Saturday, March 12, 2011

සබ්ජෙක්ට්කුඩු ලාල්කුඩු බාස්කුඩු සහ කුඩේකුඩු

පහුගිය දවස් ටිකේ සිංහල බ්ලොග්කාරයින්ගෙ නැගල ගිය මාතෘකාව උණේ සබ්ජෙක්ට් කොල්ලගෙ බ්ලොග් එක හැක් කිරීම. ශාස්ත්‍රීය අලංකාර ඇතුව කියනවානම් සිංහල බෞද්ධ ගෝත්‍රවාදී බ්ලොග්කාරයින් කිහිපදෙනෙකු විසින් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී සබ්ජෙක්ට් කොලූලගෙ අඩවිය ක්‍රැක් කිරීම සහ ඒ ගැන දෙපාර්ශවයේ අධාරකරුවන්ගෙ මූලිකත්වයෙන් ඇති වෙච්චි වාද විවාද. පොඩිගමයත් සෙල්ලමට වගේ ඔව්ව කියෙව්ව. හොඳයි ඉතින් ඉඳල හිටල මොකක් හරි සෙල්ලමක් ගියෙ නැතුවාම සිංහල බ්ලොග් කියවන එවුන්ටත් කෑවෙ නෑ වගේ ඇති.

සබ්ජෙක්ට් කොලූල ආයිත් සබ්ජෙක්ට් බ්ලොග් එකෙන්ම හරි අනිත් හිතවත් බ්ලොග් වලින් කීපෙක හරි ලිවීමෙන් කරලියට ඒවි ය කියන එක තමා පොඩිගමයගෙ කල්පනාව. උන්දැල ලියන එව්ව ආසාවෙන් කියවන ගැටවු ටිකක් හෙම ඉන්නව නෙව.  ඒ අතරෙ සිංහල බ්ලොග්කාරයොත් සෑහෙන්න රොත්තක් ඇතිය කියලයි පොඩිගමය නං හිතන්නෙ.

හරි දැන් වැදගත් කාරණේට එමුකො. සබ්ජෙක්ට් කොලූත් එක්ක කුඩුලාල්කාරයව පටලවගෙන දඟලන එක නම් කාලෙ මැරිල්ලට ඇර ඒ තරං පලක් නැති වැඩක්ය කියන එකයි පොඩිගමයගෙ කල්පනාව. අර කමෙන්ටුව ගැන (පෙරමුණේලගෙ මිත්‍රයෙක් එහෙම) ගෙනාපු තර්ක විතර්ක වැරදිය කියන එක නෙවෙයි මං කියන්නෙ. (අනිත් පැත්තෙන් ඒකට යංකිසි උත්තරේකුත් සබ්.කොලූ ගෙනත් තිබුණනෙ) බයෙන්ද ප්‍රේමෙ ගැන කියපු කතාවත් හරි. සබ්ජෙක්ට්ලගෙ හිතවත්තු නිසා දොසක් නං කියන්න බෑ.

අපේ පැත්තෙන් බැලුවාමනං සබ්.කොලුවයි කුඩුලාල්කාරයයි මකබාසුයි අතරෙ ඇති මතභේදයක් නෑ. උදාහරණයක් විදියට සබ්ජෙක්ට් කොලූ ශාස්ත්‍රීය බාසාවෙන් කියපු කතන්දරම කුඩුලාල්කාරය බජාර් එකේ බාසාව යොදාගෙන වෙන උන්ගෙ අඩවිවල ප්‍රතිචාර හැටියට දානවා.ඉතින් කුඩුකොලූ ගහන්නෙත් කුඩුලාල් ගහන්නෙත් කුඩුබාස් ගහන්නෙත් එකම කුඩු ජාතිය නම් උන් ඔක්කොම එකම මිනිහද එහෙම නැත්නම් යාලුවොද ආදී කාරණා දැනගත්තත් නැතත් එහෙම එකම මිනිහ නැත්නම් යාලුවො හරි උණත් නැතත් ඇති වෙනසක් නෑ.

ඔන්න බැරිවෙලාවත් තුන්දෙනා "තැන් තුනක" ඉඳන් ලිවුවානම් ඕක හොයාගන්න එකේ වැදගත්කම වැඩි වෙනවා. දෙයියන්ගෙ නාමෙං හොයාගන්න වටිනවානෙ. මොකද එකෙකුට හරි අලුතෙන් යමක් හිතල ලියන්න වෙනවා නෙව. ඩෙස්මන් මොරිස් වගේ කවුරු හරි සුද්දෙක් ලියාපු එකක් උපුටල දක්වන්න එකෙකුට පුළුවන් කියල ගත්තොත් 1/4 මාක්ස්ව කෝට් කරන්න තවත් එකෙකුට පුළුවන් එතකොට ඉතුරු එකාට එකෙක් නැතුව යනවා නෙව. තේරුණාද වැඩේ?... අර පොඩි මල්ලි කියනවා වගේ එයාට මෙයා මෙයාට මෙයා කියල බැලුවාම එකෙක් ඉතුරු වෙනවා!

සබ්ජෙක්ට්ල ගහන කුඩු වලින් ඇස් නිලංකාරවෙලා කුඩේකුඩු වෙලා යන එක වලක්වගන්න ගැටවුන්ගේ දෑස් පාදන එකයි අපිට කොරන්න තියෙන්නෙ. ඉහ නිකට පැහීගෙන එන උදවිය ගැනනං ඉතින් කොරන්ට දෙයක් නෑ මයෙ හිතේ.


ප.ලි. "සබ්.කොලූ ගැන වාදකිරීම සඳහා බයෙන්දප්‍රේමෙ විසින් දැමූ ලියුම මේ වන විට මකා දමා ඇති බව පෙනේ. පෙරමුණේලා විසින් IP ලිපිනයක් හෙලි කරන ලෙස තිබූ යෝජනාවද මේ ලියුමට අදාලය."


2 comments:

  1. කතාව ඇත්ත. කිහිපදෙනෙක් වුණත් එක්කෙනාම වුණත් ස්ථාවරෙ එකම නම් හොයන්න දෙයක් නෑ. නමුත් හැක් කළා නම් වැරදියි. මට බය බ්ලොග් තව ලංකා‍ව ඇතුලෙ ජනප්‍රිය වෙද්දි තහනම් කරයිද කියල?

    ReplyDelete
  2. පොඩිගමයට නම් හිතෙන්නෙ නෑ ක්‍රැක් කිරීමක් හැබෑවටම සිද්ද උණාය කියල. අන්තර්ජාලෙන් දේසපාලනෙත් කොරන්න හැකි තත්වයක් තවම නෑ නෙව.තහනම් කිරිල්ල ගැන උණත් ඒ වගේ තමා.

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.