Thursday, October 1, 2009

මතක තියා ගමු

ආයෙමත් කියන්න යන්නෙ පරණ කතාවක්. පොඩිගමය පරණ දේවල්ම ඇදල ගන්නෙ මොකද කියල කෙනෙකුට ප්‍රශ්ණයක් එනව ඇති. එකක් අර අමතක වීමේ ලෙඩේට පිළියමක් හැටියට. අනිත් එක මේ අවුරුද්දෙ ලංකාවෙ ඉතිහාසයෙ අලුත් පිටුවක් පෙරළුණා. (මං එහෙම ලියනකොටම අපේ සමහර අයියලගෙ හිත්වල ප්‍රශ්ණ වැල් හටගන්න බව මං දන්නව. කොහොම වුණත් දැන් පිටුව පෙරලිලා ඉවරයි.) කලින් පිටුවල ලියාපු දේවල් වල වැරදි තැන් දැන් පෙන්නල දෙන්න ලේසියි. තේරුං ගන්නත් ලේසියි.

උදාහරණයක් විදියට කොටි පරාද කරන්න බෑ කියපු කතාව ඇස් පනාපිට කෙප්පයක් බවට පත්වුනේ හුඟදෙනා නොහිතපු විදියට. මේක වෙච්ච වේගෙට ඒකයි ඒවගේ තව කතන්දරයි රටේ පතුරවාපු කුලීකහින්නො(විතරක් නෙවෙයි) වගේ අය තක්බීර් වෙලා ගියා හරියට අර සුනාමියට අහුවෙච්ච කෝච්චියක් වගේ. ඒ අර්තෙං ගත්තාම "කොටි සමග හෙලුවෙන්" හිටපු අයියල අක්කල සෙට් එකත් කොටිත් එක්කම පරාද උණා.

හැබැයි ඉතින් කුලී ලියන්නන්ට කශේරුකාවක් කියල එකක් නැති නිසා තමං එහෙම දේවල් කාලෙකට ඉස්සර හිතුවෙවත් නැති ගාණට උන් දැන් ඉතුරු වෙච්ච වැල් බයිල ටික දිගටම වාදනය කරනව. අපිට අමතක වෙනකන් ඉඳල අර අවතැන් වූවන් අතරෙ ඉන්න කොටි වගේ පස්සෙ කල එලි බහින්න මුන්දැලත් බලාපොරොත්තුවෙන් ඇති. ඒ හින්ද අමතක නොකර කට්ටියගෙම මූණත්තහඩු මතක තියාගම්මු.

මතකද මන්ද තමුන්නැහෙලට ඔය බොරු සම්භාව්‍ය චිත්‍රපටි කියල එව්ව හැදුව රටේ මිනිස්සුන්ව නොමග යවන්නයි රණවිරුවන්ව සමච්චලේට ලක් කරන්නයි. දැන්නං සමහර උන්ට රණවිරුවන් ගැන ලොකු දයාවක් පහල වෙලා. රණවිරුවන්ව විකුණන්න එපාලු. කරුණාව ගලා බහිනවා! ඕකට සිංහල මිනිස්සු කියන්නෙ කන්න ඕන උණාම කබරගොයා තලගොයා කරගන්නව කියල. අපරාදෙ කියන්න බෑ ඒකනං කරනව අගේට.

සමහර උං කිවුව හමුදාව කරන්නෙ රස්සාවක්ය හමුදාවට බැඳෙන්නෙ සල්ලි හොයන්න විතරය කියල. තවත් උන් කිවුව දෙමළ තරුණයන්ට අවි ගන්න හේතුවක් තියනවය ඒ සිංහලයන්ගෙන් වෙච්ච අසාධාරණකම් ය කියල. උන් නිකමටවත් ඇහුවෙ නෑ දෙමළ ජාතිවාදයයි ත්‍රස්තවාදයයි නිසා සිංහල මිනිස්සුන්ටයි මුස්ලිම් මිනිස්සුන්ටයි විඳින්න වෙච්ච වේදනාව අවි ගන්න හේතුවක් නොවෙන්නෙ මොකද කියන ප්‍රශ්ණෙ.

අනිත් එක ඩොලර් වලට කහින එකෙන් තරම් ලොකු ආදායමක් හමුදාවට බැඳිල හොයන්න බැරි බවත් අපි අමතක කරන්න නරකයි. ඩොලර් කාක්කො හිතනවද දන්නෙ නෑ අනිත් හැම එකාම තමුන් වගේය කියල. අද කාලෙ හැටියකට සුළු මුදලක් ලබන්න ජීවිතේම පරදුවට තියයිද මනුස්සයෙක් රට ගැන පොඩි හරි හැඟීමක් නැතුව. වැඩේට හරි නායකත්වයක් ලැබුණාමයි ඒ හැඟීම පණගහල එන්නෙ. සිද්ධ වුණෙත් ඒකයි. ඕක කුලීකැස්සන්ට තේරෙන්නෙ නැති උණාට හැඟීම තියන එකාට තේරෙනව.

4 comments:

  1. උදාහරණයක් විදියට කොටි පරාද කරන්න බෑ කියපු කතාව

    දැන් ඔය අල් කයිඩා සංවිධානය විනාශ කරන්න බෑ කියනවා වගේ තමා.
    මුලු ඇෆ්ගනිස්ථානයම විනාශ වෙන්නම බොම්බ දාපුවම අල් කයිඩා එකත් විනාශම කරලා දාන්න පුළුවන්.

    ReplyDelete
  2. හුහ්! බම්බුව තමා. එහෙම බෝම්බ දැම්ම නං කොටින්ගෙ වැඩ කම්මුතු වෙනව මෙදා සිංහල අවුරුද්ද ලබන්න ඉස්සරින්. (අපි දන්නව එහෙම නොකරාපු එක ගැනත් ඩොලර් කාක්කන්ට හිතට අමාරු ඇති. අන්න සිවිල් ජනතාවට බෝම්බ දැම්මෝ.. කියල අතන මෙතන බෙරිහන් දෙන්න මාතෘකාවක් නැති උණා නෙව.) යැංකියො වගේ අමන මිනීමරුවො නෙවෙයි අපේ හමුදාව.

    ReplyDelete
  3. "දැන් ඔය අල් කයිඩා සංවිධානය විනාශ කරන්න බෑ කියනවා වගේ තමා.
    මුලු ඇෆ්ගනිස්ථානයම විනාශ වෙන්නම බොම්බ දාපුවම අල් කයිඩා එකත් විනාශම කරලා දාන්න පුළුවන්."

    Krishi
    මට කියනවද, ලංකාවෙන් කොටි අතුගෑවෙ මුලු ලංකාවටම බෝම්බ දාලද කියල.

    ReplyDelete
  4. ක්‍රිෂී ගෙ පුල්ලි දිසී!

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.