියෙංමයි කොටන්නෙ :) හ්ම්ම්..

    ReplyDelete
  3. මම දන්නෙත් නෑ ඕක නිල වසයෙං ගියාද නැත්ද කියන්න. කිරීඩා ඇමැත්ත නං ඉතින් යන්නෙ ඕක දේසපාලනේ ඉහල මට්ටමේ උදවිය නොදැන ඉන්ට හේතුවක් නෑ. ඒ කොයි හැටි වෙතත් අපි රටක් වසයෙං ගත්තාම ඉවසන ප්‍රමාණය ටිකක් ඕනෑවට වැඩියි කියන එකයි මගේ නං කල්පනාව.

    මතකද මන්ද මුරලි චක් කරනවාය කියල සුද්දො ගේම ඉල්ලාපු වෙලාව. එවෙලෙ අර්ජුන ලොක්ක (ඒ පොලිටික් වලට බහින්ට ඉස්සරිං) නීතියට පිටිං උණත් කරාපු වැඩේ හරියටම හරි.

    ReplyDelete
  4. (ඕං ප්‍රශ්නෙ හදා ගත්තා, ඊළඟ පාර ඉඳන් සුද්ද සිංහලෙන්ම ගහන්නම් :) )

    ReplyDelete
  5. ආ ඒක හොඳ වැඩක්.

    ReplyDelete
  6. AnonymousMay 23, 2011

    සංගලා ට මහේලලට එංගලත්තෙ තත්තෙට ලේසියෙං හැඩ ගැහෙන්න ඇහැක කියල බුවා කොලුව කිවුවට ඒක එහෙම වෙලා නෑ නෙ අයිබොවන්ඩ!

    කලින් මැච් ගහපු උන්දලා සෙන්චරි ගහද්දී මේ ඩබල අති අසාර්තකයිනෙ

    ReplyDelete
  7. බුවා කොලුව කිරිකැට් ගැන ලියුම් එහෙම ලියනවා නෙවද? සමහර විට පස්සෙ මොකක් හරි ලියාවි.

    ඕං කිරිකැට් කිවුවාම මතක් උණේ. ඩිල්ෂාන් මහත්තය නායකත්වයට පත්වීම ගැන කාරණාවක් දිවයිනේ කතුවැකියෙන් ලියල තියෙනවා. මට මේක අහන්න ලැබුණෙ අගලකඩ සිරිසුමන හාමුදුරුවො වෙසක් පෝය දා කියපු බණේදි.

    අරකා මේකා අනුකරණය කරන්නෙ නැතුව රටක් ජාතියක් නියෝජනය කරන කිරිකැට් කණ්ඩායමේ නායකයා වැදගත් විදියට ඉන්න ඕන නෙව. කියවලම බැලුවනං

    අර්ජුන ලොක්කටත් මේ කාරණේ ගැන ස්තුතිවන්ත වෙන්න ඕන.

    ReplyDelete
  8. මේ ලිපියෙත් තියෙනවා කාරණේ ගැන.

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.